මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ඇත්ත ද මේ කතාව ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද දවසේ කරන්ඩ තිබ්බ වැඩ ටිකෙන් සෑහෙන ප්‍රමාණයක් ඉවර කරගත්ත නිසා දැන් නං ටිකක් නිදහස්. ඒ නිසා ටිකක් විතර කම්මැලිකමක් දැනෙන වෙලාවක් මේක.එතකොට තමා ගලායන ජිවිතය බ්ලොග් එක ලියපු නදී අක්කා කියවන්න කියලා දීපු ලින්ක් එක මතක් උනේ.ඒක දික්කසාදය ගැන ලිපියක්.. අපේ නදී අක්කා දීපු ඔය බ්ලොග් එක කියවගෙන යනකොට තවත් ලිපියක් හම්බ උනා. ඒකෙන් කියැවෙන්නේ ගැහැනු හා පිරිමි අයගේ ...
අපේ කඩුපුල් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතක විදිහට දහයේ පංතියේ හරි එකොලහේ පංතියේ ඉන්නැද්දි විද්‍යාවට ඉගැන්නුවා අක්ක පාන වගේ පත්‍ර මගින් බෝවෙන පැලෑටි ගැන. ඒ අතරේ සර් කඩුපුල් මල් ගැනත් කිව්වා. කඩුපුල් බෝ වෙන්නෙත් පත්‍ර මගින්ය කියලත් කිව්වා. ඔහොම උගන්න උගන්න ඉන්නැද්දි සර්ගේ කට වැරදීමකින් කියවුනා ඉස්කෝලෙත් කඩුපුල් පැලයක් තියෙනවයි කියලා. මං ඊට පස්සේ ඉන්ටර්වල් එකේදි අපේ මල් පෝච්චි එකින් එක බැලුවා කොයි පෝච්චියේද කඩුපුල් පැලෑ ...
රටකජු ගෙනාවද ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පුංචිම දවස්වල අපේ අම්මා කොහේ හරි යනවා නම් මං අම්මත්තෙක්ක ඇවිදින්න යන්න ගොඩක් ආසයි. නමුත් අපේ අම්මා සමහර ගමන් එක්ක ගියාට සමහර වෙලාවල්වල එක්ක යන්නේ නෑ.පොඩි ඈයෝ එක්ක ගියහම කරදරයිලූ.වඩන් යන්න ඕනෙලු ! දකින දකින දේ ඉල්ලනවලු ! අවුවේ එක්ක යන්න බෑලු ! ඔය වගේ නානාප්‍රකාර දේවල් ගොඩක් කියනවා. එක්කන් යන්න බෑ කියලා කිව්වම මම් කරන්නේ පොලොවේ තියෙන බොරලූ හූරගෙන ...
සිත්තරාගේ බිරිඳ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නත්තල හන්දා මේ සතිය ම මට නිවාඩු.. ඒ නිසා නිවාඩුවේ කියවන්න හොඳ පොත් ටිකක් ගත්තා. පොත් කිව්වහම තමා මතක් වෙන්නේ අපේ මල්ලි යාළු වෙලා ඉන්න ගෑල්ලමයගේ මාමණ්ඩියත් පොත් කාවෙක්.. කාවෙක් විතරක් නෙමේ ලේඛකයෙක් !උන්දෑ කෙටි කතා පොතක් ලියලා සිත්තරාගේ බිරිඳ කියලා.මටත් ඔයින් කොපියක් දුන්නා කතු තුමාගේ තිළිණයක් විදිහට.. මාත් ඉතින් ආසාවෙන් කියෙව්වා. ඇත්තටම පොත හොඳයි... මේ ලඟදි මට මලයගේ මාමණ්ඩියව ...
හංසයෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවස් කිහිපයකින් බ්ලොග් එකේ මුකුත් ලීවේ නැති නිසා අද මොනවාහරි කුරුටු ගාන්ඩ ඕන කියලා හිතලා මේ පැත්තේ ආවා. මොනවද ලියන්නේ කියලා කල්පනා කරගෙන යනකොට තමා මට මූනුපොතේ තිබ්බ මේ පින්තූරේ හම්බ උනේ.ඉතින් මට හිතුනා ඒ ගැන හොයලා බලන්න ඕන කියලා.හංසයා ගැන තියෙන ජනප්‍රියම කතාව වෙන්නේ දියෙන් කිරි වෙන් කරගන්න එකනේ. ඒක නම් ඇත්ත නෙමෙයි ලූ. හංසයාට ඒ හැකියාව නෑ ලු. ...
එකකට ඔවු නම්, අනෙකට නෑ.. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අදත් බ්ලොග් එකේමොනවා හරි කොටන්ඩ කියලා හිතුනා. ඒත් ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ.. අපේ කතන්දරකාරයාට වගේ මාතෘකා 100ක වෙන්ඩ කතන්දර මුකුත් නෑ. කොටින්ම ලියන්ඩ කිසිම දෙයක් මතක් වෙන්නේ නැත්තේ මේ දවස්වල මම් කරන වැඩත් එක්ක මාර ස්ට්‍රෙස් එකෙන් ඉන්න හන්දා වෙන්ටෑ...ඒ මදිවට ස්ට්‍රෙස් එකෙන් ඉන්නකොට කියන කරන දේ උනත් හරහට හිටින්නේ.. ඒකෙන් ආයෙම වෙන්නේ තවත් ස්ට්‍රෙස් එක වැඩි වෙන ...
දෙල් ද ? මඤ්ඤොක්කාද ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔය දෙල් මඤ්ඤොක්කා කතාව පටන් ගන්නේ මෙහෙමයි.අපේ ගෙදර කට්ටියට සුදු නෝනලාගේ ගෙදරින් ආරාධනාවක් ආවා. ඒ ආරාධනාව ආවේ අපේ කටයුත්ත ගැන කතා කරගන්ඩ ගෙදරට එන්ඩෙයි කියලා. ඉස්ස ඉස්සෙල්ලම ඒයැයිලෑ ගෙදර යන දවස නෙ. ඒ නිසා තෑගි බෝග එහෙමත් අරන් යන්ඩ එපෑ.අපට උදේ කෑමටයි දවල් කෑමටයි එන්ඩ කිව්ව නිසා කේක් එකක් විතරක් හරි යන්නේ නෑ කියලා හිතුන නිසා මම කල්පනා කර කර ...
ලක්ෂ දෙකක හිට්ස් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඊයේ සම්මුඛ පරීක්ෂණය ගැන පෝස්ටුව දාලා අද උදෙම්ම බ්ලොගයට ගොඩ උනේ කමෙන්ට් ටික කියවන්ඩ. එතකොටම තමයි දැක්කේ මගේ බ්ලොගයේ හිට්ස් ගාන ලක්ෂ 2කට පොඩ්ඩක් වැඩි වෙලයි කියලා.මේ හිට් ලක්ශ දෙක ගන්න මට අවුරුදු හතරාමාරක් විතර බ්ලොග් එක කරගෙන යන්න සිද්ධ උනා. මේ වෙනකොට එක එක වර්ගයේ ලිපි 388ක් විතර ලියන්ඩ සිද්ධ උනා.කොහොම උනත් බ්ලොග් අඩවියේ හිට්ස් ගාන වැඩි වෙලා නෙව. ...
වල්ල පට්ට ගහක් ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මං පහුගිය සතියේ ඉරිදා (මාර්තු 3 වෙනිදා) අපේ කන්තෝරුවේ යාළුවෝ කට්ටියත්තෙක්ක බතලේගල සංචාරයේ යෙදුනා. ඒ ගැන විස්තර පසුවට කියන්නම්.අපි කට්ටිය වෑන් එකෙන් බතලේගල කඳු පාමුල ගේක මිදුලේ වාහනේ නවත්තලා ඒ ගෙදරින්ම බෝතල් වලට වතුරත් පුරෝගෙන කන්ද නගින්ඩ සූදානම් උනා.බතලේගල පාමුල ආච්චි අම්මා කෙනෙක් වතුර බෝතල්, මුරුක්කු වර්ග, ටොපි චොකලට් විකුණ විකුණා උන්නා. අපි ඒයැයිවත් පහු කරගෙන ඉදිරියටම ගියා. එතකොටම අපේ ...
මැල්ලුම් ගැන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නිරෝගී ජීවිතයකට වතුර බීම අත්‍යවශ්‍යයි, දවසකට ප්‍රමාණවත් වතුර ශරීරයට ලැබෙන්ඩ ඕනේ, ඒ නැත්නම් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්ඩ සිදුවෙනවා කියන කරුණු කාරණා ඇස්පනාපිටම ඔප්පු වෙලා පෙනුන කාළයක් මේක. ඒ අපේ කාර්යාලයේ වැඩ කරපු අයියා කෙනෙක්ට මුත්‍රා ගල් වලට බේත් ගන්ඩ වෙලා.ඉතින් උන්දෑ අපට කියනවා හොඳට වතුර බීපල්ලා කියලා.මුත්‍රා ගල් තියෙන කෙනෙකුට කියාපුම සිංහල බේත තමා අක්කපාන කොළ මැල්ලුම. ඒ උනාට ...
කටුසු කොන්දෙන් පූජාගලට (අලගල්ල ගමන -2 වන කොටස ) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතකනේ කලින් ලිපියෙදි මම කිව්වා අපි තුන් දෙනා සිංහ කටින්ම අලගල්ල කන්දේ අමාරුම හරිය තරණය කලා කියලා. ඒ හරිය නගිනකොට ටිකක් විතර අවදානම්.. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. අලගල්ල නැගලා ජාතික කොඩියක් කන්ද මුදුනේ ගැහැව්වට පස්සේ අපි ඊලඟට කන්ද බැහැලා පූජා ගලට යන්ඩ සූදානම් උනා. ඒකට අලගල්ල කන්දේ තිබුන කටුසු කොන්ද කියන බෑවුම තරණය කරන්ඩ වෙනවා. ඒක ටිකක් සීග්‍ර බෑවුමක්.. ...
උතුවන්කන්ද තරණය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා (මාර්තු දෙවෙනිදා) අපි බතලේගල නැගලා ඒ සුන්දරත්වයත් විඳගෙනම ඉක්මන් ගමනින් පල්ලම් බැස්සා. ඒ ලංකාවේ රොබින්හූඩ් කියලා විරුදාවලිය ලබපු උතුවන්කන්දේ සූර සරදියෙල් හැංගිලා උන්නු උතුවන්කන්ද නගින්ඩ.. !කන්ද බැහැලා වාහනේට ගොඩ වෙලා පැයක් ඇතුලත අපි මාවනැල්ල ටවුමට ආවා. ඒ එනකොට දවල් දොළහා පහුවෙලා. සෑහෙන්ඩ ලොකු බඩගින්නක් තිබුනේ..ඒ නිසාම අපි වැඩි ඈතක යන්නේ නැතුව මා ඔය පේන මානෙක තිබුණු කෑම කඩයක් අල්ලගෙන ...
කාලෙකට පස්සේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දිග නිවාඩුවකට පස්සේ මොනාහරි කොටලා දාන්න කියලා බ්ලොග් එකට ගොඩ වැදුනා. පහුගිය දවස් ටිකේ මගේ උපාධි උත්සවය තිබ්බ හන්දා මේ පැත්තේ එන්ඩ උනේ නෑ. මම් හද හදා හිටපු සොෆ්ට්වෙයාර් කෑල්ලේ වැඩ ටික ඉවර වෙච්ච හන්දා මේ ටිකේ වැඩ නම් අඩුයි.අද හවස්වරුවම කලේ අන්තර්ජාලේ තියෙන සිංහල අඩවි ටික කියව කියව හිටිය එක !ඔර්ලෝසුවේ පොඩි කට්ට පහ ගාවටයි ලොකු කට්ට දොලහා ගාවට ...
කලකට පසු... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මාස අටක් විතර පාලුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් අඩවිය ආයෙම පටන් ගන්න ඕන කියලා කොච්චරවත් හිතුනට ලියන්න ගියහම කම්මැලිකමක් හිතෙනවා.එතකොට ලියන වැඩේ අතෑරලා දාලා නිකා ඉන්නවා. ආයෙම දවස් දෙකකට විතර පස්සේ ලියන්න ඕන කියලා හිතෙනවා. ඒත් දවසින් දවස ලියන වැඩේ කල් යනවා.ඔන්න අද නම් මොනවම හරි ලියනවා කියලා හිතලා බ්ලොග් අඩවියට ගොඩ උනා.ඒ නිසාම වචන දහයක් පහලොවක් කොටලා දානවා. අද ...
සර් කන්ඩ ගිහිං මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න එකමත් එක සර් කෙනෙක් උගන්න උගන්න ඉන්නවලූ."ළමා...යි පොඩ්ඩක් ඔය ගාන හැදිල්ල නවත්තලා මේ පැත්තට හැරෙන්ඩ !""දැං මට කියන්ඩ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළට පාඩං කරන්ඩ පටං අරගෙනද තියෙන්නේ කියලා ??? "සියල්ලෝම " නෑ..ඈ... සර් !" "මුලිංම කරන්ඩ තියෙන්නේ පාඩං කරනෙක නෙමේ. පැයක් එකදිගට පොතක් දිහා බලාගෙන ඉන්ඩ හිත හදාගන්නෙක. දැම්මතියා ඒකට හුරු වෙන්ඩ ඕන. ඒ නිසා අද හෙටම කාටසටහනක් තමන්ගෙම අනුව ...
හැලීගේ ධූමකේතුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ජීවිතය දිහා එක එක්කෙනා බලන විදිහ එකිනෙකට වෙනස්. ඒ වෙන වෙනස් විදි චිත්‍ර වල ඇදපු පින්තූර මේල් එකක් මේ ලඟකදි මට බලන්ඩ ලැබුනා. ඒ පින්තූර වලින් මගේ හිතට අල්ලලා ගියපු පින්තූරේ තමයි පහලින් තියෙන්නේ.හැලීගේ ධූම කේතුව !!!හැලීගේ ධූම කේතුව කියලා වසර 76කට විතර වතාවක් විතර පෘථුවි වාසින්ට දකින්න හම්බ වෙන ආකාස වස්තුවක් !!!ඔය කියන හැලීගේ ධූම කේතුව අන්තිම වතාවට දර්ශනය ...
අවුරුද්දට උන වෙඩිල්ලක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඊයේ අපේ කන්තෝරුවේ ගොඩක් කට්ටිය අඩු දවසක්. ඔක්කොම වාගේ අවුරුදු නිවාඩු ගිහින්. ගොඩක් කට්ටිය අඩු නිසා අපිත් එච්චර වැඩක් කලේ නෑ. දවසෙන් වැඩි හරියක්ම කලේ ඔහේ කියව කියව හිටපු එක.ඒ කියවපු දේවල් වලින් වැඩි හරියක් තිබ්බේ අවුරුදු නිවාඩුවට කරන්න හිතන් ඉන්න වැඩ ගැන..අවුරුදු නිවාඩුවට කරන්න ඕන වැඩ ගැන එක එක්කෙනා එක එක දේවල් කිව්වා. ඒ අතරින් මගේ හිත නැවතුනේ අපේ ...
බතලේගල ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය පෙබරවාරි මාසේ අන්තිම සතියේ මගේ හිතේ තිබ්බ අදහසක් තමයි බතලේගලයි උතුවන්කන්දෙයි නගින එක. ඒ නිසා මායි තව දෙතුන් දෙනෙකුයි සූදානම් උනා මේ ගමන යන්ඩ.. කොයිකටත් කමන් නෑ කියලා අපේ කන්තෝරුවේ කීපදෙනෙක්ගෙන්ම අහලා බැලුවා මේ ගමන එනවද කියලා.වෙනදා වගේම අහන අහන එකා හා කිව්වා.ගමන යන්න කිට්ටු වෙනකොට ගොඩ දෙනෙක් හැලිලා අපේ කන්තෝරුවෙන් මාත් ඇතුලුව හතරදෙනෙක් ඉතුරු උනා. ඉතින් අපි හතරදෙනාවත් ...
මනාපෙට ලක්ෂයක් ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අදත් සුපුරුදු විදිහට හවස වැඩ ඇරිලා බස් එකේ පෑ දෙකහමාරක් ගත කරලා ගෙදරට ඒ ගත්තා. ගෙදර ඇවිත් ඇඟපත සෝදගෙන ප්ලේන්ටියකුත් හදාගත්තා. මගදි ගත්තු රටකජු මුල කන ගමන් ප්ලේන්ටිය බිබී ජොලියේ ඉන්නකොට අපේ වත්තේ කඩුල්ලත් පැනගෙන කවුදෝ කට්ටියක් අපේ ගේ දිහෑවට එනවා දැක්කා.මම තේක පැත්තකින් තියලා ඒ දිහෑ බලාගෙන හිටියා.ඒ කට්ටිය ඉස්තෝප්පුවේ ලයිට් එලිය වැටෙන සීමාවට එනකොට තමා මම දැක්කේ ඒ ...
සුබ අළුත් අවුරුද්දක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නම් බ්ලොග් එක පැත්තට ගොඩ උනේ කතාවක් ලියන්ඩ කියලා නං නෙමේ.. අවුරුද්දක් පුරාමා කතා ලිව්වා නෙහ්. ඒ ලියපු කතා අවුරුද්දක් පුරාම කියවපු මගේ බ්ලොග් සහෝදර සහෝදරියන්ට සුබ පතන්ඩ කියලයි අද බ්ලොගයට ගොඩ උනේ..ඔන්න එහෙනම් මගේ අළුත් අවුරුදු ප්‍රාර්ථනාව...ලබන්නාවු සිංහල හින්දු නව වසර බ්ලොග් පාඨක සියළු දෙනාටත් ලෝ වැසි සියළුම සිංහල ජනතාවටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවායි ...