අධිවේගී මාර්ගයේ ඊනියා අධි සුඛෝපබෝගී බස්රථ සහ ආසන පටි පැළඳීමෙන් මරු දැකීම – So-Called “Extra Luxurious Buses” on Expressway and Deadly Seat Belts මංකඩ ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ සාමාන්‍ය සැප හැමවිටමද, අර්ධ සුඛෝපබෝගී සැප අර්ධ වශයෙන්ද හා සුඛෝපබෝගී සැප කලාතුරකින්ද වශයෙන් උපරිමයෙන්ම විඳ ඇති මා, මෙතෙක් නොවිඳි සැපක් ඇති අධි සුඛෝපබෝගී බසයක සැප විඳිනු රිසියෙන් මහරගමින් එබඳු බසයක නැංගෙමි. එම බසයේ සිටි පැය එකහමාරක පමණ කාලය තුල අත් විඳි අධික සැප නිරීක්ෂිත අනුපිළිවෙලින් මෙසේ අකුරු කරමි. තිබුණු ආසන පටි ගැන විශේෂයෙන්ම සටහන් කරමි. බස්රථයේ දෙපස ...
නෑසෙන ගී – මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි…. මංකඩ උදේ පාන්දරම කුකුළත් අතේ අරන් හා පැටික්කීගෙන් කෝල් එකක්. උදේ පාන්දරම එයා ගීතයක් අහලා. (පෝය ළඟයිනේ ) සින්දුව ඇහෙනකොට මාව මතක් වුනාලු. මමත් ඒක අහපු ගමන් සින්දුව බාගෙන ඇහුවා. ඇත්ත, මගේම කරගෙන අහන්න පුළුවන් ගීතයක්. ඇහෙන ගීතයක් නෙවෙයි. මීට කලින් අහල තිබුණ බවට මතකයකුත් නෑ. හරිම ළයාන්විත ගීතයක්. ඉතින් බෙදාගන්න හිතුවා. හඬ මිහිර විඳින්න ගීතයේ පළවෙනි පේළිය click කරන්න. මේ ...
අන්තර්ජාලය තුල ඔබ කොතරම් සුරක්ෂිතද? මංකඩ අන්තර්ජාලය තුල අප කොතරම් සුරක්ෂිතව සිටීමට උත්සහ කළත් ඉතා සුළු හෝ වැරදීමකින් ඒ සියලු ක්‍රියාවන් නිශ්ඵල වීමට ඉඩ ඇත. ඊයේ දිනයේ එබඳු සුළු අතපසුවීමකින් සිදුවූ සිදුවීමක් නිසා, අන්තර්ජාලය තුල සුරක්ෂිත බව ගැන මගේ දැනීමේ හැටියට කරුණු ටිකක් බෙදා හදා ගන්න සිතුවා. මෙහි අරමුණ අපේ අන්තර්ජාල ගිනුම් (facebook, gmail, yahoo, skype, etc.) සුරක්ෂිතව භාවිතා කිරීම හා [...] ...
Microcontroller හැඳින්වීමක් මංකඩ නම ටිකක් නුහුරුයි වගේද? එහෙනම් PIC? pic යනු microchip නම් සමාගමෙන් නිපදවන microcontroller ශ්‍රේණියක පොදු මුල් අකුරු කිහිපය. ලංකාව තුල PIC microcontroller කොතරම් ජනප්‍රියද කිවහොත් සමහරු microcontroller වෙනුවෙන් PIC ලෙස භාවිතා කරනවා. ප්‍රථමයෙන් පොදුවේ microcontroller ගැන පොඩ්ඩක් බලමු. මහා ලොකු දේවල් නෙවෙයි. ටිකක් උඩින් අතපත ගෑමක් වගේ. සරළවම කිව්වොත් microcontroller එකක් කියන්නේ චිපයක් මත ස්ථාපනය [...] ...
මෙහෙමත් සති අන්තයක් මංකඩ සිකුරාදා හැන්දෑවෙ බෝඩිම පැත්තට ඇදුනේ මේ සති අන්තයේ සුහද හමු දෙකකටම සහභාගී වෙන්න කියල හිතාගෙන. පළවෙනි එක අපේ සරසවි සගයන්ගේ සුහද හමුව. ඒක ඉතින් පුංචි පහේ ගමනක් එක්ක කරන සුහද හමුවක්. ඉතින් මුලින්ම කට්ටිය තඩි බස් එකක් ලැස්ති කරගෙන හිටියා ගමන යන්න. පස්සේ හිතුව තරම් සහභාගීත්වයක් නැති බව පෙනුන නිසා පොඩි කෝච් එකක් කතාකරගෙන තිබුනා. [...] ...
පූසොන්ටත් සිය දිවිනසාගන්න හිතෙනවද? තවත් පූස් කතාවක්. මංකඩ ජීවිතේ හරිම පුදුමාකාරයි. සමහර දේවල් අපේ ජීවිතේට ළංවෙන්නෙ හිතාගන්න බැරි විදිහට. ඒත් ඒ දේවල්ම ආපහු අපෙන් ඈත්වෙන්නෙ හීනෙකින්වත් නොහිතපු හිදිහට. අපට සතුට ගෙනාපු දේවල් අපෙන් ඈත්වෙන්නේ ඒවා අපට ලැබෙන්න කලින් හිටියටත් වඩා දුකකට අපව පත් කරල. සමහරවිට දරාගෙන ඉන්න බැරිතරම්. එහෙම වුනාම තියෙන විසඳුම මොකද්ද? එහෙම විසඳුමක් තියනවද? මාස ගානක් තිස්සේ එකම විදිහට තිබිලා පල්වෙලා තිබුන මංකඩට මොනවහරි ලියන්න ඕන කියල ...
අදියුරුවම් නැති ජීවන රංග මංකඩ සීත අරණේ සුපුල් නාමල සුවද ගැල්වු ජීවිතේ……… සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ……… ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්……… සදා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි හදවතින්……… වළාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලගයි……… මහා කතරක ගෙවු තනි මග නිමා කළ ඉම ඔබ නෙතයි……… හඬ – මිල්ටන් මල්ලවාරච්චි/මාලනී බුලත්සිංහල පද – කුලරත්න ආරියවංශ නාද – රෝහණ වීරසිංහ ...
ගැමුණුගේ බස්, අධිවේගී පාර, සහ ජා.ග.කො.ස. මංකඩ ඊයේ පෙරේදා දවසක ගැමුණු මහත්තය පුද්ගලික බස් සේවය පාඩු ලබනවා ගාස්තු වැඩිවීමක් කරන්න කියල ඉල්ලුවා. ගාස්තු වැඩි කරන එක ගැන ගෙනාපු තර්කය තමයි අධිවේගී මාර්ගයේ බස් රථයේ රුපියල් 450ක් (මට මතක විදිහට) ගෙවලා මිනිස්සු යනවා කියන එක. ඒ කියන්නේ මිනිස්සුන්ට බස් ගාස්තුව විදිහට වැඩි ගණනක් ගෙවන්න පුළුවන්. ඒක නිසා හොඳ සේවයක් දෙන්න නම් ගාස්තු වැඩි කරන්න. නැත්තන් අපි කොට කොට ...
අවසානයක ඇරඹුම… මංකඩ දේදුන්නේ සත් පාට හංගලා හිනැහෙන්නේ කොයි සිටද හැංගිලා පීදෙන්නේ සුවඳින්ම නෑවිලා ඔබෙ නමට රොන් සදා ඔබෙ උයනෙමයි…. රෑ සඳේ සිනිඳු කිරණත් එපා ළා ඉරේ අරුණු දහරත් එපා ගී සරේ මිහිරි පිළිරැව් එපා ජීවිතේ ඔබ ගෙනේ නම්…. මාරුතේ සුමුදු සිහිළත් එපා හීනයේ අරුම දැහැනත් එපා පා මිණේ කිකිණි රසු දැල් එපා ආදරේ ඔබම වේ නම්…. පද: ? නාද: සුරේෂ් මාලියද්ද ...
I Always Thought You were the Best.. I Guess I Always will……… මංකඩ ඒ තමයි Little Heroes චිත්‍රපටයේ අවසානයේ ගැයෙන සංවේදී ගීතයේ ආරම්භක පද පෙළ. ගීතය නම් කරල තියෙන්නෙ One Friend කියල. ගයන්නේ Dan Seals. මේ ගීතයට දැන් අවුරුදු 28ක්, චිත්‍රපටයට අවුරුදු 20ක්. මේක ළමා චිත්‍රපටයක් විදිහට ලංකායේ විකාශය වුනාට චිත්‍රපටය සැබැවින්ම බලන්න ඕන වැඩිහිටියෝ. එයාලට මේකෙන් ගන්න ආදර්ශනම් බොහෝමයි. I always felt that we were blessed.. And I feel that way still…. ...
ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ අයට නැතුවම බැරි SPICE මංකඩ අලුතින් පරිපථයක් සැලසුම් කරල ඉවර වෙලා බවුත් එකට අතවත් තියන්නෙ නැතුව එම පරිපථය බලාපොරොත්තු වන ආකාරයටම හැසිරෙනවද කියල බලන්න ක්‍රමයක් තියනවනම්…. පරිපථය හැදුවත් ඒකෙ හැසිරීම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය උපකරණ නැත්නම්…. උපකරණ සොයාගතහැකි මානයේ තිබුනත් පරිපථය ක්‍රියාකාරී අවස්ථාවේ ඒ උපකරණ භාවිතය උපකරණයට හෝ අපට අනතුරුදායක නම්…. භාවිතා කළත් එසේ කිරීම ප්‍රායෝගික නැත්තනම්…. මේකට විසඳුම තමයි circuit simulation. මේ සඳහා මෘදුකාංග නිපදවා ...
තවත් එක් සුවඳ කුසුමක් මංකඩ දිනය: 2010 නොවැම්බර් 4 ස්ථානය: මාතර බෝධිය ඉදරිපිට ඇති කහ ඉර වේලාව: උදේ 8.05 කහ ඉර මතින් විශාල පිරිසක් කලබලයෙන් පාර හරහා මාරු වෙමින් සිටී. වාහන හැසිර වීම සඳහා පොලිස් නිලධාරියෙකුද ඇත. මම පාර මාරුවන මිනිසුන්ට ඉඩදී කහ ඉර ඉදිරිපිට වාහනය නවතාගෙන සිටියෙමි. කලබලයෙන් දුවන පිරිස් අතර එක සීයා කෙනෙකු සෙමෙන් සෙමෙන් පාර හරහා මාරු [...] ...
අඩු වියදම් නමුත් ගුණත්වයෙන් අනූන බැටරි චාජරයක් හදමුද? මංකඩ හැමදාම අනං මනං ලිය ලිය ඉන්නෙ හිතුනා මහන්සි වෙලා කරපු වැඩක් දාන්න කියලා. හසියගෙ පුංචි පහේ ඉල්ලීමක් සහ ඉලෙක්ට්‍රොනික් Lab අඩවියේ දුටු ලිපියක් තමයි මේකට නිමිත්ත. කරපු වැඩක් ගෙඩි පිටින් දානවට වැඩිය තවත් සංවර්ධනය කරන්න පුළුවන් දෙයක් බෙදා හදාගන්න හිතුවා. මේක මම මගේ ප්‍රයෝජනය සඳහා කරපු වැඩක්. නමුත් තව කාටවත් ප්‍රයොජනයට ගන්න කිසිම තහනමක් නෑ. [...] ...
පූසෙක් සහ තවත් පූසෙක් මංකඩ අද උදේ පාන්දරම ජබොස් යන අනුකරණයෙන් ඇසුනු ශබ්දයක් නිසා අවදිවීමි. ඉන්පසු ජබොස් වෙනුවට ජබස් ජබස් යන අනුකරණයෙන් ශබ්ද අසෙන්නට වූ නිසා කුමක් හෝ අවැඩක් සිදුවෙලා බව හැඟුනා. ඊයේ මල ඉලව් fake star අන්තිම මොහොතට කලින් මොහොත බලල නිදාගන්න ගියපු නිසා නිදිමතේ හිටියේ. ඒත් මොකක්හරි භයානක දෙයක් සිද්ධ වෙලා කියල හැඟුන නිසා ගියා ළිඳ ගාවට. වෙලාව [...] ...
ඒ වෑයම වෙනුවෙන් මංකඩ කෙහෙලිය ඇමතිතුමා රූපවාහිනී දැන්වීම් සහ කාටූන් සඳහා ප්‍රමිතියක් ඇති කළ යුතු බව ප්‍රකාශ කරනු පසුගිය දිනක දුටිමි. මම මෙය ඉතා යහපත් ප්රවනතාවයක් ලෙස දකිමි. ප්‍රමාද වී හෝ එබඳු තීරණයක් ගැනීම ඉතා අගනේය. මම අවසන් වරට ලීවේත් රූපවාහිනී දැන්වීමක් ගැනය. රූපවාහිනයේ පෙන්වන කාටූන් සෑම එකක්ම පාහේ සිංහලට හරවා ඇත්තේ දෙබස් එලෙසින්ම සිංහලට පරිවර්තනය කරමිනි. සමහර විට [...] ...
අම්මෙ මෙන්නෝ………… මංකඩ “අම්මෙ මෙන්නෝ…….. ආත්තම්ම දෙහි හංගනවා……” “දෙහි හංගනව නෙමෙයි පුතේ, වැඩිපුර දෙහි වැලිවලට යට කරල තිබුනම පස්සෙ කාලෙක ප්‍රයෝජනයට ගන්න පුළුවන්.” මේ මේ දින වල දකින්න ලැබෙන දැන්වීමක්. මේ දැන්වීම දකින දකින වාරයක් පාසා මට ඇතිවෙන්නේ මේ දැන්වීම ගැන පිළිකුලක්. ඒ හැමවෙලේම මට හිතෙන්නේ මේ දැන්වීම වෙනස් වුනා නම් කියලා. “අත්තම්මා මොකද කරන්නේ?” “පුතේ මම වැඩිපුර [...] ...
Communication නම් බෑ physiotherapy දෙන්නද? මංකඩ අපි හැමෝටම ඉතින් ජීවිතේ පැටලිලි වෙනවනේ. සමහර පැටලිලි දැක්කම හිතාගන්න බෑ ඇත්තටම මේ වගේ ඒවත් පැටලෙනවද කියලා. අපිට අපේ නම පවා පැටලෙන වෙලාවල් තියනවනේ. විස්වාස නැද්ද? ඇයි අනුං පුරවපු form එකක් දිහා බලන් තමංගේ එක පුරවන්න ගිහින් ඕන තරම් අපි අපේ නම වෙනුවට එයාගේ නම දාන්නේ. මේ කතාව පටලැවිල්ලක් ගැන. කෙටියෙන් කියල දාන්නම්. අපේ department [...] ...
ඔබ වාහනයේ ගියරය neutral කර පල්ලම් බහිනවද?? මංකඩ එහෙනම් පොඩ්ඩක් මේ ටික හිතල බලන්න. හිතනවට වැඩි ලොකු අනතුරක් එතන තියනවා. ඉස්සෙල්ලාම අපේ ගෙවල් කිට්ටුව අයියා කෙනෙකුට වුන සිදුවීමක් කියන්නම්. ඒ අයියා එයාගේ පවුලේ අයත් එක්ක ඒ කිව්වේ ප්‍රිය බිරිඳයි දරු දෙන්නයි එක්ක නුවර එළිය පැත්තේ චාරිකාවක් ගිහිල්ලා ඒ අයගේ වාහනයෙන්. ඒක කාර් එකක්. ඉතින් එන ගමනෙදි පල්ලම් බැහැගෙන එන ගමන් මේ අයියා තෙල් [...] ...