සූකිරි ඔත්තු | හෝ චි මිං Prison Diary- "සිරගත නොවූ සිතුවිලි" බූන්දි|BOONDI වියට්නාම නිදහස් සටනේ සහ ඇමරිකාවට එරෙහි ගරිල්ලා සටනේ නියමුවා වූ ද, වියට්නාම ජනරජයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ද හෝ චි මිං විසින් චීනයේ සිරගතව සිටියදී ලියූ "Prison Diary" ලෝක ප්‍රකට පද්‍ය කෘතිය ලක්ශාන්ත අතුකෝරාල විසින් "සිරගත නොවූ සිතුවිලි" නමින් සිිංහලට පරිවර්තනය කරනු ලැබ දැන් නිකුත් වී ඇත. මෙම කෘතියෙහි ඇතුළත් නිර්මාණ සමුච්චය සිර ගතව සිටි කාල සීමාව තුළ හෝ චි මිං ...
අදහස් බූන්දි | නීතියේ ආධිපත්‍යය පිහිටවීම පළිගැනීමක්ද? - [රංජිත් හේනායකආරච්චි] බූන්දි|BOONDI රටක් නම් එහි රාජ්‍යයක් පවතී. රාජ්‍යයක් පවතින්නේ නීතියක පාලනයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයකි. නීතියේ ආධිපත්‍යය නැති තැන යහපාලනයක් ඇති විය නොහැක. නීතියේ ආධිපත්‍යය නැති සමාජයක ඇතිවන අස්ථාවරභාවය, බිය සහ සැකය නිසාවෙන්ම පළිගැනීමේ චේතනාව ඉස්මතුවෙයි. පළිගැනීම ඉස්මතුවන්නේ වරදට දඬුවම් දෙන ...
අදහස් බූන්දි | කලින් පැන්න අය "යහ" වීමේ "යහපාලන" කලාව - [සරද සමරසිංහ] බූන්දි|BOONDI මෙතෙක් කලක් කට්ටඬියන්, හූනියම්කාරයන්, ප්‍රේතයන් හා කුම්භාණ්ඩයන් පෙරටුකරගත් ගෝත්‍රික මිනිසුන් පාලනය කල ලංකාව හරහා මේ දිනවල හදිස්සියේම යහපාලන සීතල සුළගක් හමා යමින් තිබේ. යහපාලනයක් සදහා අනිවාර්යයෙන්ම යහපත් මිනිසුන් අවශ්‍යය. මෛත්‍රී ආණ්ඩුවේ යහපත් මිනිසුන් සොයාගැනීමේ ලිට්මස් පරික්ෂාව බැලුබැල්මට මෙසේය. මරාගේ නැවෙන් මෛත්‍රී නැවට ප්‍රථමයෙන්ම පැන්න මිනිසුන් ඉතා යහපත් මිනිසුන්ය. පරක්කු වී පැන්න මිනිසුන් තරමක් යහපත් මිනිසුන්ය. තවමත් මරා ලග ඉන්නේ ඉතා ...
Cine බූන්දි | "රැය තවම තරුණයි"- ඉන්දික උඩුගම්පොළගෙන් ප්‍රංශ චිත්‍රපටයක් බූන්දි|BOONDI මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙල සහ සිංගප්පුරු අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කළ ඉන්දික උඩුගම්පොළගේ La nuit est encore jeune (රැය තවම තරුණයි) වෘතාන්ත චිත්‍රපටය, ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රංශ බසින් තිර රචනය කර, අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම ප්‍රංශ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය සඳහා පැස්කලින් බෙල්ග්‍රාඩ්, ඇනා ලෙමොනාකි සහ ලක්ෂාන් අබේනායක රංගනයෙන් දායක වෙයි. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද, පියරේ එම්මෑනුවෙල් ශ්‍රව්‍ය සංකලනයෙන් ද දායක වුණු ...
අදහස් බූන්දි | බෙදුම්වාදී ෆෝබියාව - [අජිත් හැඩ්ලි පෙරේරා] බූන්දි|BOONDI ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලා ද වීරවංශලා ද මෛත්රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කීවෝය. මෛත්රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ නොකරන බවද, උතුරෙන් හමුදා නොකැඳවන බව ද අවධාරණය කළෝය. මේ සියල්ල පැහැදිළි කරන්නේ ඓතිහාසිකව සිංහල ජනයා තුළ ජනිත වී ඇති ෆෝබියාව හෙවත් භීතිකාවයි. ඒ පිළිබඳව හරවත් සංවාදයකට මුල ...
ඔත්තු කරන්ට්ස් | JDS වෙබ් අඩවිය සිංහලෙන් බූන්දි|BOONDI ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ සිංහල භාෂා වෙබ් අඩවිය ජනවාරි 07 වෙනිදා පටන් සිංහල පාඨකයින් වෙනුවෙන් දියත් කෙරිණ. කාලීන දේශපාලන, ආර්ථික හා සංස්කෘතික තේමාවන් අවාරණය වන පරිදි ලියැවුණු ප්රවෘත්ති සහ පුවත් විශේෂාංග, විශ්ලේෂණ සහ විවරණ මෙන්ම සාහිත්‍යයික නිර්මාණද නව වෙබ් අඩවිය තුළින් ප්‍රකාශයට පත්වනු ඇත. මේ වනාහී ඉකුත් දෙවසර තුළ පවත්වාගෙන යනු ලැබූ ඉංග්‍රීසි භාෂා වෙබ් අඩවිය විධිමත් ...
පොත් බූන්දි | නා ගහක් යට- ක්ෂුද්‍රභාවය ඉක්මවන සුන්දර අනිශ්චිතාර්ථවත් බවක් රැගත් කෙටිකතා - [ලියනගේ අමරකීර්ති] බූන්දි|BOONDI ප්‍රනීත් චානක මුරමුදලිගේ "නා ගහක් යට" නම් කෙටිකතා සංග්‍රහය, කෙටිකතාව නම් කලාවේ විචිත්රත්වය පිළිබඳ අවබෝධයකින් ලියන ලද බව පෙනෙන කෙටිකතා එකතුවකි. ලෝකයේ විවිධ කාල පරාස තුල කෙටිකතාව විවිධ ස්වරූපයෙන් පැන නඟියි. ස්වරූපය කවරක් වුවත් ඒ කලාවේ ඇති ස්වභාවය නම් ක්ෂණික වූද ගැඹුරු වූද අන්තර්දෘෂ්ටියක් සැපයීමේ හැකියාවයි. ඉතා කුඩා පඨිතයක් තුළ අනිශ්චිතාර්ථවත්භාවය මත රඳවන ලද අන්තර්දෘෂ්ටිය නිසා කෙටිකතා කියවීම සුවිශේෂ අත්දැකීමක් ...
අදහස් බූන්දි | ප්රජාතන්ත්රීය අරගලය පිළිබඳ විකල්ප සිතීමක අවශ්‍යතාව - [සුමිත් චාමින්ද] බූන්දි|BOONDI ලාංකේය ප්රජාතන්ත්රවාදය පිළිබඳ සංවාද තලය යළිත් වරක් මැතිවරණ දේශපාලනයේ පටු අවස්ථාවාදී ගණන් බැලීම් තුළට කොටු වී හැකිලී යමින් පවතී. ඊනියා සිවිල් සමාජ බුද්ධිමතුන් ප්රජාතන්ත්රවාදී කතිකාවේ පුළුල් වීමේ කාලපරිච්ඡේදයක් ලෙස දකින මැතිවරණ ආශ්රිත කාල වකවානුව සැබවින්ම ප්රජාතන්ත්රවාදී බහුජන ක්රියාකාරීත්වයේ පහත බැසීමේ යුගයකි. එපමණක් නොව මැතිවරණ ආශ්රිත ජනප්‍රිය විවාදයන් විසින් ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්රියාකාරීත්වයන් පිළිබඳ මිථ්‍යාමතික හා මායාත්මක දෘෂ්ටිවාදී චිත්‍රයක් ද නිමවනු ලබයි. ...
අදහස් බූන්දි | දකුණේ 'ප්රජාතන්ත්රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි? - [අජිත් සී හේරත්] බූන්දි|BOONDI ප්රජාතන්ත්රවාදය පිළිබඳ දකුණේ සිංහලයන්ගේ ගැටළුවත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී ඇති ප්රජාතන්ත්රවාදය පිළිබඳ ගැටළුවත් එකක් ලෙස ගැනීමට බොහෝ දෙනා කැමැති මුත් ඇත්ත එය නොවේ. දෙමළ ජනයා තමන් දෙමළ වීම නිසාම රාජ්‍යයෙන් එල්ලවන සුවිශේෂි මර්දනයකට ගොදුරුවන බව පවසන විට, ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ජාතික පීඩනයක් ඇතැයි පිළිගැනීමට අකැමැති පිරිස් ධනේශ්වර හමුදාව ඇතුළු රාජ්‍ය මර්දන යන්ත්‍රය සිංහලයන්ට දෙමලුන්ටද සළකනුයේ එකම ආකාරයකට බව ...
අදහස් බූන්දි | දයාන් ජයතිලකගේ අර්ථකථනය දෝෂ සහිතයි - [සුදේශ් මන්තිලක] බූන්දි|BOONDI මම 2014 දෙසැම්බර් 26 දින ආචාර්ය දයාන් ජයතිලක සහභාගී වූ “දයාන් සමග ඇතුළාන්තය” ලෙසින් හඳුන්වා තිබූ ස්වාධීන රූපවාහිනියේ ඇතුළාන්තය වැඩසටහන නැරඹුවෙමි. මෙහිදී මට හැඟී ගියේ පොදු අපේක්ෂකයාගේ පැමිණීම සම්බන්ධයෙන් දයාන්ගේ අර්ථකථන ඊට සති කීහිපයකට පෙර තිබූ ආස්ථානයෙන් හදිසියේ වෙනස් වී ඇති බවයි. 2014 නොවැම්බර් 27 දින පොදු අපේක්ෂකයා පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබේදැයි බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදියකු ඇසූ විට දයාන් පැවසුවේ ...
අදහස් බූන්දි | කෝටි ගණන් වැය කළ ආණ්ඩුවේ හරාකිරි ප්‍රචාරණ කලාව - [ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර] බූන්දි|BOONDI මෙවර මැතිවරණය සඳහා නිර්මාණය වී ඇති බොහෝමයක් ප්‍රචාරණ දැන්වීම්, දැන්වීම දුටු සැනින් එය කවරකු වෙනුවෙන් නිර්මාණය කළ එකක්දැයි ග්රාහකයාට තේරුම් නොයන අන්දමේ ඒවා ය. ඒවා කවුරුන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවාදැයි තේරුම් ගැනීමට දැන්වීම අවසානයේ අදාළ අපේක්ෂකයාගේ නම දාන තෙක් ග්රාහකයා ඉවසිල්ලෙන් සිටිය යුතු ය. බොහෝමයක් දැන්වීම් වල එසේ නම නොදමන අතර එහෙයින් ඒවා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් ම වැඩ කරයි. ...
සූකිරි ඔත්තු | ජයන්ත ග. ජෝතියරත්නගේ 'නිමක් නැති කවියක නමක් නැති මිනිසා' කාව්‍ය සංග්‍රහය නිකුත් වේ. බූන්දි|BOONDI ජයන්ත ග. ජෝතියරත්නගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'නිමක් නැති කවියක නමක් නැති මිනිසා' මුද්‍රණයෙන් නිකුත් වී තිබේ. 'නිමක් නැති කවියක නමක් නැති මිනිසා' කර්තෘ ප්රකාශනයකි. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි කරන්ට්ස් | ලේ ගලන්නේ මගේ හීනෙනි..... ! - [සනත් බාලසූරිය] බූන්දි|BOONDI නාට්‍යය - ධවල භීෂණ මුල් රංගාවතරණය - විසිවැනි සියවසේ අටවැනි දසකය අග. නව රැඟුම - විසි එක්වැනි සියවසේ දෙවැනි දසකය මැද (පාසල් දර්ශනයකි.) ජවනිකාව - අත්අඩංගුවට පත් අරගලයට සම්බන්ධ තරුණියක මිලිටරියේ සමූහ දූෂණයට ලක්වී ආපසු සිරකුටියට තල්ලුකර දැමෙයි. වැරහැලි ඇඳුමින් සහ කඩමාලු ගතින් විසි වෙමින් එන ඇය වේදිකාව මැද ඇදවැටෙන්නීය. තුෂ්නිම්භූත ප්‍රේක්ෂකාගාරයේ සිටි පාසල් සිසුවෙක් හඬනඟා විමසයි - ''රිදුණද?'' -ධවල ...
කවි කරන්ට්ස් | පෙෂාවෝර් කඳුළු - [අනුරාධා නිල්මිණි] බූන්දි|BOONDI හුළඟටත් කඳුළු ඉනුවා මගෙ පණත් එතැන තිබුණා "තැන් තියේ හැංගෙන්න පුලුවන් මල්ලිලාගේ පංතියේ අන්තිමේ අපි උන්නු තැනමයි ඒ යකඩ ඇස් දිලිහුනේ... පුංචි අත් ගුලිකරන් හෙමිහිට කියන්නට හැදුවත් දෙයක් රංචුවක් ගිනිබෝල පිපිරී පියැවුණා පොඩි ඇස් ගොඩක් එවෙලෙ පාඩම තිබුණෙ මල් ගැන මේස උඩ තව මල් නැටී කියන්නට කට ඇරියෙ ඔක්කොම ගහක් මල් පුබුදන හැටී...” හුළඟටත් කඳුළු ඉනුවා මගෙ පණත් එතැන තිබුණා ...
අදහස් බූන්දි | සියල්ල අතහැර ගෙදර යනවිට 'බෙකම් පවුල' ආලින්දයේදී මුණගැසීම - [සරද සමරසිංහ] බූන්දි|BOONDI බොහෝ දෙනෙක් දැන් උත්සාහ කරන්නේ ඉතා අනතුරුදායක එළියේ දේශපාලනය හා ඇඟ රිදෙන මනුෂ්‍ය ආශ්‍රය අතහැර හැල්මේ ගෙදර දුවගොස් නෝනා මහත්වරු, ළමයි බමයි එක්ක දෙයියනේ කියල සන්තෝෂයෙන් ජීවත්විමටය. එසේත් නැතිනම් ඇස් සහ කන් වලට ඇහෙන පෙනෙන දේවල් වලට ශාප කරමින් තමන්ගේ වැඩක් බලාගෙන සුරක්ෂිතව ජීවත් වීමටය. එහෙත් අපි මෙසේ ගෙදර යනවිට අපේ ගෙදර ආලින්දයේදී ලෝකයේ ජනප්‍රියම 'පවුල' වන ඩේවිඩ් බෙකම් පවුල ...
සූකිරි ඔත්තු | ගීත තැටියක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමඟ එළි දැක්වෙන දෙමෙලකුගේ සිංහල නවකථාව- දෙසැ. 30 බූන්දි|BOONDI විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන නවකථාව "රජ සහ ඝාතකයා", සිංහල හා ඉංග්‍රීසි පිටපත් ද්විත්වයක් ලෙස එකවර ප්රකාශනයට පත්වූ එකම නවකථාව පමනක් නොව, නවතම සිංහල ගීත දහයක සංයුක්ත තැටියක් සමඟ එළිදැක්වෙන එකම නවකථාව ද විය හැක. එපමණක් නොව මේ නවකථාව හරහා ලංකාවේ කාගේත් විරෝධයට ලක් වූ ජනාධිපති ආණ්ඩුක්රමය වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමක් ද සිදුවේ. The bilingual author writes a novel to present ...
කවි බූන්දි | යෝධයාගේ උයනේ සිරවූ බිරිඳ - [කපිල එම්. ගමගේ] බූන්දි|BOONDI කවුළුව සෙමෙන් විවර කර සුළඟ එන පෙරමග බලයි අඳුරේ නොදල්වා පහන සඳ කිනිත්තක් අහසේ සොයයි බලකොටුව උයනක්ද කුරවි කෙවිල්ලන්ගෙන් අසයි ඵල දරන්නේ කොහොම තුරුලතා අතර හිඳිමින් සිතයි මේ දන්න මල් සුවඳ හැර තව තවත් සුවඳ මල් ඇතිද සෙමෙන් පණනල හරින පෙති හැලෙන මලක් සිඹිමින් සිතයි වැහි බිඳක් වැටෙන විට සුමුදු සියුමැලි දෝත පා කඳුළු බිඳුවක හැඩරුව ඇතිද උණුසුමින් තුරුලු කරගෙන ...
කවි බූන්දි | පේ‍්‍රමය - [මොනිකා රුවන් පතිරණ] බූන්දි|BOONDI සඳ වතුර මහ පොළොව සිප වැළඳි සැඳෑවක ඔබෙ ඇසට එබී මම සෙවූයෙමි ය මගේ රුව ඔබෙ දෑස තුළ ම මා රුවා ගෙන ගියෙන් ඔබ එදා රැය පහන් විය පා වෙමින් සිහිනයක එ මොහොතෙහි ලොවෙහි පෙම් සිරි අසිරි කියන්නට පසක් විය එක ද පෙම් කවක් හෝ නොමැති වග ** ජීවිතය දොම්නසින් වෙළුණු මැදි වියේ අද මගේ ඇස විසිව ඇත ඔබෙ නෙතින් ...
කතන්දර බූන්දි | ටුවරිස් හෝටලය - [බී.ජී.එම්. ජනප්‍රිය] බූන්දි|BOONDI "ටෙක් එකක කෝස් එකක් කරන්න ඕන" යැයි අපේ මල්ලිි කියමින් සිටියේ පළමු වර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී හමාර වූ කාලයේ සිටමය. උදේ හතේ බස් එකේ ගොස් හවස හයේ බස් එකේ ආපහු ගෙදර එන කාර්මික පුහුණු මධ්‍යස්ථාන වල විවිධ පාඨමාලා හදාරන කීප දෙනෙක්ම ගමේ සිටියහ. මල්ලිත් අවුරුදු දෙකක්ම ඒවාට බැඳීම සඳහා වන ඉල්ලුම්පත්‍ර ගෙදර ගෙනාවත් ඒවා ආපහු තැපැල් පෙට්ටියට ගියේ ...
කවි කරන්ට්ස් | නැගිටපන් දැන් ..!! - [ජයන්ත නිමල්සිරි] බූන්දි|BOONDI නැගිටපන්!! දැන් නත්තල මොකද විස ගුලි හිත්වල? හතර රියනකට වැඩි වපසරිය ලැබ ගන්න පොරමඬල දැන් ඉහල තැන්වල.. උන්නාට කරට අත දමා ගෙන ලද ඇසිල්ලේ ඉවත බලා ගෙන ගසන්නට මඩ ගත්තු දෑත්වල කුණු ඇඳුුමෙ පිටිපස්සෙ උලා ගෙන දරා ගන්නට හොහැකි ලද කොටස මරා ගන්නට ඉදිරි සැප පිණිස හුවා දක්වති, පාට ගල් බෝල කුඩු කෑ වගක් කියා ගනු කෙලෙස හුවමාරුවට කැමති චලිතය ...