සූකිරි ඔත්තු | සානා මුසේන්ගේ "විකිණී අහවරයි" බූන්දි|BOONDI පියා විසින් යේමන ජාතිකයෙකුට විකුණණ ලදුව, බලහත්කාරී විවාහයක් යටතේ ගෘහස්ත වහලියක් සේ ජීවත්ව, පසුව තම නිදහස සඳහා අරගලය කොට නැවත එංගලන්තයට ඒමට සමත්වන සානා මුසේන් ගේ සුප්‍රකට චරිතාපදානය, "Sold - A story of Modern Day Slavery", මනෝ ප්‍රනාන්දු විසින් "විකිණී අහවරයි- නූතන වහල්කමේ අලුත් වෘත්තාන්තය" නමින් සිංහලට නගන ලදුව, 2015 මාර්තු 11 වැනිදා සවස 3.30ට, කොළඹ, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල ...
සූකිරි ඔත්තු | Jesus in India- "යේසුස් මෛත්‍රී බුදුන්ද?"- මාර්තු 19 බූන්දි|BOONDI ගොයුම් එවරස්ට් ආරච්චිගේ සහ කේ.කේ. සමන් කුමාර විසින් සිංහලට පරිවර්තනය කොට සම්පාදිත හස්රත් මිර්සා ගුලාම් අහමද්ගේ Jesus in India කෘතියේ සිංහල පරිවර්තනය 'යේසුස් මෛත්‍රී බුදුන්ද?' එළිදැක්වීම, 2015 මාර්තු 19 සවස 2.30ට, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙදින කතිකාව හසිත අබේවර්ධන විසින් මෙහෙයවනු ලැබෙන අතර සරත් ඉද්දමල්ගොඩ පියතුමා, සුජිත් අක්කරවත්ත සහ ප්‍රියන්ත දයාරත්න මේ සම්බන්ධව අදහස් දක්වනු ඇත. "යේසුස් මෛත්‍රී බුදුන්ද?" ...
ඔත්තු කරන්ට්ස් | "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය"- මාර්තු 14 බූන්දි|BOONDI හොරණ පුරවැසි පවුර විසින් "ශීලාචාර රටක්- ජනමාධ්‍ය හා පාඨක කාර්යභාරය" මැයෙන් සංවිධානය කරනු ලබන විවෘත සංවාදය, 2015 මාර්තු 14 සෙනසුරාදා, සවස 2.00ට, හොරණ නගර ශාලාවෙහි පැවැත්වෙයි. සංවාද ප්‍රවේශය- වික්ටර් අයිවන් පුරවැසි පවුර- දැනුවත් පුරවැසියෙක් යුක්තිය සුරැකෙන රටක්- නො 142, අඟුරුවාතොට පාර, හොරණ. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
සූකිරි ඔත්තු | ලක්ශාන්ත අතුකෝරළ කාව්‍ය චාරිකා- පිළිසඳර- මාර්තු 19 බූන්දි|BOONDI ලක්ශාන්ත අතුකෝරළ- කාව්‍ය චාරිකා හා ඊ කාව්‍ය සංග්‍රහය පිළිබඳ පිළිසඳරක්, 2015 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා, සවස 3:00ට, කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. මුලසුන- ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දෙසුම්- හිනිදුම සුනිල් සෙනවි, මධුරංග වික්‍රමරත්න පිළිසඳර මෙහෙයවීම- දිලිප් කුමාර ලියනගේ සංවිධානය- කවි සියපත සහද සමූහය >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
රහ ඔත්තු | මරියාගේ රමණය- මාර්තු 8- ටවර් බූන්දි|BOONDI මාර්තු 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නදීකා බණ්ඩාරගේ "මරියාගේ රමණය" නාට්‍යය එදින සවස 6.30ට මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවීමට නියමිතය. පරිභෝජනවාදී සමාජය විසින් ස්ත්‍රියට යෝජනා කරන නව ජීවිතය මරියාගේ රමණය විසින් ප්‍රශ්න කරනු ලබයි. පරිභෝජනවාදී සමාජය දිගින් දිගටම අලංකාරය සහ සෞන්දර්යය ගැන මායා දර්ශන අපට සපයමින් සිටී. මෙහි ප්‍රධාන ස්ත්‍රිය බෝනික්කි ගෙදර 'නෝරා' මෙන් සිය පවුල ප්‍රශ්න කරනු ලබයි. ...
කවි බූන්දි | හෘද සාක්ෂිය - සංසාරේ දිගු මාවත් - [චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න] බූන්දි|BOONDI තාම යනකොට එහෙන් ඉඳහිට පන්සලේ බෝ ගහේ එල්ලී කොඩි දෙකක් අත වනා කීවා තාම මතකයි කියා හිනැහී... ඒත් වතුසුදු ගහක් මැලවී මලක් දිග හැර මිටක හිරවූ අදත් කීවා නෙලාගෙන යනු! පුරුද්දට සංසාර මගෙහී.. වැලි තලාවක උනත් ශෝ ගී තිබිය හැක දහසකුත් ලියැවී රටාවක ඉඩ නොමැත වියැකී ඇවිත් අමදිනු! කියයි පැහැදී... අරලියා ගස පාත් කර හිස කියන්නේ වරුනේම අත්තක විසි කරද්දී ...
කවි බූන්දි | සිදුහත්, බුදු ව - [ජනක ගොඩේවිතාන ] බූන්දි|BOONDI උපක නොවඳුව මා මිනිසෙක් මි ලේ මස් නහරැති සමත් සාපෙ උපෙ උපාධි නුඹ දහඩියෙන් යැපුනෙම් වෙමි කුමර කල මාළිගාවල මග මග පිඬු සිඟන තැන්වල ඉතින් මා නොවඳුව මා නුඹට බාලයෙමි [සිතුවම: Helena Wierzbicki] ජනක ගොඩේවිතාන >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි බූන්දි | තීර්ථය - [කේ. ඩී. ප්‍රදීප් කුමාර] බූන්දි|BOONDI කඳු පාමුලක සිට මුදුනකට දුර අඳුනකින් බලන්න පුලුවනිද ඇදුර? මුදුනකට ගිය මගියෙකුට විතර කඳු හෙල් තරණයක තතු වෙන කාට කිව හැකිද මිතුර? ඟඟක දියවර හරිමැදින් බෙදා ගන්නට කග පතකින් පුලුවනිද ඡේදනය කරගන්ට? දිග පළල මැනල හරි දෙයම අරගත්තට වගකීම් පතකට සරිලන්න පුලුවනිද නිතර හැසිරෙන්ට ගසක් වී ඉපදුන පලියට ලොවට ඉසිඹුවක් නැතිව ගස වුව මල් ඵල පුබුදයිද? හිතන්න නිකමට.... ජීවිතය කියන්නෙ ...
කවි බූන්දි | කිරිල්ලී... - [රන්සිරිමල් ප්‍රනාන්දු] බූන්දි|BOONDI පැමිණ නැවතත් වසත් කල නැගෙත් යලි අහසට සියොත් කැළ නූස් තුරු දෙබලයක රැඳවුණ හිස්ව අැත අාදර නවාතැන දෙකඩකට කඩ වේද දියතල ඉරක් ඇඳි විට පිරුණු බඳුනක පොදක්වත් ඉතිරිව තියේවි ද කැටක් වැද බඳ බිඳුණු දිනයක පොතක පිටුවක විසිරි අකුරක අතීතය ඇත සුවඳ සුව දෙන මලානික හිත පුන්සඳක් ලඟ අනන්තයටත් එහා තරුවක හිඩැස් ඇත පැටවුන් නිදපු තැන හඬක් නැති නැලවිලිය මිමිණෙන ...
කවි බූන්දි | නිමිති - [තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ] බූන්දි|BOONDI අකුණු අසිපත් පහර අභිමුව ගියෙන් සිය තුඟු හිස සිඳී නෙරළු තුරු නටඹුන් කවන්ධය ධවල අහසට බැණ වදී උරා බිව් මකරන්ද පිළිබඳ ශේෂ කොට සැමැරුම් පොදී දිරන සමනල් කුණක ගන්ධය සමන් වැලකට හුරු මදී ඔරුවකට මඟ කියාදෙන්නට චණ්ඩ රළ පෙළ හා ගැටී හබල මෙතුවක් කරපු වීරිය - ඔව්!, අගය කෙරුමට වටී රැළි තරංගය සමඟ පාවී - දුරක්, සිඹ සුදු පෙණ කැටී ...
කවි බූන්දි | විසක් වූ ජීවිතය...! - [රවිඳු වර්ණකුල] බූන්දි|BOONDI වැඩිමහල් සොයුරියගේ සැමියා අතින් දූෂණයට ලක්ව ගැබිනියක වී සිටින නොවැඩුණු එකොලොස් වියැති දැරියගේ ගබ්සාවට අධිකරණ අවසර පතයි - පුවතක් තරුත් නෙත් වසාගත් රාත්‍රිය ගඟක් විය වලාකුළු මුවා වේ හඳත් ගිණි සිලක් විය වසන් විය සුදත් ගුණ ඇවිලවින ගිණි මැලය අඟක් විය පිරිමි ඇඟ සිදුරු වූ ඉස් මොළය තුරක් නොවු ලපල්ලක තටු සිඳුණු මලක් විය පිනිත් වැකි නමුත් පෙති හැලී බිම ...
කවි බූන්දි | වියෝ මල් - [චන්ද්‍රසේන බදුගම] බූන්දි|BOONDI ‘ආදරයට අවහිරවීය' යි ලාබාල පෙම් යුවළ දැදුරු ඔය ජලාශයට පැන ජීවිතය අහිමි කර ගනියි. - ප්‍රවෘත්තියක් අපි හිතාගෙන උන්නේ ආදරේ කියන්නේ අපේ හදවත් පුංචි පොකුණේ පිපීගෙන එන පුංචිමල් ජාතියක් කියලනෙ ඉඳිකටු මලක් තරමේ. ඒ මල් වැලේ දිග අපේ අත්වැල් වල දිග තරම් වෙන්නැති කියලනෙ. ඒත් බලන්නකෝ අර ලොකු ලොකු මල් පිපෙන දිගමල් වැලක් එය වැව වටේටම විහිදෙන වියෝගිනි මල් පිපී ...
කවි බූන්දි | හදවතක් ඇත මටත්.. - [කෞශල්‍ය පතිරණ] බූන්දි|BOONDI ජින් පුසුඹ තැවරුණ හුස්ම වල මට දැණුන ආදරේ ඇබින්දක්….. තිබුන් නෑ පුරුද්දක් අල්ලන විදියෙවත්.. හිතුන් නෑ මටත් පුරුදු විදියට 'වේසියෙක්' වගෙ ඉන්න ඒකයි හිටියෙ මොහොතක් වැළඳගෙන... හීනියට වගේ මගෙ හිතත් කියනව ආයෙමත් එයි කියල බෝ ගහ යටට නිවාඩුවකට ගමට යන දවසක… ඉතින් ආවොත් ආයෙමත් එදා රෑ වගෙම එනවද අරම පුරුදු නැති විදියටම ...? [සිතුවම : Malcolm T. Liepke] කෞශල්‍ය පතිරණ ...
කවි බූන්දි | මහළු මොණරෙකුගේ ඉල්ලීම - [චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න] බූන්දි|BOONDI -කතරගම දේවාලයට යන අතර මග හමුවූ මහළු මොණරෙකු පිල් කලඔ ගලවන්නට උදව් වෙන්නට යැයි කල ඉල්ලීමකි....!! පහත්කර පිල් කළඔ ඔබ මොබ යනෙන විට පැටලුනු තැනක අකුලෙක බැරිම තැන හම ඇදී ගැලවෙන ඒ දෙන රිදුම කොතරම්ද? උස්සා එතරම්ම බර පිල් කළඔ මේ වැරහරලි දෙපා එහෙ මෙහේ වැනෙද්දී ආලිංගනයක් මැවෙනවාද මහළු මයුරෙකුගේ හදවතක? දෙතිස් වද වර්ණ ගන්වා අමුනා ඇති සෙයකි බඳ වට ...
කවි බූන්දි | [සන්තාන ගීතිකා - 7] අවාළු පැහැය විනිවිදිමිනි.. - [මංජුල වෙඩිවර්ධන] බූන්දි|BOONDI හිමිදිරිය වන විට පතිත වන්නට නියමිත පිනි කැට ඉතිරිව නොතිබුණු අහසකි. දැන් ඉතින් එය වැරහැල්ලක් ම බව කීමට අලුත් රූපක මොකටද? අන්ධකාරය හා ආදරය අතර ඇති අයථා සම්බන්දය යථාව ම බව මට මෙනෙහි වන විට ඇසුණු ඒ බියකරු ශබ්දය ස්වර්ගයෙන් වන්නට පිළිවන. ඔබේ ඔය සර්වබලධාරී අත් දෙක හුදෙකලාබව මැව්වෙ මොකටද? අඳුරු බියසුළු අහසක කඩමාලු වුණු මොහොතක එකදු රැල්ලක් නඟන්නට මුරණ්ඩුම ...
රංග බූන්දි | තුවක්කුවකියි නොකියන තුවක්කුවකි- අද දවසේ විඥානය පිළිබඳ නිර්දය පරීක්ෂාවක් - [ලියනගේ අමරකීර්ති] බූන්දි|BOONDI මෙය තුවක්කුවක් නොවේ යනු මෑතකදී මා දුටු සිංහල නාට්‍ය අතරින් මා සිත වඩාත් ඇදගත් නාට්‍යයකි. ඉතා දක්ෂ, බුද්ධිමත් නාට්‍ය රචකයෙකු සිංහල නාට්‍ය ක්ෂේත්රයට පැමිණ සිටින බව ඉන් පෙනිණ. එය කොතරම් ආකර්ෂණීයද යත් එය දෙතුන් වරක් නරඹා යමක් ලියන්නට මට ආසා ඇති විය. එහෙත් කොළඹින් බැහැර වසන අපට එක නාට්‍ය දෙතුන් වර නැරඹීමට තබා අලුතෙන් එන නාට්‍යයක්වත් එකවරක් බලාගැනීමත් අමාරු වැඩකි. ...
BoondiLets | බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි. බූන්දි|BOONDI කලාව යනු යථාර්ථය ඉදිරියෙහි තබා ඇති කැඩපතක් නොවේ. යථාර්ථය හැඩගස්වනු පිණිස හෙලනු ලබන යකුළ් පහරකි. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි
කවි කරන්ට්ස් | මේ වගේ මොහොතක...විජය! - [කසුන් මහේන්ද්‍ර හීනටිගල] බූන්දි|BOONDI ඇස අද්දර මඳහස හා හුස්ම සොයන ජීවිතයකි හිත අද්දර නිදහස පා පාද තබන ආදරයකි අත අද්දර පත්තිරුවක කතා කරන ගොළු දෑසකි ගඟ අද්දර ඔබ එනතුරු බලා හිඳින හිස් දහසකි අසූ අටට ගිහින් එන්න - එතැන ඉන්න ආස ඈයො ගල් ගැහුණත් වෙඩි වැදුණත් බදාගන්න කීව නෑයො 'පාර දිගේ' ජන යාගෙක හඬා වැටුණ රසික බෑයො හිල් වී ගිය පපු අතරින් 'බඹරු ඇවිත්', ...
රහ ඔත්තු | විණැන මාසික සිනමා දැක්ම- Fandry- පෙබරවාරි 22 බූන්දි|BOONDI Nagraj Manjule ගේ Fandry සිනමා කෘතිය, 2015 පෙබරවාරි මස 22 ඉරුදින සවස මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී තිර ගත වෙයි. සවස 3.30- සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම- විකුම් ජිතේන්ද්‍ර සවස 4.30- සිනමා කෘතිය ප්‍රදර්ශනය -සංවාදය- සංවිධානය- විණැන මාධ්‍ය හා කලා පදනම Fandry- Marathi Movie- Trailer >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
රහ ඔත්තු | The Unbearable Lightness of Being- පෙබ. 26- 4.00ට බූන්දි|BOONDI 2015, පෙබරවාරි 26 වැනිදා සවස 4.00ට, Philip Kaufman අධ්‍යක්ෂණය කළ, The Unbearable Lightness of Being සිනමාපටය ශ්‍රී ලංකා පදනමේ දී ප්‍රදර්ශනය කෙරේ. The Unbearable Lightness of Being (1988), මිලාන් කුන්දේරාගේ එනමින් යුත් නවකතාව පාදක කොට ගෙන තැනූවකි. ඉන් අනතුරුව, "ස්ත්‍රී පුරුෂ භාවයන්ගේ ප්‍රති ඉදිරිපත් කිරීම හා සිනමාව" යන මැයෙන් රොහාන් පෙරේරා විසින් කරනු ලබන දෙසුමකි. සංවාදය මෙහෙයවීම සුදත් මහදිවුල්වැව විසිනි. ...