අහසින් තරුවක් කඩා වැටෙනවා . .. ! දුකා.. "මට සමාවෙන්න පවිත්‍රා. මම ලොකු වැරැද්දක් කලේ කියලා මගේ හිත කියනවා. මට මේ තරම් දුර යන්නේ නැතුව ඉන්න තිබ්බා"සුදර්ශන සිදුවුනු දේට කනගාටුව ප්‍රකාෂ කරන හඬකින් කියන්න උත්සාහ කලත් ඒ වචන වල කිසිම පසුතැවීමක්, ශෝකයක් නෑ තියෙන්නේ උද්දාමක් වගේ දෙයක් කියලා පවිත්රාට හීතුනා."ඒකට කමක් නෑ"පවිත්‍රා කිසිම හැඟීමක් නැති හඬකින් කිව්වේ තානායමේ ඇඳේ කොනක තිබ්බ රෙද්දක් අරන් ඇඟවටේ ඔතා ගන්න ගමන්."ඒ උනාට, ...
මධාරා - රණසිංහ ප්‍රේමදාස, ජනතාව - මහින්ද රාජපක්ෂ සහ මාධයවේදියෝ . . ! දුකා.. එක්දාස් නවසිය අසූ නවය - අනූව වගේ කාලවල ඒ කිව්වේ මම ඕලෙවල් විභාගය කරපු කාලේ මම ආසාවෙන් කියවපු පත්තරේ ඉරිදා දිවයින. දැන් නම් දිවයින නම මතක් වෙද්දිත් බඩ දඟලනවා.පත්තරේ අතට ගත්තු ගමන් පෙරලන්නේ සෝමා ජයකොඩි මහත්මිය ලියපු "මධාරා" නවකතාව හොයන්න. පිටු පෙරලද්දී පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන සද්දේ මේ දැනුත් ඇහෙනවා වගේ. "අනේ මේ ගෑනිව මරලා දාලා නිසා මෙතැන් සිට ...
ජෝර්ජ් අයියා . . . ! දුකා.. ජෝර්ජ් අයියා කියන්නේ දුමීගේ මාර්ගයෙන් මම අඳුන ගත්තු ඩුබායි ජීවිතයේ මුනගැසුනු අපූර්වතම චරිතයක්.දුමීගෙත් දුමීගේ ලොකු දූ ජනදිගෙත් උපන් දින තියෙන්නේ එකම දවසේ. පහුගිය දෙසැම්බර් විසි දෙවෙනිදා උපන්දිනේට දුමී ලියපු "එක් සත්‍ය කතාවක් - ජීවිතයට ලද හැකි වටිනාම තෑග්ග" බ්ලොග් සටහන කියවලා ඇස්
සාරභූමිය දුකා.. ඒකට හැමෝම කිව්වේ සාරභූමිය කියලා. අහම්බෙන් වැටෙන ඇටයකින් උනත් රූස්ස ගහක් හැදෙන්න තරම් සාරවත් බවක් එකේ තිබුනු නිසාම එහෙම කියන්න ඇති. ඒක ඇත්තෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති ඉඩමක්. ඔවුන් එකට දාලා තිබුනු නම වුනු “සයිමන් ස්පේස්” කියන එක හැදිලා තිබුනේ ඒක මුලින්ම මිලදී ගත්තු සුද්දා - සයිමන්ගේ සාවිය කියන එකෙන් කියලා දැනගන්න ලැබුනේ කාලෙකට පස්සේ. මෑත කාලයේ සාරභූමිය හෙවත් සයිමන්ගේ සාවිය ...
මෙන්න මෙහෙමයි වෙන්නේ . . ! දුකා.. "මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?""මොකක් චීනෙන්. . ?""අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?""පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා හදන්නේ.""සිරාවට? එතකොට එයා ඒවා හදන්න ඉගෙන ගත්තද?""ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ කෝස් එක කරන්න කියලා. ඉතිං එයා කෝස් ...
අම්මා . . . ! දුකා.. කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරගත්තා උනාට පෙරේදා තමයි වික්ටර්ගේ ස ප්‍රසංගයේ අවසාන ප්‍රසංග තුනම එකතු කරලා හදලා තිබුනු ස ප්‍රසංගය බලන්න ලැබුනේ. වික්ටර්ගේ “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ඇහෙද්දී මීට අවුරුදු තිස් ගානකට එහාදි මුලින්ම තේරුමක් ඇතුව අහපු දා වගේම පෙරේදාත් ඇඟේ මවිල් කෙලින් උනා. ඇස් දෙකට ලොකු කඳුලු බෝල ගලාගෙන ආවා. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ සෙවන ...
වැලි කැට පුපුරන කතරේ ගිම්හානයට දිය බිඳක් ! දුකා.. තනි කෝටුවක් දෙකට නැමූ විට පහසුවෙන් කඩා දැමිය හැකි නමුත් කෝටු මිටියක් එසේ කැඩීම පහසු නොවේ යැයි සරල ප්‍රයෝගික උදාහරණ මඟින් පෙන්වා දී කෝටු මිටියක් මෙන් එකට බැඳී යහලු යෙහෙලියන් සමඟ සමඟියෙන් සිටින්නැයි යන පාඩම දෙමාපියන්ගෙන් අප කුඩා කල උගත්තෙන්මු.කුරුළු දඩයම්කරුගේ දැළ් උගුලේ අසුවුනු කුරුළු රෑන එහි සිටි ඥානවන්ත කුරුළු නාම්බාගේ ගුරුහරුකම් මත සියලු කුරුල්ලෝ එක වර එකට පියඹා ගොස් ...
ජනිතා රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය පතමු . . ! දුකා.. ජනිතා රාජපක්ෂ කියන්නේ බ්ලොග් අවකාශයේ සහ ගූගල් බස් සමූහයේ පැරනි සාමාජිකාවක්.මීට දින දෙකකට පමන පෙර ඇය අසනීපවී රොහල් ගතකර ඇති බවත් අයට ඉක්මන් සුවය පතා සෙත් පතන ලෙසත් ඉල්ලා ඇගේ මෑණියෝ ඇයගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබෙනවා දුටුවා.ඇයගේ අසනීප තත්වය ගැන විස්තර අසා ඇගේ මෑනියන්ටත් ඇයගේ පෙම්වතා වන සයිබර් අවකාශයේ අප සියලු දෙනා හඳුනන විශේෂයෙන් "බයිස්කෝප් සිංහලෙන්" අඩවියට නිතර ලිපි ...
බ්ලොග් එකට අවුරුදු 4ක් . . ! දුකා.. අවුරුදු හතරකට පෙරමිතුරෙක් කියූ පාර දිගේ ගොස්ටැබූ ගේ අඩවියේ කරක් ගසාබස්කෝප් අඩවියේ නතර උනෙමි මම්ඔයා හොඳට ලියනවා අයියේකියා කියූ ඉසිර මල්ලිමදුකා අඩවියත් හදාදීකෙරෙව්වානේ මාවත් බ්ලොගරයෙක්එදා ඉඳන් අද වෙනකම්අවුරුදු හතරක් තිස්සේ ඇහැක් ඇහැක් වේලාවටලිව්වනේ මාත් යමක් කමක්මේ සයිබර ලෝකෙම පයගහපුබොහෝ හොඳ ම හොඳ මිනිසුන් දපොලුකරයින්, බොරුකාරයින්දහිතවතුන් උනා මේ ටිකට එහිතවත් කම් නිසාම කරන්නට හිටි බොහෝ දේවල්හීනයක් වෙන්න නොදී හෑබෑ කර ගන්නත් ...
මහින්ද චින්තනය . . ! දුකා.. පොඩි උවමනාවකට කලින් ආපු ඊමේල් එකක් හොයා ගන්න ඕන වෙලා ඔක්කෝම ඊමේල් පීර පීර හොයද්දී අහම්බෙන් මෙන්න මේක හම්බ උනා.මේක 2005 ජනාධිපතිවරණෙදි ගෙවල් වලට තැපෑලෙන් ආපු පොත් පිංචක්.සමහර අයට ඊමේල් මඟිනුත් ලැබිලා තියෙනවා. එහෙම ලැබුනු (නමුත් මම අඳුන්නේ වත් නැති මගේ බ්ලොග් රසිකයෙක
අද දෙවියන් අපගේ මුහුන බැලුවා කාලෙකට පස්සේ . . දුකා.. අද වැඩ ඇරිලා එන ගමන් ආර්. රොක්සාමි සංගීතවත් කරපු මෝහන් රාජ්ගේ මධුරයාමේ සීඩී එක තමයි අහ අහා ආවේ . . ..ඒකේ එක සිංදුවක් අහද්දී මට එක පාරටම හිතුනේ මේක මේ මහින්ද මහත්තයා ජනාධිපති වෙච්චි වෙලාවේ කියපු සිංදුව නේද යකෝ කියලා . . .අහල බලපල්ලකෝ . . . මේ තියෙන්නේ මහින්ද මාත්තියාගේ ලිරික්ස් ඈ . . .අද දෙවියන් අපගේ මුහුන බැලුවා ...
ජාතක කතාද සමාජ විවරණද . . ?? අපූරු තොරණේ වරුණ දුකා.. "ඔයා ඇර මට වෙන නූල් පොටක දෙයක් එපා රත්තරන්" යැයි තම පෙම්බරාගෙන් විවරන ලැබූ යුවතියක් ඔහු හා පතිකුළයට යන්නේ මෙවන් පෙම්බරෙක් ලද පෙම්වතියක් වේ නම් ඈ දිනුවේ යයි කියා උදාන සිතින් නොවේද??ප්‍රේමය පෑල දොරින් පළාගොස් එදා පෙම්වතා මෙදා සැමියා වී "තමුසෙ එනකොට මොනවද අරගෙන ආවේ" කියා ඇසූ දා ඇගේ ඒ හීන ප්‍රේම ලෝකය පය පාමුල බිඳවැටෙන දා අතින් පයින් නොතැලුවත් ...
දීනයකු ලෙස ජීවත් වූයෙමි . . එහෙත් !!! දුකා.. දෙමාපිය සෙවනේ වැඩෙන කුඩා වයසේ පටන් රැකියාවක් කරමින් ස්වාධීන වූ පසුවත්, ඉන් මතු අතපය වලංගු නොමැති මහළු වයස වන තුරුත් - අප අසාධාරණයට එරෙහි නොවන්නට, අසාධාරණය දැක දැක එය ඉවසමින් දීන ලෙස ජීවත් වන්නටත් උගත්තෝ වෙමු, අනුබල ලැබුවෝ වෙමු.. . . . . . . . . . . . . . . . . . . . . . ...
විජයගේ ආදරය චන්ද්‍රිකාටද - චන්ද්‍රලේඛාටද?? දුකා.. විජය කුමාරතුංග ජනප්‍රිය නලුවෙක්ව සිටි බව සැබෑවක් නමුත් ඔහුගේ බොහෝ චිත්‍රපටි නරඹා ඇති මගේ මිනුම් දඬු වලට අනුව නම් ඔහු විශිෂ්ඨ ගනයේ නලුවෙක් නොවේ. ඔහුගේ විශිෂ්ඨතම රඟපෑම් ඇත්තේ කැඩපතක ඡායා චිත්‍රපටියේ බව මතක හැටියට වරක් ටැබූ කොහෝ තැබූ කොමෙන්ටුවක දුටු නමුත් අවාසනාවට එම චිත්‍රපටිය නරඹා නොමැති නිසාවෙන් ඔහු හා එකඟ වන්නට මට හැකියාවක් නැත.කෙසේ නමුත් ඔහු ගායනා කල ගීත බොහොමයක් ...
සයිබර් අවුරුදු උත්සවය 2011 - "මොනව වුනත් වැඩේ කැතයි" දුකා.. "උඹ කලේ හරිම කැත වැඩක්"ඔබ වැරැද්දක් කල විටෙක ඔබේ මිතුරෙක් ඔබට මේ ලෙස චෝදනා කලොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබට කුමක් සිතෙයිද?මගේ මිතුරෙක් මට චෝදනා කලා නම් මුලින්ම සිදුවන්නේ මා සිත් වේදනාවට පත් වීමයි (යකෝ මූ යාලුවා වෙලත් මට බැන්නනේ) දෙවෙනුව කරනු ලබන්නේ ඒ මිතුරා කපා හැරිය යුතු මිතුරන්ගේ නාමලේඛනයට ඇතුලත් කිරීම හෙවත් බ්ලැක්ලිස්ට් කිරීමයි.එසේ සිත් වේදනාවට පත් වීමේ හේතුව ලෙස ...
බනක් ගිය දුරක් . . ! දුකා.. 2011 ජනවාරි මාසේ දවසක මාත් එක්ක වැඩ කරන කතරක සිතුවිලි ලියන මනෝජ් මාල්ලිත් මාත් අතර ඇතිවුනු දෙබසක්.මනෝජ්: අයියේ, ඩුබායි වල අසපුව කියලා පන්සලක් තියෙනවා. අපි වෙලාවක දානයක් හරි බනක් හරි ඕගනයිස් කරමුද?මම: ඔය අසපුව අර ලංකාවේ තියෙන අසපුවේ බ්‍රාන්ච් එකක්ද?මනෝජ්: ඔව්මම: මල්ලි මම එකේ වෙබ් සයිට් එක බැලුව, ධර්ම දේශනා කීපයක් ඇහුවා. මගේ නම් ඒ තරම් පැහැදීමක් නෑ එකේ බන ...
අද උඹට හැම දේම අතහැරලා යන්න වෙනවා පුතෝ !! දුකා.. "අද උඹට හැම දේම අතහැරලා යන්න වෙනවා පුතෝ" කියලා ඔබේ ඉරණම ඔබට කිව්වොත් ඔබ කුමක් කරයිද??"අනේ මට තව අවුරුද්දක් දෙන්න, මාසයක්, සතියක්, දවසක් . . . . "අවිවාදයෙන්ම කල් ඉල්ලා වැඳ වැටේවී නේද??මොනවටද මේ කල් ඉල්ලන්නේහැබෑ කර ගන්න බැරි උනු හීන අටෝරාසියෙන් එකක් දෙකක් හරි හැබෑ කරගන්න උත්සාහයක් දරන්නතමන්ට කියලා තියෙන දේපල (ඇඳුම් කඩමාල්ලක් හරි කමක් නෑ) තමන් කැමති කෙනෙකුට ...
බඩ ගැත්තරයාට සමාව බයබෝයි . ..! දුකා.. අනින්ඩ හාන්දුනන්නේ අනින්ඩපිට පොත්තටම ඇලුනු බඩ පොත්තටම අනින්ඩරුපියල් හැත්තෑවේ හාල් ඔලින් බැරි නම්රුපියල් පනහේ පොල් ගෙඩියෙන් හරි අනින්ඩ කැවුත්ත කුඩු වෙන්ටම අනින්ඩ . . .!දැයට කිරුලේ පාට පාට බලුප් වල එලියටගිනිකනවැටුනු දෑහින් තරු විසි වෙන්ටම අනින්ඩරත්තරන් මුදු දමාපු ඔය අතින් බඩ පොත්තට කැවුත්තට ඉතරක් නම් මොකෑඉහ මොල කුඩු පට්ටම් වෙන්ට ඇන්නත් හැබෑ සනීපයි ආයොබෝං . .. !කෝටි දාහක් වියදම් කොට ...
කමක් නෑ මිත්‍රයා . . ! දුකා.. ජීවිතේදි සමහර වෙලාවට පුදුම විදිහේ කම්පන වලට (shocks වලට) මුහුන දෙන්න සිද්ද වෙනවා. පුදුම වැඩේ කියන්නේ 33,000හේ DC කරන්ට් එකක් වැදිලා නොවෙන විදිහේ shock එකක් පොඩි AC කරන්ට් එකක් වැදිලා වෙන්න පුලුවන් කම.උදාහරණ සහිතව කතා කලොත්, කෙනෙක්ට තමන්ගේ ලස්සන කඩවසම් මූනත්තහඩුවත් එක්ක සරීරෙම පිච්චුනු වෙලාවක . . . එහෙම නැති නම් හතර අතේ Loan වලට හිර වෙලා ඉන්න වෙලාවක ගහෙන් ...
අපේ සැටලයි එක. දුකා.. ඊයේ පෙරදා ෆේස්බුක් එකේ දැක්කා මෙදා සැරේ බස්නාහිර පලාත්සභාවේ වීඩියෝ එකක්. ඒකේ තිබුනේ සභාවේ චන්ද විමසීමක් අතරතුර එක මන්ත්‍රී කෙනෙක් වට පිට බල බල කොලේකින් කාක්කෙක් හදලා විදින සීන් එකක් ඔව් ඔව් යකෝ අර අපි දෙකේ තුනේ පන්තිවල ඉන්නකොට විදපු කාක්කෝ හෙවත් රොකට් එකක් තමා . .ඒක මම මගේ ෆේස්බුක් එකේ ශෙයා කලේ "රොකට් රෝහිත මේක දැක්ක ගමන් තාත්තට කියලා ...