කාලයට ඉඩ දෙන්න . . . ! දුකා.. සමනළයෙකු දකින්න ලස්සන පාට පාට මල් අතර පියාඹින හදි හදිස්සියේ කෝෂය කඩා බලන පුංචි නොදරුවෙකු අනේ පුංචි පුතේ බෑ එහෙම කරන්නට කාලයක් ඇතේ එයට නියමිත . . . අද පැලවූ පැලය හෙට මුල් දමා ඇතැයි සිතා ගලවා බලා දුක් වෙන නොයිවසිලි දුවේ ඉඩ දෙන්න කාලයට පුංචි පැලයට මුල් දමා දළු ලමින් ගසක් වෙන්න . . සිහින මවන්න සුදුස්සෝ සිහින බිඳ ...
කඩවර . . ! දුකා.. ආදී අපේ මුතුන් මිත්තෝ: හේනේ පැලේ හිඳ කුරහන් වී රැක්කෝ ගෝනෙක් මුවෙක් ඉඳහිට ගිනි පිඹ ගත්තෝ අහසට වෙඩි තබා අලි-ඇතු එලවා ගත්තෝ තිරිසන් ගති ටිකක් මුත් බෝ මනුසත් දම් රැක්කෝ . . . වර්තමානයේ අපි: කලිසම විළුඹට ම කමිසය අත දිගට ය ජංගමේ ස්ක්රීනයත් දර්මේ චක්කරය කතා කලොත් බුදු බන දෙසලා දේය හක්කේ බුදු රැස්ය බොක්කේ දඩමස්ය . . .Pic ...
ආදරවන්තයින්ගේ දිනය දා ආදරය බෙදන්න . . . ! දුකා.. ආදරවන්තයින්ගේ දිනය ආදරවන්තයින්ට විශේෂ දිනයක්නේ . . . මගේ මිතුරු ඩෝසන්ට අද අමුතුම එස්.එම්.එස්. එකක් ලැබිලා.තමන් විවාහ කර ගන්න ඉන්න කෙනාට, අහුමුලු වල හැංගිලා ආදරේ කරන කෙනාට වගේම අපේ ආදරේ ඕන කරන නාඳුනන අය වෙනුවෙනුත් ආදරේ ඩිංගක් හරි පුද කරලා ආදරවන්තයින්ගේ දිනය තවත් සුවිශේශී අමතක නොවන දිනයක් කර ගන්න පුලුවන් වෙනව නම් කොහොමද?මේ තියෙන්නේ ඩෝසන්ගේ "වචන ටැක්සි" බ්ලොග් අඩවියේ මම ...
දික්කසාදය | Divorce . . . ! දුකා.. අප එක්ව තෙමංසලකට පැමින සිටින්නෙමු. මින් ඔබ්බට ඔබ එක මඟකත් මා අනෙක් මඟත් යායුතුය. ඒ මඟේ යන ගමනේදී මගේ සුරතින් අල්ලාගන්නට කෙනෙක් වේද, ඔබේ සුරතින් අල්ලා ගන්න කෙනෙක්වේද යන ප්‍රශ්නයට පිලිතුරු දීම අනාගතයට භාර කරමු. අපගේ ප්‍රේමයේ නාමයෙන් ! ප්‍රේමයේ නාමයෙන් ?? ප්‍රේමයේ නාමයෙන් @#$%^& හ්හ්ම්ම්ම් . . අපගේ ප්‍රේමයේ නාමයෙන් උපන් දරුවා අප පිටුපසින් විපක්ෂිත දෑසින් අප දෙදෙනා දෙස ...
2025 දී . . . ! දුකා.. මේක ඕන් තනිකරම පිස්සු ලිපියක්.මේ ඊයේ පෙරදා දොහක රනා ලියන බ්ලොග් කියන බ්ලොග් අඩවිය ලියන රසික කොලූ එක්ක ගූගලේ කතා බහක් දොඩමින් ඉන්නැහ්ද්දී අපි දෙන්නා කතාවෙච්චි දෙයක්.ඇත්තෙන්ම කතා වුනේ හවුල් බ්ලොගක් කොරමු කියල උනත් අර තුන්පත් රෑන හවුල් බ්ලොගක් පටන් ඇන්න වෙච්චි සංගෙදිය දන්න හින්දා ඕන එකක් සත පනහයි කියලා මම්ම මගේ බ්ලොගේ ඇහැක් විදිහට ලියා දානවා කියා හිතුවා ඕන්.මම ...
උපන් දින තෑග්ග . . ! දුකා.. අද මගේ උපන් දිනේ. මම හැමදාම තෑගි ලබන්නම උපන් කෙනෙක් කියලා බොහෝ වෙලාවට මට හිතෙනවා.ඒත් හැදේම එපා වෙලා ජීවිතේ කලකිරිලා අපතයෙක් වෙලා හිටපු කාලෙදි මම ඒ කිසිම තැග්ගක වටිනාකමක් නොදැකපු කාලකන්නියෙක් වගේ නේද හිටියේ කියලා හිතුනාම අපරාදේ ඒ පහුගිය කාලේ කියලා දුක් වෙනවා මිසක් වෙන කරන්න කිසිම දෙයක් නෑ.මගේ අම්ම-තාත්තා, සහෝදරියෝ, බිරිඳ, පුතා, යහළු-යෙහෙලියෝ, නෑදෑයෝ, අසල්වැසියෝ, හිතවතුන් වගේ අධ්‍යාත්මික මිනිස් ...
ඔබ නැති නම් මිහිපිට නැත මම් . . ! දුකා.. “ඔය තරම් බොන්නේ ඇයි තාත්තේ”. “ ඒ විතරක්ද පුතේ සිගරට් එකක් ඉවර වෙන්න එකක් . . කිව්වට අහනවද මෙයා ”“ තාත්තට ඕන ඔව්ව ඔහොම බීල බීල ලෙඩක් හදාගෙන ඉක්මනට මැරෙන්නද? ”“ තොපි ඉතිං මම මැරෙන කම් තමයි බලන් ඉන්නේ ”“ ඔය ඉතිං . . හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියනවා ”" ...
සුදු දුවේ එදිනට නුඹ කොතැනක සිටියත් . . . ! දුකා.. කිරිකැටි පායුග හැඩකලහුරතල් නුඹේ මේස් පොඩිතබා ගමි සුරැකිවමතු අනාගතේ දවසකමහළුව මියෙන මොහොතකඑන්නට බැරි දුරක සිටියොතින්මියෙන්නට මොහොතකට පෙරකිරිකැටි නුබේ මතකයේසුවඳ යලි යලිත් විඳ මියෙන්නට සොම්නසින් ! ...
පාලුව දෙවනත් කරලා නාඩන් උළලේනෝ . . . ! දුකා.. දෙනෝ දාහක් නුවන් අභියස දෙනෝ දාහක් පිරිස අභියස නොමැති වී ඒ සෙනේ සිසිලස හුදකලා වී පාලු කතරක රොස් පරොස් බස් ඇතත් ඉඳහිට බත ඉදුනු පසු නිමයි ඒ සැම නිය තුඩින් හිස සෙමෙන් සනසන කෑ ගසයි සිත නොමැති තැන එය ටිකිරි සුරතල් කතා බස් රැස නිමක් නොවනා ප්‍රශ්න වැල් සැම ගෙල බදා ගෙන නිදා ගන්නා අනේ ඒ සුව නැතුව කොහොමද සොඳුරු ...
යාලුවෝ මාලුවෝ යාලුවෝ . . . දුකා.. හවුල් යාලු මිතුරු කතා බහකදී බීට්ල් කිව්ව කතාවක් දැක්ක ගමන් මට මතක් උනේ ඉස්කෝලේ යන කාලේ මට වෙච්ච් සිදුවීමක්.ඒ කාලේ මගේ සිංහල අත් අකුරු හරිම ලස්සනයි. භාෂා දින අත් අකුරු තරඟවලට හිටන් ඉඳලා තියෙනවා.අට වසරෙදි ටීච කෙනෙක් නැති දවසකදී මගේ හොඳම යාලුවෙක් ඌගේ කෙල්ලට මගේ අත් අකුරු වලින් සහ අදහස් වලින් ලියුමක් ලියලා දෙන්න කිව්වා.මම ලියලා දුන්නා.අපි ලව් ලෙටර් එක ...
වැලි කතරේ අපි . . .! දුකා.. ගිනිගෙන දැවෙනා මිරිඟු දියෙන් පිරි වැලිකැට පුපුරන වැලි කතරක් සරි ගහක් කොලක් නැති දිය කඳුලක් නැති මරු කතරක් ගැන ඇසුවෙමි බිය ඇති මිනිසුන් යති එති කහවනු ගෙන එති මැදුරුද තනවා සිටුවරු මෙන් වෙති කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති කතරට යන්නට නොසිතනු පවසති ගත සරසන්න සළු පිලි නැති මුත් කුස පුරවන්නට මසවුළු නැති මුත් කරදර අඟහිඟ බෝ දුක් ඇති ...
සිරි දේසේ වැසියෝ හඳුනා ගන්නේ කෙසේද . .? දුකා.. මේ අද මට අද ආපු ඊමේල් එකක් . . .මේක දැක්කාම හිනා ගිය තරම කොයි තරම්ද කියනවා නම් තව පොඩ්ඩෙන් තේ එක හිස්මොල්ලේ යන තරම් . . . ඒ නිසා මට මේක හැමෝම එක්ක බෙදා හදා ගන්න ඕනමයි කියලා හිතුනා . .. මොකද ඊමේල් එකේම ලියලා තියෙනවා සිරි දේසේ කස්ටියට ඇර වෙන කාටවත් යවන්ට එපා කියලා . .මගේ ඊමේල් එකේ ...
ඇට මිදුළු වලට පවා දැනෙන දාරක ප්‍රේමය . .. ! දුකා.. දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන හැඟීමකැයි කීවේ මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි. එසේ කීවේ වනයේ හැරදමා බිරිඳ සුප්පා දේවියත් පුතු සිංහබාහුත් දෝනි සිංහසීවලීත් ගල් ලෙන බිඳ පලා ගිය සොවින් වැලපෙන සිංහයාගේ දරුපෙම විදහා දැක්වීමටයි.එසේ ඇටමිදුළු වලටත් දැනෙන ඒ දරුපෙම නොදැනුනේ මන්දැයි මගේ තාත්තා සමඟ මම ක්‍රෝධයෙන් සිටියෙමි බොහෝ කාලයක්. සමහර විට ඔහු දරුපෙම හදෙහි සඟවාගෙන සිටියා විය හැකියි. හදවතේ ...
තම්බියි නානායි . . . ! දුකා.. ලංකාවේ ඇඳුම් වෙලඳාම මුසල්මානුවෝ අල්ලගෙනය, ඒ අයගේ කඩවල් වර්ජනය කරන්නය කිය කියා මේ දවස්වල ෆේස්බුක් වීරයෝ කෑගහන සද්දෙට කන් දෙක නිකම් දෝංකාර දෙනවා වගේ. ඇත්තෙන්ම මුසල්මානුවෝ සිංහල බෞද්ධයන්ගේ වෙළඳාම ඇයි මේ තකහනියේ අල්ල ගත්තේ කියලා හිතල බැලුවහම මට මතක් උනේ "යකඩෝ ඉස්සර ඉඳන් කියෝපු පොත් පත් ගොඩක තිබ්බ නේද අනාදිමත් කාලෙක ඉඳන් සිරිදේසේ ඇඳුම් කැඩුම් විතරක් නෙමේ හාල්, තුනපහ, ලුනු, ...
හදවතේ පිපාසයට - ගී පැදුරෙන් ගී පොදක් . . ! දුකා.. දිවට දැනෙන පිපාසයට දිය අවැසි සේ, කුසට දැනෙන පිපාසයට ආහාර අවැසි සේ ජීවිතයට දැනෙන පිපාසයට මිනිස් සබඳකම් අවැසි බව - මගේ එක් ප්‍රිය නවකථා රචිකාවියක් වූ සෝමා ජයකොඩි මහත්මිය ඇගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ සඳහන් කළාය.එයටම ඌන පූර්ණයක් ලෙස හදවතට දැනෙන පිපාසයට කලාව අවැසි බව මම විශ්වාස කරමි.සාගරයක් තරම් වූ කලාව නම් වූ විෂයෙන් ගීතය නම් වූ කොටස හදවතට දැනෙන පිපාසය ...
පිස්සන්ට හැතැප්ම නෑ සහ නාට්‍ය පිස්සුව . . . ! දුකා.. මම නාට්‍ය පිස්සෙක්.පිස්සෙක් කියන්නෙ හොඳම පිස්සෙක්.පිස්සන්ට හැතැප්ම නෑ කියලා අහලා තියෙනවාද?ලුම්බිනි එකේ හරි ජෝන් ද සිල්වා එකේ ඉඳන් හරි කෝට්ටේ මාදිවෙල වෙනකම් පයින් හැතැප්ම කීයක්ද? පිස්සෙක් නෙමෙයි නම් එහෙම පයින් යයිද?මේ පිස්සන්ට හැතැප්ම සහ නාට්‍ය පිස්සුව මතක් වෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒක අන්තිමට කියන්නම් .කලාවේ නාමයෙන් කරන ගොන් පාර්ට් වලට හූ කියලා වගේම උසස් නිර්මාණයකට අත් පුපුරු ගහනකම් අත්පුඩි ගහලා ...
පොලී මුදලාලිගේ බුද්ධාගම . . ! දුකා.. නිවාඩුවට ලංකාවේ හිටි දවසක අපි ජගත්ලගේ ගෙදර ගියේ ඩිනර් එකකට එන්න කියලා ජගත් - අමිලා දෙන්නම අපිට ආරාධනා කරපු නිසා.විරුල් ඒ ගෙදර එයාගේ වයසේ ළමයි දෙන්න එක්ක සෙල්ලමට වැටිලා හරියට කෑවෙත් නෑ.අපි දෙන්න නම් කෑවා මදි නොකියන්න. අමිලාගේ කෑම රසයි.කාලා ඉවර වේගන එනකොටම ජගත්ගේ යාලුවෝ සෙට් එකක් ආපු නිසා ජගත් කෑම මේසෙන් ඉක්මනට නැගිටලා ගියා.කාලා ඉවර වෙලා චයිනීස් ග්‍රීන් ටී ...
බ්ලොග් අවකාශයේ වසර තුනක් - 3rd blogoversary . . !!! දුකා.. අහම්බෙන් ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් එක කියවන්න ලැබිලා . . එකේ ලින්ක්ස් දිගේ ගිහින් බයිස්කෝප් සයිට් එකට ගොඩ වැදිලා ඒකේ යාව ජීව සාමාජිකයෙක් වෙලා . . . පස්සේ ඒකට ලිපි කීපයක් ලියලා, තවත් ලියන්න හිතාගෙන ඉන්න අතරෙදි සයිට් එකේ අයිතිකාරයා පොතේ ගුරා හෙවත් ඉසිර මලයා "අයියා ඔයාට හොඳට ලියන්න පුලුවන් . . අපේ එකට ලියන එක අපරාදයක් . . ඔයාගෙම බ්ලොග් ...
මං . . මේ මං . . . ! දුකා.. හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.කතාබහේ දිගුවේ කවුරුන් විසින් අරබන්නදෝහෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී."නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා ...
තාත්තා අසනීපයෙනි, වහාම එන්න එපා.. . ! දුකා.. මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා. "පුතේ දැනට දවස් හතරකට කලින් තාත්තට ඩෙංගු හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා. ඔයාගේ යාලුවෝ ඉන්දික, හිමාෂ්, සමරෙ එහෙම තාත්තව බලා ගන්නවා. ඔයා බය වෙන එපා දැන් තාත්තට ගොඩක් හොඳයි" අම්මට පිලිතුරු විදිහට මම මොනව කිව්වද මතකවත් නෑ. මට මතක මගේ ඉස්මුදුනෙන් පටන් ගත්තු හිරි වැටීමක් ...