කකුලුවෙක් . . කකුලුවන්ට කෙලින් යන්න කියලා දෙනු ලැබේ . . . ! දුකා.. අපි හැම වෙලාවකම අන් අයගේ දොස් දකින්න අන් අයගේ දොස් වලට බනින්න සැදී පැහැදී ඉන්නවා . . එහෙම නේද ? හදවතට පොඩි තට්ටුවක් දාලා අහලා බලන්න. ඒත් අපේ වැරදි? කවදාවත් අපි මොහොතකට වත් ආපහු හැරිලා බලලා තියෙනවද මගේ වැරදි මොනවද කියලා? "අයියෝ ඇයි මම එහෙම කලේ" කියලා පසුතැවිලි වෙලා තියෙනවද එක වරක්වත් . . . ?? උත්තරය ඔව් නම් අන් ...
විකිනීම . . .!! දුකා.. තමන් නොදැන තමන්ව කෙනෙක් තව කෙනෙක්ට හෝ පිරිසකට විකුනලා කියලා දැන ගත්තොත් එහෙම කෙනෙක්ට තමන්ව විකුනපු එකාට මොනවා කරන්න හිතෙයිද? කන පැලෙන්න ගහන්න . . . පලු යන්න බනින්න . . . දන්න කියන උන් ඔක්කෝටම මෙන්න මුගෙන් පරිස්සම් වෙයන් කියන්න . . . මේ ඕනම දෙයක් කරන්න හිතෙයි . .. සමහර විට "අහවලා විසින් මාව විකුනා ඇත" එහෙම නැති ...
මම සතුටින්ද? දුකා.. මට සතුටින් ඉන්න ඕනම නම් ඕන කරන දේවල් මට තියෙනවා. ඒත් මම සතුටින්ද?ඇත්තෙන්ම මටම ශුවර් නෑ වගේ.මම වැඩිය කැමති සතුටින් ඉන්නද? එහෙම නැතිනම් මම සතුටින් ඉන්නවා කියලා අනෙක් අයට පෙන්නන්නද?මට ශුවර් නෑ වගේ.මම වැඩිය සතුටක් ලබන්නේ මට සතුටු වෙන්න පුලුවන් දේවල් විඳලා සතුටු වෙලාද එහෙම නැතිනම් අනෙක් අයට ලබන්න බැරි දේවල් මට ලබා ගන්න පුලුවන් කියලා අනෙක් අයට දැන ගන්න ...
බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . . ! දුකා.. මේ කතාව කොතනින් පටන් අරගෙන . . . කොහොම ලියනවද කියලා මම දවස් ගානක් තිස්සේ හිතුවා . . . හිතල හිතලා මගේ හිත පඹ ගාලක පැටලිලා වගේ තිබුනේ මේ දවස් කීපයේම . . . . කොතනින් කොහොම උනත් . . . ලියන්නම ඕන කියල මට මගේ හිත කරපු තර්ජනය නම් නොසලකා හරින්න මට බැරි උනා . . .වික්ටර් රත්නායක මහත්මයා ...
රේඩියෝ . . රේඩියෝ . . !!! දුකා.. මම හොඳ රසවින්දනක් තියෙන කෙනෙක් . . . ඒ බවට මගේ බ්ලොග් එක නිතර කියවන අය සාක්ෂි දරනවා ඇති කියලා මම හිතනවා. හොඳ රසවින්දනක් තියෙන කෙනෙක් වීම ගැන ඇත්තෙන්ම මට නිහතමානී ආඩම්බරයක් තියෙන බවත් කියන්න ඕන..මගේ රසවින්දනය දියුනු කරන්න මුලින්ම හේතු වුනේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් මම මොකක් කියයි කියලද හිතන්නේ දෙකක් නෑ රේඩියෝ එකපුංචි එකා සංදියෙම රේඩියෝ එක ...
ඉෂාන් දුකා.. ඉෂාන් ධම්මික අබේරත්න ගැන මම මුලින්ම දැන ගත්තේ සිරාගේ කාමරේ බ්ලොග් එක ලියන සංජීව සිරිවර්ධන මල්ලීගේ මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකෙන්.ඒ ලිපියේ මේ කොටස මගේ හිතට තදින්ම වැදුනා.“අයියෙ මට පුලුවන් නම් උදව්වක් කරන්න. බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මාව තෝරගෙන තියෙනවා...ඒත් මට යන්න සල්ලි නෑ. ඔලිම්පික් පදක්කමක් දිනන එක මගේ එකම සිහිනය කියලා අයියා දන්නවනෙ... ලංකාවෙ විතරක් පුහුණුවීම් කරලා එතනට එන්න ...
හැමෝම එනවා නේද? දුකා.. පොඩි නිදහසක් ලැබුනු වෙලාවක දෙතුන් දෙනෙක් එක්ක චැට් කලා.සයිබර් ෆෙස්ටිවල් හෙවත් සයිබර් සැනකෙළිය හෙවත් බ්ලොගර්ස්ලගේ අවුරුදු උත්සවය ගැන කට්ටියගෙන් ඇහුවාම දන්නවා නොදන්නවා වගේ තමයි කතා කලේ.එන බව සහතික කරන්න තියෙන ෆෝර්ම් එක පිරෙව්වද කියලා ඇහුවාම සමහරු එහෙම එකක් තියෙන බව දන්නෙත් නෑ.මට හිතුනේ යකෝ මේ පිට රට ඉන්න මම නිවාඩු අනුමත කරගෙන ටිකට් එකත් අරන් ඉවරයි, ලංකාවේ ඉන්න අය තියෙන ...
විරුල්ට අදට අවුරුදු හතරක් . . . . ! දුකා.. ආදරය කියන මාතෘකාවේදී අපිට වැඩිහිටි අයව රවට්ටන්න පහසුයි. ඒ වගේම අපි රැවටෙන්න තියෙන ඉඩ කඩත් බොහෝම වැඩී. මොකද කියනවනම් වැඩිහිටි අපි ආදරේ කියලා තේරුම් ගන්නේ කෙනෙක් ගේ කටින් කියන දේ නිසා. බින්දු මාත්‍රයක් ආදරයක් හදවතේ නැතුව "මම ඔයාට ආදරෙයි සුදූ" කියලා හරි "මම මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ පැටියෝ" හරි කියලා කිව්ව ගමන් අපි කුප්පමේනියා ගහක් දැක්ක පූසෙක් ...
මහජනයා සහ අරක්කු . . ! දුකා.. මහජනයා කියන්නේ චන්දේ දාන එකාටනේ . . . ඒ කියන්නේ චන්දේ දාට චන්දපොලට ගිහින් කතිරේ කෙලලා එන එකානේ. එකා එකී මේ ඔක්කෝම තමයි මහජනයා කියන්නේ හා නැද්ද?මෑත කාලයේ මේ මහජනයයි අරක්කුයි එක ලඟම එකට ගෑවිලා තියෙන දෙයක් . . ඒ දෙක අතරේ තියෙන්නේ පුදුම බැඳීමක්.හරියට ජාඩියයි මූඩියයි වගේ . . . ඉඳිකට්ටයි නූලයි වගේ .. අමුඩෙයි පුකයි වගේ . . ...
සඳුදා ඉඳන් . . .හැමදා උදේ . . . ! (2වෙනි කොටස) දුකා.. "හත් දෙයියනේ ලඟක් වෙනකම් හම්බ උනේ නෑ කියන්නේ දැන් හම්බ වෙලා . . . අඩේ මාරයිනේ . . ඔයා මාර පොරක්නේ . . . ප්‍රීතියි ප්‍රීතියි . . කව්ද හලෝ ඒ වාසනාවන්තී . . . " මේ හොල්මන ආතක් පාතක් නැතුව කෑගහන දිහායි මගේ දිහායි බස් එකේ එකේ මිනිස්සු ඔක්කෝම නුරුස්සන බැල්මක් දාගෙන බලන් හිටියේ."පොඩ්ඩක් ඉන්නවා හලෝ බස් එකෙන් බහිනකම්. ...
17 වසරක සාපයක් යලිත් ඕනද? දුකා.. වර්ථමාන දේශපාලන පිටිය නිරීක්ෂණය කලාම මහින්ද ප්රමුඛ පරන හොර නඩය අන්ත පරාජයක් ලබන බව පේන්න තියෙනවා.එහෙම වෙලා UNPයට 1977දි JR ලැබුනා වගේ ලොකු බලයක් ලැබුනොත් කියලා හිතුවාම එන්නේ ලොකු භීතියක්.JRගේ බෑනා රනිල් ජේ.ආර්.ට එහා ගිය භයානක නායකයෙක් නොවෙයි කියලා චරිත සහතික දෙන්න විදිහක් කොහෙත්ම නෑ.1977 බලය ලබා ගෙන 17 වසරක සාපය කියලා අපි හඳුන්වපු UNP ආන්ඩුව 1994 චන්ද්‍රිකා මුල් වෙලා ...
අද අපගේ සිහින සැබෑ වීලා . . .. !! දුකා.. අද මට හරිම සතුටු දවසක්. ඇත්තෙන්ම අද "අපිට" හරිම සතුටු දවසක්.බොහෝ වෙලාවට මගේ බ්ලොග් ලිපි තනියෙම ලියපුවා. ඉඳලා හිටලා ඊමේල් වලින් ආව ඒවා හරි වෙන කෙනෙක් එව්ව ඒවා හරි, වෙන කෙනෙක් ටයිප් කරලා එව්ව්ට පස්සේ දැම්ම ඒවා හරි මම හිතලා පල කරපු ලිපි.ඒත් මේක අපි දෙන්නම වෙනුවෙන් ලියන ලිපියක්. අපි දෙන්නා කිව්වේ මායි මගේ ගෙදර උන්දෑ නදීෂායි. අපි මවාගෙන හිටපු ...
අවුරුදු පහක් . . . අම්මේ අද ඊයේ වගේ . . !! දුකා.. අම්මේ කාලය ගතවෙන ඉක්මන.අවුරුදු පහක්ම කොහොම ගියාද කියලා හිතෙනවා.මුල් අවුරුදු තුනේම (හතරෙම?) වගේ යුද්ධ කාලේ උතුරු නැගෙනහිර වගේ තිබිලා දැන් යුද්ධ ඉවර වෙලා තිරසාර සාමයක් උදාවෙලා තියෙන නිසා අර නවම් මලයා උන්දැලගේ ඇනිවසරි එක වෙනුවෙන් ලියපු පෝස්ට් එකේ ලිව්වා වගේ “උන්නු හැටියට මලා මදැයි” කියලා නම් කියන්න බැරියෝ බැරියෝ වගේ . . .යුද්ධය මානුශීය මුහුනුවරකින් නිමා කරන්න, මගේ මේ බ්ලොග් ...
හෆොයි . . . වහ කනවා මීට හොඳයි . . ! දුකා.. මෙහේ මිතුරන් කීදෙනෙකුත් බ්ලොග් සහ බස් වල දෙතුන් දෙනෙකුක් දන්නවා මේ දවස් ටිකේ මම ටෙන්ඩර් එකකට මුක පූට්ටු කරගෙන (කට තද කරගෙන) වැඩ කියලා . . . ඔහොම මුක පූට්ටු වෙලා ඉන්න වෙලාවක එනවා මෙන්න කෝල් එකක් . . ."මචං උඹ ඊයේ රෑ කෝල් කලා නේද . . . ආන්සර් කරන්න බැරි උනා බන් . . මොකෝ දැන් කරන්නේ""අනේ බන් ...
සෆීර් . . . ! දුකා.. මතක විදිහට මම සෆීර්ව ඉස්සෙල්ලාම දැක්කේ ජෝන්ද සිල්වා එකේදි . . ලුම්බිනියෙදිත් ඒ දවස්වලම දෙපාරක්ද කොහෙද දැක්කා.පුදුම කලබලයකින් එහා මෙහා ගිය සෆීර් දිහා මම බලන් හිටියේ පුදුමයෙන් වගේ. අවට හිටපු ප්‍රසිද්ද හැම කෙනාම සෆීර්ව තත්පරේකට හරි කතාවට අල්ල ගන්න උත්සාහ කරනවා කියලා මට දැනුනා.කිසි කෙනෙක් ලඟ වැඩි වෙලා ගත නොකරපු සෆීර් ඒ හැමෝටම අව්‍යාජ හිනාවක් දාලා කතා කරන්න බැරි උනු ...
දුකා බ්ලොග් එකට අදට අවුරුදු දෙකක් . . . ! දුකා.. බුදු අම්මෝ . . . මෙන්න බොලේ මගේ බ්ලොග් එකට අදට අවුරුදු දෙකක් වෙලා . . . සෝඩා බෝතලේ කැඩුවා වගේ වැඩ කරන මගේ ඉතිහාසයේ මේ තරම් උනන්දුවෙන්, පිලිවෙලකට, එක දිගට වැඩක් කලාමද කොහේද.හරි ඕන් ඉතිං ස්තූති කතාව.මේ අවුරුදු දෙකේ බ්ලොග් ගමනේ ස්තූති කල යුතු අය ගැන කියනවනම් සුපුරුදු පරිදි මුලින්ම බයිස්කෝප් අඩවියේ නිර්මාතෘ පොතේගුරා හෙවත් ඉසිර මළයා තමයි ඉදිරියෙන්ම ...
තුච්චයි, නීචයි, අජූතයි . . .! දුකා.. සුභාෂිතයේ කියන "මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත" පද පේලි නොමිනිසුන් අතර මිනිහෙක් ලෙස දිවි ගෙවන්න උත්ප්‍රරකයක් වුනත්, නොමිනිසුන් රජකරන සමාජයක ජීවත් වෙන්න ලැබීම, මිනිසෙක් ලෙස උඩුගම් බලා පිහිනීම අතහැර නොමිනිසුන් අතර කෲරම නොමිනිසා වෙන්න මිනිසෙකුට අනුබල සපයන බව පසක් කලෙමි.හිතට ගොඩාක් අමාරුයි....හුළු අත්තක් කවදාවත් පිඹලා නිවන්න බැහැපොළේ ගහන්නම ඕනඔබව කවදාවත් අපේ හිත් වලින් අයින් කරන්න කාටවත්ම ...
ප්‍රසන්න . . ! දුකා.. ලඟදී ෆේස්බුක් එකේ වීඩියෝ දෙකක් දැක්කා. එකක් මෙහෙමයි: අතපය හතර හොඳට තියෙන මිනිහෙක් එයාගේ කකුලක් දෙකට නවලා ගැටගහගෙන සරම කොටට ඇඳලා ඒ නමපු කකුල වැහෙන්න ඇඳගෙන හිඟාකනවා. එක ලොකු ගෙයක් ලඟ දී එතන නතර කරන වාහනේ පිටිපස්සේ ඉන්න මහත්මයාටත් හිඟන්නා අතපානවා. මහත්මයා ගනන් ගන්නේ නෑ. ගේට්ටුව ඇරිලා ඩ්‍රැයිවර් කාර් එක වත්ත ඇතුලට දානවා. හිඟන්න කියවනවා කාරේ එකේ පිටිපස්සේ ගහල තියෙන ...
Happy B'day Darling . . . ! දුකා.. ගිය අවුරුද්දේ නදීෂාගේ උපන්දිනේට "පලංචියේ ලී ඉරුවේ අපි එකට" සිංදුවට වෙන වෙන වචන දාලා පෝස්ට් එකක් ලිව්ව වෙලවේ අපේ කකා මට කිව්ව "දුකා, කොපියක් නෙමේ අළුත්ම සින්දුවක් ලියපං!" කියලා.කවදා හරි සිංදුවක් ලියන්න ඕන කියලා හිතලා තිබුනට නදීෂාගේ උපන් දිනේට සිංදුවක් ලියන්න ඕන කියලා හාංකවිසියක් හිතලා තිබ්බේ නම් නෑ.අපේ ගෙදර උන්දෑ නදීෂාට වටින කියන භෞතික තෑගි අරන් දෙන එක හරිම අමාරු ...
රෑට ඉර පෑව්වොත් . . . .???? දුකා.. අපි මෙහෙම හිතමු, ඔබ මාව අඳුන්නේ නෑ . . . ඒත් මම උමතු වුනු ගීතයකටම ඔබත් වසඟ වෙලා . . ඒත් අපි දැකලා වත් නෑ . . ඉතිං අපි අඳුන්නේ නැති උනත් අනුන් ලියපු, අනුන් හදපු, අනුන් ගයපු ගීයක් නිසා සදාකාලික මිත්‍රයෝ වෙන්න පුලුවන්.රෑට ඉර පෑව්වොත් කොහොමට තියෙයිද?ඉස්සර අපි පුංචි කාලේ නම් අපිට රෑට ඉර පෑව්වා.ඒ බව මම මෙන්න මේ ...