සීරියස් පොඩි එවුන් තීර්ථ යාත්‍රාව අන්තිමට පෝස්ට් එකක් ලියලා තියෙන්නේ මාර්තුවල... බ්ලොගෙත් ටිකක් විතර වල් වැදිලා ගිහිල්ලා :D .අපේ අක්කගෙ පොඩි එකා අල්ලපු ගෙදර එයාගෙ වයසෙම ඉන්න පොඩි එකිත් එක්ක තරහා වෙලා. අක්කගෙ පොඩි එකානං කියන්නේ “ඒකිගෙ පන්ඩිත කම වැඩියි“ කියලා ... :D . පහුගිය අවුරුදු වල ඒ දෙන්නා එක්ක අවුරුදු උත්සව වලට ගිහිල්ලා, කිරි කෑම, බිත්තර ඇල්ලීම වගේ සෙල්ලම් වලින් දිනලත් තිබුනා. ඒත් මේ ...
බ්ලොග් කරණයේ දෙවසරක්.. 2 Years in blogging and good old days තීර්ථ යාත්‍රාව මෙම ලිපිය හොඳින්ම වලංගු වෙන්නේ පහුගිය මාසයට නැතිනං පෙබරවාරි මාසයට වුනත් ලියන්න ගත්තේ අද. :D . කාලය යන විදිහට ගෙවිලා ගිහිල්ලා මේ වෙනකොට තීර්ථ යාත්‍රාවට අවුරුදු දෙකක් පිරිලා හමාරයි.ඒක ඒ තරම් කියවන්නවත් සමරන්නවත් දෙයක් නොවුනත් කාලෙකින් බ්ලොගයේ මුකුත් ලියවෙච්චි නැති නිසා ඒ විස්තරෙත් පදනම් කරගෙන තීර්ථ යාත්‍රිකයාගේ අන්තර්ජාල ඉතිහාසයේ අත්දැකීම් ගැන පෝස්ටයක් ලියන්න හිතුනා.තීර්ථ යාත්‍රාව කියන්නේ තීර්ථ යාත්‍රිකයා ආරම්භ කරපු ...
අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා.... තීර්ථ යාත්‍රාව පරණ ,ටිකක් වයසක උදවියත් එක්ක කතාබහ කරන එක විනෝද ජනක වැඩක්.මොකද ඒ අය ගොඩක් වෙලාවට කියන්න පෙළඹෙන්නේ ඒ කාලේ ඒ උදවියක කරපු කියපුවා එහෙමත් නැතිනම් අහපුවා.මේ කතා සවන් දෙන්නාගේ සිත ඇදගන්නා සුලු විදිහට ලුණු ඇඹුල් දාලා රසවත් වෙන්න කියන්න ගොඩක් වයසක උදවිය හරි දක්ෂයි.මේ අතරේ කයිවාරු කාර වගේම ගජබින්න දිග අරින සීයලත් ඇති පදං ඉන්නවා.තීර්ථ යාත්‍රිකයත් මේ වයසක පහේ උදවිය ...
පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා !!! තීර්ථ යාත්‍රාව පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවාසඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවාසිංහ පැටව් වාගේ බුරනවාබල්ලො හඳට යන්න හදනවා........අජිත් කුමාරසිරි ගැන මුලින්ම දැක්කෙ චමිල ලියපු ලිපියකින් . හොයාගන සින්දුවක් දෙකක් අහන්නං කියල හිටියත් ඒක හිමීට අමතක වෙලා ගියා. පහුගිය දවසක ඕක ආයෙ මතක් වෙලා You Tube වල හොයද්දි සිංදු ලිස්ට් එකක්ම හම්බවුනා. ඔහුගෙ හඬ ගොරහැඩියි , බැරැන්ඩියි, සින්දුවල ගීතවත් භාවය අඩුයි රලු ගතියක් තියෙන්නේ, ...
සැබැවින්ම අප ආරක්ෂිතද? පරිගණක පද්ධති ආරක්ෂාව Are We Secured ? Computer System Security තීර්ථ යාත්‍රාව Wමිනිස්සු පරිගණකයට හුරු වුනාත් සමගම පරිගණකයට භාරදූර වැඩකටයුතු රාශියක් භාරවුනා.පරිගණක ජාල ,අන්තර්ජාලය වගේ දේවල් සමාජයේ සාමාන්‍යකරණයට ලක්වෙලා හැමෝම භාවිතාකරන මට්ටමට එද්දී මතුවෙච්චි ප්‍රධාන ගැටලුවක් තමයි පරිගණක පද්ධති වල සහ ඒවායේ අඩංගු දත්තවල ආරක්ෂාව කියන කාරනය.පරිගණක පද්ධතිවලට සහ ඒවායේ දත්තවලට ආරක්ෂාව අවශ්‍ය වුනේ විවිධාකාර පුද්ගලයන් තමන්ට අදාල නැති දේවල් වලට හොම්බ දාන්න එන නිසා. සමහරු විනෝදෙට, තවත් සමහරු විනාශකාරී චේතනාවලින්ම එහෙමත් ...
බය කිරිල්ල හෙවත් ඔපරේෂන් මල්වඩම තීර්ථ යාත්‍රාව පුංචි කාලෙ ඉඳල ටිකෙන් ටික නව යොවුන් වියට එනකොට යෞවනත්වයේ සොඳුරු බවත් එක්කම විවිධ විවිධ අත්දැකීම් ලබාගන්න අපි උත්සුක වෙනවා.ඔය අතරට ඒ කාලෙ වීර ක්‍රියා කියල හිතුනත් වැඩිහිටියෝ හඳුන්වන විදිහට නසරානි දඩබ්බර වැඩත් අයිති වෙනවා.තීර්ථ යාත්‍රිකයාට හිතෙන හැටියට නං ළමා කාලෙ මිහිරියාව හොඳට විඳපු උදවිය තමා මේ වගේ අත්දැකීම් ලබල තියෙන්නේ.තීර්ථ යාත්‍රිකයාත් ඔය වගේ වැඩ දෙක තුනකටම සහභාගි වෙලා තියනවා.ඒ ...
මම A.K.A පොත් ගුල්ලා... තීර්ථ යාත්‍රාව සාමාන්‍යයෙන් පොත් ගුල්ලා කියන්නේ පොත් අස්සෙ ඉන්න සතෙකුට ඌ කරන්නේ පොත් කන එක.මනුස්සයෙකුට පොත් ගුල්ලා කියන්නේ ඒ කෙනා පොත් කියවන්න බොහෝම ලැදියාවක් දක්වන කෙනෙක් වුනාමයි (පොත් කාවා කියලත් කියනවා).මම තුමා පොත් ගුල්ලෙක් වුනේ පුංචි කාලෙ ඉදළමයි (කෙහෙම්මල සංඥක වැදෙන්නැතිව ගියානෙ...).ඒකට මූලික අඩිතාලම දැමුවේ තීර්ථ යාත්රිකයාගෙ ආදරණීය අප්පච්චි.අම්මයි අප්පච්චියි දෙන්නම ගුරුවරු නිසාවෙන්ම අපේ ගෙදර ඉස්සර ඉදලම එක එක ජාතියේ පොත් තොගයක්ම ...
ඩයිනමික් ජීවිතේ සහ මැනස් පැකට් තීර්ථ යාත්‍රාව දෙසැම්බර් මාසේ ගෙවිලා ජනවාරිය ලබලා දවස් ගාණක් ගෙවුනට පස්සෙයි හාපුරා කියලා නව වසරේ පෝස්ට් එකක් ලියන්න සැරසෙන්නේ.කාලය හෙමින් හෙමින් ගලාගන යන අතරතුරේ අපේ ජීවිතත් ඩයිනමික් විදිහට ගලාගන යනවා.හෑයියා... ජීවිතේ ඩයිනමික්ද ? ජීවිතේ නම් ඩයිනමික් තමා , ඒකකාරී විදිහට ගෙවිල යන කලබලකාරී නැති ජීවිතයක් තියේනම් කොච්චර සෝයිද? ඒත් සමහර විට ඒ ඒකාකාරීත්වයම හැමදේම එපා කරාවි. හොදයි එහෙනම් සාම්ප්‍රදායික විදිහටම නව වසරේ ...
තවත් එක් ක්ලැසික් පොලිස් කතාවක් , ගම පෙරළන හැටි තීර්ථ යාත්‍රාව අපේ රටේ පොලීසිය වටා ගෙතිච්චි බොහෝම රසවත් කතා තොගයක්ම තියනවානේ.සමහරක් එව්වා ඇත්ත.තව සමහරක් එව්වා නම් ඉතින් ගල් පැලෙන බේගල්. ඔය අතර කොටසක් ඇත්ත සහ තාරබර එකතු වෙලා රසවත් වෙච්චි එව්වත් තියනවා. මං හිතන හැටියට නං වැඩිපුරම තියෙන්නේ එහෙම කලවං වෙච්චි කතා. ඔය මොන කතාවෙත් යම් පමණකට ඇත්තක් ඇති. අර කතාවකුත් තියෙන්නේ ගින්නක් නැතිව දුමක් නඟින්නෙ නෑ කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ නම් එක් කෙනෙක් ...
අද ඉල් පුර පසලොස්වක පොහොය දිනයයි..... තීර්ථ යාත්‍රාව වස්සාන සෘතුවේ අවසන් පුන් පොහොය දින වන අද දිනය වැදගත් සිදුවීම් රාශියකට හිමිකම් කියයි..මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීමප්රථම ධර්ම දූත මහ රහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරණය සඳහා ගමනාරම්භයචීවර මාසයේ අවසාන පොහොය දිනයසැරියුත් මහරහතන් වහන්සේගේ මාතාව ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත්වීමසැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමකෙටි සටහන ඉල් පුර පසලොස්වක් පොහොය දිනය නිමිත්තෙනි...බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඒ ශ්‍රී ...
මගේ ජංගම දුරකතන ඉතිහාසයේ සිට මෙතෙක් කතාව....... තීර්ථ යාත්‍රාව දැන් අපේ රටේ හැමෝම අතේ තියන මෙවලමක් බවට ජංගම දුරකතනය පත්වෙලා තිබුනත් මීට අවුරුදු කීපයකට කලින් නම් එහෙම වුනේ නෑ.අපි ඉස්කෝලෙ යන දවස්වල කට්ටිය 3310 වගේ ෆෝන් අරන් යනකොට එව්වා දිහා මැජික් වගේ බැලුව අපිට ඊට පස්සේ ආපු 1100 වගේ ෆෝන්වල රින්ග් ටෝන් කොම්පෝස් කරන එක මාරම මාර මැජික් එකක් වුනා.ඒ දවස්වල වීඩියෝ බලන්න පුලුවන් වර්ණ තිර, කැමරා තියන ඒ ...
TalentSoft 2010 එන්න, නරඹන්න, හෙට දින ලොව දිනනා නිපැයුම් තීර්ථ යාත්‍රාව Talentsoft මෘදුකාංග තරඟාවලිය මෙවරත් මහනුවර උසස් තාක්ෂණ ආයතනයේදී සැප්තැම්බර් 24 සහ 25 යන දින දෙකේ උදේ 9 සිට හවස 6 දක්වා පැවැත්වීමට නියමිතයි. තරඟය සංවිධානය කරනු ලබන්නේ මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංගමය විසින්.ශ්‍රී ලංකාවේ මුල් පෙළේ මෘදුකාංග සමාගම් තරඟාවලිය නිරීක්ෂණ කටයුතු සඳහා සහාභාගී වන බවයි අරංචිය නම්.තීර්ථ යාත්‍රිකයා ඒ පිළිඹඳ නම් වැඩි විස්තර දන්නේ නැහැ.ඕන කෙනෙකුට නැරඹීමට විවෘතයි. ඔන්න ...
ඇයි අපි ඔටුවොද? පොලිස් කතාවක්. තීර්ථ යාත්‍රාව අද උසස් පෙළ විභාගෙත් පටන් ගත්තානේ. කාලෙකට කලින් තීර්ථ යාත්‍රිකයත් උසස් පෙළ ලියපු හැටි මතක් වුනා.අම්මෝ බයෝ,කෙමෙස්ට්‍රි, ෆිසික්ස්, ළමයි 1000ට වැඩි හෝල් ක්ලාස්.....මතක් වෙද්දිත් ඇඟ හිරි වැටිල යනවා.උසස් පෙළ කාලෙ විඳපු මිහිරි අත්දැකීම් නැතුවමත් නෙවෙයි. ඇත්තටම ඒක අමුතුම යුගයක්. බ්ලොග් අවකාශයේ සහෘදයෝ කීප දෙනෙකුත් උසස් පෙළ ලියනවා ආරංචි හැටියට. හැම දෙනාටම සුභ පතනවා එහෙනං. උසස් පෙළ සමයෙ විඳපු ජොලි පහේ ...