කසිප්පු කෙහෙල්... අසනි මුලින්ම ඩෝන් ගාලා කතා පොඩ්ඩ දාන් නැතුන් වැදගත්ම කාරනේ කියන්නම්කෝ... අසනි බඩ අල්ලන් දෙකට නැමිලා..අනිත් ඈයෝ මගේ හිනාවට හිනා වෙන තරම් හිනා වෙන්න දන්නවා වුනාට මොකද...හිනා යන්න කතා කියන්න නම් දන් නෑ...ඒත් සමහර සිද්ධි හිතේ හිර කරන් ඉන්නම බැරි දෝහේ ඔන්න මන් හිතුවා හීනියට වගේ පෝස්ටු වල කොටලා දාන්න.."හිනා වුනා" කියලාඕන් මීට පස්සේ මේ යටතේ ...
රස්තියාදුකාර තුමා... අසනි කෙස් රොද ගෙන ජෙල් තවරා හැඩයෙන් රදනා යන එන ගැටිස්සියන් උසුලු විසුලින් පෙලනා &
ටයි මාමේ ඔබට නිවන් සුව...! අසනි ඔබ තුමා රහසේම අපෙන් සමු අරගෙන...ඇස් වලට කදුලු උනන තරම් දුකක් අපේ පුංචි හිත් වලට..දැනෙන තරම් ඔබ අපිට සමීපයි.මොකද ඔබගේ නිර්මාණ වලින් රසවත් වුනු ලාංකික දරුවෙක් නැති තරම්.පුංචි කාලේ ටියුශන් පන්තියේ ඉදන් හැල්මේ 5 ට දුවන් ආපු මන් ඒකට සාක්කි දරනවා ටයි මාමේ..ඔබ තරම් අපිව තෙරුම් ගත් කලාකරුවෙක් තවත් ඉන්නවාද කියන්න නම් මන් දන් නෑ..ඒත් ඔබ වන් කෙනෙක් ආයෙත් නොයෙන ...
කදුළු සඟවමි... අසනි නුබේ දුක සැප මගේ සිතු මට නුබත් පිටුපා ගියා නම් ලොවේ කිසිවක් තව තියේවිද වෙනස් නොම වන නියාවෙන්... නෙතින් වරුෂා ගලා යන විට නුබත් තව මා පෙලයි නම් කුමට අඩමිද තවත් මන් දුර නුබෙන් නැති තැන දයාවක්... හඳින් වැගිරෙන් කදුලු බිදුවක් නෙතග අගටම විත් නමුත් අදින් පසු මා කදුළු සඟවමි නොවටිනා බව දැන ගතිම්...ප.ලි අසනි කතාවක් කියන්න අරන් ඒක ...
නින්දාව...( පළමු කොටස ) අසනි "අශේන් චුට්ටක් මන් කියන දේ අහන්න..ඇයි ඔයාට බැරි එක සැරයක් සමාව දෙන්න, ඒ අසරණීට ඔයා ඇරෙන්න එයාට කවුරුත් නෑ අශේන්…ඒක මට වැඩිය හොදටම දන්නවනේ ළමයෝ..""මට බෑ මලිති ඒකිට සමාව දෙන්න..පරම්පරාවෙම මූනෙ දැලි ගෑව..මැරුනු අම්මා තාත්තා ගැනවත් මේකි හිතුවද..""මට තේරෙන් නෑ අශේන්..මන් දන්න එකම දේ තමයි ඔයා ඔයාගෙ ජීවිතේට ලොකු පසුතැවීමක් හදා ගන්න මේ අර අදින්නෙ..""අනේ මලිති දන් නැති මගුල් වලට ...
පින්තූරුව... අසනි එක තප්පරේකටවත් මගෙන් ඇස් අහකට නොගෙන මන් දිහාම බලන් උන්න නිසල උබ විතරයි සසල මගේ හිත ලග අවසානේදි නතර වුනේ සංසාරේ තනි රකින්න.....
අම්මාපල්ලා උඹනන් මහ හිතුවක්කාරයි...!!!! අසනි "අම්මාපල්ලා උඹනන් මහ හිතුවක්කාරයි" සත්තම් පා කියලා පුලුවනන් අපේ ඈයේක් ඉන්නවනන් මෙහෙව් පදේ නොහාපු.. ඕන් මට කියන්න ඕනා... මොකෝ අසනි මේ එහෙම කිව්වේ... නෑ අදහන්න වටිනවා අප්පා එහෙම එකෙක් මේ තුන් ලොව ඉන්නවනන්...මොකේ අසනියා ඕක අවුරුදු විසි ගානක් තිස්සේ මන්තරේ වගේ අහනවා නොවෑ... කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා ඩිංගිත්තක් දිග ලිපියක් ලියන්නයි ඕන් සුජානම..ඇත්තටම ළමයි හිතුවක්කාරද....හෝරාගේ අම්මගෙන් පේන අහනැයේ මුන්ගෙන් ...
බිත්ති කෑල්ලක තියෙනවා දැක්කා... අසනි නින්දගම් නැති...දුක් විදින පන්තියේ උරුමක්කාරයෝ වෙන අපිට, අකුරු කොරලා නැගෙන උදා හිරේ නැවුම් අරුනළු දකිනවා ඇරෙන්ට වෙන හව් හරනක් නෑහැනේ ඉතින්..කන බත් පතේ කදුළු කැට මිස බත් නොපෙනනා තරම්..හැබැයි රතට රතේ දිලිහෙන පොල් සම්බෝලේ..තරන් ඔය ලොකු බෝඩ් ලෑලි එල්ලපු KFC වල රස බත්..කටට රහ ගේන්නේ නැති තරම්..ඒ සෙනෙහසේ උනුසුම..කුරුළු කටක් වෙලා අම්මගේ අතින් අපේ කටට වැටෙන්නේ නැති නිසා වෙන්න ඕනා..පොතේ ...
මාළු දෙන්නෙක් එළොව ඇරලනේ ඕන්... අසනි සුදු ළමසාරියක් පටලෝන.. සුදු මල් වට්ටියකුත් අතින් අරන් හිමින් හිමින් පුන්චි පා පොඩි තිය තියා එක රෑනට දහම් පාසල් ගියපු හැටි මතක් වෙද්දි.. අර ආරමේ.. බෝ මළුවේ සිසිල මේ දැනුත් මගේ හදවත සිඹගෙන ගියා..අපේ යාලුවොන්ටත් මතක ඇති මයේ හිතේ.. ඔය දැන් අලි කොල්ලෝ වෙලා ඉන්න ඈයෝ.. අම්මට කියලා සරන් කොටේ ඇදන් ගිය අපූරුවයි,ළමසාරි පොඩිය අමාරුවෙන් ඇදන් ගියපු අරුමෙයි....බලන් එපෑ ඒ ...
පිරිත් යාතිකා එක කුටියෙන් ඇසුනි මට... අසනි ආදරය, ජීවිතේ ගැන අපි කතා කරද්දි..ඔය ලගින්ම ඈද ගෙන කතා කරන්න දෙයක්නේ.. ජාති, ආගම්, කුල, මල කියන්නේ..කොයි තරම් දුරට මේ දේවල් වල යාතාර්තයක් තියෙනවද කියන එක උත්තර දෙන්න බැරි ගැටලුවක්..කොයි තරන් නම් ආදර කතා ඔය හේතූ නිසාම උපන් ගෙයිම මියදෙන්න ඇද්ද.. දවසක් පුංචි කෙල්ලෙක් ජීවිතේ හොයන් යන අතර තුරේ..ලස්සන සෙනෙහෙබර පවුලක් මුන ගැහුනා.. ඒ ගැනයි, මේ අටුවාටිකා ටිප්පනි එක්ක ඇරඹුමක් ...
අපොච්චියේ !!!! කාටුමක් කරපු හදියක්... අසනි අද අසනි උදේම නැගිට්ටේ වැදගත් ලිපියක් ලියනවා කියන බලාපොරොත්තුවත් එක්ක..මොකද කට්ටියම දන්නවනේ නිල නොලත් රස්තියාදු කාර සංගමේ සභාපතිනි හැටියට මේ දවස් වල වැඩක් පලක් නෑ කියලා..මේක තමා එකම රස්සාව..මේකවත් තිබ්බ හින්දා හොදයි.. නැත්තන් විස්සවිද්යාලේ වහලා තියෙන විදියට මට දෙයියන්පා පිස්සු හැදෙනවා.. ඒ ගැන පස්සේ කතා කරමුකෝ..කොහොමින් කොහොම හරි උදේ නැගිට්ටාම කියමුකෝ..මූන සෝදන් ඇවිත් බ්ලොගයන් දෙකකට ...
නික්ම යමි... අසනි කදුලු වලටබොද වෙලා යන මගේ සිහින පොදි බැදගෙනඅවසරයි,මට නුබෙන් අදනික්ම යන්නටඅකාලයේ පිපි මලක් විලසමපර වෙලා යමිඔබට රහසෙම...
අපිට මොනවද කරන්න පුලුවන්... අසනි මේ ලිපිය ලිවීමට පෙර ඊයේ දින තුල අසනිගේ ලිපි කියවීමේදි, යම් අපහසුතාවයකට එක් මිතුරෙකුට හෝ මුහුන දීමට සිදු වුවේ නම්, එයට අසනි බෙහෙවින් කණගාටු වන බව දන්වන්නට කැමැත්තෙමි.. (මහ බ්ලොග් කාරියක් නොවුවත්, එම පැය කීපය තුල එක් මිතුරෙකෙකුවත් මෙම තාක්ෂනික අපහසුතාවයට මූන දෙන්නට ඇතැයි සිතා මෙසේ සටහනක් තබමි..)එහෙමනම්, අද ලිපියට යමුද අපේ යාලුවනේ....මගේ යාලුවනේ ඔයාලා ඔයාලට මේ පුංචි කාලය තුල ...
අසනි ආයෙත් ඇවිදින්... අසනි දුරස් වී ගී කාලය නිම වී නැවත ඇවිදින් බැලු කල් නුබ පෙනෙන්නට නෑ වාගෙයි දුර ගිහින්වද නොදැනෙයි...ආයෙත් අසනි වැස්සේ තෙමෙන්න ආරධනා කරනවා හිතාදර යාලුවෝ හැමෝන්ටම.. කාලයේ වැලි තලාවේ වැළලිලා නොගිය ඔය ගොල්ලන්ගේ ආදරේ හොයාගෙන නෑවිදින් ඉන්න අසනිට බැරි වුනා..ආයෙත් අපි ලියමු... ඒ දේවල් කතා කරමු.. අපි අපි වෙනුවෙන් සතුට සොයගෙන යමු..ප.ලිඅසනි ලියන්න ආවේ නැත්තේ ඇයි කියලා හොයපු යලූවෝ හැමෝන්ටම ...
මෙව්වා පුංචි පුංචි මජාස් කෑලි... අසනි වැඩ ගොඩ අස්සේ තකහනියේ ආවේ මේ පැත්තේ, බ්ලොගේ හූල්ලනවා බලන් ඉන්ට බැරුවමයි..නිවාඩු තිබිලත් බෑ නැතුවත් බෑ අප්පා..හරි හරි ඒකෙන් මේකෙන් කමන් නෑ කතාවට බහිමු.. කතාව කිව්වට කතාවක් නෑ අනේ...අපේ කට්ටිය දන්නවනේ.. දුකට සැපට දෙකටම සෙට් වෙන අපේ ලගම හිතවතානේ ජංගමේ.. ඕකට ඉතින් වයිරස් වගේ බෝ විච්ච උනක්නේ මේ "පුංචි පුංචි මැසේජ් කෑලි යවන එක".මේ ඒ වගේ මට ...
මවගේ අපේක්ෂා මායිම් නොකළ හෙළ සිරිත හෙලා දකිමි…!!! අසනි අම්මෝ කාලෙකට පස්සේ තමයි මේ බ්ලොගේ පැත්තේ අව්දින් පෝස්ටුවක් කොටන්න තනන්නේ..වැඩ වැඩ කිව්වම නිමක් නැති වැඩ කන්දරාවකට තමයි පැටලිලා උන්නේ..ලැබුණු පුංචි ඉස්පාසුවේ තමයි මේ ලිපිය කොටන්නේ..ඕන් ඉතින් ආයේ දිගටම ලියන්න තමා මේ ඇරඹුම.. වැඩි කයි කතාන්දර මොටද කියලා කතාවට බහිමුකෝ..ටිකක් අනුවේදණීය හෙළ සිරිතක්ද මන්ද මේ අසනියා හෙලා දකින්න යන්නේ..දෙයියන්පල්ලා හිතේ ආවේගෙටමයි මේ ලියන්නේ ඕන්..අපේ යාලුවන්ට මන් අමුතුවෙන් කියන්න ඕන් නෑනේ… ...
පොඩි නම බවලතාව උස්සගෙන ඇවිත්... අසනි අරක් ගෙන සිටින භුතයන් සියලු දෙනාගෙන් අවසර....!!!(පසුබිමෙන් උගුර පාදන හඩක් ඇසේ)මකුළු දැලින් ස්වංපෝශිතව සියළු පෙරේත කුම්භාන්ඩයන්ගෙන් අරක්ගෙන ඇති මගේ බ්ලොගේ ආයෙත් ලියන්නයි ඕන් සූජානම...කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරි තරම් අසනිගෙ හිත අපිළිවෙල වෙලා.. බය වෙන්න එපා අනෙ ඔයැයිලා.. අතුරු ආන්තරාවක් නෙමේ.. වැඩ අයියෝ.. (කියහල්ලා පුළුවන්නම් කට උඩට එනකන් හිටියම ඔහොම තමයි කියලා)..වැල්වටාරම් මොටද අනේ...කතාවට බහිමුකෝ...තේමා ගීතයක් වාදනය නොකරම ...
එකා වගේ රාමලාන් සද බලමුද...? අසනි ජර මර ගොඩක් අස්සේ..මේ පැත්තේ දුවන් ආවේ..හනි හනිකට අපේම අපේ පාතීමාලට.. හුසේන්ලට.. අහමඩ්ලට.. "ඉද් මුබාරක්" කියන්න...මෙහෙම සුබ පතන්න කියලා මේ කෙල්ලට කියලා දුන්නේ මීට අවුරුදු දෙකකට විතර එපිටහින් අදරණියයෙක්... කිව්වා හරිද මන්දා ඕන්... දන්න හරුපෙන් කිව්වොත් "අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අසනිගෙන් රාමසාන් සුබ පැතුම් ඕන් ඔන්න ඈ..."හෙට කටට කෙළ උනන කෑම හම්බෙයි යන බලාපොරොත්තුවෙන් තමා මේ ඉන්නේ.. මිරිස් දාපු මුරුක්කු.. ...