ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි. අපේ අහස මීට පෙර පළ කරපු ලිපියේ සදහන් කළා මගියෙක් කොහොමද ගුවන් තොටුපළට ඇතුළු වෙලා ගුවන් යානයකට ගොඩ වෙලා ගමන් කරන්නේ කියලා. අද මේ ලිපියෙන් බලමු විදේශයක සිට පැමිණෙන මගියෙක් ගුවන් තොටුපලෙන් පිට වෙන්නේ කොහොම ද කියලා. ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන තෙක් මදක් ගුවන් යානයේ රැඳී ...
“ගුවන්සර“ වෙබ් අඩවිය අද දියත් කෙරේ! අපේ අහස මෙතෙක් කාලයක් ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳව සිංහල භාෂාවෙන් තොරතුරු සොයා බැලීමට මාධ්‍යක් නොතීබු අතර ඒ අඩුව පුරවාලමින් “ගුවන්සර“ සඟරාව එළි දැක්වීමට හැකියාව ලැබුණා. එයට ඉමහත් ප්‍රතිචාර ලැබුණ අතර එය පාසැල් දරුවන් අතර ඉතා ජනප්‍රිය විය. මීට සමගාමීව පාසැල් වල ගුවන් සේවා සමාජ පිහිටු වීමටද කටයුතු කළ අතර එය ද වඩාත් ජනප්‍රිය විය. මේ සේවය දැන් වඩාත් ඉහළ අඩියකට ගෙන ...
ටිකට් නැතිව වීසා නැතිව ප්ලේන් එකේ යන්න එන්න අපේ අහස මෙහෙම කිව්වම හිතනව ඇති පිස්සු තද වෙලා ඇති කියලා. නෑ ඇත්තටම මේක පොඩි ආරාධනාවක්. ඔය කට්ටිය දන්නවානේ මේ සැරේ දැයට කිරුළ ප්‍රදර්ශණය තියෙන්නෙ බුත්තල. ඒකෙ තියෙනවා අපේ ප්‍රදර්ශන කුටියක්. ඒ කියන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රදර්ශණ කුටිය. මේ සැරේ අපි කල්පනා කළා ඔබට නවමු අත්දැකීමක් දෙන්න. මේ වෙනුවෙන් අපි විශේෂ ප්‍රදර්ශණ කුටියක් සකස් කළා. ඇත්තටම මේක ගුවන් යානයක්. සාමාන්‍ය ...
ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි අපේ අහස අදට වසරයි කියන පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා.දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම. මේ ගුවන් ටිකට් පත් ...
ගුවන්සර තෙවන නිකුතුව අපේ අහස මා මීට පෙරත් සඳහන් කළා අපේ රටේ ගුවන් සේවා දැනුම අතින් දුර්වලයි කියලා. ඉතින් මේ තත්වයට විසඳුමක් ලෙස “ගුවන්සර“ ලෙස සඟරාවක් සිංහලෙන් එළි දක්වන බව දන්නවනෙ. මේ සගරාවෙ තුන්වන කලාපය දැන් නිකුත් වී තිබෙනවා. මේ පහළ තිබෙන ඡායාරූපයේ තියෙන්නෙ මෙවර කලාපයේ ඇතුළත් වන දේ.මෙම සඟරාවේ මුල් කලාප දෙකම අපේ රටේ සියළුම ජාතික පාසැල් වලට දැනටමත් යවා අවසන්. තුන්වන කලාපය එසේ යැවීමට ...
අපේ නිල් අහස සුරක්ෂිතයි....... ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා විගණනය - 2010 අපේ අහස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයෙහි ජාත්‍යන්තර ප්රමිතීන් ක්‍රියාත්මක කිරීමේ මට්ටම සහ සම්බන්ධයෙන් නිරුපද්‍රිතතා සුපිරික්සුම් සිදුකිරීමේ හැකියාව පිළිබඳ විගණනයක් පසුගිය ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 04 දක්වා සිදු කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාව ඉහත කර්තව්‍යන් ඉටු කිරීමේ ක්රියාවලියෙහි ප්රමුඛස්ථානයක ඇති බව තහවුරු විය. ඉහත විගණන ක්‍රියාවලිය හා එහි පසුබිම පිළිබඳව සටහනකි මේ. මෙම ලිපිය “ගුවන්සර“ 3 වන ...
අදට වසරයි අපේ අහස මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘අපේ අහස‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්.“බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් ...
ධාවන පථයේ රබර් ඉවත් කිරීම Runway Rubber Removal අපේ අහස ගුවන් යානා ඉහළට නැංවීම සහ ගොඩබැස්සවීම සඳහා භාවිතා කරන ධාවන පථ (Runways)කොන්ක්‍රීට් වලින් හෝ “ඇස්ෆාල්ට්“ (Asphalt) වලින් සකස් කිරීම සිදු කරනවා. අපේ ධාවන පථය ගත හොත් එය “ඇස්ෆාල්ට්“ වලින් සකසන ලද එකක්. ඇත්තටම ඇස්ෆාල්ට්-කොන්ක්‍රීට් මිශ්‍රණයක් තමයි තියෙන්නෙ. මේ භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද කියලා තීරණය කරන්න බොහෝ දේවල් භාවිතා කරනවා. ධාවන පථය පිහිටන ස්ථානයේ දේශගුණය, කාලගුණය, උෂ්ණත්වය, පසේ ස්වභාවය, ගොඩ බැස්සවීමට ...
ලංකාවේ ප්‍රථම ගුවන් ප්‍රදර්ශණය First Air Show in Ceylon (Sri Lanka) අපේ අහස ඔය කට්ටිය අහලා ඇති ලෝකයේ විවිධ රටවල ගුවන් ප්‍රදර්ශණ (Air Shows) පවත්වනවා. මම කියන්නේ ගුවන් සංදර්ශණ නෙමෙයි. ගුවන් යානා ක්ෂේත්රයේ නව නිෂ්පාදන ආදිය පාරිභෝගිකයින්ට හඳුන්වාදීම තමයි මේවායේ අරමුණ වන්නේ. මේ ළඟඳි චීනයේත් මේ වගේ ප්‍රදර්ශණයක් තිබුණා. නමුත් ලංකාවේ අපිට නම් මේක එච්චර පළපුරුදු දෙයක් නොවේ. මොකද කොච්චර ප්‍රදර්ශණ තිබුණත් ගුවන් ප්‍රදර්ශණ වගේ දේවල් තියන්නෙ නැහැනෙ. නමුත් 1911 වගේ ඈත අතීතයේ දී ...
බැලූන් යැවීම - Ballooning අපේ අහස ඔය කට්ටිය දැකලා ඇතිනෙ සමහර විට ලංකාවෙ පළාත්වල විශාල පාට පාට බැලූන් යනවා. ඒවායේ මිනිස්සුත් නැගලා යනවා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ බැලූන් මෙහෙයුම් ගැන. මේවා හඳුන්වන්නේ “උණු වායු බැලූන්“ (Hot Air Balloons) ලෙස. හේතුව තමයි මේවා ඉහළට යන්න උපයෝගී කර ගන්නේ උණුසුම් වූ වාතය. ඔය කට්ටියට මතක ඇතිනේ අර පොඩි පංති වල විද්‍යාව පාඩමේ ඉගැන්නුවේ රත්වූ ...
ධාවන පථ නම් කිරීම - Runway Designation අපේ අහස ඔය උඩින් තියෙන පින්තූර තුනෙන් පළමු එක කටුනායක ගුවන් ධාවන පථයේ චන්ද්‍රිකා ඡායාරූපයක්. ඊළඟට තියෙන දෙක ධාවන පථයේ අන්ත දෙක. (මේක ගත්තෙ Google Earth වලින්)දැන් අපි අද කියන්න යන දේ බලමු. සමහර විට ඔයගොල්ලන් දැකලත් ඇති (නැතිනම් Google Earth වලට ගිහින් බලන්න) ගුවන් ධාවන පථයේ දෙපස අංක දෙකක් යොදලා තියෙනවා. අපේ කටුනායක ධාවන පථයේ (Runway) මේක 04 හා ...
Bird Strike අපේ අහස මේ මාතෘකාව දැකපු ගමන් මේ පැත්තට එන්න ඇති කුරුල්ලොත් “ස්ට්‍රයික්“ කරනවද කියලා. ඇත්තටම මම අද කියන්න යන්නේ කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා සිදු වනදේ ගැන කථා කරන්න. මේක Bird Strike ලෙස හඳුන්වනවා. කුරුල්ලන් ගුවන් යානා වල වැදීම නිසා බොහෝ ගුවන් අනතුරු සිදු වෙනවා. ඉතින් මේ නිසා මේක ඉතාම වැදගත් දෙයක්. අපේ ගුවන් තොටුපළවල ආශ්‍රිතව එතරම් කුරුල්ලන් නොහිටියාට ...
ඉන්ධන හෙළීම Fuel Dumping අපේ අහස ගුවන් යානයක් ඉහළ නැගීමට (Takeoff) වගේම ගොඩබැස්සවීමටත් (Landing) යම් අනුමත බරක් තිබෙනවා. ගුවන් ගත වීමට අදාළ බර හඳුන්වන්නේ Maximum Takeoff weight (MTOW) කියලා. ඒවගේම ගොඩබැස්ස වීමට අදළ බර හඳුන්වන්නේ Maximum Landing Weight ( MLW) කියලා. මේ දෙකෙන් ගුවන් ගත වීමේ බර ගොඩබැස්ස වීමේ බරට වඩා වැඩියි. එහෙමත් නැති නම් ගොඩබැස්සවීමේ දී අඩු බරක් තිබිය යුතුයි. ගුවන් යානයක ඉන්ධන ...
සිවිල් ගුවන්යානා අනතුරු විමර්ශනය - Civil Aircraft Accident Investigation අපේ අහස අද මම කියන්න යන්නේ ගුවන් යානා අනතුරු විමර්ශණය ගැන කියලා මාතෘකාව දැක්කම පේනවානේ. හැබැයි මේ සටහන මම උපුටා ගත්තේ ගුවන් යානා අනතුරු විමර්ශණ නිලධාරී (Aircraft Accident Investigation Officer) විසින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා සකස් කරන ලද ලිපියකිනුයි. ඒ සඳහා ඇයට ස්තුතිවන්ත විය යුතුයි. ශ්‍රී ලංකාව තුල සිවිල් ගුවන්සේවාවෙහි නිරූපද්‍රිතතාව හා සුරක්ෂිතතාව (Safety and Security) ප්‍රවර්ධනයට බැඳී සිටින ආයතනය ...
අපි ගුවනට නැගුණ හැටි - The Way we "Taken off" අපේ අහස රාවණාගේ යුගයේදී ලංකාවේ ගුවන ජයගත් බවට පුරාවෘත සහ යම් යම් සාක්ෂි තිබුණත් 1903 දී ඇමරිකාවේ දී ගුවන් යානය සොයා ගැනීමත් සමග ආරම්භ වන යුගයේ දී ලාංකික ගුවන් ක්ෂේත්රයේ පිබිදීම පිළිබද සාක්ෂි සහ වාර්තා තිබේ. එනම් ගුවන් යානය සොයා ගැනීමෙන් දශකයකට පසුව ලාංකීය ගුවන පිබිදීම ආරම්භ විය. මුලින්ම 1911 කොලින් බ්‍රව්න් (Colin Browne ) නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් බ්ලැරියට් ...
සේපාල ඒකනායක - Sepala Ekanayake අපේ අහස ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් ...
"ගුවන්සර" - දෙවන කළාපය - "Guwansara" - Second Issue අපේ අහස මීට පෙර මා සඳහන් කළා දැයේ දරුවන්ගේ ගුවන් සේවා දැනුම වර්ධනය කිරීම උදෙසා "ගුවන්සර" නමින් සිංහල භාෂාවෙන් සඟරාවක් ආරම්භ කළ බව. ඉතිං දැන් එහි දෙවන කළාපය නිකුත් වී තිබෙනවා. පහත දැක්වෙන්නෙ එහි මුල් පිටුව. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා පිළිබඳ තොරතුරු මෙහි අඩංගු වෙනවා. මේක සිංහල භාෂාවෙන් ගුවන් සේවා ක්ෂේත්රය සම්බන්ධව පළවන සඟරාව. මෙය ලබා ගන්න අවශ්‍ය අය සිටී නම් කොල්ලුපිටිය, ගාලු ...
මැදිරි සහායකයින් අපේ අහස මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන. මේක ගැන ලියන්න කියලා පසුගිය Post එකට ප්‍රතිචාරයකුත් තිබුණානෙ. ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් ...
ගුවන් යානයේ මගීන් - Passengers of an Airplane අපේ අහස ගුවන් යානයක ගමන් ගන්නා මගීන් විවිධාකාරයි. සමහර විට ඔහු හෝ ඇය සාමාන්‍ය පුද්ගලයෙක් විය හැකියි. තවත් විටක ආබාධිතයෙක් විය හැකියි. නැතිනම් කුඩා දරුවෙක් විය හැකියි. එසේත් නැතිනම් විශේෂ අවධානයකට ලක්විය යුතු පුද්ගලයෙක් විය හැක. ඒවගේම සමහර මගීන් ප්‍රථම වතාවට ගුවනින් යන්නන් විය හැකියි. මේ කොයි ආකාරයේ මගියෙකු වුවද ඒ සැමට තමන්ගේ අවශ්‍යතාවය ඉටුවන ආකාරය අනුව සේවා සැපයීම ගුවන් සමාගමේ වගකීමක්. ...
"අයිජැෆ්ජලාජොකුල්" ගිනි කන්ඳේ අළු - Ash of the Eyjafjallajokull Volcano අපේ අහස දැනටම ඔබ දන්නවා ඇතිනෙ අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරලා ඒකෙ අළු යුරෝපය පුරාම විසිරිලා කියලා. මේ සිද්ධිය නිසා බොහෝ අකර්මන්‍ය තත්වයට පත් වුනේ ගුවන් සේවා ක්ෂේත්රය. දැනට දින 07 ක් පමණ කාලයක් යුරෝපයේ බොහෝ ගුවන් තොටුපළවල් වසා දමා ගුවන් යානා මෙහෙයුම් නවත්වා තිබෙනවා. මේකට හේතු වෙලා තියෙන්නෙ අර අළු වළාව. දැනට ගුවන් ගමන් වාර 5000 කට වඩා අවලංගු කර තිබෙනවා. දැනට ...