106.Right Place, Right Time… අකුරු Wrong Place, Wrong Time… ස්වභාවික විපතකින් අනතුරට පත්වූවෙකුගේ ඉරණම ගැන හිතහදාගන්නට ඊට වඩා සාධාරණ යෙදුමක් මට කල්පනා වෙන්නේ නැහැ…. ගතවෙන්නේ වැරදි මොහොතේ වැරදි තැනක ඉන්නට අවාසනාවන්ත වුනු මහා හුඟක් දෙනාගැන ලෝකයේ හැම කොනකම ප්රවෘත්ති උතුරා යන දිනයක්… ස්වභාවික විපතක පැටලෙන ඡායාරූප ශිල්පියෙකුට නම් මෙය හාත්පසින්ම වෙනස් අත්දැකීමක්… Right Place, Right Time… එතැන් පටන් ඔහුට ඇත්තේ කඳුළු දිස්නය දෙන්නට ආලෝකය ඇල්ලීම… ...
117. සඳක් හොරෙන් අරන් ගියා අකුරු නෙතක් කඳුළු ඉතිර ගියාසිතක් පිරුණු සුසුම් තියාමිටක් සරින් හරින නියාසඳක් හොරෙන් අරන් ගියා...ඉඳුනිල් මිණි දෑස පියාසුකුමල මුව කමල වසාකෙළිලොල් කිරිකවඩි සිනාසිතුවම් මතකයක් කළා...ලොවක් නිවන ඇසිල්ලකින්වසන්තයක් අරන් ඇවිත්කවක් ලියන්නටත් කලින්රැයක් පහන් වෙලා ගිහින්...සහස් සුසුම් පවන් රැලීනැලැවිලි ගී ගයනු ඇතීසමනල් සිහිනෙක පේවීසුවෙන් නිදන් සඳ සාවී...ඉවරයක් නැතුව ආදරය කරන්න කොච්චර කාලයක් ගතවෙයිද? ඉවරයක් නැති කාලයක් ගතවෙයි කියලයි මම හිතාගෙන හිටියේ... ඒත් අසුරක් ගසන ...
116. නිකිණි මේඝයට සනෙහසිනි අකුරු කවි නොලියු කවියාට ලියා තබමි ලිපියට පිළිතුරකි...නිකිණි මේඝයට සනෙහසිනි,සියළු වැරදි වලට මා වැරදිකරු කරමින්, බොහෝ දෑ මඟ හැර නුඹ ලියාතැබූ ලිපිය ලදිමි... වසන්තයන් දෙකක් ගතවෙන්නටත් මත්තෙන් නුඹට මඟහැරී ඇතිදේ බොහෝ හෙයින් ඉතිරිය අමතක වෙන්නට පෙර ලියා තබමි...ඒ අප බාහිර ලෝකයෙන් වසන්ව එකිනෙකාගේ ඇස් කාච තුළට අනායාසයෙන් රිංගාගෙන ආයාසයෙන් ජීවත් වූ සමයයි... හරි හැටි නමක් නොදන්නා අඩුවක් ගැන මම නිතර මැසිවිලි ...
115. හාදුවක්... අකුරු ඉසා උන්තැනම ගල් ගැහුණා... දෙපා අප්‍රාණික වෙද්දී කොසු මිටට වාරුවුණු ඇය බිමට නැඹුරුවෙලා ආයෙත් ඒක දිහා බැලුවා... මේ පාර හොඳ කල්පනාවෙන්... ඇයට වැරදිලා තිවුනේ නැහැ..."දෙවියනේ හාදුවක්...!"ඒත් එක්කම ඇය අතින් කට තදකරගෙන වටපිට බැලුවේ තමන් කියපු දේ අවට කාට හෝ ඇහුනදෝ කියන බියෙන්... නිදහස් ස්මාරකයේ රටාවකට හිටවුනු කොන්ක්‍රීට් කණු එකිනෙකාට මුවා වුනේ අනේ අපි ඕවට නෑ කියන්න වගේ... ඒවායේ කොටලා තියෙන ...
109. උමතු මැහැල්ල… අකුරු වසර ගණනකින් තීන්ත පුසුඹක් නොවිඳ මළගිය බිත්තිද, එකිනෙකා පරයා ඉහළට නැගෙන්නට පොරබදින තෘණ ශාඛයන්ගෙන් හැඩිවූ මිදුලක්ද සහිත ඒ අඳුරු නිවස, පාරේ යන එන්නන් හැඳින්වූයේ “හොල්මන් ගෙදර” නමිනි… ඊට සුදුසු නම එයම විය… හොල්මන් ගෙදර පසුකර යන එන්නන්ගෙන් කෙනෙකු අහම්බෙන් හෝ ඒ දෙස බැලුවහොත්, අඳුරු බැල්කනියේ සිට තමා දෙස ඇසිපිය නොහෙළා බලාසිටින ඇස් දෙකක් දකියි…වහා ඉවත බලාගෙන කඩිනමින් ඒ නිවස පසුකර ...
101. කෝපි මතක… අකුරු කැෆේ කොෆී ඩේ කියන්නේ කෝපි එකක් හිස්වෙන පමාවට, දෙන්නෙක්ගේ අනාගතය අලුතෙන් ලියන්න පුළුවන් මායාකාරී කෝපි හලක්… ඇය හිටියේ බීන් බෑග් සෝෆාවක ගිලිලා, මගේ පැත්තට නැඹුරුවෙලා…ඇපල් සෝඩා වීදුරුවේ බිත්තියෙන් ගිලිහිලා ඉහළට ඇදෙන මුරණ්ඩු පෙන බුබුළු දිහා බලාගෙන… මම, ඒ පසෙකින් බිත්තියටම සවිකරපු සිමෙන්ති ආසනයක සැහැල්ලුවෙන් දිගෑදිලා… “නොගැලපෙන දේ ගොඩයි…!” ඇය කියන්නේ විවෘතව, මගේ ඇස් දිහා බලාගෙන… “මොනවද ඒ..?” මම අහන්නේ ...
107. වෙසක් මංගල්ලයක්... අකුරු නොරට තනිකඩ සඳළුතලයකපැඟිරි සුවඳක් ඉහෙනවා...පිරුණු සඳවත වලා අතරින්සඳළුතලයට එබෙනවා...කිමද අද මේ පුදුම එළියක්සඳවතෙන් මම අහනවා..."සිහි මදිද? අද වෙසක් පෝදින"ඇයත් ඔච්චම් කරනවා...ගමේ හැමතැන වෙසක් කොහොමද?"හොඳයි..! දන්සැල කරනවා...""මෙදාපාරත් කවි බණක් හෙම පන්සලේ අද තියෙනවා..."බණ අහන්නට ඇයත් එන්නැති?සඳවතෙන් මම අහනවා..."ඇවිත් හිටියද කොහෙද වෙන්නැති..."සඳ නෝක්කඩු කියනවා...නංගිලත් එක්කලා එන්නැති?නැවත මීවිත පිරෙනවා...පිළිතුරක් දෙන්නැතුව සඳවතවළාකුළකින් වැහෙනවා...පිංතූරය ගත්තේ @clarebear6t3 ...
114. කැප්ටන් කලමාරිගේ වීර ක්‍රියා අකුරු කැප්ටන් කලමාරිගේ වීර ක්‍රියා…!හලෝ කැප්ටන් කලමාරි… කොහොමද වාස දේසේ…වස්තුවක් හොයනවැයි..? තියෙන්නෙ කොයි දේසේ…දිලිසෙන මාලු නයිදෙගේ කොරල නම් ඉස්තරම්…ඒත් ඌ වටින්නෑ පැන්සයක් තරම්…මූහුදු ලිහිනියා සිංදු කිය කියා නටයි…හොටය ලස්සනයි ඒත් වටින්නැති හැඩයි…තාරකා මාලුවාගේ නැටුමකුත් බලමු...වස්තුවක් නෑ උගෙන් පාරවත් අහමු… ඉර එලියේ දිලිසෙනා ඉබි නයිදෙගේ කටුව...තේරුමක් නෑ අපි හොයන දේ නැතුව… පී-ක-බූ බෙල්ලා ලඟත් වස්තුවක් නැද්ද..?නෑ වගෙයි අපි යනවා නොකර වැඩි ...
112. අත අතනෑර... අකුරු සහසක් සක්වල,සුවහස් සෙනෙහස...සුරතට ගෙන එක මිටක හොවා...අත අතනෑර, සිහින දරාගෙනනිදන් දියණියේ තුරුළු වෙලා...තරුමල් ඉහිරුණු,අහස් වියන යට...සඳදිය මුමුණන ගීය අසා...අත අතනෑර, සිහින දරාගෙනනිදන් දියණියේ තුරුළු වෙලා...සසරක වෙහෙසක්,අසුරක සනහන...සුරඟන සිනහව දෙතොල අරා...අත අතනෑර, සිහින දරාගෙනනිදන් දියණියේ තුරුළු වෙලා.කවදා, කොතැනක,කෙලෙසක හෝ නුඹ...සියළු පැතුම් ඉටුකරන තුරා...අත අතනෑර, සිහින දරාගෙනනිදන් දියණියේ තුරුළු වෙලා...ප.ලි.- සිඟිති දියණිය මා තුරුළේ නිදද්දී, මගේ ජංගම දුරකථනයේ සටහන් වුන ඡායාරූපයකට කවියක් ...
124. සැගවුණ සිතුම් අකුරු පින්තූරය : ගත්තේ මෙතැනින් තෙමුණ පාරක, අඳුරු හවසකකහඉරක් නොපෙනෙනා මානෙකපාර පැන්නා, දෑත් පටලන්අදත් ඉඳහිට මතක් වෙනවලුඋඹ නොදැක්කට, මම නොකිව්වටකෝපි කඩයක වීදුරුව මතඇඳුනු සෙවනැලි රටා අතරටඇවිදයන හරිපොඩි ඇසිල්ලකඋඹේ රූපෙයි, මගේ රූපෙයිකලුවරෙත් හරි හැඩට පෙනුණලුපාර පැනලත් හුඟක් දුරකටඋඹ මගේ අත ඇරිය නැති එකහිතලා කෙරුවද, නොදැන කෙරුනදඑතැන ගහ උඩ කුරුලු යුවළක්හවස් වෙනකල් වාද කෙරුවලුඅදත් ඒ මඟ එදා වාගෙමවහිනවත් ඇති, තෙමෙනවත් ඇතිඅතින් අල්ලන්, සිතුම් ...
19. තවත් එක් වෛද්‍යවරයෙක් | Just another Doctor අකුරු මේ කතාව මට මතක් වුණේ නවම් මාවතේ පළවී තියෙන “හෘදසාක්ෂියක් නැති මිනිසා” කියන පෝස්ට් එක සහ එහි ප්‍රතිචාර කියවද්දී... ඒ පොස්ට් එකට ප්‍රතිචාරයක් විදියට ලියන්න පටන් ගත්තත්, ලියාගෙන ලියාගෙන යද්දි ප්‍රතිචාරයකට වඩා විශාල වුණු නිසා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දාන්න හිතුණා... ඒ පෝස්ට් එක මඟ ඇරුණ කෙනෙකුට මෙතනින් කියවන්න පුළුවන්…නවම් කියලා තියෙන වෛද්‍යවරයා වැඩිපුර ගත්ත මුදල රිෆන්ඩ් නොකළ ...
11. කොචින් දුම්රියේ සාත්තරකාරයා | Fortune Teller in the Cochin Express අකුරු "ඔන්න ඉන්දියන්කාරයෙකුයි පකිස්ථාන්කරයෙකුයි අසල්වැසියෝ..."කථා මැසිමක් වන අරූන් එකක් ඉවරවන විට තව එකක් ලෙස කථාවක් පටන්ගන්නේ දුම්රියේ එකිනෙකට මුහුණලා ඇති ආසන දෙකෙහිම වාඩිවී සිටිනා මගීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමින්..."දවසක් උඹලගේ එකාගේ කිකිළි ගිහිල්ලා අපේ එකාගේ වත්තේ බිත්තරයක් දැම්මා... දැන් දෙන්නම බිත්තරේ අයිති කරගන්න රංඩු වෙනවා...” කියන්නට යන කතාවෙන් සුපුරුදු පරිදිම තමන්ට අපහාසයක් වෙන බව දන්න වස්ති හූමිටි නොතියාම අහගෙන ඉන්නවා..."අපේ ...
9. දස වසක් ඇවෑමෙන්..? | Ten Years Since Then... අකුරු සෙනසුරාදාට දාන්නම් කියලා හිතාගෙන පුංචි කතාවක් ලියන්න පටන් ගත්තත් රාජකාරි ස්ථානයේ වැඩ හින්දා ඉවර කරගන්න බැරිවුණා... ඒත් සති අන්තය වෙද්දි මොනවා හරි දාන්න ඕනේ කියලා හිතෙන්නේ මේකට මම ඇබ්බැහි වේගන එන නිසාද කියලත් වෙලාවකට හිතෙනවා...මම කලින් කිව්වා වගේ වෘත්තීමය පැත්තෙන් හුස්මක් ගන්න ඉස්පාසුවක් නැති දවස් කීපයක්... අම්මා කෙනෙකුට බබෙක් හදන්න මාස දහයක් යනවනම් අම්මලා දහදෙනෙක් එකතු කරලා එක මාසෙන් බබෙක් ...
122. හදවත් සැත්කම අකුරු පිංතූරය ගත්තේ duniamagda“ෂ්..ෂ්.. මේ… ඔව් ඔයාට තමයි කතාකලේ… කියන්නම් මම කතාවක්… අහන් ඉන්නවද ඉවර වෙනකල්…? ““හැබැයි ඔයා එක උදව්වක් කරන්න ඕනේ ඔන්න… කතාව කියද්දි මට හුස්ම ගන්න අමතක උනොත් ඔයා මට මතක් කරන්න ඕනේ හොඳද..? මොකද මම හදවත් රෝගියෙක්… නෑ රෝගියෙක්ම නෙමෙයි… හදවත් සැත්කමකට මූණ දුන්න කෙනෙක් කියමුකෝ… ඉතින් මට අවවාද කරලා තියෙන්නේ හුස්ම නොගෙන ඉන්න හොඳ නෑ කියලා… හදවත් ...
97. පතිනි අකුරු “අපෝ කෙලින් කපන්න එපා… බෝරිං නේ..? හැඩයක් හිටින්න කපන්න..!” “හැඩයක්..!?” “ඔව්..මෙහෙම මෙහෙම…” මැදඟිල්ලත් දබරැඟිල්ලත් විහිදාගත් නිත්‍යා අභිනයෙන් දක්වමින් පැවසීය… “කෙලින් කැපුවාම කොහොමද බෝරිං වෙන්නේ…?” හැඩකරමින් සිටි සැරසිල්ලෙන් පිහිය ඉවතට ගත් ඇගේ අවිවාහක නැඟණිය සෞම්‍යා ඇසුවේ අමනාපයෙන් මෙනි… “ඒ ඉතින් හැමෝම කරන විදියනේ… මටනම් බෝරිං…” තම මෑණියන්ගේ අතින් තවත් උප්පමා හැන්දක් මුවට දමාගනු රිසින් ඇසිල්ලක් පමාවූ නිත්‍යා ඉන් අනතුරුව පැවසීය… ...
100. ආදිල් අකුරු හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්‍යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට යක්ෂාරූඩ වුනා… “මනුස්සයෝ මට ප්‍රමාද වෙනවා…!” මම කෑගැහුවා… “පාංච් මිනිට්ස් මුදීර්… පාංච් මිනිට්ස්…” තමන් කරමින් ...