13. කන් පීතර ජිල් මාට්ටුව... | Computer Jilmart අකුරු මේක පුංචි සරල සිදුවීමක්... බ්ලොග් අඩවියක දාන්න තරම් ලොකු දෙයක් නෙවෙයි... ඒත් ඒ සිදුවීම පිටිපස්සෙන් ගලාගෙන ගිය ලොකු කතාවක් තියෙන නිසාම, අකුරු කරන්නම් කියලා හිතුවා...මතකය දිගේ ආපස්සට ගියොත් මේ සිදුවීම වෙනකොට මම උසස් පෙළ අධ්‍යයන කටයුතු පටන් ගත් අවදිය... වාහනයක් මිදුලේ නවත්තන සද්දය ඇහිලා විපරම් කරනකොට මම දැක්කේ තාත්තාගේ මිතුරෙක් වෙන රණේ හෙවත් අපි අමතන විදියට රණවීර අංකල් ගෙදරට ගොඩවෙන ...
12. මහළු සොල්දාදුවා | The Old Soldier අකුරු Muammar al-Gaddafi during an interview yesterday...ලේ වැකුණු රන් කාසි ආකර දෙවියනුත් යට කර ගලද්දී... කල නොකල පව් එකින් එක පෙලගැසී වන්දිය මිල කරද්දී...සදාකාලික සිහින කිරුළක මුතු පබළු ගිලිහී වැටෙද්දී...ලෙයින් කඳුලින් පොඟවමින් ගොඩනැගූ විජිතය සසල වෙද්දී...මධුබඳුන් දෝතින් අරා සව්දිය පිරූ උන් මඟ හරිද්දී... පණ ගසා ආ සතුරු බලමුළු එක් කඳවුරක රොද බඳිද්දී... මරණයේ පණිවුඩ ...
10. එකෝමත් එක කාලෙක, ආදර කතාවක් | Once upon a time, A Love Story අකුරු "හත්වන වේදිකාවට පැමිණියේ මහනුවර සිට පැමිණි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයි..."යකඩ කටේ සද්දෙට වැඩි සද්දෙකින් මගේ හදවත ගැහෙද්දී, වක්කඩ කැඩුවා වගේ පිටවීමේ දොරටුවෙන් ගලාගෙන එන ජන සන්නිපාතය අතරේ ඇයව හොයමින් මගේ ඇස් දිවගියේ විදුලි වේගයෙන්...අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලෙංගතුව දොඩමලු වුණ ඒ සොඳුරු කටහඬට රූපයක් ලැබෙන මේ මොහොත එනකල් මාස ගනනක ඉඳන් මම පෙරුම් පිරුවා...ඒ සේරම පටන් ගත්තේ අහම්බෙන් කිව්වොත් වැරැද්දක් ...
66. නැවත හමුවෙනතුරු… අකුරු බොත්තම් සියල්ල පියවූ ඝනකම් කබායත්, පුපුරු නඟමින් ඇවිලෙන ගිණිමැලයත් අයිස් මිදෙන ශීත සෘතු ගනනාවක් පිටත ගතකර අත්දැකීම් ඇති ඔහුවැනි පළපුරුදු ට්‍රක් රථ රියදුරෙකුට සීතල රැයක් පහන් කරගැනීමට ඉහටත් උඩින්… වෙනදා මෙන් ඒ සියල්ල ඇතත් ඇටමිදුලු හාරාගෙන යන මේ ආගන්තුක සීතල ගතටත් වැඩියෙන් ඔහුට දැනෙන්නට වූයේ සිතටයි… තවත් පියවර කිහිපයක් ගිනිමැලයට ලංවූ ඔහු තම අත්ලවල් එකිනෙක අතුල්ලා ගත්තේ හිස් අහසට සාපකරමින්… ...
95. දූවිලි… අකුරු “ආ මෙන්න…” තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්ප දෙක ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා… “මේක මගේ එක…” හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා මගෙන් එක කෝපි කෝප්පයක් උදුරගන්නවා… “ඇයි ඒ උඹට වෙනම එකක්…?” “ඒක ෆ්ලේවර්ඩ්…” “මොකද්ද ෆ්ලේවර් එක…?” “හුජ්ජ ෆ්ලේවර්… කට වහගෙන ඕක බීපන්…” ඌ ...
94. මිනීමරුවා අකුරු I “ප්‍රෙග්නන්ට්… !? එහෙම කොහොමද වෙන්නේ…?” දෙපා අඩපණව යනවාක් මෙන් දැනුණ හෙයින් සෝෆාවට ඇදවැටුණු මම කෑගැසීමි… “මම ඔයාට කිව්වා ගිය මාසේ දවසක ඔෆිස් එකේදී, මගේ පිල්ස් ඉවරයි කියලා… ඔයා ඇහුවේ නෑ…” ඇය නැඟිට කෝපි මැෂිම වෙත ඇවිද ගියාය… “Ready to Serve” එහි කොළ පැහැයෙන් නිවෙමින් දැල්වෙයි… “මමයි නිතුයි දැන් මාස ගානක ඉඳන් බබෙක්ට ට්‍රයි කරනවා... හරියන්නේ නෑ… මෙතන එක දශමයක් ...
63. අසා මිනිසෙකු මළ පුවත අද… හඬමි සතුටින් පළමුවර මම… අකුරු දුටිමි මිය ගිය පුවත අද නුඹ..නැගුනි කඳුලක් දුකට නම් නොව…අසා මිනිසෙකු මළ පුවත අද…හඬමි සතුටින් පළමුවර මම… දුටිමි නුඹ පෙර දිනක අහඹුව … ගැහෙන දෙනෙතින් හඬන නිහඬව…යදිනයුරු දැක මරණයම නුඹ…දැනගතිමි අපි, අපිට නැති බව…අසරණව දිවි ගෙවුම කඳුලකි…මියෙමි එය මට මහත් සැපයකි…අවැසි වුව එය නුඹට හිමි නැති…දිවිය නුඹගේ දෙවිඳු හට හිමි…මරණයේ පණිවුඩය එනකන්…බිරිඳ දියණිය සමඟ සතුටින්…සිටින නුඹ දැක පුංචි තිරයෙන්…සුභ පැතුම්..! ...
119. සේතං මාමාගේ "ඩීප් ස්පේස් ඩිස්කවරීස්" ලොජික් අකුරු පිංතූරය : travel poster for "what a trip to TRAPPIST-1e might be like"අපේ ගමේ කඩ තුන හතරක් තියෙනවා... ඒ වුනාට සනත් නන්දසිරි කියනවා වගේ "ගැටව් කතාබහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ" ඔතනින් එක කඩේක විතරයි... ගැටව් කිව්වට හැට හැත්තෑව පැනපු උන්දෑලත් ඔතන ලගා ගහගෙන ඉන්නවා...ගමේ කෙහෙල්කැනක් නැතිවුණ තැන ඉදන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ශක උපදේශක ඉල්ලා අස්වුණ එක වෙනකල් දේවල් ඔතන විශ්ලේෂණය වෙනවා... ...
123. අහිමි සඳ අකුරු පින්තූරය : todofondos.com“ඊට පස්සේ කුමාරයයි, කුමාරියි…”නින්දට වැටුණු තම සිඟිත්තා දිහා බැලූ ඇය සීරුවෙන් කතන්දර පොත වැහුවා … යටිතොල මඳක් විකාගෙන නිදියන සිඟිත්තා ඇයට සිහිකළේ ඔහුගේ ආදරණිය මුහුණ… දරුවාගේ පොරෝනාව සැකසූ ඇය සිඟිති නළලට අතතබා උණගතිය වැඩිවීමක් නැති බව සැක හැර දැනගත්තා… නිදන ලාම්පුවේ ආලෝකය සුසර කර ශබ්ද නොනගා ඇය සිඟිත්තාගේ කාමරයෙන් පිටවූයේ ඉන් අනතුරුවයි…“අදත් පරක්කුයි…” ඔහු කෙදිරුවේ ඇගේ සවනත වූ ...
121. හැංගිමුත්තා හැංගියෝ... අකුරු පාලකයන් කතාවී..කිඹුල් කඳුළු හෙලාවී..එකිනෙකාට මුවාවී..ඇඟිල්ල දිගු කරාවී..නීති රීති ගෙනේවී..දහක් කතා කියාවී..හිසක් ගොඩට ගනීවී..මිලක් හිලව් කරාවී..විචාරකයෝ විචාර දෙයිප්රචාරකයෝ ප්‍රචාරෙ දෙයිඉතිං අනේ අපිට මොකෝඅපිට ඕවා ඇහෙන්නැතෝඉරට හොරෙන් හඳට හොරෙන්හැංගිමුත්තා හැංගියෝ...නුඹේ මවත්, පියත්, මමත්කවුරු වුනත් අපි අසමත්මුවින් නොබැන දෙතොල් වසාහැංගිමුත්තා හැංගියෝ...හෙටක් තියෙන ලොවක් අරන් අල්ලන්නට අපි එනකල්හුඟක් තදින් දෑස පියන්හැංගිමුත්තා හැංගියෝ...පින්තූරය අන්තර්ජාලයෙන් ...
89. පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? අකුරු කැපිටල් ෆනිශ්මන්ට් එහෙමත් නැතිනම් මරණ දඬුවම කියන්නේ ශිෂ්ට මිනිසුන් අතරේ ගැඹුරින් සංවාදයට ලක්වෙන මාතෘකාවක්… සමහරු ඊට විරුද්ධ වෙද්දී තවත් සමහරු එය කොන්දේසි සහිතව සාධාරණිකරණය කරනවා… ඈත අතීතයේදී ලෝකය පුරාම සෑම සමාජයකම පාහේ ක්‍රියාත්මක වුණු මේ දඬුවම, ආගම් මඟින් බුද්ධිය නිෂ්ක්‍රීය කළ සමාජ කිහිපයක හැරෙන්නට වර්තමානයේ දියුණු මිනිසා කෙමෙන් අතහරිමින් සිටින්නක්… විකිපීඩියාව පවසන පරිදි දැනට මරණ දඬුවම ක්‍රියාකාරීව යොදාගන්නේ රටවල් ...
Flight 173 හි අභිරහස… අකුරු මට හමුවී ඇති අතිශය මිත්‍රශීලී, විනෝදකාමී මිතුරන් බොහොමයක් සමාජයේ වැඩි පිළිගැනීමක් නැති දාමරිකයන් බව පැවසීම එතරම් වැරදි කතාවක් නොවේ… නිතර නළල සිඹින අකීකරු කෙස්සකින්ද, දින කිහිපයක් තිස්සේ මුහුණ හැඩිකරන කටු රැවුලකින්ද හෙබි රූමි, මට හමුවූ එවැනි මිතුරෙකි…ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන්න ප්‍රකට කියමනකි… රූමි මෙසේ සමථ වුණු ලොවෙන් එකම දෙයනම් අගුල් ඇරීමයි… ලෝකයේ ඇති ඕනෑම වර්ගයක සංකීර්ණම ...
93. ගායකයෙක්… අකුරු මේ ගායකයෙක් ගැන කතාවකි… මීට වසර ගණනකට පෙර මා හොඳින් දන්නා, ඔබ නොදන්නා ගායකයෙක් වීය… ඒ ඔහුගේ පළමු ගීත ඇල්බමය නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් සිටි සමයයි… කොහේදෝ රස්තියාදුවේ යන දිනයක මම අහම්බෙන් ඔහුගේ දුප්පත් නිවසට ගොඩ වැදුනෙමි… “නියමයි උඹ ආව එක… වැඩක් නැත්තම් යමුද අහවල් තැනට, අහවල් කෙනාව හම්බුවෙන්න..?” ඔහු පැවසූයේ පුද්ගලික ටියුෂන් පන්ති වලට නම්දැරූ නගරයකි… මට ...
118. ජීවිතය නම් එහෙමයි අකුරු ගිලිහී වැටෙන තරුවකහමන සුළඟේ ස්වරයක වසත් කුසුමෙක සුවඳකපින්න දිලිසෙන උදයකදැවටෙනා පෙණ බුබුලකසැඳෑ හවසක අහසකඉසින විලවුන් සුවඳකඋණුසුම් කෝපි සුසුමකදැකිය හැකි අරුමයක් තිබුණිදඅතිර බව හැර අන් යමක් වෙද ණයට ගත් අසිරියකි මේ හැමඅහිමි වන අසුරක පමාවටතරුව ගිලිහී වැටේවීසුළඟ හෙමිහිට හමාවීකුසුම මිලිනව වැටේවීපින්න දිලිසී මැරේවීසුසුදු පෙණ කැටි බිඳේවීඅහස අදුරේ ගිලේවීසුවඳ හනිකට මැකේවිකෝපි සීතල දැනේවිඇස් පියන් වැසෙනා පමාවකගමන නිමවී තිබේවීනුඹ නමට වූ මතකන් හැමලොවෙන් ...
98. සුපැතුම්! අකුරු සුමුදු පිනිමත පුරුදු උණුසුමඋදා හිරු පතුරන වෙලේඅලුත් දවසක පුරුදු හාදුවසෙනෙහසින් තැවරුනි උදේසත් වසක් ගෙවුණත්, තවත්නුඹ දුටුව මුල් දිනයෙම වගේකෝල ඇස් අතරින් අදත්ආදරයදෝ ඒ දිලිසුණේකාලයාගෙන් සොරාගමු අපිඅපව හමුවුණු මුල් දිනේගෙවුණු හැමදින යළිත් එලෙසමතව වරක් විඳිමුද ප්රියේවෙහෙස නොබලා තවත් වටයක්දුවයමුද අපි හිරු වටේදෑත පටලන් මමත් එන්නම්තනි නොතනියට වගෙ නුඹේපුරා සව්දිය ඉතින් සමරමුනුඹ උපන් දිනයම නොවේගෙවුණු වසරෙත් දෝරෙ ගැලුනුඹ ආදරය මිහිරාවියේ……ප.ලි. : ...
120. හද සත්සර අකුරු image sourceඒ ගිම්හානයේ අන්තිම කාලේ දවසක්. එළියේ මහා රස්නෙත් අමතක කරලා මම දුවමින් හිටියේ ටවුමේ සංගීත බඩු කඩේට. විශ්‍රාම ගිය සොල්දාදුවෙක් වෙච්චි ගාර්ඩි මාමා තමන්ගේ පැන්ෂන් පඩියෙන් එකතු කරපු සල්ලිත්, වැන්දඹුවක් වුණු අපේ අම්මා මාස ගාණක් තිස්සේ වීදුරු බෝතලේකට එකතු කරපු සල්ලිත්, ඒ දෙන්නගේ සීමාවක් නැති ආදරයත් එක්ක මගේ අතේ කිටි කිටියේ මිරිකිලා තිබුණා. රෑ පාසල ඉවරවෙලා යමින් ගමන් මාස ...
103. චිත්‍රපටි… අකුරු ඊයේ මම දාපු බ්ලොග් පොස්ට් එකේ ඇනෝ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිවුණා…මම මීට කලින් චිත්‍රපටි ලිස්ට් එකක් ෂෙයාර් කරපු හැටි ගැන කියලා…ආයෙත් ඒ වගේ ඔත්තුවක් නැද්ද කියලා අහලා… එක වගේ රසයක් තියෙන කෙනෙක් හමුවුනාම සතුටක් ඇතිවෙන හින්දා මේ පොස්ට් එක…මම සාමාන්‍යයෙන් චිත්‍රපටි බලන්නේ ගෙදර ඉඳන්… බොහෝ දුරට ටොරන්ට් හරහා නීති විරෝධීව… මේ නීති විරෝධී කේස් එක ගැනත් ගොඩක් දේ අන්තර්ජාලයේ ...
113. පද්මිනීට ලියුමක්.. අකුරු අට්ටි ගැසූ ප්ලාස්ටික් පුටුද, අනෙක් අඩුම කුඩුමද පටවා ගත් ඩිමෝ බට්ටා රථය වෙරිවූවෙකු මෙන් දෙපසට වැනෙමින් ගොස් මහපාරට හරවා නොපෙනී යන අයුරු රොෂාන් ඉස්තෝප්පුවට වී නිහඬව බලා සිටියේය…ලොරි රථය නොපෙනී ගියද එය සැර දමා කන්ද නඟින හඬ ඉන් අනතුරුව ඔහුට ඇසුණි…අලසව ඈනුමක් හැරි ඔහු හුන් ඉරියව්වෙන්ම ගෙමිදුල දෙසට නෙත් යොමු කලේය… පිනි දියට පෙඟී, පයට පෑගී ගෙබිම තැන තැන මියෑදී ...
99. මම බලපු චිත්‍රපටි අකුරු කාලය දිගේ ආපස්සට ඔරලෝසු කටු අහුලගෙන ගියොත් මේ මම මව් රටින් පිටවෙලා ගෙවන පහළොස්වෙනි අවුරුද්ද…මේ අතර කාලයේ මගෙත් එක්ක ඉර එලිය බෙදාගත්තු ජාතීන් ගණන මේ යැයි මට නිනව්වක් නෑ… උපන් ජාතිය අනුව මිනිහෙකුගේ ගතිගුණ මේ විදියයි තීරණය කිරීම වැරදියි තමයි…. ඒත් උඩු හුළඟටත් උඩින් ඉඳන් බැලුවොත් මුළු ලෝකෙම නිල්පාටට පේනවා වගේ, හිතෙන් සමීප නොවී මිනිස්සු දිහා බැලුවොත් වෙනස් ජාතීන්ට ...
111. වචන අකුරු පිංතූරයමරණය අහිමිවීම ගැන ශෝකයෙන් හඬාවැටෙන ටෝනි නික්ලින්සන් නම් මිනිසෙකු දැකීමෙන් පුදුමයටත්, කම්පනයටත් පත්ව "අසා මිනිසෙකු මළ පුවත අද… හඬමි සතුටින් පළමුවර මම…" නමින් සටහනක් අකුරු බ්ලොග් අඩවියේ ලියැවුනේ මීට වසර තුනකට පමණ පෙර... ලින්ක් එක ඔස්සේ යන්නට ඉස්පාසුවක් ඇතොත් euthanasia ගැන දැනුමැත්තන් කිහිපදෙනෙකුගේම අදහස් කමෙන්ට්ස් වල සඳහන්..අද විවේකී දිනයේ අන්තර්ජාලයේ රස්තියාදුවක් ගසන්නට ලද ඉසිඹුවකදී ඇසගැටුනු මාටින් පිස්ටෝරියස් නම් මේ අලුත් ...