මියුසික් | Music අකුරු බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් දින හතක් පුරාවට ආගන්තුක ගීත පෝස්ට් කරන අතරේම ආගන්තුක සංගීත ශිල්පීන් කිහිපදෙනෙක් ගැනත් පෝස්ට් කරන්න හිතුවේ පොඩි ඉල්ලීමකුත් ඉටුකරන්න එක්කයි… මම සජීවී සංගීත ප්‍රසංග අති විශාල ප්‍රමාණයක් නරඹා නැහැ… නමුත් ඒ සුළු ප්‍රසංග කිහිපය අතරේ මා වික්ශිප්ත කල සංගීත ශිල්පියෙක් ඇත්නම් ඔහු ජෙසී කුක්… සැබැවින්ම ඔහු මැජික් කරුවෙක්… ෆ්ලෙමින්කෝ ගිටාරයේ කම්බි අතරේ ඔබ ...
ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughter අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන හතරවෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy තුන් වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me මා ප්‍රියකරන කන්ට්‍රි ගීත අතරින් මේ තවත් ගීතයක්… ගම්බද ගොවිපළක රැකියාවක් සොයා යන ...
30. චරිත පහක් | fi_V_e අකුරු මේක තවත් පුංචි කතාවක්... බීට්ල් ලියන අකුරු බ්ලොග් අඩවියේ ඇති අනෙක් කතා වගේමයි... නමුත් ඊට ටිකක් වෙනස්... දීර්ඝ පෝස්ටුවක් කියවීමේ නීරස අත්දැකීම මඟහරින්නටත්, එක් පොස්ටුවක් ලෙස සම්පූර්ණ කතාවම පළකිරීමට ලියා ඉවරවෙනකල් සිටියහොත් ඉවරවෙනවා තියා පටන් ගැනෙන්නේවත් නැති නිසාත් මෙසේ පටන් ගෙන කොටස් දෙකකින් හෝ තුනකින් අවසන් කරන්නම් ... සඳහන් කල වෙනස නම් මේ කතාව අවසානයේ ...
28. මගේ පුංචි කෙටි කතාව සහ තවත් කතා | My very first story අකුරු මෙම බ්ලොග් අඩවියේ ආරම්භයේම වරක් මා සඳහන් කර ඇති පරිදි මගේ කුළුඳුල් කෙටි කතාව පළවුණේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේයි... නමුත් එම බ්ලොග් අඩවිය අවාසනාවන්ත ලෙස බිඳවැටීමත් සමඟම අතුරුදන් වූයේ එහි තිබූ හරවත් සංවාද, ගහමරා ගැනීම්, මඩ ප්‍රහාර පමණක් නෙවෙයි… ඒ සියල්ල අතරේ තිබූ මාගේ අහිංසක කෙටි කතාවත් ඒ සමඟම අතුරුදහන් වූවා... මා විසින් එහි පිටපතක් පරිඝනකයේ සුරැකිව තබාගන්නට ඇතැයි යන විශ්වාසයෙන් ...
26. යන්න යනවද ඉතින්, නිහඬවම... අකුරු ලියන්නට ටිකකුත්...හිතන්නට හුඟකුත්...ඉතිරිකර...කතාකර ඇහෙන්නට...ලෝකෙටම...ඉලන්දාරියෝ ඉතින්...යන්න යනවද...නිහඬවම...නිදිගත් මිනිස්කම අවදි කර සයිබර් අවකාශයේ පුංචි විප්ලවයක් කර නික්මී ගිය නොදුටු මිතුරා දිලුම් ගේ සමුගැනීම වෙනුවෙනි...Related Post : ඇහෙනවද ඒ සද්දේ? සද්දයක් නැතුවම? ...
20. නියමුවෙකුගේ සමුගැනීම | Good Bye Mentor අකුරු දැනට මම සේවය කරන ආයතනය තමයි මගේ වෘත්තීය ජීවිතයේ මම වැඩිම කාලයක් සේවය කල ආයතනය... එතැනත් මම වැඩිම කාලයක් සේවය කළ ආයතන ප්‍රධානියා සේවයෙන් සමුගන්න බව මීට සති කිහිපයකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නා... ඔහු හා මා හමුවෙන විට නිකම්ම නිකම් තවත් එක් සේවකයෙක් වුණු මට වෘත්තීය මට්ටමේ තරඟකාරී පෞරුෂයක් ගොඩනගා ගන්නා හැටි ඉගෙන ගැනීමට ඔහු ලබාදුන් සහාය අති විශාලයි...ඔහු ...
16. මී පුංචයි මී කතුරයි (ළමා කතාවකි) | The Mouse Trap (A Bed time story) අකුරු ගම හාමිනේ පොළට ගිහින් එනකල් ඇහැ ගහගෙන හිටි මී පුංචා පොළෙන් ගෙනාපු බෑග් මලු එහා මෙහා වෙන සද්දෙට හෙමිහිට විපරම් කරලා බැලුවා... කඩදාසි කොළේක ඔතාපු යමක් ගම හාමිනේ මල්ලකින් එළියට ගනිද්දී මී පුංචා ඔළුව ගස්සමින් ඉවකලේ ඇතුළේ තියෙන කෑම ජාතිය මොකද්ද කියලා අනුමාන කරගන්න...හුරුපුරුදු ඉව සුවඳක් අල්ලගන්න බැරිවුණ නිසාද කොහෙද ගුලෙන් පොඩ්ඩක් මෑත් වුණ මී පුංචා, ගමහාමිනේ කඩදාසිය දිග අරිනකල් ...
15. සුදුමැලි පුංචි තිත... | Pale Blue Dot අකුරු පේනවද ඒ පුංචි තිත... අන්න ඒක...ඒ මෙහේ... ඔව් අපි... අපේ ලෝකේ...අපේ හැම දේම...අපි පණටත් වැඩියෙන් ආදරය කරන අය...ඊටත් වැඩියෙන් වෛරකරන අය...ගරුකරන, නොසලකන හැමෝමත්,මිතුරනුත්… සතුරනුත්...ඒ පුංචි තිත ඇතුළෙමයි...අපි හැමෝගෙම... හැම දුකක්ම... සතුටක්ම...සිනහවක්ම... කඳුලක්ම....මෙතෙකුත්... මතුවටත්...වින්දෙත්, විඳින්නෙත්...ඒ පුංචි තිත ඇතුළෙමයි...නිමක් නැති ඇදහිලි... ආගම්... විශ්වාස...සංස්කෘති...ආර්ථික මූලධර්ම... මතවාද...මේ සේරමත්...හැම දේශප්‍රේමියෙක්ම...දේශද්‍රෝහියෙක්ම...ජාතිවාදීන්... ජාතිකවාදීන්...ත්රස්තවාදීන්... මාක්ස
96. ඇමතුමක දුරින් මම... අකුරු තිත්ත රස හාදුවක්, විස්කි උණුසුම රැඳුන...බරක් නොම ගෙනෙයි නම්, කඳුල නුපුරුදු හිතට...ඇතොත් ඉඩ සුසුමකට, හිමිදිරියෙ ගතු කියන..පිස්සු කෙල්ලේ ඉතින්, ඇමතුමක දුරින් මම... පරණ නොම්මරයමයි, මකන්නට නැතුව ඇති...ඒ නැතත් ඇඟිලිතුඩු වලටවත් පුරුදු ඇති...වැරදියි තමයි ඒත්, අපිට ඇයි හරි වැරදි...හෙට උදේ වෙරිමතට හිතපුරා බනිමු අපි... කතාවක් කියන්නම් හුරු පුරුදු චරිත නැති...වෙලාවක් තිබුණොතින් කවියකුත් ලියමු අපි...අපිට අපි අයිති නැති වුනත් තනිකමක් නැති..’මම ...
91. ආත්ම ශක්තියෙන් හරි අඩක්… අකුරු රෝස්මේරි සිගින්ස්… ඔබ බොහෝ දෙනෙකුට ඇය අමුත්තියක් නොවෙන්න පුළුවන්… අන්තර්ජාලේ රස්තියාදුවලදීත්, වරක් හෝ දෙවරක් රූපවාහිනීයේ ට්‍රේලර් එකකදීත් මම ඇයව අහලා දැකලා තිබුණත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ… ඒත් අද විවේකී හැන්දෑවේ නරඹන්නට යෙදුන වීඩියෝවකින් ඇය මට මුණගැහුනා… නැවත අමතක නොවෙන්නම… ඔබ ඇයගැන තවමත් අසා නැතිනම් රෝස් ඇමෙරිකානු ජාතික කාන්තාවක්… ඔබට මට වගේම ඇයටත් එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ...
75. ලේ... හුඟක් ලේ... අකුරු ලේ... හුඟක් ලේ... සේදෙයි වතුර පහරකින්... සබන් පෙණ අහුරකින්... ජාතියක් ආගමක් තිබූ... රකින්නට...දිවි හිමියෙන් තිබූ ඉතිහාසයක් ... කකියමින් ගතපුරා... මොහොතකට පෙර දිවූ... ලේ... හුඟක් ලේ... සේදෙයි වතුර පහරකින්... සබන් පෙණ අහුරකින්... තවකෙකුගෙ සුරතකින්... ජාතියක් ආගමක් ඇති... රකින්නට...දිවි හිමියෙන් ඌටත් ඉතිහාසයක්... ලේ... හුඟක් ලේ... හඬක් නොනඟා ගලයි... රොඩු වැලිද හා මුසුව... කුණු කාණුවට සෙමින්... අමතකව යන මතකයක්... පමණක්ම ඉතිරිකර... සලකුණක් ...
74. අපිට පිස්සු ඕයි !!! අකුරු මේල් එක ආවේ එකපාරම...අයියේ "අපිට පිස්සු ඕයි" කියලා...චේන් පොස්ට් දානවා ලියපන් කියලා...මන් ඇහුවා සිරාවටම තොපිට පිස්සුද කියලා ඕයි...මට බෑ මගේ බ්ලොග් එක කැත වෙනවා..මිනිස්සු හිතයි මට පිස්සු කියලා ඕයි...මල පැනලා මූ කිව්වනේ...මම දන්නවා තමුසෙගෙ අවුල මොකද්ද කියලා ඕයි...කියපන් බලන්න මොකද්ද අවුල ඇහුවම...මූ කියනවා... තමුසේ හැමවෙලේම හෙන සීරියස් කියලා ඕයි...මට කොච්චර හිනා ගියාද කිව්වොත්...තව පොඩ්ඩෙන් මම පිටේ නැගලා හිටිය...කස්තුරි මුවාගෙන් බිමට ...
104. සමනළ පියාපත්… අකුරු මේ මීට වසර ගණනකට පෙර සිදුවීමකි… සුප්‍රසිද්ධ ටෝස්ට්මාස්ටර්ස් වැඩසටහන අනුසාරයෙන් සැකසුණු සේවා ස්ථානයේ කථන පුහුණු පාඨමාලාවකට බලෙන් තල්ලු කල සේවකයන් රොත්තෙන් එකෙකු ලෙස මම අන්තිම පේලියේ නිදිකිරමින් සිටියෙමි… මගේ මතකය නිවැරදි නම් “ටේබල් ටොපික්ස්” වටය යනු එවේලේ ලබාදෙන මාතෘකා කිහිපයකින් එකක් තෝරාගෙන, සහභාගීවෙන්නන් අතරින් ස්වේචාවෙන් ඉදිරිපත් වෙන අයෙකු විනාඩි කිහිපයක කතාවක් පැවැත්වීමයි… අවාසනාවකට අප කණ්ඩායමේ හැමදෙනාම පාහේ හොඳින් කතාකල ...
81. Now You See ME අකුරු ගැටවර වයසේදී අපි බොහෝදෙනා ආශාකරන සමහර දේ කාලයත් සමඟ අප වියපත් වෙද්දී පහව යනවා… හරියට රැප් සංගීතය, WWE රෙස්ලින් වගේ දේවල්… ඒත් සමහරදේ කෙතරම් කාලයක් ගතවුණත් අපෙන් දුරස් වෙන්නේ නෑ… එලෙස ගැටවර වියේ ඉඳන්ම තවමත් මම ආසාකරන එවැනි දේවල් අතරින් දෙකක් මේ සටහනට අදාලයි… මේ දෙක එකිනෙකට සම්බන්ධ වේයැයි හිතන්නට අපහසුයි… ඉන් එකක් නම් බැංකු මංකොල්ලයි… අනෙක මැජික්… සැබෑ ...
22. තව පොඩ්ඩෙන් අමතක වෙනවා... | Happy New Year අකුරු "ඒමිස් සීයේ..!""ඕ....""ඒමිස් සීයේ..!""මං මේ කුස්සියේ...""මොකද කරන්නේ..?""මං මේ ලුණු මිරිසක් කොටනවා..""ෂා... කිරිබත් හැදුවද..?""මොන කිරිබත්ද... මේ හීල් බත් ටිකක් ඉතුරු වෙලා තිවුණා...""ආ එහෙනම් මෙන්න...""මොනවද මේ..?""කිරිබත්...""ආහාර අනුභවේ ඉවරද..? වෙඩි සද්දයක් වත් ඇහුණේ නෑනේ..?""තාම නෑ... අනුභවේට කලින් හොරෙන් ගෙනාවේ...""අපෙ අප්පේ...""එහෙනම් වෙඩි සද්දේ ඇහෙද්දී කන්න... ගෙදරින් හොයනවා ඇති මම යනෝ...""ඔය… ඔය... දුවන්ඩ එපා... හෙමින් යන්ඩ… ""කොහෙද ළමයෝ අන්ත්‍රස්දාන වෙන්නේ... මෙතනට එන්න දැන් අනුභවේට වෙලාව ළඟයි
21. සිඩ්නි ලුමැට් (1924–2011) | Sidney Lumet (1924–2011) අකුරු අනෙක් බොහෝ බ්ලොග් මිතුරන් සේම චිත්‍රපටි නැරඹීම මාගේ අල්ප වූ විනෝදාංශ වලින් එකක්... කෙසේ නමුත් එකදු බොක්ස් ඔෆීස් චිත්‍රපටියක් අතනොහැර නරඹන මාගේ සහෝදරයා හා සැසඳූ කළ මා අත දරුවෙක්... ඔහුගෙන් ලැබෙන ඔත්තුවකින් සති අන්තයේ අතට හසුවූ යමක් නරඹනවා හැරෙන්නට චිත්‍රපට තෝරාබේරාගෙන නැරඹීමට තරම් ඒ ක්ෂේත්රයේ හසළ දැනුමක් මා සතුව නැහැ...ඒ නිසාම බොහෝ විට මා මසකට නරඹන චිත්‍රපට සංඛ්‍යාව හතරකට පහකට ...
18. සෙමි ෆයිනල් අතුරු කතාවක් | India vs Pakistan අකුරු ක්‍රිකට් උණුසුම ඉහවහා ගිය වෙලාවක මගේ සේවා ස්ථානයේ ආසියානුවන්ගෙන් ඉතිරිවෙලා හිටි කිහිප දෙනාත් රූපවාහිනියක් තියෙන තැනකට රොක් වෙලා..."මොකද මේ කට්ටියට වෙලා තියෙන්නේ...?"කොහේදෝ යන සුද්දෙක් අහන්නේ හිස් වෙච්ච කියුබිකල් දිහා බලමින්..."ඇයි අද වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් නේ..""මොන වර්ල්ඩ් කප් ද...?""ක්‍රිකට්...""මොනවා... ක්‍රිකට් වලට වර්ල්ඩ් කප් එකකුත් තියෙනවද..?"එසේ කියමින් විශ්මයක් මුහුණට නඟාගෙන ඔහු ඇවිද යන්නේ මම ඊටත් වඩා විශ්මයෙන් ඔහු දෙස බලාගෙන ඉඳිද්දී...අසාධ්‍ය ...
17. අපි නොදන්න නළ මුදු සුවඳ | The Nala Mudu Thing අකුරු ඔන්න මේක යාන් හෑල්ලක්... ඊයේ රාත්‍රියේ ඇසගැටුණු සිදුවීමක් හදිසියේම මගේ හිතට අතීත මතකයක් කැන්දන් ආවා, සභාවක කතාකරන්න නොසුදුසු දෙයක් නිසා සංයමයකින් ලියන්න බලන්නම්... ලැජ්ජා බයට හැදෙන ගැනු ළමයෙක් එහෙම මේක කියවනවනම් දැන්මම අතෑරලා දැම්මත් අවුලක් නෑ...ඊයේ රාත්‍රියේ අපි සතිඅන්තයේ රස්තියාදුවක යද්දී, පාර හරහා වාහන දෙකක් එකකට එකක් ගෑවෙන මට්ටමට නවත්තාගෙන හරි කලබලයක්... වාහනේ පදවපු කාගේ හරි අත්වැරැද්දක් නිසා දැන් කට්ටිය ...
14. ටැබූ හමුවීමි... | I met Taboo අකුරු කුඩා කාලයේ මගේ ලෝකයේ වීරයන්ගෙන් කෙනෙක් වූයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වූ මිල්රෝයි අයියායි... ගමේ අනෙකෙකු යෑමට සිතන්නටත් බිය තැන්වල ඔහු පිණුම් ගැසුවේය... ඔහු විදුලිය ඇති රැහැනක් විදුලිය විසන්ධි නොකරම අළුත්වැඩියා කරන අයුරු කට ඇරගෙන බලාසිටි මම පසුව එය වැඩිහිටියෙකුට විස්තර කල විට;"ඕක වීරකමක්ද..? ඔය මෝඩයා කවදා හරි හොඳ පාඩමක් ඉගෙන ගෙන තමයි නතර වෙන්නේ..." යැයි අවඥාවෙන් සිනාසෙද්දී මම සිතින් විස්සෝප ...