Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය (http://ramachandrageadaviya-ramachandra.blogspot.com/) Latest Posts Most Popular Posts
කරුනා අම්මාන් නැමැති සිංහල බෞද්ධයා / Karuna amman as a Sinhalese Buddhist Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ගරිල්ලා ප්‍රධානී කරුනා නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුනා අම්මාන්ලබාදුන් අපූර්ව සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සතිඅන්ත ලංකාදීප පුවත්පතේ පලවිය.අශෝකඅධිරාජ්යයා ප්රචන්ඩත්වය අත්හැර සාමකාමී ජීවිතයකට යොමුවුනා සේ තමන්ද දැන් ප්රජාතන්ත්රවාදයවෙත පැමින තිබෙන බව එහිදී පවසා තිබූ ඔහු මිනීමරු අංගුලිමාලට රහත්විය හැකි නම් තමාටපමනක් ගරහන්නේ ඇයිදැයි ප්‍රශ්න කොට තිබුනි.තමා දැන් බෞද්ධ පොත පත ඇසුරු කරමින් බුදුදහමටඅනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ දරන බව එහිදී හෙතෙම ...
රාජපක්ෂගේ තෙරුවන් සරන සහ ඥානසාරගේ අබ සරන Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක හම්බන්තොට වරායේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ‘‘සමහරු දැන් සුලු සිද්ධියකටත් මහ ලොකු හර්තාල් කරනවා‘‘ යැයි උදහස් හඩින් පැවැසීය. අලුත්ගමදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුවූ ජාතිවාදී පහර දීම් වලට ප්රතිචාරාත්මකව මුස්ලිම් කඩ සාප්පු වසා දමන හර්තාල් ව්‍යාපාර රට තුල ක්‍රියාත්මක විය. මෙම හර්තාල් ව්‍යාපාර මෙහෙයවීමේ චෝදනාව මත ‘මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය’ නමැති සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනෙක් පොලිසිය ...
කලම්බෝ ටෙලිග්රාෆ් සහ සබරගමුව ටෙලිග්රාෆ් / Colombo Telegraph vs Sabaragamuwa Telegraph Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය සබරගමුවේදී පන ගැහෙන පොලිස් ත්‍රස්තවාදය රාජපක්ෂ ආන්ඩුවට විරෝධය පල කරන ජන කොටස් අතර එක් සමාජ ස්ථරයක් වශයෙන් නාගරික ඉහල මධ්‍ය පංතික පිරිස් හදුනාගත හැක. මේ විරෝධය උපදින්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදි ආස්ථානයකිනි. උගත් නාගරික ඉහල මැද පංතිය තුල පවතින රාජපක්ෂ විරෝධය සංකේතවත් කරන මෑතකාලීන ප්‍රකටම සංසිද්ධියක් වශයෙන් බොදු බල සේනා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට මීට මාස කීපයකට ඉහත දී පැවැත්වූ ඉටිපන්දම් එලි දල්වා ...
එස්.බී පාර්ලිමේන්තුවට ගෙන රාජපක්ෂවාදය පැරදවීම? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ‘මෛත්‍රී පාලනය’ පිලිබඳ අලංකාරිකය සහ මෛත්‍රීපාල සිරිසේන පසුගිය දවස්වල ශ්රීලනිපය තුල කටයුතු කල ආකාරය ගලපන්නේ කෙසේද? රාජපක්ෂ පාලනයට එරෙහිව විපක්ෂයේ පක්ෂවල පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ විට ඔහුගේ පාර්ශවය වෙනුවෙන් කරුනු ඉදිරිපත් කල බොහෝ දෙනා මෛත්රීපාලගේ සාමකාමී ශාන්ත දාන්ත විලාශය රාජපක්ෂ විසින් නියෝජනය කල පලිගැනීමේ හා ද්වේශයේ සංස්කෘතියට එරෙහි විකල්පය ලෙස ඉදිරිපත් කලහ. රාජපක්ෂ යටතේ ශ්රීලනිපය ඔහුගේ බූදලයක් ...
සිරකරුවෝ ද මනුශ්‍යයෝය ( එල්.ටී.ටී.ඊ රැදවියන් හැර ) Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය වවුනියාව බන්ධනාගාරය වටලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය දිනෙක සිදුකල පහරදීමෙහි ප්‍රතිඵලයක් ලෙස නිමලරූබන් නැමැති දෙමල ජාතික සිරකරු මිය ගොස් තිබේ.වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ මෙය බහුතරයක් ජනයා තුල කිසිදු කම්පනයක් ඇති නොකරන සාමාන්‍ය පුවතක් පමනක් වීමටය.සිය සගයන් කිහිප දෙනෙකු අපරාධ විමර්ශන අංශයට රැගෙන යාමට එරෙහිව වවුනියාව සිරකරුවන් විසින් එහි ජේලර්වරුන් කීප දෙනෙකු රදවා ගනිමින් විරෝධතාවයක් දියත් කල අතර පසුව හමුදාව ...
දෙමල සමාජය මග හැර - ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය සම්බන්ධන් හා විග්නේශ්වරන් - නව දෙමල නායකත්වය උතුරු පලාත් සභාවට තරග වදින දෙමල ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක සී.වී.විග්නේශ්වරන් "කොටියෙක්" ලෙස පින්තාරු කිරීම මේ දිනවල සිංහල ජනමාධ්‍ය මහත් අභිරුචියෙන් කරමින් සිටින්නා වූ කාර්යයකි. ජූලි 30 දින දිවයින පුවත්පතට ලිපියක් සපයන මනෝජ් අබේදීර මහ ඇමති අපේක්ෂක ලෙස විග්නේශ්වරන් පත්කිරීම ' සාමකාමී මාර්ග වලින් ඊලම ලබාගැනීම' සදහා වූ ගමනේ එක් අවස්ථාවක්ලෙස විස්තර ...
දෙමල කැන්වසයේ සිංහල ජනපද සිත්තම් කිරීම / Painting Sinhalese colonies on a Tamil Canvas Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය මිල්ලෙ සොයා උතුරුකරයටඋතුරු නැගෙනහිර පලාත්වල සිදුවන සිංහල ජනපදකරනයට විරෝධය පලකරමින්දෙමල පක්ෂ කිහිපයක නායකයෝ සමූහයක් පසුගිය ඔක්තෝබර් 17 වනදා වවුනියාව නගර සභා ක්රීඩාංගනභූමියේදී සත්යග්රහ ව්‍යාපාරයක් පැවැත්වූහ.කොටි සංවිධානය දෙමල ජනතාවගේ අසහායනියෝජිතයා බව කලෙකට ඉහතදි පැවසූ දෙමල ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජාගේ සිට කොටිසංවිධානය මුලිනුපුටා දැමීම සදහා රජය වෙත සහයෝගය පලකල වී.ආනන්දසංගරී දක්වා විවිධදේශපාලකයෝ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.පශ්චාත් ප්රභාකරන් යුගයේ දෙමල ජාතිකවාදීදේශපාලනය පූර්ව ප්රභාකරන් ...
සිංහ ලේ වූ කලී දුරු කල යුතු වසංගතයකි Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ආන්ඩු බලය අහිමි වූ සිංහල ස්වෝත්තමවාදී බලවේග මහ පාරේ පිස්සු නැටීම පටන් ගෙන තිබේ. මෙහි වඩාත්ම තීව්ර ප්රකාශනයක් වූයේ පසුගිය දිනෙක දලදා මාලිගාව වෙත ගිය ‘සිංහ ලේ’ සංවිධානයේ පෙලපාලියයි. ජාතික කොඩියේ සුලු ජාතීන් නියෝජනය වෙන කොටස් ඉවත් කොට සකසනු ලැබූ ‘සිංහල ධජ’ අතැතිව මෙම පිරිස් දලදා මාලිගාවට කඩා වැදුනෝය. ඉන් දින කිහිපයකට ඉක්බිති හෝමාගම මහේස්ත්‍රාත් අධිකරන පරිශ්‍රයේ දී ගලබොඩඅත්තේ ඥානසාර ...
ෆ්‍රෙන්ච් ෆ්රයිස් තුලින් විමුක්තිය ලැබීම Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය අහිතකර සේවා කොන්දේසි වලට එරෙහිව දකුනු එංගලන්තයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක් ඉදිරිපස සිදුකෙරෙන විරෝධතා දැක්වීමක් මැක් ඩොනල්ඩ්ස් ආයතනය "මැක් සේවර්ස්" නමින් අලුත් ආහාර පැකේජයක් හදුන්වා දී ඇති බව දැනුම් දෙන දැන්වීම් දැන් කොලඹ නගරය පුරා දක්නට ලැබේ.මෙම නව පැකේජය අනුව රුපියල් සියයක පමන මුදලකට ආහාර වට්ටෝරුවක් මිලදී ගත හැක.කලෙකට ඉහත KFC ආයතනයත් මෙවැනිම ක්‍රියාමාර්ගයකට යොමු වූ අතර සාමාන්‍ය පාරිභෝගිකයෙක්ට දැරිය හැකි මිලකට ...
ලසිත් මාලිංග දියවන්නා උද්‍යානයේ සැරිසරයි Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසල දී පසුගිය දිනෙක ලසිත් මාලිංග මාධ්‍යකරුවන් සමූහයක් වෙත බුරා පැන්නේය.එලෙස බුරා පනින ආකාරයේ දර්ශන මාධ්‍ය තුලින් නැවත නැවතත් ප්‍රචාරය කර හරින ලදී.එම අවස්ථාවේදී මාධ්‍යකරුවෝ උත්සාහ කලේ මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩා ගිවිසුම පිලිබද පැන නැගී තිබූ ගැටලුව ගැන අදහස් විමසීමටය. මාලිංග රූපවාහිනී කැමරා අභියස ඒ මොහොතේ පෙන්වූ හැසිරීම නිර්ලජ්ජිත වූත් අශීලාචාර වූත් හැසිරීමක් බවට ...
මිහිතලය පරිභෝජනයට සුදුසු වෙලද භාන්ඩයකි Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අල් ගෝර් පාරිසරික අර්බුදය ගැන 2006 නිපද වූ වාර්තා චිත්රපටයකදී (An Inconvenient Truth) මෙසේ අදහස් පල කලේය. " අපි හැමදෙනාම ගෝලීය උනුසුමට දායක වෙනවා.ඒ නිසා අපි හැමෝටම අපේ පෞද්ගලික කාබන් විමෝචනය බිංදුවක් වන ලෙස ජීවිත හැඩගස්වා ගැනිමෙන්,අපි එලවන වාහන අපි පාවිච්චි කරන විදුලිය යනාදිය හරහා, මෙය සමනය කරන්ට දායක විය හැකියි".ලංකාවේ දේශපාලන වේදිකා වල කථාබහට ...
ග්‍රීසියේ සිරීසා ආන්ඩුව සහ නිකොස් පුලන්සාස්ගේ මාක්ස්වාදය - 1 Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ග්‍රීසියේ වාමාංශික සිරීසා ආන්ඩුවේ ( සිරීසා - රැඩිකල් වාමාංශයේ සන්ධානය) න්‍යායික පදනම් කෙරෙහි ප්රබලතම බලපෑම ලෙස උපුටා දැක්වෙන්නේ නිකොස් පුලන්සාස්ය. විශේෂයෙන්ම සිරීසා සංවිධානයේ වාම පාර්ශවය ස්වකීය න්‍යායික අනුප්රානය ලබාගන්නේ මූලික වශයෙන් පුලන්සාස් වෙතිනි. ග්‍රීක ජාතික මාක්ස්වාදියෙක් වූ නිකොස් පුලන්සාස් (1936-1979) ලුවී අල්තුසර්ගේ ව්‍යුහවාදී මාක්ස්වාදී ගුරුකුලය නියෝජනය කලේය. පසුකාලීනව ඔහු යුරෝකොමියුනිස්ට්වාදයේ වාමාංශය නියෝජනය කල න්‍යායධරයෙක් ලෙස ක්‍රියාකලේය. වාමාංශික දේශපාලනය ගැන උනන්දු ...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද? - 2 Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය 2012 ඉරාකයේ බැග්ඩෑඩ් හි පැවැති මැයි දින පෙලපාලියට සහභාගී වූ තරුනියක් - මොට්ටැක්කිලිය වෙනුවට රතු තරුව 20 වන සියවස මැද වනවිට මුස්ලිම් ලෝකය තුල ජාතිකවාදී හා වාමාංශික බලවේග මහත් බලයක් ඉසිලූ ආකාරය අප පසුගිය ලිපිය තුල දී සාකච්ඡා කලෙමු. මෙලෙස මේ ලෝකය තුල මහත් පරාක්‍රමයක් ඉසිලූ එම දේශපාලන ප්රවාහයන්ට එරෙහිව ඉස්ලාම් මූලධර්මවාදය පෙරමුනට ගැනීමෙහිලා තීරනාත්මක කාර්යභාරය ඉටු කලේ එ.ජනපදයේ නායකත්වය ...
එල්ටීටීඊ කිසිවෙක් මිනිසෙක් නොවේ Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ත්රස්තවාදීන්ට මානව හිමිකම් වලංගු නැති බව අගවිනිසුරු මොහාන් ද සිල්වා තීරනය කොට තිබේ. ඔහු මේ තීන්දුව පසුගිය ඔක්තෝබර් 14 වන දා ලබා දුන්නේ 2012 දී වවුනියාව බන්ධනාගාරයේදී රැදවියන් හා බන්ධනාගාර නියාමකයින් අතර ඇති වූ ගැටුමේදී මරා දමන ලද ගනේෂන් නිමලරූබන් ගේ මවුපියන් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත දමමිනි. උසස් පෙල තර්ක ශාස්ත්‍රය හදාරන සිසුන්ට උත්තර පත්‍ර වල ලිවීම සදහා ...
මුස්ලිම්වරු එනයින්ම දුෂ්ට ද? - 1 Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය ශිෂ්ටාචාර අතර ගැටුම? 2001 සැප්තැම්බර් 11දින අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් මූලධර්මවාදය සහ ත්‍රස්තවාදය වැනි මාතෘකා ගැන අලුත් උද්යෝගයක් බටහිර ලෝකය තුල ජනිත වූයේය. මෑතක සිට ලංකාව තුල ද මහත් අභිරුචියෙන් ඉස්ලාම් මූලධර්මවාදය පිලිබද කථා කරනු දක්නට ලැබේ. පසුගිය දිනෙක ඇමැති චම්පික රනවක "අල් කයිදා හා අල් ජිහාඩ්" යනුවෙන් එලි දැක්වූ කෘතිය මෙම අභිරුචිය පිලිබද හරස්කඩක් ලෙස සැලකිය ...
පරාධීන සමාජයක ස්වාධීන කොමිෂන්? Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය 19 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. අවසානයේ සියල්ලෝ ඒ මල් වට්ටියට අත ගැසූහ. දකුනු ලංකාවේ ප්‍රධාන දහරාවේ දේශපාලනය තුල මේ වනවිට ආධිපත්‍යය උසුලන්නේ කඳවුරු ද්විත්වයකි. ඒ ලිබරල්වාදී කඳවුර සහ සිංහල ජාතිකවාදී කඳවුරයි. මේ විභේදනය සම්පූර්නයෙන්ම අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරී එකක් නොවේ. එනම් ලිබරල් කඳවුර සිංහල ජාතිවාදයෙන් සම්පූර්නයෙන්ම මිදී නොමැති වන්නා සේම ජාතිවාදී කඳවුර තුලද ලිබරල්වාදයේ ඇතැම් අංග නියෝජනය වන්නේය. ...
සැබෑ ප්‍රශ්නයක් : ව්‍යාජ ගැලවුම්කරුවෝ දහසක් Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය කූඩන්කුලම් - දෙමල ජනයා හා හැපෙන තමිල්නාඩු රාජ්යයඑම්.කරුනානිධිගේ පක්ෂය ඉන්දීය මධ්‍යම ආන්ඩුවෙන් ඉල්ලා අස්වී තිබේ. ලංකාවේ යුද අපරාධ ප්රශ්නය සම්බන්ධයෙන් ඉන්දීය රජය "දැඩි ස්ථාවරයක්" නොගැනීම ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරී තිබේ. එලෙස ඉල්ලා අස්වීමට කරුනානිධිගේ පක්ෂය ගත් තීන්දුව පසසමින් තමිල්නාඩු විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද ප්‍රකාශයක් නිකුත් කොට තිබුනේය. කරුනානිධිගේ මේ අස්වීමට සමාන්තරවය තමිල්නාඩුවේ දී ලංකාවෙන් පැමින සිටි බෞද්ධ ...
අනගාරික ධර්මපාල සමග අඩ නිරුවත් ගැහැනු Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය GO (Guys Only) නමැති සගරාව වසර කිහිපයකට පෙර හදුන්වා දෙන ලද්දේ තරුනයන් සදහා වූ ප්රකාශනයක් ලෙසිනි.බටහිර රටවල පලවන Men's magazineආකෘතිය අනුව මෙරට සම්පාදිත පලමු දේශීය සගරාව එය විය.ඉහල ප්‍රමිතියෙන් යුක්ත කඩදාසියෙන් මුද්‍රිත එය අලෙවි කරන ලද්දේද තරමක අධික මිලකටය.සගරාවේ ඉලක්කගත පාඨක පිරිස වූයේ සිංහල කථාකරන මධ්‍යම පංතික යෞවන ප්රජාවයි.ඉහල මිලක් ගෙවා KFC අවන්හල් වෙතින් ආහාර මිලදී ගැනීම පොෂ්භාවය නිරූපනය කරන ...
මූලස්ථානයට බෝම්බ ගසනු! Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය " Reign to foes' fearOrthodox TsarGod protect the Tsar.." - රුසියානු ජාතික ගීය 1833-1917යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපති රාජපක්ෂ රදවා ගනු ලැබ සිටි යාපන සරසවි සිසුන් දෙදෙනා නිදහස් කරන ලෙස ආඥා කලේය. පවුල්වාදී සාර්වරයා එම නියෝගය නිකුත් කරන ආකාරය රූපවාහිනී නාලිකා මගින් රට පුරා විකාශය කරන ලදී. අත්අඩංගුවට ගනු ලැබූ සරසවි සිසුවාගේ මව තම දරුවා රාජ්‍යද්‍රෝහී වැඩකටයුතු ...
මෛත්‍රීපාල යනු රැවුල මුඩු කල රාජපක්ෂය Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය 2009 යුද්ධය නිමාවීමෙන් පසු රට තුල තහවුරු වූ හෙජමොනිය වූ කලී නව ලිබරල් ධනවාදය සහ සිංහල ස්වෝත්තමවාදය අතර ඇති වූ සන්ධානයයි. මහින්ද රාජපක්ෂ මෙම හෙජමොනික සැකැස්ම නඩත්තු කල අසහාය පාලකයා ලෙස ඉස්මතු වූයේය. සුලූ ජාතික ප්රජාවන්ගේ දේශපාලන ඉල්ලීම් ත්රස්තවාදයක් ලෙස අර්ථ දැක්වූ රාජපක්ෂ ජාතික ප්රශ්නය පිලිබඳ සංවාදය දේශපාලන සාකච්ඡාවේ මුල්ලකට විසි කොට දැම්මේය. 2009 ට පෙර ජාතික ප්රශ්නය ගැන සංවාදය ...