නිවනට ගඩොල් Pinchpoint "හම්මේ බස් වල ඇවිල්ලා , මගේ හොඳ පන ගියා . ඒ මදිවට මේ ගඩොල් දෙකේ බරට උරහිස්ස කකියනවා "ආතම්මා , හෙමින් උඩු තොල පහතට හරවා , පපුවට හුලන් පිම්බේය . ඉන්පසු ඔසරි පොට ගෙන පවන් සලන්නට විය . තවම රෙදි මල්ල කරේය . "අම්මේ ඔය මල්ල පැත්තකින් තියලා ඉන්න ඉතින් . " මා සිතිවිලි, වචන බවට හැරවුයේ අම්මාය . "ඔන්න ...
ලේසියටත් පහසුවටත් කරන දේ , සිතකින් නොවේ කරන දේ සහ ගුටි කන්න බැරි කමට කරන දේ // Of being wrong Pinchpoint ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරන බව කිව්වේ , සුනිල් පෙරේරාය . නමුත් කැතරින් ශුල්ස් "වැරදි වීම" (Katharin Shulz - Being Wrong ) පොතේ කියන පරිදි , දැන දැන වැරදි කරන්නට නොහැකිය . ඒ කියන්නේ තමන් වැරදි බව වටහා ගත වහාම එක්කෝ එය අපි නිවැරදි කර ගනිමු . නැතිනම් ඒ ක්‍රියාවට නිදහසට කරුණක් සදා ගන්නෙමු . එවිටත් අපි නිවැරදිය . ...
උන්න හැටියට මලා මදැයි Pinchpoint නිහඬ අඳෝනාවේ , තුනී පට ඉරා වැස්සා , මුරුගසන් ගල් වරුසා ගිය සිකුරාදා උඹේ සුසුමේ වේදනාව සප්ත සයුර පසුකර විත් හීරුවා පපු කැනත්තත් ගැඹුරට ඒත් තුවාල වේලෙනවා කැළැල් තිබුනත් මූණු අමතක වෙනවා උපන්දා සිට විඳි දුක් නිමා කරන නියා කබලෙන් ලිපට පැන්න නමක් නැත්ති නුඹ සැතපෙන් සමාදානෙන් දැන් උන්න හැටියට මලා මදැයි සිතා ...
සහෝදරී Pinchpoint සහෝදරී මම මේක උඹට වගේ ලියෙව්වට , උඹට මේක කියවන්න නොලැබෙන බව දන්නවා . ඒත් එහෙම ලියන්නේ මගේ හිතේ ඇති කම්පනය පොඩ්ඩක් තුනී කර ගන්න හිතාගෙන .හෙට දවල්ට ඔහේට ගල් වරුසාවක් වහින්න නියමිතයි ලු . ඒත් අහසින් නෙමෙයි. අන් ලඳක් දිහා හොරෙන්වත් නොබලපු , අන්සතු ලඳක් අතින් වත් නොඅල්ලපු , අන් සතු ලඳක් හා සිතින් වත් රමණය නොකළ , කොටින්ම ...
පොලිස් තේ සහ නොබෙල් සාම තෑග්ග Pinchpoint ඇස්වාට්ටුවට නුදුරු සුප්‍රකට මුස්ලිම් හෝටලයකි . පාන්දර යාමයේ මිරිස් හොදි සමග පරාටා ඩයට් එකකට හෝ ලයිම් ජූස් වීදුරුවකට මෙතන වාහන නවත්වන්නෝ බොහෝය . එනමුදු එය තරමක් අවදානම් සහිත වන්නේ මේ අවට ගැවසෙන පොලිස් නිලධාරීන්ට අසු වුව හොත් බැලුම් පිම්බීමට සිදුවන බැවිනි. මීට අමතරව මේ ස්ථානය රෑ පාරේ හිටගෙන නිදි මරන ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේද , අර හතරයි තුනයි තුනයි ....... තුනයි ...
සෙල්ලම් පොලීසිය සහ ඇත්ත හොරු Pinchpoint කෝප් කමිටුවේ සභාපතිත්වය හඳුන්නෙත්තිට ලැබී ඇත . පෞද්ගලිකව නොහඳුනන මුත් , ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳව මාගේ ඇත්තේ පැහැදීමකි . ඔහු වැඩක් කරන , හොරකම් ගැන කතා කරන , මහන්සි වී වැඩ කරන , අඩුම ගනනේ ප්‍රශ්නයකට විකල්ප විසඳුම් ( එය ගැලපෙනම විසඳුම ද නැද්ද යන්න පැත්තකින් තැබුවත් ) එකක් දෙකක් වත් ඉදිරිපත් කරන්නට තරම් වත් මොලයක් ඇති අයෙක් යයි මම ...
නදී ගේ කතා Pinchpoint නදී ..හ්ම් මම කවියක් ලියුවා .(අටට නැවු කොටුරූල් කොලයක් ඈ වෙත දිගු වෙන්නේය . කවිය හුළඟට ගහ ගෙන යා නියා , ඇය එය දිග අරින්නේ හිමිහිටය . )සුසුමක් පිටවී පවනැල්ල හා වෙලී නැගි රැළි අවකස මාරුතයක්ව විත් ඇඟේ හැපෙන බෙංගාල බොක්කේ අවපීඩන කලාපයක් හේතුවෙන් , සැන්දෑ කාලයේ අකුණු සහිත වැසි බලාපොරොත්තු වන්න වළා හඬවා කලතා මතක සයුරු තෙම පුපුරවා ධවල ...
කුණුහරුප කියන මැකෝ සහ අලි සෙල්ලම් Pinchpoint කාලෙන් කාලෙට නැගලා යන ජෝක්ස් එන්නෝය . ඒවා අතොරක් නැතිව නන් දනන් මුව කියවෙන්නේය . ඉන් පසු එය ගොන් ජෝක් බවට පත් වෙන්නෝය .මෙකළ " ...ළමයෙකුට දෙන්න .." කියනවා සේ කලක තිබු එසේ නැගලා ගිය විහිළුවකි .. "මල්වානේ රඹුටන් නම් දෙහිවල මොනවද තියෙන්නේ " කියා ඇසු කළ දෙහිවල තියෙන්නේ ඇඹුල් කියා කීම . නමුත් ලාබාල මට නම් දෙහිවල ඉතා හොඳින් ...
මතට තිතෙන් ඔබ්බට කුඩ්ඩන්ගේ ආණ්ඩුව හා නොකෙරෙන වෙදකම Pinchpoint පෙරවදන පහුගිය සතියේ ඇහැ ගැටුණු පුවතක් නිසා මේ සටහන ලියවිණි . පුවතක් කීවාට මෙය වොයිස් කට් එකක්ය . මුළු කතාවම නො අසා , වොයිස් කට් වලින් නිගමන වලට පැමිණීම ගැන මගේ හිතේ මහත් සැකයක් ඇත . වොයිස් කට් වල , ලංකාවේ පුවත් වාර්තාකරනයේ , මාධ්‍යකරණයේ ප්‍රමිතිය, ඇතැම් විට , දයාවතී , එන්සිනා ගේ මාධ්‍යකරණයේ කොලිටියෙන් ඔබ්බට නොයන බවද දනිමි . ...
සුජ්ජාගේ හැඳින්වීමේ කතාව, සිරාගේ කතාව , අගමැති තුමාගේ අයවැය හඳුන්වා දීමේ කතාව සහ මාරෆන් ගේ ඇවන්ගාඩ් කතාව Pinchpoint "අයිසේ, අපිත් පටන් ගන්න ඕනේ පන්තියේ සමිතියක් "ඔන්න ඔහොමයි වැඩේට මුලින්ම අණ ලැබුනේ. පිරිසක් ඉදිරියේ කතා කිරීම පුරුදු කරන්න, සබකෝලය නැති කරන්න , අපේ පන්ති භාර ගුරුතුමා ගත් එක් උත්සාහයක් විය මෙය .නමුත් අටවෙනි ශ්‍රේණියේ සිටි ගැටවර අපිට නම් මෙය පෙනුනේ හෙනම ඇනයක් ලෙසටමය."කවුද කැමති සමිතියේ සභාපති වෙන්න ? " ආයෙත් ප්‍රශ්නයක් .. ඉහළට එසවී ඇත්තේ එකම එක අතකි . ...
සනී සහ සනී ( සමාන්තර විශ්වයේ කතා දෙකක් ) Pinchpoint ඔන්න මුලින්ම කිව්වා මේවා සමාන්තර විශ්වයේ කතා . සත්‍ය සිදුවීම් වලට සමාන්තර වීම purely coincidential ය . සිංහලෙන් කියනවානම් "වරදක් කලත් හිතකින් නොවේ " (සභාවෙන් සිනා )පෙරේරා අංකල් සුපුරුදු පරිදි , සුදු කොට කලිසම හැඳ , ටී ෂර්ට් එක යට කර ගත්තේය . සුපුරුදු පරිදි ස්පෝර්ට්ස් ශුස් යුගලද පැළඳ ගත්තේය . අද ඉරිදාය . මේ ඔහු ලෑස්ති වෙන්නේ සුපුරුදු පරිදි ...
සනී සහ සනී ( සමාන්තර විශ්වයේ කතා දෙකක් ) Pinchpoint ඔන්න මුලින්ම කිව්වා මේවා සමාන්තර විශ්වයේ කතා . සත්‍ය සිදුවීම් වලට සමාන්තර වීම purely coincidential ය . සිංහලෙන් කියනවානම් "වරදක් කලත් හිතකින් නොවේ " (සභාවෙන් සිනා )පෙරේරා අංකල් සුපුරුදු පරිදි , සුදු කොට කලිසම හැඳ , ටී ෂර්ට් එක යට කර ගත්තේය . සුපුරුදු පරිදි ස්පෝර්ට්ස් ශුස් යුගලද පැළඳ ගත්තේය . අද ඉරිදාය . මේ ඔහු ලෑස්ති වෙන්නේ සුපුරුදු පරිදි ...
අවම බලය සහ සෝමා ඇන්ටිගේ කෑම කැවීම Pinchpoint දේශපාල තාත්තාගේ චන්ඩි බන්ඩි පොලිස් පුතා හදනු නියා බාර කලා ස්වාධීන කොමිසමකට ඒ වුනාට අනේ තාමගාලු පාරේ බිම පෙරළන් බැටන් පොල්ලේ අවම බලය තැලුම් පාර නිල් වෙනකන් ***සෝමා ඇන්ටි , පුරුදු පරිදි කෑම පිඟානක් බෙදා ගෙන තම මුණුපුරා පස්සෙන් දුවන්නේ කෑම ටික කවා ගැනීමටය . පුරුදු පරිදි ආතම්මලා මෙවැනි විටෙක බිල්ලෝ එන කතා , කරෝල වාඩී වලට ගෙන යන කතා ...
තනි රූල් ඉරි අතර , ජීවිතය ලිවීම Pinchpoint සුදු හිස් පිටු පුරා ඇඳි තහංචි රේඛා තනී රූල් ලංවී බලන් නොවේද දිස් දෙඉවුරක් ගං අනන්තයකට විහිදුනු නෙක් රහස් සැඟවුණු බෙණ යැති අඳුරු කුඹුක් ගහත් දියටම නැමුනු මතකයක පිලිහිඩු නීල සළු ද පෙරී ආ අව් රැසේ වේලෙන්නට වැනු වාක්‍ය බැමි බිඳ වචන ගලා යයි ඔහේ විටෙක දොළ පාරක්ව විටෙක සැඩ රළ නගා දෙගොඩ තලා නොගලා ඒත් පරිස්සමෙන් මග හරිමින් ප්‍රශ්නාර්ථ ...
හිට්ලර් යාම , චැප්ලින් ඒම සහ Back to the future Pinchpoint 2015 ඔක්තෝබර් 21 ගැන කතාබහක් ඇතිවුයේ , Back to the future (බැක් ටු ද ෆියුචර්) චිත්‍රපට මාලාවේ මාර්ටි අනාගතයට යන දවස එය වූ බැවිනි . කොටින්ම මේ චිත්‍රපටය ඇත්තක් නම් , එදා කොහේ හෝ තැනක මොඩිෆයි කල ඩිලෝරියන් රථ කාල යන්ත්‍රය, කාලතරණය කර මතුවෙන්නට ඇත . සංවාදයක් ඇතිවී තිබුනේ එදා 1985 දී මේ චිත්‍රපටයෙන් , 2015 දී පවතී යයි අනාවැකි ...
ආච්චි මළ බව පමණක් කීම හෙවත් What to say when you don't have anything to say Pinchpoint " මේ උ*තෝ , නානපාල ..... මේ ආපන් ...." නල්ලතම්බි මහතා තමන් දන්නා සිංහලෙන් නානපාල ඇමතුවේය (නල්ලතම්බි මහතාට "හ" යන්න කියවෙන්නේ නැත . එක්කෝ ඔහු ඊට අ යන්න හෝ උ යන්න ආදේශ කරන්නේය නැතිනම් අමතකම කර දමන්නේය ).මේ සිද්ධිය මා සේවයට ගිය අලුත , ඒ කාර්යාලයේ සිදූවූ වකි . ඥානපාල නොහොත් නානපාල එහි සේවයට අලුතින් එක්වූ තරුණ ගැටයෙකි . ඔහු ...
අවුරුදු අටයි මාස අටයි දවස් කීපයක් // Looking in to the rear view mirror Pinchpoint 2007 මුල දවසක, ඊ මේල් කරපු කවියක් කියවපු අයෙක් මට "ඇයි ඔබ බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ කියලා" කිව්වේ , මේ ඊ මේල් කරදරෙන් බේරෙන්නද කියලා මම අදටත් දන්නේ නෑ . ඒත් ඒ වෙනකොට බ්ලොග් කියන්නේ මොනවද කියලා මම දැන ගෙන හිටියා . උපන් රටෙන් ඇවිත් , පවුලත් එක්ක තනිවෙච්ච මම ඒ සාංකාව නැති කර ගන්න ලංකාව ගැන කියවන්න පටන් ...
ෆෘට් සැලඩ් මතක සහ විවිධත්වය හා අනුගත වීම පිලිබඳ ෆෘට් සැලඩ් න්‍යාය// fruit salad memories and fruit salad theory of diversity and inclusion Pinchpoint ඒ දවස් වල බොහෝ විට ෆෘට් සැලඩ් එකක් අපේ ගෙදර හැදුනේ දානේකටය. බොහෝ විට මේ පලතුරු ගෙනාවේ නුගේගොඩ පොලෙන්ය . "ෆෘට් සැලඩ් එකකට " කියා කිව්වහම අඹ විකුනපු මුදලාලි , ගොඩේ යටින් හොඳ ගෙඩි තෝරා දුන් හැටිද මතක් වේ . මෙහි කිසි තාර්කික පදනමක් නැතත් , ඒ දවස් වල ෆ්රුට් සැලඩ් හා දානේ ගෙවල් අතර තිබු සම්බන්ධය නිසාම එය කළා ...
කලින් ගෙදර යාම // Coming home unannounced Pinchpoint හිටපු ගමන් මම එනවා හතරයි හතලිස්පහේ රතු ඉරට හොරෙන් යතුරු හිලට ඇහැ තියා බලන නුඹ දෙඇස් පොඩි විස්මිතව පිපෙනවා බලන්නට දොර ඇරෙන පමාවට රළ නගන හද ගැස්ම අහන්නට අත් පොඩි ගෙලවටා වෙලෙන උණුහුම් සුවය විඳින්නට හිටපු ගමන් මම ගෙදර එනවා නොකියාම කලින් දිනෙක උඹත් අවුත් නොකියාම පුදුම කරාවී මා ***I disrupt order now and thenand come home earlyTo see your ...
රූපසිංහ මාමාගේ රූප පෙට්ටිය සහ මත්තල වී ගබඩාව Pinchpoint රූපසිංහ මාමා වැඩ කලේ කොළඹ සුද්දෙක් ගේ ගෙදර ය. ගමේ කොයි කවුරුත් ඔහුට ගරු සරු දැක් වුවේ , කොළඹ වැඩ කළ නිසාත් , කකුල් දෙකටම කලිසම් ඇන්ද නිසාත් ය. රස්සාව ද වැදගත් ය . ඩ්‍රයිවර් මහත්තයෙක් ... අනික මේ ගමේ උන්නු බස් ඩ්‍රයිවර්ලා , ලොරි ඩ්රයිබේල්ලා , ටැට්ටර් එලවන එවුන් වගේ නොව ....රූපසිංහ මාමා එලෙව්වේ අලුත්ම අලුත් ජපන් කාර් එකක්ය ...