දැන් පෙන්නනවා Pinchpoint (උදෑසන බනිසක් කා ප්ලේන්ටියක් බීමට හෝටලයකට ගොඩවුනු මට , මාගේ ඇනවුම ලැබෙන තෙක් හිඳින විට , එහා පැත්තේ මේසයෙන් , අපූරු දෙබසක් ඇසෙන්නට විය )ඒ ඕ ඊයේ නිව්ස් බැලුවද ?ඇයි ?මම හිටියා උඹ නිව්ස් කියෙව්වද ?(මා හිමිහිට හැරී බැලුවේ දන්නා කියන මුහුනක්දැයි කියාය ..)නෑ නෑ . අර සන්ජන් මහත්තයාගේ අයිටම් එකේ මම හිටියා කොතැනද ?ඇයි බං අර ඉස්සෙලම අර කුලියාපිටියේ ...
හෙළ සමාජයේ ප්‍රකට මිත්‍යා 2- පොදු ජනයා Pinchpoint මේ ගජ මෑන් ඔහු පොදු ජනයෙක් ඔහු දුගීයෙකුත් නොවේ , පෝසතෙකුත් නොවේ ඔහු උසත් නැත , කොටත් නැත කළුත් නැත , සුදුත් නැත ඔහු ලොවෙත් නැත ලොවි ගහෙත් නැත ලෝකයේ මෙන්ම , අප රටේද බහුතරය, පොදු ජනයා යැයි කෙනෙක් සිටිතැයි අයෙක් සිතති . 80% ක් සිතන්නේ , මේ කියන්නේ තමා නොව අන් අය කියාය . බහුතරය සිතන්නේ තමන් සාමාන්‍යයෙන් අන් ...
ඉක්කයි මමයි ගාලු යාම Pinchpoint ඇමති තුමා ...ආ ... බදාදා මහජන දිනය , බදාදා එන්න ....මහජන..??? නෑ නෑ සර් මම මේ ඒ නොසන්ඩාලයෙක් නෙමෙයි ... මම සර්ට වැඩ කලේ ...ඔව් ඔව් ... ඉතින මොකද ?සර් අපේ කට්ටිය ඊයේ හවස පොඩ්ඩක් සැට් වුනා .. ඉතින් රෑ වෙන කොට අපි රටේ ප්‍රශ්න ඔක්කොම එකින් එක විසඳන්න ගත්තා .. මේ එකක් ඉතුරුවුනා .. සර්ව මම දන්න නිසා, සැට් ...
හෙළ සමාජයේ ප්‍රකට මිත්‍යා #1- රාජපක්ශවරු, සිරිසේන මැතිනිය සහ පෙරේරාලා// Common myths of Sri Lanka Pinchpoint වරක් දෙවරක් මෙහිම ලියා ඇති පරිදි මම හැදුනේ වැඩුනේ නුගේගොඩට නුදුරු පෙදෙසකය . අසුවෙ මුල දසකයේ පවා සෑහෙන දුරකට ගමේ ගොඩේ ලක්ෂණ වලින් හෙබි පෙදෙසකම විය ( ගැමි හා ගොඩේ ලක්ෂණ යනු දෙකකි ) . අපි ජීවත් වූ පෙදෙස පැරණි රබර් වත්තකි . එහි නිවෙස් තනා ගත බොහෝ අය එහි මුල් පදිංචි කරුවෝ නොවුහ . නමුත් ඒ රබර් වත්ත දශක ...
සොපි Pinchpoint සොපි නෝනා ඇඬුවේමළ ගෙවල් වල පෙට්ටිය ගේන කොට මිනිය උස්සන කොට නෝට්ටු කොළ වලට පුරුද්දට මධ්‍යහන පුවත් අහලා විජේ කුමාරතුංගට වෙඩි තියපු දවසේ ඈ හැඬුවාය ඇත්තටම කවදා හිමි නොවෙන ඒත් රෑ මැදියම සිතට හිමින් තුරුළුවෙන වීදුරු හීනයක් බිඳී සොපියගේ මිනිහා සෝමදාස මැරුණේ බීලම කොරියාවේ ජිනේ ගේ දහජරාව ඇඬුවේ නෑ ඈ එදා දුක තුරුළු කරන් උරගත්තා කඳුළු මිදුළු තුලටම සොපිදැන් කරන්නේ ...
තවත් එක් වැලන්ටයින් දින කතාවක් Pinchpoint "හම්මේ උඹ ආවද ?... හැපී වැලන්ටයින් කිව්වා " රවී කියවමින් සිටි පත්තරය හැකුලුවේය ."වැලන්ටයින් තමා මොකෝ බං , උඹ මේ ඉරිදාවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නැතිව දිගට හරහට කෝල් දුන්නේ. මිස් කෝල් එකොළහක්" . මලිත් චීන දුරකථනයේ තිරය , ඇමෙරිකානු කොඩිය සේ වූ කොට කලිසම් කකුලක පිසදැම්මේය ය ,එහෙම නෙමේ . අර පඬියෙකුත් කියලා තියෙන්නේ අර්ලි බර්ඩ්ස් ලා ගැන කතාවක් ...
නමෝ නමෝ මාතා , නමෝ නමෝ ටායේ සහ ජාතික ගීය Pinchpoint "මචං හැපී ඉන්ඩිපෙන්ඩස් ""හැපී ඉන් ඩිපෙන්ඩ්ඩන්ස් ?"ඔන්න ඔහොමයි අපි කතාව පටන් ගත්තේ "මොකෝ හිතන්නේ මේ දෙමළෙන් නමෝ නමෝ මහතා කියන එක ගැන, අර්ථය එහෙම්මම එන්නේ නෑ නේද ?" . මේ දවස් වල මාධ්‍ය වල , සමාජ අන්තර්ජාල අඩවි වල, තලුමර මර හපන, සූප්පු කරන මාතෘකාවක් විසිවුනා මා දෙසට . සතර මහා පෙර නිමිත්තෙන් මුල් තුන සලකා බලා , මම පිළිතුරක් ...
Emotional Politics (හෙවත් හැඟීම් දේශපාලනය) සහ Politics of Emotions (හෙවත් හැඟීමේ දේශපාලනය ) Pinchpoint Emotional Politics හෙවත් හැඟීම් දේශපාලනය ඔන්න වෑන් එකක් නවත්තනවා කියන්නේ . සුදු වෑන් එකක් කියන්නේ . එකෙන් , දස මහා යෝධයෙක් වගේ , පුත්තර රත්නයක් බහිනවා කියන්නේ . කොල්ලා අහිංසක හිනාවක් පානවා කියන්නේ . පව් කියලා හිතෙනවා කියන්නේ . එක පාරටම දුක පිරිච්ච අම්මා කෙනෙක් ගේ මුහුණට ක්ලෝස් අප් ෂොට් එකක් දෙනවා කියන්නේ . අම්මා කෙනෙක් නේ කියලා හිතෙනවා කියන්නේ ...
රීරී යකා සහ ගුරුන්නාන්සේ Pinchpoint "යකෝ "....ගුරුන්නාසේ කෑ ගහනවා "යකෝ මේ අහගන් "යකා නවතිනවා . "මොනවා හරි දියන් යකෝ "යකා ඇඳි කඩ ඔසවා , පස්චාත් පෙදෙසෙන් යමක් අරන් ගුරුන්නාසේට දිගු කරනවා . " චිහ් මේ මොනවද , විසික්කා හං , ආයේ වටයක් දෙකක් දඩයමේ ගිහින් එමු "බෙර පදේ ආයේමත් වැයෙන්න ගන්නවා . ගුරුනාන්සෙයි , යකයි වටේට සක්මන් කරනවා . විටෙක ගුරුන්නාන්සේ යකා පිටු පස්සෙන් පන්නවා ...
සල්ලයිට් , ඔරෙන්ජන් බාර්ලි හා සිංහලේ// Lessons in Rebranding Pinchpoint අසූව දශකයේ අග හෝ අනූව දශකයේ මැද භාගයේ, අලුත් තාලේ දැන්වීමක් ප්‍රචාරය විය. එවකට කිසිවෙක් වැඩි අවධානයක් යොමු නොකළ සල්ලයිට් කෑල්ල , අලුත්ම එළියකින් එළි බසින ලදී . රෙද්දේ හැට්ටේ ඇඳි , නාඹර ගැමි ලියන් (ඒ වෙනකොටත් ෆැන්ටසියක්ම පමණි) , පෑදී දිය ගලන දොළක රෙදි සේදුහ . නම සල්ලයිට් වුවද , අයිතිය යුනි ලීවර් සමාගමට වුවද , ගම , අපේ ...
පොඩිහිටියා ගේ ප්රශ්නය හෙවත් are you smarter than a .... Pinchpoint මාගේ මිතුරාගේ පුත්‍රයා , පොඩිහිටි උන්නැහේව මතක ද ?අද මට ඊ මේල් එකක් ලැබිණි . ඔහු විශාල ප්‍රශ්නයකට මුහුණ පා ඇත .***දයාබර මාමේ මා මේ ඊ මේල් එක එවන්නේ මට මේ ගැන උපදෙසක් ගන්නට වෙන කෙනෙක් නැති නිසාය . මම මේ ප්රශ්නය අපේ අම්මාට කිව්වෙමි . අම්මා කීවේ මට පිස්සු කියාය. ඔය පත්තර කියවා කියවා ඉන්නේ නැතිව වැදගත් වැඩක් කරන්න ...
ඔවා දෙනු පරහට ... (හැම විටම වලංගුද ) Pinchpoint අම්මලා කියත් පුතාලට තවමත් බලාගෙන මයේ පුතේ ගෑණුන් ගෙන් .......ප්‍රවේසමෙන් මා ළඟක ඉඳන් ආසාවෙන් අහන වැඩසටහනක් "මතක පද ". සති කීපයකට පෙර, එහි මතක පද තේරුවේ දීප්ති කුමාර ගුණරත්න. ඔහුගේ දේශපාලන මතය , භාවිතාව කුමක් වුවත් , හිතන්න හිත කොනිත්තනවා ඔහු කියන ඇතැම් දේ . ඔහු කියනවා , මේ ගෝලීය කරණය වෙච්ච , ස්ත්‍රී දුෂණ අපමණ සිදුවෙන , අපේ සමාජයේ ...
ජනේරු අටවෙනිදාවක ලියමි Pinchpoint මේ කතාවට වස්තුබීජය අහුලගත්තේ අර බස්සිගේ පොත එළිදැක්වීමේ උළෙලේ , අර දිගම දිග , ඒත් රස , කතාවෙන් .ඔන්න මම දන්න පවුලක් හිටියා, ළමයි ටිකක් ලොකු මහත් වෙච්චි . පදිංචිවෙලා හිටියේ නෝනගේ මහගෙදර. ගේත් පරණයි අනික පවුලේම මහගෙදර උනත් , තමන්ගෙම ගෙයක් නෙවෙයිනේ කියන සිතිවිල්ල පවුලේ හැමගෙම සිත්වල පැලවෙලා තිබුනා . ඔන්න එකපාරටම දවසක් , තාත්තාට ඇදුනා ස්වීප් එකක් . ...
අහන්ඩ කෝ වයිෆ් ගෙන් Pinchpoint අලුත් අවුරුද්ද ලබලා උණුහුම ගියෙත් නැත , වැඩ තොගයක් මා මේසය මතට පතිත වී ඇත . කාර්යාලයේ ප්‍රශ්න, ගලවා දැමු කලිසම මෙන් මදකට පසෙකින් තැබූ මා සරමට බැස්සේ , අතට ගත් තේ කෝප්පය නිවී සැනහිල්ලේ රස විඳීමටය .කුස්සිය පැත්තෙන් , තනියම කතා කරන හඬක් ඇසෙන්නේ , මා බිරිඳ ගේය . මෙවැනි බොහෝ අවස්ථා වල , මා කරන්නේ ඇහුනා නෑහුනා ගානට ...
ජෝජ් සෝරස් සහ අනෙක් හොරු හෙවත් කෙහෙල් කැන ගහේ ඉදවා කෑම Pinchpoint "කෙහෙල් කැනක් ගහේ ඉදිලා කනවා වගේ නෑ අප්පා .""ඒ වුනාට කොහොමද හරියටම ඉදිලා කියලා දැනගන්නේ ?""ඒකට ක්‍රමයක් තියෙනවා ""ඈ ?""ඔව් , කෙහෙල් කැන හරියටම ඉදිච්ච පොයින්ට් එක , ගහෙන් බාන්න ඕනේ පොයින්ට් එක හරියටම දන්නේ ...කෙහෙල් හොරු තමා .""ඒ කිව්වේ හොරෙක් ගෙන් අහලා දැන ගන්නවා ""එහෙම ඇහුවට හොරු කියනවා යෑ ""ඒකනේ "කැන කෙහෙල් ගහේ තියලා බලන් ඉන්නවා . හරි දවසට ...
එළ ද බ්‍රා ලෝ සහ ලංකට් ලෝ Pinchpoint ඔන්න ආයෙත් සමාන්තර විශ්වයේ කතාවක් . ලංකාවේ එහෙම කියලා වරදවා තේරුම් ගන්නවා එහෙම නෙමෙයි .ආර්යාව සදා දුන් කළු කෝපි කෝප්පය ඉවර කරන්නවත් ලැබුනේ නැත, ගේට්ටුවේ සිටින ආරක්ෂක භටයින්ට ද සත්තමක් දමා ගෙන කෑගසාගෙන එන අයෙකු දුටු අයිසේ මහත්තයා කැළඹීමට පත්විය ."අයිසේ මම බැලුවා කව්ද කියලා මේ ලෝකේ පෙරලගෙන එන්නේ ...තව පොඩ්ඩෙන් කෝපි කෝප්පෙත් හැලෙනවා " "සර් සර් මෙහෙ කෝපි බීබී ...
ඉබාගාතේ යන යුදෙව්වා Pinchpoint මොකක් කිව්වා නම ?ඒ වගේ නමක මතක පෙරදා ගොල්ගොත කන්දෙන් ඇහුන ආත්මයක් සැහැල්ලුවට පාවුන සුසුමක එකම එක කාගේ කවුරුන් කිව්වා ?මේ ඇහෙන දේවලට පිස්සු නැහැදුනොත් තමා පුදුම ඒත් නරකද ගතොත් බෙහෙත් ඊළඟ ඉස්ට්‍රයික් එකට පෙරාතුව මොකක් කියන්න ලංවෙන්න කිව්වා ?ලංවෙලා ඔහේ කෙලින්නද හදන්නේ පොකැට් එකට වත් ඔය කියන විමුක්තිය කන්නද තම්බලා, මලවලා සහෝ පොඩියක් මගින් අයින් වෙනවාකෝ කෝච්චිය මිස්වෙලා රතු ...
එන්රිකේ Pinchpoint ලාබ ලාබයි නෝනා.. මේ හංස කුමාරිට එකක් නීල ජලාසේ රඟනා ගැට දොඩම් වගේද නංගි හොඳට පැහුණු වට්ටක්කා ගොර හඬින් කෑ ගහපු තිසර පට උඩ දදා වැටෙන විට අල්ලාපු වෙළෙන්දෙක් උන්නා ඔරලෝසු කනුව ළඟ පේමන්ට් එකේ ඉස්ටේසම පෙනෙන මානේ සල්ලි සල්ලි නොබලා අරන් කෑල්ලක් , දහදාහේ ගිහින් වගේ මිනිහත් බලන්න නියා එන්රිකේ පලි : එක එක උන්ට , නෙක නෙක චූන් ...
ඇස් වලින් ඇසු සිංදුව Pinchpoint ඔහු පරිස්සමට ඇඟිලි තුඩින් ස්වර හඬවන්නේය පියනෝවේ . යතුරු මත ඇඟිලි සක්මනේ , කළු සුදු සුදු කළු සුදු .මුමුනන්නේය , ගීයේ තාලය රහසින් මෙන් . ඈ , අසා සිටින්නී දෙනෙතින් , දෙ ඇස් දල්වා .මිමිණුම , කාටත් හොරා වචන බවට පත් වේ "සුදෝ ..... මම ආදරේ ....." වචන නිමවී , සංගීතය ස්වර පණගැන්වෙන තෙක් පිරි නිහඬ තාවය , මහගෙදර ආලින්දයේ, ...
සැන්ටා ක්ලොස් සහ මුදලාලිගේ නත්තල් කරුණාව Pinchpoint "සේල් " "සේල්" බෝඩ් , සාප්පුව වටේට එල්ලා ඇත . සාප්පුව ඉදිරිපිට , ලවුස්ස්පීකරයේ සංගීතයට නටන නත්තල් සීයෙකි . බැලුම් තුනක් ගැට ගැසූ රිටක් එක අතකය . අනෙක් අතෙන් ඔහු මග යන්නවුන්ට අතවනයි , මල්ලෙන් ගෙන නිකන් බෙදා දෙන්න යයි කියූ , සබන් කෑලි බෙදයි , වෙස්මුහුණ පොඩ්ඩක් උඩට ඔසවා මුහුණ පිහිදා ගනියි, කඩේ ඇතුලට එන්න යයි පදිකයන්ට ආරාධනා කරයි ...