ඇයි මම බොන්නේ (කවිද මන්දා ) Pinchpoint ඇයි මම බොන්නේ එහෙම නැත්නම් මටත් වෙන්නේ හතේ ඉඳන් නවය වෙනකං සුසුම් එක්ක පාන් කන්න දහයේ ඉඳන් දොළහ වෙනකං පොලිටි ජෝක්ස් වලට හිනාවෙන්න***
මම ගියා නිල්කස් හොරුන්ටත් එහා ගිය මිනිසා සොයා Pinchpoint (මේ තරම් සියුමැලිද කළුගල් තාලයට )ඩඩ් ඩ ඩ ඩා , ඩඩ් ඩඩ ඩඩ , ඩඩ් ඩඩ ඩඩට්රියුඌ න් ට්‍රින් ට්‍රින් , ට්රියුඌ න් ට්‍රින් ට්‍රින් මේ තරම් අවමන් නිගා මට දරන්නට තව බැරි නිසා මම ගියා නිල්කස් හොරුන්ටත් එහා ගිය මිනිසා සොයා එහා ගිය මිනිසා සොයා බැංකුවේ මහා දොරත් ඇරගෙන චන්ඩියා ලෙස ආ නියා බලා කීවේ, හිටින් යයි මට අගමැතිත් ...
ඇගේ ඇස අග බලා ලියු Pinchpoint පිස්සු හැදෙන හඳයා ටද ?මටද ?හංස විලෙන් බැස මා සිත් විල ලැගුම් ගත් ස්වර්ණා ගෙනැවිත් ආයෙත් බලෙන් ඔබ්බවා ෆැන්ටසිය පුපුරුවා අර කිව්ව හද විල , සාලාව වගේ දැන් ඒවා නම් කැතම වැඩ ඇත්තටම එහෙම දේවල් වෙනවද ධම්ම චින්තා අහලා තුන් සුත්තරේ අහන අතරතුර ඇයි දෙපැයක් ගාල් ටියුෂන් පන්ති බංකු පේලි අතර කන්තෝරූ ඒ සී කාමර තුළ බෝ මළුවට එහා ආවාස ...
#හුටා Pinchpoint මේ මුලූ සටහනම පාදක වන්නේ , මා ශ්‍රවනය කල එක් ගුවන් විදුලි වැඩසටහනදී කපිල එම් ගමගේ කවියා කියූ දෙයකිනි . ඒ ඔස්සේ දිගට දිගට මම සිතන්නට විමි . ඒ මන චාරිකාවේ හමුවූ පිංච් පොයින්ට්ස් කිහිපයක් පහත සටහන් කරමි***මචං යාපනේ දෙමලු කෝඇයි ඔය ඉන්නේ , ඩෙගා නටන විගා . ඇයි අපේ විජෙකලා නෝනා .ඒ කට්ටිය වැල්ලවත්තෙනේ , මම අහන්නේ යාපනේ ...
දොට්ට ඩූ ලිට්ල් ගේ අලි ටෝක් Pinchpoint මා හඳුනන දොස්තර මහතෙකි . දොස්තර කෙනෙක් කීවාට මොහු කරන්නේ දත් බඳින , ගලවන එකය . හංදියේ කඩේ බඩා මුදලාලි නම් කියන්නේ " ඒ වුනාට මු හැසිරෙන්නේ ෆුල් දොස්තර කෙනෙක් ටත් වඩා දොස්තර කෙනෙක් හැටියට" කියලාය . නම ඩූ ලිට්ල් ය . ඩිස්පෙන්සරියක් කරන කාලයේ දොර ලෑල්ලේ ගසා තිබුනේ "දොට්ට ඒ .ටී .ඒ . ඩූ ලිට්ල්" වරහන් ඇතුලේ "හොඳ හිත ...
යනවා නම් ප්ලේන් එකක නැගන් .... මාත් අරං යන්න සත්තලං Pinchpoint ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි ටි ටික් යනවා නම් ප්ලේන් එකක නැගන්...න්න්මාත් අරං යන්න සත්තලං // තායිලන්ඩ් උගන්ඩා ජැපෑන්කොහේ උනත් කමක් නෑ මචං // ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ...ටික්ටි ටි ටික් ....ටික්ටි ටි ටික් ෆුජි හිමේ කඳු පාමුළ ජපන් බබෙක් ඔසවාගෙන ෂොපින් මෝල් එකක් ඇතුලේ ජපන් කෙල්ලෝ වටකරගෙන පරණ පුරුදු ආතල් යළි ගනිමු ...
එක යට රත්නේ ගේ ටැක්ස් ඇඩ්වයිස් Pinchpoint සටහන් කීපයකට පෙර ඔබට හඳුන්වා දුන් මගේ මිත්‍රයා , එක යට රත්නේ ඔබට මතකද ?ලාංකිකකමටද මන්දා ඔහුට සෑම දෙයක් ගැනම ආකල්පයක් ඇත . මුළු වසර පුරාම ඔහු පුන්‍යකර්මයක් ලෙස කරන්නේ ආකල්ප දන්සැලක් දීමය . නොබෝ දිනෙක අප අල්ලාප සල්ලාපය හැරවුණේ වත්මන් බදු ප්‍රතිපත්ති දෙසටය "මචන් මේ ටැක්ස් ගහගෙන ගහගෙන යනවා , මිනිසුන්ට ජීවත් වෙන්න එන්න එන්නම අමාරුයි ."මිනිස්සුන්ට කොහොමත් ජීවත් ...
ගොවි දන මනාවූ ..ලැබිය යුතු වූ සේම ගම බිම් , දෙස්පල් මනාවූ ...පැදිය යුතුවූ සේම බීමර් Pinchpoint කන් කන් බූරූ සිං සිං නෝරු මම කියන දේ අහනවද ? වෙන මොනවා කරන්නද මේ දවස් වල කතාව ඇමති වරුන් ට සුඛෝප භෝගී වාහන ගන්නට සියලු දෙනා එකතු වී අත් ඉස්සු පරිපූරක ඇස්තමේන්තුව ගැන ය . පොඩි උන් පන්ති වලදී අත් උස්සන්නේ විවිධාකාර විධි වලටය . සමහරු බාගේට අත් ඔසවති . තවත් සමහරු අත ඔසවන්නේ , අනෙකාගේ ඔලුවට උඩින්ය . ...
බන්දු බාස් කී දේ ජෝන් බාස් කීම Pinchpoint පාසැල් යන අවධියේ මටත් තිබ්බා හීනයක්, දොස්තර කෙනෙක් වෙන්න . ඇත්තටම ඒක මගේ හිතට හිමින් සැරේ කාන්දු කෙරු මගේ අප්පච්චිගේ හීනයක් .. ඒක ඔහුට ළඟා කර නොහැකි වූ ඔහුගේ හීනයක් .. එහෙම බලන කොට මිනිස්සු ඉපදෙනවා , ජීවත් වෙනවා , මැරෙනවා ඒත් හීන අමරණීයයි ... කොහොමෙන් කොහොම හරි අප්පච්චි ලෙඩවෙලා මියැදුනා මම දොස්තර කෙනෙක් උනේ නෑ . ඒ හීනේ පැත්තකින් ...
කිඹුලෙක් කතා කරයි // Why did the crocodile come ashore Pinchpoint "ආයුබෝවන් ..මෙන්න අතිරස පුවත් . ... කොළඹ ඇතුළු ප්‍රදේශ රාශියකට ගාලු ගංවතුර තත්වය බැස යාම ඉතා සෙමින් සිදුවේ . මහජන සහන වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ , එම නිසාම රජය තම සහන වැඩසටහන් අත් හිටුවා ඇත . කැළණි නිම්නයේ සංචාරයේ යෙදෙන අපේ වාර්තාකරුට හමු වූයේ පහුගිය දින ගංවතුරෙන් ඉතාම ප්‍රසිද්ධියට පත්වූ චරිතයක් "ඔබේ සම්පුර්ණ නම ඇලිගේටර් ආරච්චි ගේ කිඹුල් අප්පුහාමි ...
චාතුස්කෝටික චමින්ද සහ එක යට රත්නේ Pinchpoint මේ ඉන්නේ චමින්ද . මගේ මිත්‍රයෙක් . දහසක් චමින්දලා අතරින් යාළුවො , මාළුවෝ ඔක්කොම ඔහුව හඳුනන්නේ චාතුස්කෝටික චමින්ද කියලා . ඌ නම් කියන්නේ ඌ මැදහත් සිත් ඇත්තෙක් කියලා හැබැයි අනෙක් උන් නම් කියන්නේ පතෝලයෙක් මෙන්ම ආඳේක් කියලයි . චමින්ද ඕනෑම සංසිද්දියක් පක්ෂ විපක්ෂ දෙපැත්තටම සාධාරණීකරණය කරනවා . ..එතනින් නවතින්නේ නෑ .මේ ලඟදි දවසක දී මට චමින්ද ව හමු උනා "කොහොමද ...
කැප් කරුවන්ගේ දිනය Pinchpoint (කාටුනය අවන්ත ආටිගල ගේය )පොඩි එකා කලිසම් කොටය එක අතකින් අල්ලා ගෙන නිදි ගැට කඩමින් ආලින්දයට එන විට ඔහුගේ සීයා සිටියේ වේවැල් පුටුවේ ඉරිදා පත්තරේ බලමිනි ."තීයේ තීයේ " පොඩි එකා ට හදිසියේ යමක් මතක් වූ සෙයකි ." පුතේ මොකෝ "" තීයේ තීයේ , දන්නවද වැඩක් ...අහස කඩා වැටිලා .. "" මොකක් කිව්වා " සීයාට ඉබේම අහස දෙස බැලුනේය ...
#අයියෝ // lunch time TV Pinchpoint වැල් වටාරම් නැතිව කෙටියෙන් කතාවට එන්නම් . දවල්ට ලන්ච් එකට ( දවල්ට නැතිව රෑට ලන්ච් තියෙනවා යෑ? ), එකමත් එක රටක (ලංකාවෙන් පිට ) එක්තරා කන්තෝරුවක ( අපේ කන්තෝරුවේ නම් නොවේම නොවේ) ලංකාවේ කට්ටිය කැන්ටිමේ එක මේසයක් වටා සෙට් වෙනවා . ඔන්න අලුතෙන් කන්තෝරුවට ආපු නාඹර ගෑණු ළමයෙක්, කෑම එක අරගෙන, වටපිට බලනවා ඉඳගන්න තැනක් හොයාගන්න ."ආ නංගි ..එන්න එන්න ...
සදහම් රැප් Pinchpoint ( සෙව්වන්දියකට පෙම් බැන්දා ..ආශා දහසක් රස වින්දා ...ඩින් ඩින් ටක ඩින් ....යෝ යෝ ... හේ නිගා .. සෙව්වන්දි බේබේ ....තවුසන්ඩ් ආශාස් ..) හෙලෝ හෙලෝ , සුභ අලුත් අවුරුද්දක් වේවා ....සුභ අලුත් අවුරුද්දක් ....ඔව් ඔව් අපි අහන්නේ හිරු තමා හැ හ් ..?? නෑ නෑ අයියේ අපි මේ සී ඩ්රෑගන්ස් දායක සභාවෙන් ආ.. . මේ අපේ පන්සලේ .. මොකෝ මල්ලි ?අයියේ ...
කාච දෙකේ කැමරාව සහ මාර වෙනස Pinchpoint මම යූ ටියුබ් පරම්පරාවට වඩා වයස්ගත වුවද , ඉඳ හිට නිරතුරු මා නරඹන චැනල කීපයක් ඇත . ඒවා මාගේ විනෝදාංශ හා සබැඳි ය . මේ චැනලය ඉන් එකකි . මොහු වෘත්තියක් හැටියට කරන්නේ සොහොන් ගල් කෙටිමය , ඔහු ගේ විනෝදාංශය චායාරූප ශිල්පයයි . මේ දෙකම මතකයන් අල්ලා රඳවා ගැනීමේ , ඝනීභවනය කිරීමේ දෙවිදියක් . නමුත් චායාරූපකරණයට ඔහුගේ පිවිසීම ටිකක් අමුතුයි ...
අවුරුද්දට ගම ඒම - පොඩිහිටියාගේ රචනයකි Pinchpoint මෙය රචනාවකි . ලාංකීය අධ්‍යාපන ක්‍රමය එක තැන ලොප් වෙතැයි කීමට , අවුරුදු තිහක් තිස්සේ පාසැල් රචනා මාතෘකා නොවෙනස්ව තිබීමම සෑහේ . රචනාවේ කතෘ , මා මිතුරු තෙමේ පුත් , ඔබ සැම දැන් හඳුනන , පොඩිහිටි තෙමේමය .අවුරුද්දට ගමේ යාම අවුරුද්ද යනු සුරියා මීන රාසියෙන් මේස කිහිපයකට සම්ප්‍රාප්ත වීමයයි ඇල්බට් අයින්ස්ටයින් කිව්වා යයි ෆේස් බුක් එකේ තිබුණි . අවුරුද්දට ගමේ ...
තෙසක් රියේ විසේසඥයා Pinchpoint මල්ලි යමුද හයර් එකක් ?හරි යමු සර් ප්රාරාරාට් ටට් ටට් ටට් , ට්රූම් ට්රූම් ට්රූම් මීටර් ද ?ඔව් සර් හැබැයි වැඩ කරන්නේ නෑ හදා ගන්න ඕනේ ආ එහෙමද? කමක් නෑ යමුකෝ මෙන්න ඇඩ්රස් එක.. මේ ලඟම වෙන්න ඕනේ සර් මම නම් හරියටම දන්නේ නෑ , මම කොළඹ නෙමෙයි නේ ඈ , ඒකත් එහෙමද , ඔයා ටැක්සි එලවනවා පාරවල් දන්නේ නෑ ...
ඔහේ හප හපා යන්න .. Pinchpoint ඉස්සර ... ඇත්තටම ඉස්සර කිව්වට දැන් නම් දැනෙන්නේ ආත්ම ගණනාවකට පෙර වගේ , අපි සිංහල අවුරුද්දට ගමේ යන්නෙමු . කොටුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් නුවර බස් එකක නැගලා , එතනින් අලකොලංග (ද කොහෙද ) බස් එකක නැගලා , තිස්මඩ හන්දියෙන් බැහැලා , විනාඩි 15ක් විතර පයින් යන්න ඕනේ නුවර ආතම්මලාගේ ගෙදරට (මරු නුවර!! ).ඔය අලකොලංග බස් එක , එක දොරක් තියෙන ...
පස්චාත් විප්ලව වයලන්ස්, ජෝක්ස් සහ විප්ලවයේ ස්වභාවික පරිණාමය Pinchpoint (හොඳින් දකින්න පින්තූරය උඩ ක්ලික් කරන්න ) 2014 සැප්තැම්බර් මාසේ කුඩ ඉහළගෙන පටන් ගත්ත විරෝධතාවය, කුඩ විප්ලවය (umbrella revolution ), හොං කොං නගරය මාස ගාණකට අඩපන කලේය. අඩපණ කිව්වට අඩපණම නෙවේ . මිනිස්සු උදේ වැඩට ගිහින් හවස විප්ලවයට සහය දුන්නා . විරෝධතාවයට විරුද්ධවත් මිනිස්සු විරෝධතා දැක්වුවා . තැනක දෙකක ගුටිත් ඇන ගත්තා. පොලීසිය ඉතාම ඉවසීමෙන් එහෙත් තදින් නීතිය හා ...
පොටෝ ගැසීම Pinchpoint පොඩි කාලේ අපිට හැපී බේත් ඩේ නොතිබුනද , උදේට කිරිබතක් සැදුනේය . තෑගි ලැබුනාද නොලැබුනාද හරියට මතකයක් නැත . එක වරක්නම් හුලං ගේ කඩයෙන් බැට් පිත්තක් ලැබුණු බවද . අත්තා හැමවිටම , උදේට වඳින විට , මහජන සම්පත මුල් තෑග්ග ඇදුනු විට , උපන් දිනේට ගෙනත් දෙන බයිසිකලය ගැන සිහි කල බවද මතකය . පාටි නොතිබුණද , හවසට පරාක්‍රම පොටෝ ...