ලෝකාවසානය 2012 ද? | The Apocalypse? Really? Out In The Open 2012 කියන අංක ටික මුලින්ම කලබල කරන්න පටන් ගන්නෙ 2009 දි එනවා කියල ප්‍රචාරණය කරන්න පටන් ගත්ත චිත්‍රපටියක් නිසා. චිත්‍රපටිය 2012, අධ්‍යක්ෂකවරයා Roland Emmerich. ප්‍රධාන නලුවා ජෝන් කුසැක්. මට මතක විදියට මේක පටන් ගත්තේ YouTube වීඩියෝ කිහිපයකින් සහ එහාට මෙහාට ගිය ඊමේල් ටිකකින්. අන්තර්ගතය වුනේ මායාවරුන්ගෙ දින දර්ශනය හරියටම 2012 දෙසැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනව, [...] No related posts. ...
ඡායාරූප උඩුගත කිරීමේදී මේ ගැන සැලකිලිමත් වුනාද? | On the Ownership Issue of Uploaded Photos in Social Networks Out In The Open ඡායාරූපකරනය හදාරන්න පටන් ගෙන ගන්න ඡායාරූප ගැන හොඳ නරක අහගන්න මොකක් හරි සමාජ ජාලයකට උඩුගත කිරීම ඕනෙම ආධුනික ඡායාරූප ශිල්පියෙකුගෙ (මාත් ඇතුළුව) පුරුද්දක්. රට පුරා සහ විවිධ වයස් සීමා පුරා අන්තර්ජාලය ව්‍යාප්ත වෙන අතරෙදි මේ පහසුකම, නැතිනම් තමන්ගෙ portfolio එකක් පහසුවෙන්ම වඩාත් විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකට මුදාහරින්න පුළුවන් වීම, ඉතාමත් ජනප්‍රිය වෙනව. නමුත් බොහෝ සමාජ ජාල [...] No related posts. ...
මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted Out In The Open අස්සලාම් අලෛයිකුම්! මේ රිෆ්කාන් මට කතාකරපු පලමු වචන කිහිපයයි. නුවර බලා දිවෙන නගරාන්තර දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතකට, සාමාන්‍ය ගාස්තු බස් රථයකට ද වඩා වියදම් කොට හිඳ ගැනීමට තැනක් නොමැතිව පාපුවරුවේ යාමට සිදුවීම ගැන මටම දොස් කියා ගනිමින් සිටි මට ඔහුගේ ආමන්ත්‍රණය මුලින් ඇසුනේ නැත. “වලෛයිකුම් සලාම්” කියන්න ඉස්ලාම් ආගමේ මුල් පාඩම ඔහු මට කියා දුන්නේ [...] No related posts. ...
ඉර එලිය – කතාවක් Out In The Open හිටි හැටියෙම තීව්ර වුන ජනේලෙන් ඇතුලට වැටෙන හැන්දෑ අව්ව ඔහේ හිත හිත හිටපු පොඩි හාමුදුරුවන්ගෙ ඇස් දෙක ගස්සල ඒ පැත්තට ඇද ගත්තා. සිමෙන්ති පොලොව හාරගෙන යන්න ඇදේට ගහපු ස්ථම්භ වගේ තිබුණු ධාරා අතරින් එහාට මෙහාට අත යවල උන්නාන්සෙ ජනේලෙන් එලියට අවධානය යොමු කලේ ඒවා කොන්ක්‍රීට් නොවුනත් හැතැප්ම දහස්ගානක් පහුකරල එන්න ඉර එලියට ශක්තිය ලැබුන හැටි [...] No related posts. ...
අලුත්ම පිස්සුව Out In The Open අංගොඩ මානසික රෝහල අසලින් පියමං කරන මගියෙකි. රෝහල් කරත්තයක් තල්ලු කරගෙන ඔහු පසු කරගෙන යන සාත්තු සේවකයෙකු සමඟ කතාවට වැටෙන්නේ කරත්තයේ පුරවා ඇති බඩු මල්ලේ ඇත්තේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලය සංසිඳවා ගැනීමටය. “කොහෙද ඔය යන්නෙ? මොනවද කරත්තෙ?” නුරුස්නා බැල්මක් මගියා දෙසට හෙල සාත්තු සේවකයා තම රාජකාරියේ බරපතලකම පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමින් තත්වය පැහැදිලි කරයි. [...] No related posts. ...
ලේ – හිරු කිරණ – හෑන් සුයින් [පරිවර්තනය අනුල ද සිල්වා] Out In The Open “… පොන්ඩ් තම මව ගැන බොහෝ දෙනා සමඟ පුන පුනා පවසන්නට විය. ‘අම්මා පිරිසිදු වාට්ටුවක ලස්සනට ඉන්නවා. විදේශිකයෝ අම්මට ලේ දීලා තියෙනවා.’ ‘අයියෝ පිට රට්ටුන්ගේ ලේ? එතකොට ඒකි කොහොමද තව දුරටත් අපේ එකියක් වෙන්නේ?’ අත්තම්මා බෙරිහන් දුන්නාය. එසේ කෑ ගැසුවද ඈ තම දරුවන් හිඟමනේ යැවූ එකියකි. ‘නෑ අත්තම්මේ ජෙන් දොස්තර මහත්තය කිව්ව අපි හැමෝගෙම ලේ [...] No related posts. ...
බැචලර් ඔෆ් සෝවාන් එක්ක හැහ් හැහ් හැකිං! පාඩම Out In The Open බයිලා ලියන්න මාතෘකාවක් නැතුව වේලී වේලී හිටිය බ්ලොග් පඩංගුවට මාතෘකාවක් හොයලා දීම ගැන මොහොමඩ්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එච්චර කාලයක් තමන්ම ප්‍රකාශ කර ගත්ත යුද්දෙක ගජරාමෙක පැටලිලා හිටිය පෙරමුණේ රාලට සේනාව අඩු වෙලා වැලේ වැල් නැතුව සෙත්ත පෝච්චි වෙලා යන්න ඔන්න මෙන්න හිටපු නිසා මෙලෝ රහක් නැතුව හිටියේ. අන්තිමට මොහොමඩ්ම ඇවිත් එයාට ලොකු උදව්වක් කරල [...] No related posts. ...
ආගමික අන්තවාදයේ ධනාත්මක පැත්ත | Positives of Religious Extremism Out In The Open ස්වයංඝාතනය - සාමාන්‍යෙයන් දර්ශනයක් හෝ විනය නීති මාලාවක් ආගමක් බවට පත්වන්නේ අන්ධ භක්තිය හා නූගත් කම එකතු කර ගැනීමෙන්. අන්තවාදියා රඳා පවතින්නෙ මේ අන්ධ භක්තියයි නූගත්කමයි මත. අන්තවාදී තර්කයක් බුද්ධිමතුන් ඉස්සරහ ස්වයංඝාතනයක් වෙන්නෙ එහෙමයි. එයටම එකතු වීමේ ගුණය (accumulation) – එක් පැත්තක අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අනෙක් පැත්තෙන් එවැනිම අන්තවාදීන් බිහිවීම. භාෂාව වෙනස් වුනත් වචන [...] No related posts. ...
ඇනෝනිමස් ආතල් Out In The Open ඇනෝනිමස් ඇනෝනිමස් ඇනෝනිමස්……………. මේ ගැන අටුවා ටීකා අවශ්‍ය නැති නිසා කියන්න තියෙන දේ කෙලින්ම කියලා දාන්නම්. වැඩ අධික වුනත් මෙහෙම දෙයක් ලියන්න වෙන්නේ ගණන් නොගෙන ඉන්න බැරි තත්වෙකට පත්වෙලා නිසයි. ඇනෝනිමස් ආතල් වලින් වැඩිපුරම වැදිලා තිබුනේ සිංහල යුනිකේත බ්ලොග් අසංසදය කියන විකෘතිතාවයට. බ්ලොග්කරණය කියන්නේ හමුවෙලා කනබොන එක විතරක් කියලා හිතාගෙන ඉන්න අයට සුලු ආතල් දිදී බ්ලොග්කරණයේ මහගෙදරයි වගේ දෙකේ [...] No related posts. ...
මගේ නමක් නැති කතාව | My Untitled Story Out In The Open තිත්ත කලුවර මැද හිසේ පන්දමක් රැගත් සර්පයෙකු සේ දුම්රිය ඉදිරියට ඇදෙමින් පැවතිණි. ඇදෙන දුම්රිය දෙස ඔහේ බලා සිටින යෝධයෙකු සේ මා හට වම් පසින් කලුවරේ කන්දක සෙවනැල්ලක් දිස් වේ. එහි මොනයම් හෝ ආලෝකයක් නැත. එහෙත් මා එහි ඇති ගුප්ත භාවයට වශි වී ඇත. මුහුණට වදින සීතල සුලගින් ලේ බිඳක් හෝ ඉතුරු නොකොට මුහුණ හිරි වැටී ගියත් [...] No related posts. ...
නවීන විද්‍යාව, වැඩකරු හා වර්ගයා බෝ කිරීම | Modern Science, the Stud and Breeding Out In The Open විභාගයෙන් තුනෙන් එකක් ඉවර වුන දවස ඉවර කරන්න යන්නෙ පොඩි බ්ලොග් පෝස්ට් එකකින්. මාස තුනකටත් පස්සෙ ලියන පලවෙනි බ්ලොග් පෝස්ට් එක නිදිමතෙන් බර වුන හිත ඇතුලෙ ඇති වුන පොඩි මතයක් එලියට දාන්න පාවිච්චි කරන්නම්. නවීන විද්‍යාව/බටහිර විද්‍යාව වගේ දේවල් වලින් හඳුන්වන විද්‍යාවට බනින එක මේ කාලයේ ලංකාව ඇතුලෙ ෆැෂන් එකක්. තම තමන්ගෙ විකාර මතිමතාන්තර විද්‍යාවෙන් [...] No related posts. ...