කඩදාසි ඔරු. ThaRu AtHariN (තරු අතරින්....) අඳුරු අහස නැගෙන කළු වලාකුලට යටින් හඬ තලන හුළඟට වාරු නැතිව නතු වුනු වියලි කොළ,දුවිල්ල කැටි ගසා මඩ පාට වැහි බින්දු මහා පොලොව සිප ගන්න,නුබ ගැබම දෙබෑ කර අසනී වැහි වැටෙනකොට ජනෙල් පියන් අස්සෙන් හිරිකඩ ගලන හැටි,තවත් එක මොහොතකින් විඩාබර ආකාසය දුකින් හිනා වෙනකොට දැක්කා මම තවත් ඉතින් මිදුල පුරා කඩදාසි ඔරු නැති බව... ...
කාල සටහන ThaRu AtHariN (තරු අතරින්....) පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියත් මේ දවස් වල හිතේ තියෙන්නේ එකම එක දෙයක් හින්ද මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ. අන්තිමට හිතුනා හිතේ තියෙන දේ ම ලියන්නම් කියල හිතුවා.2011-08-15- Foundation of Computer Science (සෑහෙන අමාරුයි කියල හිතුවේ. දැන් නම් එච්චර අමාරු නෑ වගේ....)2011-08-16- Database Management System I (අම්මියෝ .... මතක් වෙනකොටත් නිදිමතයි වගේ... )2011-08-17- Internet Technology and Applications (මම ...
දඬුවම. ThaRu AtHariN (තරු අතරින්....) හිනාවෙන්න ආසයි මට ඉස්සර වගේම සැහැල්ලුවෙන්,එත් ඒ හිනාව කව්දෝ අරන් ගිහින් කඳුළු එක්ක තනි වෙලානුඹත් නෑ මං ගාව ඇහිපියට බර වැඩිවෙලා කඳුළු කැට වැටෙනකොට මං ගැනම ආයෙමත් මටම දුක හිතෙනවා.... කඳුලකට ඇහැ ළඟටවත් ලං වෙන්න නොදී මගේ ලඟින් හිටිය නුඹ, කඳුළු දැක දැකත් අහක බලනකොට ඇත්තමයි දුක හිතුනා..... කෑ ගහල නොකිව්වට හිත ඇතුලේ ඒ කඳුළු ගිනි අරන් දැවෙනකොටඔයා මට හිනැහුනා ...
පුංචි තරුවට..... ThaRu AtHariN (තරු අතරින්....) මුළු රෑම ඇහැරගෙන කල්පනා කලේ මම මොකද්ද කරන්නේ කියලා. පපුව ඇතුලේ හාරනවා වගේ ලොකු වේදනාවක් දැනෙනවා. කවදාවත්ම ඔයාගේ හිත රිද්දන්නේ නැතුව හැමදාම ඔයාගේ හිත හදපු මට මෙහෙම දෙයක් කලේ ඇයි කියල මට හිතාගන්නවත් බෑ. ඉස්සර මම ආදරේ හින්ද දුක් විඳිනකොට ඔය මගේ හිත හැදුවා ඔයාට මතක නැද්ද? කවදාවත්ම ඒ වගේ වේදනාවක් නම් දෙන්නේ නෑ කියල මට ...
නුඹ දුන්නු සතුටට වැඩි දුකක් මා විදින බව තනි වී... ඔබ දන්නේ නෑ එය දන්නවා නම් යන්නේ නෑ වෙන්වී.... ThaRu AtHariN (තරු අතරින්....) වලාකුළු සුදුපාට ඇතිරිලා අහසේම සිහි කරයි අතීතය තුරුළු වුනු නුඹ ගාව,ගිනියම් වූ මද්දහන අතින් අත වෙලී ගිය මල් පාර පාලුවෙන් ඉකි ගසයි නොහඩාම,සරදමට හිනාවෙන සුලං රැලි දැවටිලා ආයෙමත් වතාවක් නුඹේ සුවඳ දැනුනාම, ආදරේ කවි කෙරූ පුංචි හිත ළඟ තාම තෙත කඳුළු බින්දුවක් රැඳෙනවා රහසේම....කියන්නට දහක් දේහැගෙනමුත් පෙරසේම තුරුළු වන්නේ කෝමනුඹ ගිහින් දුර ඈත,සුසුම් ස්වර විඳගන්න ඉකිගසන හිත ගාව වදන් වැල ...
නික්මුණු නුඹ... ThaRu AtHariN (තරු අතරින්....) හිතට හොරෙන් හිත නොකියන අමුතු හැඟුම් පේළියක ආයෙමත් පැටලිලා... අහංකාර ඇස් දිහාම හොරෙන් හොරෙන් බලා උන්නු යාන්තමින් ඉඟි බිඟි කර පුංචි හිනා මලක් දුන්නු ගව් ගානක් හීන මවලා එක මොහොතක් කතා කරපු ප්‍රේමයක් නොවූ ප්‍රේමය නිම වෙන්නට තව මොහොතයි අහම්බෙන් වගේ හමුවී දෑස් වලින් කතා කලත් වදනක් වත් නොකියූ ඒ නුඹම වෙනුවෙන් සිත තුල දාහක් සිතුවිලි ඉපදෙයි ආදරයට උරුමය නැතිහිත ...
හිතට හොරෙන්.... ThaRu AtHariN (තරු අතරින්....) කාලෙකට පස්සේ වැටුණු මහා වැස්සක්. බස් එකෙන් බහිනකොටම හිරිකඩට නෑවුනා. අපි දෙන්න එකම කුඩේ යටට තුරුල් වුනේ ඉබේම වගේ. වැස්ස කොයි තරම් නපුරු වුනත් මට නම් දැනුනේ අපේ ආදරේ තවත් ලස්සන කරන්න ඒ වැහි බින්දු වැටෙනවා වගේ. හිරිකඩ එක්ක දැනුනු හීතල හින්දමද කොහෙද මම මටත් නොදැනීම ඒ උනුහුමට තවත් ටිකක් තුරුල් වුනා. මාව වැස්සෙන් ආරක්ෂා කරන්න ...
නිදිමත පැයේදී.... ThaRu AtHariN (තරු අතරින්....) මේ දවස් වල නම් දවස ගෙවෙනවා දැනෙන්නේ වත් නෑ. දැන් නම් හිතෙනවා එක දිගට වැඩ කරන එකෙත් හරිම ලොකු සතුටක් තියෙනවා කියලා. දවසෙම මහන්සි වෙලා රෑට නිදා ගන්න කලින් දවසේ කරපු වැඩ ඔක්කොම මතක් කරනකොට හරිම සතුටක් දැනෙනවා. පුංචි තරුවත් දවල්ට වැඩ නිසා ඉස්සර වගේ කතා කරන්න විදියකුත් නෑ නේ. ඒ හින්ද පාළුව නැති කර ගන්නමයි ...
නිහඩ රැයේ... ThaRu AtHariN (තරු අතරින්....) අපොයි... හැම වෙලේම මතක් වෙනවා මේකේ මොනවා හරි කුරුටු ගාල යන්න ඕනි කියලා. එත් ඉතින් උදේ 7 ට විතර ගියාම ආයේ එන්නේ රෑ 7 ත් පහු වෙලා. ඒ ඇවිල්ලා වැඩ ටික ඔක්කොම ඉවර කරලා දොයියන්න කලින් සින්දුවක් අහන වෙලේ තමයි කොහොම හරි මේක ලියන්න පටන් ගත්තේ. නිදිමතේ ඔහේ ලියනවා මිසක් මොනවා ලියනවද කියලා කියලා දන්නෙත් නෑ.අද ...
ආපසු යන්නට පෙර.... ThaRu AtHariN (තරු අතරින්....) පොස්ට් එකක් ලියන්න තරම් වෙලාවක් නැති උනත් ඊයෙත් මොකුත් ලිව්වේ නැති හින්ද චුට්ටක් මේ පැත්තේ ඇවිත් යන්න හිතුනා. අද ඉරිදා. හෙට ඉදලා ආයෙමත් අලුත් සෙමෙස්ටර් එක පටන් ගන්නවා. මාස දෙකක් ගෙදර හිටියා දැනුනෙවත් නෑ. හෙට ඉඳල ආයෙමත් බෝඩින් ජීවිතේ පටන් ගන්න වෙනවා. අලුත් හැගීමකින් අලුත් වාරයක් පටන් ගන්න හින්දා ඉක්මනට පටන් ගන්නවට ආසයි. එත් ඉතින් ...
කලකිරීම.. ThaRu AtHariN (තරු අතරින්....) මම මගේ අම්මාට බනිනවා නෙවෙයි. මම තාමත් එයාට ගොඩාක් ආදරෙයි. එත් එයා කවදාවත් මාව තේරුම් ගත්තේ නෑ කියල මට හිතෙනවා. ඉස්සර ඉඳලම මම එයාට කොච්චර ආදරේ කලාද... එයත් එහෙමයි. එත් කවදාවත් මට මගේ හොඳම යාලුවෙක් වගේ එයාව තියාගන්න බැරි වුනා. කවදාවත් මට එයාව විශ්වාස කරලා මොනවත් කියන්න බැරි වුනා. මම එයාව විශ්වාස කරලා දෙයක් කිව්වත් ඊට ...
හිමිකම. ThaRu AtHariN (තරු අතරින්....) නිහඬවම කියමි ආදරෙයි මං නොසිතුව ලසට හද අයදියි නුඹවමකෙසේ කියන්නද නුඹ ගොසින් දුරක හද නොඅසයි මා සිතුම් නොලැබෙයි නම් නුඹ නොමැත යලි ජීවයක් එසේ නම් කියමි මම මිය යන්න ඉතින්, නොහැක එයද ජීවය නුඹ සතුය එය අහිමි කිරීමද නුඹ සතුය.... ...
හිත ලඟම.... ThaRu AtHariN (තරු අතරින්....) අද දවස ගැන මම සතුටු වෙන්නද දුක් වෙන්නද කියල මටම හිතා ගන්න බෑ. මාස දෙකක් ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. නිවාඩුවත් ඉවර වෙලා. ආයෙත් ලබන සතියේ ඉඳල ලෙක්චර්ස් යන්නයි ප්‍රැක්ටිකල් කරන්නයි ඕප දූප කියවන්නයි හවසට බෝඩිමට යන්නයි..... පරණ ජීවිතේ පටන් ගන්න වෙනවා. ඒ ජීවිතේට ගෙවන වන්දිය, semester fee එක ගෙවන්න මම අද කොළඹ ගියා. යාළුවො ගොඩාක් ඇවිත්. ...
අකීකරු ඇස්, ThaRu AtHariN (තරු අතරින්....) ගිනියම් නගරයේ අහම්බෙන් නෙත ගැටුණු අකීකරු ඇස් දෙකක් මා එක්ක හිනැහුනා දෙතොලින් නොකීවත් කියන්න හදන පෙම් කතාව මල් සුවඳට මුසු වෙලා ඔය සුසුමේ පා වුනා ආඩම්බර මේ හිතට ලංවෙන්න හදන බව නොදනුනාමත් නොවෙයි..... කොහොම මං ලං වෙන්නේ දඟකාර ඔය හිතට අහස උසටම පවුරු මං වටේ ඉදි වෙලා.... ...