බෝඩිමේ කතා... ThaRu AtHariN (තරු අතරින්....) ඔන්න ඉතින් මේ මම නුවර බෝඩිමේ හිටිය කාලේ වෙච්ච සිද්දියක්. ඒ කාලේ (දැනුත් එහෙමයි ) මගේ හොඳම යාලුවෙක් හිටියා බෝඩිමේ. අපි එයාට කිව්වේ ටික්කා කියලා. ඔන්න ඉතින් උසස්පෙළ විභාගෙට පාඩම් කරන කාලේ අපේ බෝඩිමේ සෑහෙන ප්‍රශ්න තිබුනා කෑම සම්බන්දව. කෙස් ගහක් එහෙම නැති දවසක් නැති තරම්. බෝඩිමේ ඇන්ටිගේ කොන්ඩේ ඔක්කොම මං හිතන්නේ අපිට කෑම එක්ක දෙන්න ...
කමුද...? ThaRu AtHariN (තරු අතරින්....) අද හරිම කම්මැලි දවසක්. දවල්ට පුංචි තරුව එක්ක කතා කරන්න විදියකුත් නෑ නේ... ඉතින් කම්මැලි කමේ දවස ඔහේ ගෙවිලා යනවා. කරන්න වැඩක් නැති හින්දා ඊ බුක්ස් ටිකක් කියෙව්වා. ටිකක් වෙලා යද්දී එකත් කම්මැලි. ඒ පාර ගේ පුරාම ඇවිද්ද කරන්න වැඩක් හොය හොයා. අන්තිමට කුස්සියට ආවා. මොනවා හරි කෑමක් හදන්න ඕනි කියල හිතුනා. එත් ඉතින් මොනවද හදන්නේ.... ...
සාහිත්‍යය සහ අනාගතය. ThaRu AtHariN (තරු අතරින්....) මේ ගැන ලියන්න ඕනි කියල ගොඩක් කාලෙක ඉඳල හිතාගෙන හිටියත් එක එක කටයුතු හින්ද ලියන එක අතපසු වෙලා ගියා. එත් පහුගිය දවසක වෙච්ච එක්තරා සිදුවීමක් නිසා ආයෙමත් මතක් වුනා මේක ලිව්වොත් හොඳයි කියලා.වෙලාව හවස 5 ට විතර ඇති. මමත් මගේ මිතුරියෙකුත් නුවර වැව රවුමේ ඉඳලා food city එක ඉස්සරහින් තියෙන පාර (මතක විදියට දළදා වීදිය) දිගේ ඇවිදගෙන ...
අවකාශ ThaRu AtHariN (තරු අතරින්....) පහුගිය කාලෙම ලියන්න බැරි උනේ ලියන්න දේවල් නොතිබුණු හින්දම නෙවෙයි.ලියන්න තරම් හිතේ සන්සුන් කමක් නොතිබුණු හින්දා. ජීවිත කාලෙන් භාගයක්ම හීනයක් වෙලා තිබුණු දෙයක් ඇස් ළඟටම ඇවිත් ආයෙමත් දුරකට පාවෙලා ගියාම මට ඇත්තටම හිතුනේ මම මේ දකින්නේ හීනයක් කියල. එත් මේ හීනයක් නෙවෙයි කියල මට දැන් දැනෙනවා. ජීවිතේ ඇත්තට මුණ දෙන්න මේ තරම් අමාරුයි කියල මම කවදාවත් හිතුවේ නෑ. මගේ හිතේ ...
On my way... ThaRu AtHariN (තරු අතරින්....) අම්මියෝ..... කාලෙකින් මේ පැත්තේ ආවේ. පහුගිය දවස් ටිකේ මගේ අසරණ අහිංසක ඩොන්ගල් එක කැඩිලා තිබුනනේ. තාමත් ඉතින් කැඩිලා තමයි. අද අපේ අක්කාගේ ඩොන්ගල් එක ගත්තා මේක ලියන්න ඕනි හින්දම. මේ කියන්න යන්නේ පුංචි කතාවක්. ඒ වගේම අලුත් ආරංචියක්.මම පුංචි කාලේ, ඒ කියන්නේ නවය දහය වසරේ වගේ ඉගෙන ගන්න කාලේ ඉඳල මගේ හිතේ හීනයක් තිබුණා. ඒ කවද හරි දවසක බැංකුවක රස්සාවට ...
ගාමනී : මගේ ඇසින්..... ThaRu AtHariN (තරු අතරින්....) ගාමනී..... යුද්ධයත් එක්ක බැඳුනු ජීවිත ගැන නිර්මාණය වෙච්ච සිනමා නිර්මාණයක්. මේ කතාව බැලුවට පස්සේ මට හිතුන මේක ගැන මේ බ්ලොග් එකේ මොනවත් නොලිව්වොත් ලොකු අඩුවක් කියල. මම කලිනුත් කිව්වා වගේ මේ කතාව පදනම් වෙලා තිබුනේ යුද්ධය නිසා පීඩා විඳින ජීවිත ගැන. ඇත්තම කිව්වොත් තේමාව නම් සෑහෙන පරණයි. යුද්ධය ඉවර වෙලා කාලයක් ගත වුනාට ...
අයියන්ඩියේ... ThaRu AtHariN (තරු අතරින්....) ලන්තෑරුම් එලිය යට නෙත් කෙවෙනි රිදෙන තුරු දෛවයම වනපොත් කර විශ්ව නැණ සොයා යන මගේ අයියන්ඩියේ... ලෝකයම කුරිරු යයි නුඹ කියාවි පාට සමනල් තටු ඉර එලියට දිලිසෙන විට ලෝකයම වෙනස් කරන්නට හිත කියාවි, කුණාටු හුළඟට එරෙහි වී පියාඹන්නමිතුරු කැල කියාවි... නමුදු, ඉරුණු තටු මහන්නට යලිත් පන පොවන්නට නැගිටින්න දිරිය දුන් දෙගුරුන්ම පමණක්ම රැදේවි.... ...
බබාගේ උපන් දිනය .... ThaRu AtHariN (තරු අතරින්....) නෑ නෑ ඉතින්.. මේ කියන්න යන්නේ ඒන්ජල් ගේ බබාගේ උපන්දිනේ ගෙන නෙවෙයි. ඒන්ජල් ගේ ඔපීසියේ වැඩ කරන කෙනෙක් ගේ කතාවක්. අපි මේ චරිතෙට ශෂී කියමුකෝ... ශෂී කියන්නේ එන්ජල්ගේ ඔපීසියේ වැඩ කරන කෙනෙක්. එයාගේ තියෙන ලොකුම විශේෂත්වය තමයි එය කතා කරන විදිය. එක හරියට පහල බාලාංශ පන්තියේ ඉඳල කෙලින්ම ඔපීසියට ආවා වගේ... මේ බබා style එක වගේම අනිත් අයව අනුකරණය කරන්න ...
නුඹ නමින්..... ThaRu AtHariN (තරු අතරින්....) නිහඬවම ඉඩදෙන්න සුසුමකට ලංවෙන්න ඉරිතැලුණු ආත්මය නිවා සනහා ලන්න විඳගන්න ඉඩදෙන්න හද ගැස්ම මොහොතකට නුඹ නමින් හද කොනක සෙනෙහෙ මල් දළු ලන්න ගුලිවෙන්න ඉඩදෙන්න උර තලය මත සැඟවනෙතු දවන කඳුළු වැල්විසුරුවා සැනහෙන්න පිළිගන්න ඉඩදෙන්න හද දෙවොල වෙත යලිත් නුඹ නමින් කඳුළු කල තනුව යලි මුමුනන්න.... ...
හුදෙකලාව........ ThaRu AtHariN (තරු අතරින්....) සීතලට බය වෙලා තරු කැකුළු හැංගිලා හිස් අහස පුරාවට පාලුවම රජ වෙලා හිනාවෙන්නට පෙරුම්පිරූ වසන්තය නෙත් මායිමෙන් එහා සරදමට ඉඟි කළා නුඹ නැතිව හුදෙකලා හිත පුරාම කඳුළු කැට දඟ කළාකියාගන්නට බැරිව හැඟුම් සිය දහසක් නෙත් කෙවෙනි බොඳ කළාමගේ හිතම රවටන්න ඒ කඳුළු සඟවලා ඉතින් මං නුඹ එක්ක හිනැහුනා....
සිහින... ThaRu AtHariN (තරු අතරින්....) මට ඕනි අඩන්නඇස් වල කඳුළු ඉවර වෙනකල්ම අඩන්න මම ඇස් පියා ගත්තා මට මැවෙනවා ඔයාව අපි මුලින්ම මුණගැහුණු හැටි ඔයා මට කිව්ව දේවල් තාමත් මට ඇහෙනවා වගේ මට ඕනි ඔයාට තුරුල් වෙන්න ඉස්සර ඔයා මාව ඔයාගේ පපුවට තුරුල් කර ගන්නවා කොයි තරම් සනීපයිද මගේ හිත කොයි තරම් සතුටු වුනාද ඒ ආදරේ ආයෙමත් මගේ හිතට දැනෙනවා වගේ මම ඔයාට තවත් ලං ...
පාසල යනු.... ? ThaRu AtHariN (තරු අතරින්....) මේ කතාව ලියන්න ගත්තේ හිතේ තියෙන ලොකු දුකකින්. ඒ උනත් මේක ලියන්නම ඕනි කියල හිතුනා. මුලින්ම කියන්න ඕනි මේ කතාවෙන් කියවෙන්නේ සමස්තයම ගැන නෙවෙයි කියන එක. මේක සුළුතරයක් විතරයි. මම මගේ ඉස්කෝලෙට ගොඩාක් ආදරෙයි. ඒ මගේ ජීවිතේ හරි මාර්ගයට ගත්ත, මට යමක් උගන්නපු තැන හින්දා. මේ කතාව නිසා ඉස්කෝලේ ගැන තියෙන ආදරේ චුට්ටක් වත් වෙනස් වෙන්නේ නෑ. එත් ඉස්කෝලේ ඉන්න ...
සඳකට වඩා එළියෙන්... ThaRu AtHariN (තරු අතරින්....) දවසක් ගෙවිල ගිහින් තවත් දවසක් උදා වෙනවා ඒ වගේම තවත් දවසක් ජීවිතේ දවසින් දවස ගෙවිල යනවාජීවිතේට අලුත් බලාපොරොත්තු එකතු වෙනවාසමහර බලාපොරොත්තු ඉටු වෙනවාතවත් සමහර බලාපොරොත්තු කැඩිලා බිඳිලා යනවාජීවිතේට අලුත් මිනිස්සු එකතු වෙනවාතවත් සමහරු ජීවිතෙන් ඈත් වෙනවාතවත් සමහරු ජීවිතෙත් එක්කම රැඳිලා ඉන්නවා ප්‍රශ්න, ගැටළු, උත්තර, මේ හැම දෙයක් එක්කම ජීවිතේ දිගින් දිගටම ගලාගෙන යනවා ඔයාගේ මගේ... ඒ විතරක් නෙවෙයි අපි හැමෝගෙම ...
@#$%^&*()! :) ThaRu AtHariN (තරු අතරින්....) මාස දෙකකට කොළඹ ඉඳලා ගෙදරට සංක්‍රමණය වෙන්න වුනු හින්ද මේ දවස් ටිකේ වැඩ ගොඩයි. එත් ඉතින් මේ පැත්තේ ඇවිත් මොනවා හරි නොලිව්වොත් හිතට හරි නෑ වගේ. අද තමයි ඔන්න හරියටම නිවාඩුවට කියල ගෙදර ආවේ. ඇවිල්ලා කාමරේ එහෙම පිරිසිදු කරලා මොනවා හරි ලියන්න කියල හිතා ගත්තට ඔලුව එහෙම පිටින්ම හිස් වෙලා වගේ... පහුගිය දවස් වල රොබෝ ජීවිතයක් ගත කරපු හින්දද කොහෙද.... ...
ගත්තට කමක් නෑ. වැඩිය එපා...... ThaRu AtHariN (තරු අතරින්....) අද ලියන්න යන්නේ පහුගිය දවසක මට මුහුණ දෙන්න වුනු පොඩි අත්දැකීමක් ගැන. මේකේ කතා නායිකාව අපි බෝඩිමේ ආන්ටි. තොරතුරු තාක්ෂණ විද්‍යාලේ ඉන්න කට්ටිය නම් දන්නවා ඇති පහුගිය දවසක අපේ වාර්ෂික සුහද හමුව එහෙමත් නැත්නම් දන්නා විදියට කියනවනම් Annual Get Together එක තිබුණා. අපේ බෝඩිමේ ගෑනු ළමයි ටිකත් ඉතින් ඕකට යන්න මාස ගානක ඉඳලම ලැස්ති උනා. කොහොමහරි දවසක් අපි කට්ටිය එකතු ...
වැස්ස ThaRu AtHariN (තරු අතරින්....) මන්දාරම් අහස යට වැහි කුරුල්ලන් ඉගිලෙද්දී බලා හිටියා ඔහේ හිත හිතා නුඹ ගැනම වැහි වලාකුළු වගේ දොරේ ගලා යන්නට පෙර හිත අස්සේ මිරිකගෙන ඒ කඳුළු වැස්සම හිනැහුනා මං යලිත්නුඹ එක්ක සෙනෙහසින් වලාකුළු අස්සෙන්ම ඉර එබිකම් කලත් වැහි අඳුර පිරෙනවා ඉර එලිය මකාගෙන, හිත පුරා හිනැහෙන්න පෙරුම් පිරුවත් කුමට අසනී වැහි වහී නම් දෛවයේ උරුමයට....
අතරමංව.... ThaRu AtHariN (තරු අතරින්....) හිතට ලොකු තනි කමක් දැනෙනවා. මම ආස කරන හැම දෙයක්ම මගේ ජීවිතෙන් ඈත් වෙනවා වගේ... චුටි කාලේ ජීවිතේ ගැන චුට්ටක් වත් බරපතල කමක් දැනුනේ නෑ. එත් දැන් ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද කියල දැනෙද්දී.... ඇත්තටම ප්‍රශ්න වලට මුණ දෙනකොට දැනෙන්නේ මහා ලොකු තනි කමක්. අපි අසරණ වුනු වෙලාවට අපි ලඟින්ම ඉඳීවි කියල අපි බලාපොරොත්තු වෙන කිසිම කෙනෙක් ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්න ...
දෛවයද මේ අප පැතු... ThaRu AtHariN (තරු අතරින්....) අවුරුදු ගානකට කලින් ඇහුව සින්දුවක් ආයෙමත් ඇහුවා. ඇස වල කඳුළු පිරුණේ ඇයි කියල මට තේරෙන්නේ නෑ. එදා වගේම අදත් මේ සින්දුව මගේ ජීවිතේට ගොඩාක් සමීපයි කියල දැනුනා.... ඔබ එදා නම් සඳ වගේමයි ඔබ මෙදා හිරු වී මා දවයි ඔබ මගේ යයි තව මට හැඟෙයි ඔබ දමා යන්නට සිත කියයි.....නෙතේ නෑ ආදර බැලුම් කොහි සැගවුනාදෝ නෙත් කැලුම් ඔබේ ලෝකය නොවෙයි මගේ ...
යලිත්... ThaRu AtHariN (තරු අතරින්....) කෝ ඉතින් හිනැහෙන්න ආයෙමත් වතාවක් දකිනා තුරා යලිත් සිතන්නට නුඹ ගැනමමවන්නට ඔය සිනහව ආත්මයම සුවඳ කල කවක් වූ නුඹ ගාව සැනසෙන්න ඉඩ දෙන්න හිනැහිලා පෙරසේම.... ...
අහිමි. ThaRu AtHariN (තරු අතරින්....) පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවදඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින් කියන්න, මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්.... මලක් වුනේ ඇයි නුඹ මට........ ...