Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද? The Papare බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Sunil Narine පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ අතර, ඔහු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමේ කිසිඳු අදහසක් නැති බවයි මීට පෙර වාර්තා වුනේ. කෙසේ වෙතත් ඔහු තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් පිටියට නැතිවම බැරි ක්‍රීඩකයකු බව සනාථ කරමින් ඊයේ (16) Kolkata Knight Riders සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගයේ දී සිය මංගල ...
හේරත්ගේ වගකීම Mushtaqට The Papare හිටපු පාකිස්තාන දඟපන්දු යවන්නකු වන Mushtaq Ahmed බංග්ලාදේශය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. 2021 වසරේ සිට බංග්ලාදේශ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් සිය ධුරයෙන් ඉවත් වීමත් සමඟ බංග්ලාදේශය Mushtaq වෙත හැරීමට තීරණය කළ අතර, ඒ අනුව ඔහු එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තෙක් සිය ධුරයේ කටයුතු කරනු ඇති. ඒ අනුව මෙහි දී ඔහු චන්දික හතුරුසිංහ, Nic ...
Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු The Papare ඊයේ (15) Sunrisers Hyderabad සහ Royal Challengers Bangaluru කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගය විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නව වාර්තා රැසක් අලුත් කිරීමට සමත් වුනා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 287ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස Bangaluru කණ්ඩායමෙන් ලකුණු 262ක් වාර්තා වුනා. මෙහි දී Sunrisers ඉනිම වෙනුවෙන් Travis Head විසින් වේගවත් ශතකයක් වාර්තා කිරීමට ...
Tier B ශූරතාව සාන්ත පීතරයන්ට The Papare ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අද (11) සමත් වූවා. කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයෙන් කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කීවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර ...
සාන්ත පීතරයන්ගෙන් තරගකාරී ලකුණු පුවරුවක් The Papare ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය අද (10) කොළම වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූවා. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 291ක් ලබා ගත් අතර තරගය නතර කරන විට ඊට පිළිතුරු ...
Tier A ශූරතාව රිච්මන්ඩ්වරුන් සතු කර ගනී The Papare ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ ශූරයන් වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අද (10) සමත් වූවා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් සමඟින් තෙදින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම අවසන් මහා තරගය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැතියා. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු ...
2024 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි The Papare 5 වැනි වරට පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ආරම්භ වී ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙවර ද ක්‍රීඩකයින්ට Capped සහ Uncapped යන කාණ්ඩ දෙක යටතේ ම තරගාවලියට ලියාපදිංචි වීමට හැකියාව හිමි වන අතර, ඒ සඳහා https://srilankacricket.lk/lpl-playerregistration-portal/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකි. capped ක්‍රීඩකයන් ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස තරග ආකෘතිවලින් තම රට ...
නිකිල් රිච්මන්ඩ්වරුන් ඔසවා තබයි The Papare ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය නිමා වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ප්‍රතිවාදී ගාල්ල රිච්ම්න්ඩ් විද්‍යාලයට වඩා තවත් ලකුණු 63ක් පිටුපසිනුයි පසු වෙන්නේ. තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ දී අද (09) දවසේ කැපී පෙණෙන පිතිකරු බවට ...
හසරංග වෙනුවට වියස්කාන්ත් IPL යයි The Papare ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ, ඔහු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් තම සංචිතයට කැඳවීමට Sunrisers Hyderabad කණ්ඩායම විසින් තීරණය කර තිබෙනවා. ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට වියස්කාන්ත් විසින් Sunrisers සමඟ ගිවිසුම් ගත වී ඇති අතර, මේ අනුව ඔහුට මුත්තයියා මුරලිදරන්ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද හිමි වනු ඇති. මීට පෙර Sunrisers කණ්ඩායම විසින් ...
රශ්මිකා, චමෝදි සහ දෙව්මි එක් ව එංගලන්තය වනසා දමයි The Papare ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් සහභාගී වු තුන් කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (09) නිමා වු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 108ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා. ඔවුන් පෙර පැවැති ඔස්ට්‍රේලියාව හා සමඟ තරගයෙන් ලකුණු 88ක පරාජයක් ලබමිනුයි මෙම තරගය හා එක් වූයේ. එමෙන් ම එංගලන්තය ...
2024 LPL තරග කාලසටහන එළිදැක්වේ! The Papare 2024 LPL තරගාවලියේ තරග කාලසටහන අද (08) දිනයේ දී ප්‍රකාශයට පත් කළා. එළඹෙන ජුලි මස 01 වැනි දා ආරම්භ වීමට නියමිත තරගාවලියේ මංගල තරගය වත්මන් ශුරයින් වන B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය දින 22ක් පැවැත්වීමෙන් අනතුරුව ජුලි මස 22 දා නිමාව දකිනු ඇති. කමිඳු ICC සම්මානයක් සඳහා ...
ගයන සහ දිමත් මලියදේවයට ජය ගෙන එයි The Papare කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර 26 වැනි වරට පැවැත්වුණ එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය අද (07) සමත් වුනා. කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය මලියදේව විද්‍යාලය සතු වූ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා. මලියදේවය වෙනුවෙන් තිවන්ක දිසානායක සහ පැහැසර ...
දිලනගේ වේගවත් ඉනිම පීතරයන්ට ජය ගෙන දෙයි The Papare කොළඹ සාන්ත ජෝසප් සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර 50 වැනි වරට පැවැත්වුණු එක්දින ක්‍රිකට් ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලය අද (06) හිමි වුනා. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පීතර නායකයා විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසෙමින් තරගයේ පළමු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන් දැවී ...
කොදෙව් ක්‍රිකට් ගොඩගන්න ශ්‍රී ලාංකිකයෙක් The Papare හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබෙනවා. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ඔහු ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර, මේ වන විට ICC ගෝලීය තුන් වෙනි මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද ඔහු සිය සුදුසුකම් සම්පූර්ණ කර ගෙන තිබෙනවා. මීට පෙර ඔහු විසින් නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන (පිරිමි) ...
සංජනා කාවින්දි ගේ අර්ධ ශතකය අපතේ යයි The Papare ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ලකුණු 88ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 228ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ...
පසිඳූ සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක් The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති Galle සහ Jaffna අතර තරගයේ දී Galle කණ්ඩායම නියෝජනය කරන පසිඳු සූරියබණ්ඩාර ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වූවා. 24 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර අද රැස් කළේ තම තරග 36ක් වන පළමු පෙළ තරග දිවියේ 2 වැනි ද්විත්ව ශතකයයි. ඔහු අද තරගයේ දී ...
කමිඳු ICC මාසයේ ක්‍රීඩකයා වූ බංග්ලාදේශ සංචාරය The Papare ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකාව පසුගියදා සමත් වූවා. මෙම ටෙස්ට් තරග ද්විත්වය ලෝක ටෙස්ට් තරගාවලියට අයත් තරග 2ක් ද වූ අතර තරගාවලියට එක් වෙන විට ශ්‍රී ලංකාව රැදී සිටියේ 9 වැනි ස්ථානයේයි. ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වූවා. ...
WATCH – වාර්තා අලුත් කළ 18 වැනි රන් මහා සටන – Cricket Watarawuma The Papare 2024 වසරේ පාසල් මහා තරග තතු, වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව්දින තරගාවලියේ තතු, කාන්තා වයස අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තතු, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න. The post WATCH – ...
ශ්‍රී ලංකා යෞවනියෝ එංගලන්තයටත් පරාජය වෙයි The Papare ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පිට පිට ලත් දෙවැනි පරාජයටත් මුහුණ දීමට ශ්‍රී ලංකා යෞවනියන්ට ඊයේ (03) සිදු වුනා. ඔවුන් පෙර තරගයේ දී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වූ අතර මෙම තරගයේ දී එංගලන්තය හමුවේ පරාජය වූවා. කෙසේ වෙතත් මෙම තරගාවලියේ තමන් මීට පෙර සහභාගී ...
ත්‍රිත්ව සහ සාන්ත පීතර විද්‍යාල අවසන් මහා තරග වෙත පියමනියි The Papare ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් අවසන් පූර්ව තරග දෙකක් අද (02) නිමාවට පත් වුනා. මෙහි දී කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර, කොළඹ ඉසිපතන විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ පරාජයක් ලැබීමෙන් අනතුරුව පූර්ණ ජයග්‍රහණයක් කරා යෑමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයට හැකියාව ...