සැබෑ බන්ධනාගාර ;- “ගාල්ලේ නෝනලා හොදයි” මම සුනීතා මුතුනායක. වයස අවුරුදු 54 යි. විවාහක දරුවන් 03 යි. පදිංචිය මිමඩුම, බද්දේගම ගාල්ල වේ. දරුවන් 02 යි. දුව මානසික ආබාදයකින් පෙළෙනවා. එයා විවාහකයි දරුවෝ දෙදෙනයි. ඒ දරුවෝ බලා ගන්නේ මම. බැනා ගොඩක් හොදයි. “අපේ පුතාට ඇපයක් තිබ්බා. එයා වෙනුවෙන් මාව අරන් ගියා. ඒ උසාවි නොගිය නිසා. වදුරබ පොලිසියෙන් අරන් ගියේ. ගාල්ල බන්ධනාගාරයේ සැකකාරියක් ලෙස දවස් 05 ක් ...

යහපාලනයක් ගෙනෙන්නට හැකියාව ඇත්තේ කාට ද? අදහස් යනු වහාම වෙනස් කරගත හැකි වූවකි. කාලයාගේ ඇවෑමෙන් වෙනස් වූවා සේ පෙනුනත් ඒකීය පුද්ගලයා තුල අදහසක් වෙනස් වෙන්නේ යම් මොහොතක දී ය. සමහර විට ඒ මොහොත කුමක්දැයි කියා ඔහු නිවැරදිවම නොදන්නවා විය හැකියි. පාරම්පරිකව මෙහෙමයි අපි හිතන්නට පුරුදු වෙලා ඉන්නෙ, අපේ අයට අදහස් වෙනස් වෙනස් කරගන්න බැහැ යැයි කීම අසත්‍යයකි. මිනිස් ඉතිහාසයේ මිනිසුන් සිය අදහස් වෙනස් කරගත් අවස්ථා ...

ප‍්‍රවාහනයේ නව ප‍්‍රවනතා අධ්‍යයනය කිරීම 2015/03/04 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ප‍්‍රවාහන අංශයෙහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ලෝකයේ නොයෙක් තැන අලූත් අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. නවෝත්පාදන සංකල්ප ඉදිරිපත්කර ඒවා ප‍්‍රායෝගිකව තහවුරු කරන්නට සමත්කම් දැක්වූ එලොන් මස්ක් නමැති පර්යේෂකයා ගමනාගමනය අධිවේගී කරන්නට ඉදිරිපත් කර ඇති අදහස ක‍්‍රියාවට නැගෙන්නට පටන්ගෙන තිබේ. ඔහුට අනුව සිලින්ඩරයක් තුළ ස්ථාපිත කරන ප‍්‍රවාහන ඒකකය එම සිලින්ඩරයේ වායු පීඩනය වෙනස් කිරීම තුළින් අධික වේගයකින් ගමන් ...

මුල් කොටස මෙතැනින්, දෙවැනි කොටස මෙතැනින්, තෙවැනි කොටස මෙතැනින් කියවා මෙය කියවන්න යැයි ආරාධනා කරමි. රජය ප්‍රජාතන්ත්‍රවාදය තුලින් සිය බලය තහවුරැ කරගන්නට වැඩියෙන් සමත් වූ අතර ජනතාවට තිබූ ස්වාධීන බලය දිගින් දිගටම කප්පාදු වීම ප්‍රජාතන්ත්‍රවාදය තුලින් පටන් ගැනිණ. ජනතාව විසින් ජනතා පාලනය පටන් ගත්තාට පසුව ආණ්ඩුවෙන් දියත් කරන ලද වෑයමක් නිසා රජ යුගයට වඩා හොඳින් ජීවිත ගෙවන්නට සාමාන්‍ය ජනතාව ...

කළමනාකරුවෙකු තමන්ගේ කණ්ඩායමේ සමාජිකයන් කෙරෙහි තමන්ගේ සගයන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතු ද? අනුකම්පා කිරීමේ දී අප අනෙකාගේ මට්ටමට වැටෙන්නට සූදානම් නැත. අප ඉහළ රැඳෙනා අතර පහළ ඉන්න අනෙකා වෙනුවෙන් යමක් විසිකරන්නට පමණක් එවිට අපි ඉදිරිපත් වන්නෙමු. ඈත සිට අත දෙන්නට පමණක් ඉදිරිපත් වන්නෙමු. අප අනුකම්පාව වෙනුවට සහකම්පාව පළ කරන්නේ නම් අප අනෙකාගේ තත්වයට මනෝභාවයට වැටීමට […] ...

බවුද්දයා බෞද්ධ කොඩියක් ගේ ඉදිරිපස අදින විට බෞද්ධයා තමන්ගේ ජිවිතයෙන් තම බෞද්ධකම විදහා දක්වයි. බවුද්දයා බෝ ගසට කිරි වක් කරන විට බෞද්ධයා ගස් ගල් වැඳිමෙන් වැළකෙයි. ඒ වෙනුවට ජිවිතය සකස් කර ගැනීමට දහමෙන් ලැබිය හැකි පිළිසරණ සොයයි. බවුද්දයා සිකුරු කොහේද අගහරු කොහේදැයි හොයන විට බෞද්ධයා කරුණාව පැතිරවිය යුත්තේ කාටද මෛති‍්‍රය පැතිරවිය යුත්තේ කාට දැයි සොයයි. බවුද්දයා අන්‍ය ආගමිකයින්ට විරුද්ධව පෙළපාලි ...

කළින් සටහන් කියවා නැත්නම් මෙතැනින් පළමුවැන්න සහ මෙතැනින් දෙවන්න කියවා අනතුරැව මෙය කියවන්න. රාජාණ්ඩු ක්‍රමයේ දී රජකම හිමිවෙන්නේ අයෙක් රජ පරම්පරාවට අයිති නම් පමණි. එවක දී අනුන්ගේ පුද්ගලික දේපල අල්ලා ගන්නා තරඟය සිද්ධ වූයේ රජ පරම්පරාවේ අය අතරයි. ප්‍රජාතන්ත්‍රවාදය විසින් හැම දෙනාටම අනෙක් හැම අයෙක් සතු පුද්ගලික දේපලට හිමිකම් කියන්නට ඉඩක් පෑදිණ. මෙය පොදු බවේ ශෝකාන්තයයි (tragedy of the ...

පළමු කොටස මෙතැනින්. එය කියවා නැත්නම් මේ කොටස නිසි ලෙසින් අවබෝධ නොවේවි. පැරණි සමාජයේ සියල්ලන්ගේම ජීවන මට්ටම් එන්න එන්න ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගියත්, විද්වතෙක් එනම්, අධ්‍යයන කටයුතු සඳහා ජීවිතයෙන් වැඩි හරියක් ගෙවන අයෙක්, සපයන සේවාවන් ලබාගන්නට අවශ්‍ය වූයේ සමාජයේ සුළු පිරිසකට පමණි. එදිනෙදා ජීවිතයේ මුහුණ පාන්නට සිද්ධ වෙන කම්කටොළු සඳහා මේ විද්වත් අයගෙන් උපදෙස් ගැනීමේ අවශ්‍යතාවයක් සමාන්‍ය මිනිසාට නොතිබුණි. ...

ජනතා අධිකරණය (52) ;- රොෂාන් මහේෂ් උක්වත්ත නඩුව. රොෂාන් මහේෂ් උක්වත්ත එරෙහිව පොලිස් පරීක්ෂක මාරසිංහ වැලිකඩ පොලිසිය හා තවත් තිදෙනෙක්. මේ ශේෂ්ට්‍රදිකරණයේ අංක 252/2006 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. විනිසුරු සලීම් මස්රූෆ්, විනිසුරු පි ඒ රත්නායක සහ විනිසුරු චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් ජයසුරිය සමග නීතිඥ සදමාලි රාජපක්ෂද වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතිඥ සුරංග ...

බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ රජයේ වගකීම 2015/02/25 – ලංකාදිප – මිලින්ද මොරගොඩ මනුෂ්‍යයාගේ පැවැත්ම සම්බන්ධව කිසියම් ඥානාවබෝධයක් පතුරවන දර්ශනය තමන් සතු බව සෑම ආගමක්ම ප්‍රකාශ කරයි. ආගම ජනතාව තුළ ඇති කරන ඥානය හෝ සමාජ විනය සම්බන්ධ කාර්ය භාරය කොපමණදැයි විවිධ අදහස් තිබේ. එම අදහස් අනුව ජනතාව තමන්ගේ ආගමික ඇදහිල්ල, භක්තිය සහ ගෞරවය ඇතිකරගන්නා බව පැහැදිලිය. බුදු දහමට රට තුළ ඇති පිළිගැනීම බලවත් එකකි. එහි දර්ශනය, ...

උගතුන් පිරි නව පාර්ලිමේන්තුවක් හදන උත්සාහයක් ඒ ෆේස්බුක් කල්ලියෙන් ඇරඹී ඇත. උගතුන් යනු කවුද? පැරණි සමාජවල යම් කර්මාන්තයකට අදාල ගැටළුවක්, සමාජ අරගලයක්, වෛද්‍ය පිහිටක්, අධ්‍යාත්මික සහනයක් ලබාගන්නට හැකියාව ලැබේ යැයි කියා ඒවාට මුහුණ දුන් අය විසින් සොයා ගිය සුවිශේෂී පිරිසක් වූහ. ඔවුන් සමාජයේ අනෙකුත් අයට වැඩියෙන්, හොඳින්, උදව් ඉල්ලා එන අය හමුවේ පවතින තත්වයට වැඩියෙන් සුවදායක යහපත් තත්වයක් කරා ...

උඩින් ඔපේ යටින් හපේ යන්න අපේ ජනවහරේ එන උපහැරණයකි. මේ බව නොදන්නා කෙනෙක් නැත. අපි බොහෝ විට පිට පෙනුමට රැවටෙමු. සැබෑව මග හරිමු. දැනගෙනත් කරන මේ වැඩේ ගැන සමාව දිය හැකි ද? එහෙත් එය කෙරෙයි. රෑ වැටුනු වලේ දවල් ද වැටෙන ගණනටම මේ සම්බන්ධයෙන් අප අන්ධ ය. පොරවාගෙන ඉන්නා සළුපිළි එහාට මෙහාට වෙන විට දේශප්‍රේමී […] ...

ජනතා අධිකරණය (51) ;- “නිර්වින්දකයාට පොලිසිය පහර දෙයි ” නඩුව. අමරසිංහ ආරච්චිගේ මංගලසිරි එරෙහිව පි එම් සෙනෙවිරත්න සහ තවත් දෙදෙනෙක්. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 264/06 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසය වේ. පෙත්සම්කරු ඒ ඒ මන්ගලසිරිය. වගඋත්තරකරුවන් වුයේ කුරුණෑගල පොලිසියේ නිළදාරීන් සහ නීතිපතිවරයාය. විනිසුරු තිලකවර්දන, විනිසුරු ශ්‍රීපවන් සහ විනිසුරු රත්නායක යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ මනොහරද සිල්වා සමග නීතිඥ බණ්ඩාර ...

ජනතා අධිකරණය (50) ;- මහේස්ත්‍රාත්ට ඉදිරිපත් නොකර රිමාන්ඩ් කල නඩුව. අබේගුනවර්දන, බද්දේගම එරෙහිව දහනායක පොලිස් ස්ථානය බදුල්ල සහ තවත් අය. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 255/94 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු අබේගුනවර්දනය. වගඋත්තරකරුවන් වුයේ බදුල්ල පොලිසියේ නිළදාරීන් පොලිස්පති සහ නිතිපතිවරයාය. ප්‍රනාන්දු විනිසුරු, අමරසිංහ විනිසුරු, සහ විජේතුංග විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කේ තිරාණගම සමග නීතිඥ කිත්සිරි ජයසිංහ පෙනී සිටින ...

නියුරෝමාකටින් වල දී හඳුනාගත් මොළයට දිව්ව පණිවුඩය arunishapiro:යල්පැන ගිය කතිකාවක් නැවත කරලියට පැමිණ ඇති නිසා මෙය ද නැවත ගෙන එන්නට සිත්විය. Originally posted on අරුණි ශපීරෝ‍ වෙතින්: 2004 දී ඩොලර් මිලියන හතරක අගයකින් වූ ක්‍රියාකරන මොළයක තතු දැනගත හැකි fMRI මැෂිමක් ආධාරයෙන් පර්යේෂණය කරන ලදි. මොළයේ මිලීමීටරයක තරම් කුඩා කොටසක පවා සිද්ධ වෙන ක්‍රියාවලිය දැනගත හැකි, ඒ ඒ මොළයේ කොටස් වලින් කුමක් වෙන්නේ දැයි දැනුම සීඝ්‍රයෙන් ඉහළ ...

ජනතා අධිකරණය (49) ;- 14 හැවිරිදි මල්ෂා කුමාරිගේ නඩුව. මල්ෂා කුමාරි එරෙහිව නිහාල් මහින්ද සහ තවත් අය. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 6145/95 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කාරිය වූ මල්ෂා කුමාරි වෙනුවෙන් මානව හිමිකම් සහ සංවර්දනය උදෙසා නීතිඥයෝ නමැති සංවිදානයේ නීතිඥ නාලිකා කුමුදුනි කළුපහන මෙනවිය මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබිණි. වගඋත්තරකරුවන් වුයේ හුංගම පොලිසියේ ස්ථානදිපති, පොලිස්පති සහ නිතිපතිවරයාය. මෙම නඩුව විබාග වුයේ වැඩබලන අගවිනිසුරු ...

ජනතා අධිකරණය (48) ;- “රැදවියන්ට කාරුණිකව සහ මානුෂියව සැලකිය යුතුයි “නඩුව. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 4/88 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු සමන් වේ. වගඋත්තරකරුවන් වුයේ ලිලදාස සහ තවත් අයයි. අගවිනිසුරු රණසිංහ, ප්‍රනාන්දු විනිසුරු සහ අමරසිංහ විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ඒ ඒ ද සිල්වා සමහ නීතිඥ කල්යානන්ද තිරාණගම නීතිඥ නිමල් පුංචිහේවා සහ නීතිඥ ජි පි දිසානායක පෙනී සිටින ...

ධනවස්තු නිෂ්පාදනයේ පාලනය යනු මිනිස් ජීවිත පාලනයයි පුද්ගලික ජීවිතයට කරන මැදිහත්වීම් වලින් සැලසුම් හදන නායකයන් අපට කියන්නේ ඒ ආඥාදායක නීතීන් බලපාන්නේ ආර්ථික කටයුතු වලට කියා පමණකි. සමාජයේ වැසියන් බොන “මතට තිත” තබන්නට මැදිහත්වීම් රිසි වූවන් ගෙන එන්නේ මත් හි ඵලවිපාක අවබෝධයට කැමැත්තෙන් සහභාගී විය හැකි වූ වැඩ සටහන් නොවේ. මත්පැන් භාවිතය මෙයින් අඩු කරත හැකි යැයි කියමින් ගෙනෙන ඔවුන්ගේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියයි. සිගරට් බීම නවත්තන්නටය කියා ...

ජනතා අධිකරණය (47) ;- වෘතිකයින්ට බලපෑමක් වූ පොලිස් වධහිංසා නඩුව. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 94/93 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු සුදත් පිරිස් වේ. වගඋත්තරකරුවන් වුයේ ගොඩකවෙල පොලිසියේ නිලධාරීන් සහ නිතිපතිවරයාය. මෙය ප්‍රනාන්දු විනිසුරු, ධීරරත්න විනිසුරු සහ ගුනවර්දන විනිසුරු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ටියුඩර් දර්මදාස සමග කේ තිරාණගම සහ ජේ හසන් පෙනී සිටින ලදී. තීන්දුව ලබා දුන්නේ 1994.03.07 වැනිදාය. පෙත්සම්කරු කියා ...

ජනතා අධිකරණය (46) ;- පොලිස් වදහිංසාවට පාත්‍ර වූ ගාමිණීගේ නඩුව. මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 157/91 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංසයයි. පෙත්සම්කරු පිටකන්දලගේ ගාමිණී ජයසින්හය.ඔහු මේ නඩුව ඇසෙන විට සිටියේ දැරණියගල රෝහලේ දැරණියගල පොලිසිය බාරයේ වේ. වගඋත්තරකරුවන් වුයේ ඇහැලියගොඩ සහ දැරණියගල පොලිසි වල නිලධාරීන් නීතිපති ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ නිතිපතිය. මෙය විබාග වුයේ අගවිනිසුරු ජි පි එස් ද සිල්වා, විනිසුරු කුලතුංග, සහ විනිසුරු රමනාතන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු ...

Previous Page