පුවත්පත් සිරස්තල කියවීම දැන් දැන් ලංකාවේ ඉලෙක්ට්‍රොනික් මීඩියා වල ජනප්‍රිය අංගයක් සේ පෙනෙන නිසා අප ද එය අනුකරණයෙන් පුවත්පත් සිරස්තල කියවීම ඇරඹීමු. Filed under: Uncategorized ...
මොන්ටෑනා ප්‍රාන්තයේ බියුට් නගරයේ ගබඩා ගොඩනැඟිලි බොහොමයක් පවතින පැත්තේ පවතින කාසාග්රාන්ඩා අවන්හල ජනප්‍රිය තැනක් යැයි දැනගත්තේ අන්තර්ජාලයෙන්. ඉතින් ඒ ඇත්ත ද කියලා බලන්න අපිත් ගොඩවැදුනා. ගබඩා ගොඩනැඟිලි තියෙන පැත්තෙ අවන්හලේ නම හොයාගන්න බැරිව අපි එහෙ මෙහෙ ගියා. ඒ ඊයේ හවස හිම වැටෙන හැන්දෑවක් නිසාම නෙමෙයි. මේ අවන්හලේ නම වැඩිය පෙනෙන්න ගහලා නැහැ. ඉතින් අන්තර්ජාලයෙන් සොයාගත්තු දුරකතන නොම්මරය අමතලා ඔයාලගේ ...
ඔන්න ආයෙත් පෝස්ට් එකක් ලියන්න කියලා ආවා. Tech tricks lanka එකෙන් හැමදාම තියලා දෙනවනෙ Desktop එක ලස්සන කරන හැටි :P. අදත් කියන්න යන්නෙ අන්න ඒ වගේ වැඩක් ගැන. Desktop එක 3D view එකට හරවන්න පුලුවන් චූටි සොෆ්ට්වෙයා කෑල්ලක් අහුවුනා.මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන link එකෙන් download කරලා install කරන්න විතරයිබ තියෙන්නෙ. ඒ ...
1880 ගණන් හි දී ඇමෙරිකාවේ කම්කරු වෘත්තීය සමිති තම බලය පෙන්වමින් චීන ව්‍යාපාර වර්ජනයටත් ඒවා පළාතෙන් පළවා හරින්නටත් සංවිධානය වූහ. 1896-1897 කාලයේ දී කම්කරු වෘත්තීය සමිති සාමාජිකයන් චීන අවන්හල් සහ ලොන්ඩරි පැවති වෙළඳ ස්ථාන වල දොරකඩ අවහිර කරමින් පාරිභෝගිකයන්ට ඒවාට ඇතුල්වීම අධෛර්මත් කරවීය. වොෂිංටන් ප්‍රාන්තයේ ටකෝමා නගරයේ, කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නගරයේ සහ වයෝමින් ප්රාන්තයෝ රොක් ස්ප්‍රින්ග්ස් නගරයේ ද චීන්නුන්ට ...
මොන්ටෑනා හි සුප්‍රසිද්ධ තඹ රජ්ජුරුවන් තුන් දෙනාගෙන් එක් අයෙක් හැටියට සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. ක්ලාක් නම් ධනකුවේරයා. අපි ඊයේ රාත්‍රිය ගත කළේ එහි කාමර 34 ක් තියෙන නිවහනේ එයා නිදාගත්තු කාමරයේ එයා නිදාගත්තු ඇඳේ. ඔහුගේ අනිකුත් නිවාස ස්විට්ස්සර්ලන්තයේ, පැරිස් සහ නිව් යෝර්ක්, ෆ්ලෝරීඩා හි පවා පිහිටන ලදි. මේ නිවහන ඉදිකරන්නේ 1884 සිට 1888 දක්වා කාලයේ දී. නිවහන ඉදිකරන්න වසර හතරක් ...
මොන්ටෑනා ප්‍රාන්තයේ බියුට් (Butte) නගරයේ චීන ඉතිහාසය 1868 දක්වා පැරණි වූවකි. මොන්ටෑනා හි අගම් රත්තරන් පතල් (placer gold mines) සොයා ගැනීමත් සමඟ අගම් රත්තරන් පතල් කනින්නට චීන්නු එහි පදිංචියට මුලින් ම පැමිණ ඇත. 1850 සිට 1900 දක්වා කාලය තුල දී ලක්ෂ දෙසිය පනහක චීන සංක්‍රමණිකයන් ඇමෙරිකාවට පැමිණියහ. චීනයේ සිවිල් යුද්ධයෙන් දිවි ගලවා ගන්නට, හාමතයෙන් ගැලවෙන්නට සහ උන්හිටි ඉඩම් අහිමි ...
ඇමෙරිකාවේ දිග පළල කොතරම් දැයි නොදත් සමයක ප්‍රංශය අයිතිවාසිකම් කියූ මිසිසිපි ගඟෙන් එහා පැත්ත ලුයිසියානා යැයි සැලකුණි. එවක දී කැලිෆෝර්නියා පැත්ත අයිති වූයේ ස්පාඤ්ඤයට. 1803 දී ලුයිසියෑනා සේල් එකෙන් අක්කරයක් සත තුනකට බැගින් වර්ග අක්කර 828,000 ක් අයිති කරගන්නට ඇමෙරිකාවට හැකිවිය. මිල දී ගත්තාට පසුව ජනාධිපති තෝමස් ජෙෆර්සන් යුද හමුදා ස්වේච්ඡා සේවයේ කැප්ටන් මෙරිවෙදර් ලුවිස් සහ ඔහුගේ හිත මිත්‍ර ...
නිදාගන්න නවතින්න හොඳම තැන “ස්ලීප් ඉන්” නිසා අපි බිස්මාර්ක් හි නිදාගන්න නැවතුනේ එතැන. හෝටලයේ ඇතුලත පින්තූර මෙහෙම. ටොස්ට් කරපු ගෙම්බා අවන්හලෙන් දෙන්නෙකුට රාත්‍රී ආහාර වේලක් ගන්න ගාණටම නිදාගන්න නවතින්න කාමරයකුත් ගන්න ඇහැකි. මේ ඊයේ නිදාගත්තු තැන. අද රෑ නිදාගන්න ලැහැස්ති වෙලා හිඳගෙන මේ ලියන තැනේ පින්තූර මේවාට වඩා සහමුලින්ම වෙනස්. ඒ නිසයි මේක දාන්න හිතුවේ. ඉතින් අද ගැන පුළුවන් ...
ඊයේ සවස අටහමාර පහුවුනත් ඉර එළිය තිබිච්ච බිස්මාර්ක් නගරයේ අපි රාත්‍රිය ගෙවන්න තීරණය කළා. මෙය උතුරු දකෝටාවේ අග නගරය. ෆාර්ගෝ වලට වඩා අඩු ජනගහණයක් ඇති උතුරු දකෝටාවේ දෙවැනි විශාලතම නගරය. නගරයක් ලෙසින් ස්ථාපිත වෙන්නේ 1872 දී. ප්‍රාන්ත ආණ්ඩුවේ අගනගර ගොඩනැඟිල්ල තමයි ප්‍රාන්තයේ උසම බිල්ඩිම යැයි සැලකෙන්නේ. යුරෝපීයයන් එන්නට කළින් Mandan ස්වදේශී ගෝත්‍රිකයන් තමයි එහි වාසය කරලා තියෙන්නෙ. ජර්මනියේ චාන්සලර්වරයා ...
“ටෝස්ට්” කිරීම “රෝස්ට්” කිරීමට වඩා වෙනස්. නම එහෙම වුනාට අවන්හලේ පින්තූරයේ ඉන්නේ ටක්සීඩෝ එකක් ඇඳගත්තු ගෙම්බෙක් මිසක් ටෝස්ට් වෙච්ච එකෙක් නම් නෙමෙයි. ගෙම්බන්ගෙ කකුල් කටගැස්මක් වශයෙන් දෙන මේ අවන්හල වැඩියෙන්ම ජනප්‍රිය බොන්න එන අය අතර. අපි ඇතුල් වෙද්දී ම ඩ්‍රැයිවර් ලැයිසන් ඉල්ලුවා දුවගෙන්. එයාගේ ඩෙලවෙයාර් ලැයිසන් එක දිහා වේටර් තැන ටිකක් බලාගෙන හිටියා. ඇයි කියලා අහද්දී කවදාවත් එයා ඩෙලවෙයාර් ...
කැනඩාවේ Ghermezian පවුලට අයිති Mall of America මිනෙසෝටා වල තියෙන්නෙ. 1992 දී විවෘත වූ මෙයට වසරකට අමුත්තන් මිලියන 40 ක් එනවාලු. හපෝයි දැන් මාවත් වැටෙනවා 2013 දී mall ගිය ජන සංඛ්‍යා සංගණනයකට!!! අපි දෙන්නා ඇවිද්දේ එක තට්ටුවක එක රවුමක් විතරයි. දැක බලා ගන්න ගොඩවැදුනා මිසක් බඩු ගන්න නෙමෙයි අපි ආවේ. මෙතැන තියෙන හැම දෙයක්ම වගේ අන්තර්ජාලෙන් ඕඩර් කරලා ගෙදරටම ...
මිනියෑපොලිස් වලින් පිටත් වෙලා තවත් උතුරට ගමන් කළා. පොකුණු දස දහසක් තියෙන මිනෙසෝටා වල උතුරට යද්දී පළාත මහා තැනිතලාවක් බවට හැරෙන හැටි දකින්න පුළුවන්. ඒ පොකුණු වල සීතල කාලෙට අයිස් කඩලා මාළු බාන හැටි හිතාගන්න පුළුවන් වැඩි කරදරයක් නැතිව. මේ පැත්තට එද්දී තාම ඩිංගක් සීතලයි. වාහනේ සීට් එක රත් කරන බොත්තම ඔබද්දී අශ්ව කරත්ත වලින් සීතල සුළං එක්ක පුරෝගාමී ...
විස්කොන්සින් හි අග නගරය සහ එම ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වූ මැඩිසන් වල පින්තූර ටිකක්. පළාත අලංකාර කරන්න බිල්ඩින් නිර්මාණයෙන් උත්සාහයක් ගෙන තියෙන්නෙ පරිසරයේ වෙන ස්වභාවික සුන්දරත්වයක් නැති නිසාය යැයි එක මතයක්. “මිඩ් වෙස්ට්” කියන රටේ බටහිර මැද පළාතේ වාසය කරන පච්ච කොටා ගත්ත අයයි, කොහෙ හරි තැනක මොකක් හරි ආබරණයක් විදලා එල්ලා ගෙන ඉන්න අයයි සෑම සියළු දෙනාම ...
ලෝරා ඉන්ග්ලස් වයිල්ඩර් ඇයගේ දියණිය වූ රෝසාට කතන්දර ලිව්වා වගේ ඇමෙරිකාවේ පුංචි ළමයින්ට ඉතිහාසය කියා දෙන තවත් විදියක සාර්ථක උත්සාහයක් අපේ කාලයේ දී නැවතත් සිද්ධ වූවා. ඉතිහාසය අනුව නිමැවෙන “ඇමෙරිකන් කෙල්ල” ජනප්‍රිය බෝනික්කන් බ්‍රෑන්ඩ් එකක්. එහි නිර්මාතෘවරිය ප්ලෙසන්ට් රෝලන්ඩ්. ප්ලෙසන්ට් රෝලන්ඩ් ඇමෙරිකන් ඉතිහාසය පිළිබඳ රසිකාවියක්. යටත් විජිත සමයේ විදියට නිරූපනය වෙන වර්ජීනියාවේ විලියම්ස්බර්ග් නගරය ජනප්‍රිය සංචාරක ස්ථානයක්. රටේ නැගෙනහිර ...
ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර් ගැන මතක් කරපු පළමු එක්කෙනාට දැම්ම irony විහිළුව ලියපු විගසින් මකා දැම්මා … මේ සටහන මගහැරිලා ඒක විතරක් කවදා හරි කියවන අය තක්බීරි වේවි!!! ඉතිහාසයට එකතු වූ ඇය ලියා ඇති පොත් අපි අගය කරන්නෙ ඇයි? ඕනෑම පුංචි ළමයෙක්ට ඒවා කියවන්න ආසා හිතෙන විදියට සරල බසින් ලියලා තියෙන නිසා පමණක් නෙමෙයි. එහි කියැවෙන නිදහස් අදහස් පුංචි ළමයි ...
මැඩිසන් වල තියෙන මේ නේපාල කඩේට සුදු අප්පුහාමියි මායි ගොඩවැදුනේ අපි විවාහ වෙච්ච අලුත. සුදු අප්පුහාමිගේ කැම්පස් යාළුවෝ බලන්න මේ පැත්තෙන් යද්දී මම මගෙත් කැම්පස් යෙහෙළියක් මැඩිසන් වල ඉන්නවා කිව්වම එයා විශ්වාස කළෙත් නැහැ. ඉඳහිටලා දිරච්ච ලණු දෙන සිරිතක් දෙන්නටම තිබ්බ. කොහොමින් හරි දෙන්නම අපේ යාළුවන් හමුවෙන්න ආපු වෙලාවේ මේ නේපාල කඩේටත් ගොඩ වැදුන. රටට ඇවිත් වැඩි කාලයක් නොගිහින් ...
පාරේ ගෙවල් ගෙනියන හැටි දැකලා තියෙනවා ද? කම්හලේ හදලා ඉඩමට ගෙනැවිත් දාන මේ වගේ ගෙයක කාමර දෙක තුනක්, කුස්සියක් සහ වැසිකිලියක් දෙකක් ද අඩංගු වීම සාමාන්‍යයක්. සමහර අවස්ථාවල දී ගෙයක කෑලි දෙකක් හැටියට මැදින් වෙන් කරලා වෙන වෙනම අරගෙන යන හැටිත් දකින්න පුලුවන්. “ඕවර්සයිස්” කියලා ලොකුවට පෙනෙන්න ගහපු පුවරුවක් අරගෙන කළින් සහ පස්සෙන් රථ දෙකක් යෑම ඒ මාර්ගයේ අනිත් ...
ෆෙඩරල් ආණ්ඩුවක් වුනාට ඇමෙරිකාව ජනරජ ව්‍යවස්ථාවක් එක්ක හැදිලා තියෙන්නෙ. ප්‍රාන්ත වලට දී ඇති ස්වාධීනත්වය ඉතා සුවිශේෂී වූවක්. මහජන ස්ථාන වල දී රටේ කොඩිය දකින්නට ලැබෙද්දී ඒ සමඟ දකින්න ලැබෙන ප්‍රාන්තයේ කොඩිය වරදින්නෙ නැහැ. හැම ප්‍රාන්තයකටම කොයි අතුරු පාරකින් හෝ කොයි කොණකින් ඇතුල් වුනත් වහාම දැනගන්න හැකියාව ලැබෙන විදියට නාම පුවරුවක් ගහලා තියෙනවා. අධිවේගී මාර්ග වලින් ප්‍රාන්තයට ඇතුල් වෙද්දී දැවැන්ත ...
2013.05.22-ලංකාදීප-මිලින්ද මොරගොඩ විදුලිය ගාස්තු වෙනුවෙන් මහජනතාව ගෙවන මිල සම්බන්ධව පැන නැගුන විවාදය තවමත් අවසන්ව නැත. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව සටන් මගකය. විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සටන් කරන අවස්ථාවක වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කිරීමෙහි ප්‍රයෝජන ගැන කතා කිරීම අවශ්‍යම නැති මාතෘකාවකි. වායු සමීකරණය ගෙවී යන සියවසේ වැදගත් මෙවලම් අතර එකක් බව සිංගප්පූරුවේ ...
උදේ කෑම මේසයට වාඩි වෙච්ච ඥාතීන් වෙතින් ගමනේ දී දැක බලාගත යුතු තැන් බොහොමයක් ගැන විස්තර ලැබුණ. කෑම වලට වඩා පත්තර වලින් මේසෙ පිරිලා තියෙන්නෙ වයස 90 ක් පිරුණු ආච්චි අම්මා තරුණ කාලේ පුවත්පත් කලාවේදිනියක් නිසයි. ටොරනාඩෝ එකක් ඇවිත් ඔක්ලෝහෝමා පළාතක් විනාශ කරල ගිහින්. උතුරු පැත්තෙන් ගමන යන්න තෝරාගත්තු එකෙන් ටොරනාඩෝ කලාපයන් පොඩ්ඩක් මඟහැරෙනවා. ඉන්දියානා ප්‍රාන්තයේ පටන් ගෙන කොහෙන් ...