Friday, December 31, 2010

අළුත් අවුරුද්දෙ වැදගත් වැඩකට අතගහන්න කැමතිද?



Wikinews කියන්නෙ විකිපීඩියා වගේම ඕන කෙනෙකුට දායක වෙන්න පුළුවන් පුවත් අඩවියක්. දැනට භාෂා ගණනාවකින් මේ අඩවිය තිබුණත් සිංහල භාෂාවෙන් wikinews එකක් නැහැ. මේ නිසා අපේ බුධාජීව මලයගෙ අදහසකට අනුව සිංහලෙන් 'විකිපුවත්' නමින් wikinews සිංහල සංස්කරණයක් එළි දක්වන්නයි ලෑස්තිය. මේ ලිපිනයෙන් දැනට හදාගෙන යන විකිපුවත් අඩවියට පිවිසෙන්න පුළුවන්.

නමුත් si.wikinews.org නමින් අඩවිය පටන්ගන්න අනුමැතිය ලැබෙන්න කලින් විකිපුවත් පරීක්ෂණ කීපයක් සමත් වෙන්න ඕන. මේ අතරින් මූලික පරීක්ෂණය දැනටමත් විකිපුවත් සමත් වෙලා තියෙන්නෙ. ඒත් දැනට තියෙන ලොකුම බාධකය තමයි පුවත් සපයන සංස්කාරකවරුන්ගෙ අඩුපාඩුව. මේ සඳහා නම් ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට 6 දෙනෙක් විතරයි.

මේ වැඩේට කැමති නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.

  1. විකිපීඩියාවලට ලොග් වෙන්න. පරිශීලක නමක් නැත්නම් sign up වෙන්න.
  2. http://meta.wikimedia.org/wiki/Requests_for_new_languages/Wikinews_Sinhala ලිපිනයට යන්න. 
  3. පිටුවෙ දකුණු අත පැත්තෙ උඩ තියෙන Edit සබැඳිය ක්ලික් කරන්න. 
  4. එතකොට එන පිටුවෙ උඩ හරියෙම මෙන්න මේ වගේ පේළියක් තියෙනව:
  5. |community = [[User:Budhajeewa|Budhajeewa]] N P, [[User:Thameera123|Thameera123]] N P, [[User:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] N,[[User:Keheliya|Keheliya]] N, [[User:බිඟුවා|බිඟුවා]] N , [[User:Shane44|Shane44]] N
  6. මේ තියෙන්නෙ දැනට නම් දීපු අයගෙ පරිශීලක නම්. මේ පේළියෙ අගට ඒ විදියට ඔබේ විකිපීඩියා/විකිනිව්ස් පරිශීලක නම එකතු කරන්න. 
  7. පිටුවෙ පහළින් තියෙන Save page බොත්තම ක්ලික් කරන්න. 

මේ ටික කරන්න අමාරු වගේ නම් පහළින් කොමෙන්ටුවක් විදියට ඔබේ විකිපීඩියා පරිශීලක නම දෙන්න. එතකොට අපිට පුළුවන් ගිහින් නම එකතු කරන්න.

එහෙනම් කාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, උපරිම ඩවුන්ලෝඩ් ස්පීඩ් ලැබෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

මෙම ලිපියට ප්‍රතිචාර 17 කි:

Praසන්ன said...

තමීරටත් සාමය සතුට සම්පත සපිරි සුබ නව වසරක් වේවා..!

නෙරංජි සුලක්ඛනා said...

IT ලොකුවටම මේකෙදි වැඩක් වෙන් නෑ නේද?... ප්‍රවෘත්ති නම් දෙන්න පුළුවන්....
ආ මේ සුබ new ඉයර්

Thameera said...

@Praසන්ன, නීනු: දෙන්නටම සුබ අළුත් අවුරුද්දක්!

@නීනු: නෑ නෑ, ප්‍රවෘත්ති දෙන්න තමයි ඕන.

eSARASAVIYA said...

Great piece of work. සුභ අලුත් අවුරුද්දක් වේවා
http://www.youtube.com/user/esarasaviya

budhajeewa said...

කස්ටියම ඇව්ත් සප් එක දුන්නොත් අලුත් අවුරුද්ද පට්ටම සුබ වේවි ඕං!

Contact me said...

තමීරට සුභ අලුත් අවුරුද්දක් වේවා................
http://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html

~ChAnDiKa~ said...

සුභ නව වසරක් වේවා....

Madhawa Habarakada said...

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ඔය උඩ ඉන්නෙ ගැළපෙනම කෙනා, නීනු. :)

budhajeewa said...

@Madhawa Habarakada:
එක්කෙනෙක් නෙවේ බං, මේකට හෙන කස්ටියක් ඕන වෙනවා!

Thameera said...

@Madhawa: ඔව්, මේකට පුළුවන් තරම් කට්ටිය ඉන්න ඕන. දැනට අවුල වෙලා තියෙන්නෙ කට්ටිය මදිකම.

sansarasidu said...

අළුත් අවුරුද්දේ ඔයාල අතගහල තියෙන වැදගත් වැඩේට මුළු හිතින්ම සුබ පතන අතරේ මගේ සක්‍රීය දායකත්වයත් හැකි උපරිම අයුරින් ලබා දෙන්න කැමතියි.. මමත් පරිශීලක නාමය ඇතුල් කළා...
වැරැදීමක් එහෙම වෙලා තියෙනවනම් දන්වන්න..

මේ ගැන SBU එකටත් සිංහල යුනිකෝඩ් සමුහයටත් දන්වන්න පුළුවන් නම් සෑහෙන පිරිසකගේ සහයෝගය ලබා ගන්නට පුළුවන් වේවි කියල හිතනවා...

අවසාන වශයෙන් ඔබටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...

Thameera said...

@sansarasidu: ඔව්, නම හරියට ඇතුල් වෙලා, එලකිරි :D
ඔව්, එහෙම දැන්නුව නම් හොඳයි තමයි, ස්තුතියි මතක් කළාට.

budhajeewa said...

@sansarasidu: නම දැම්මට හැබැයි ගිණුමක් හදල නෑ නේද? ඒ වගේ නම් ඇතුලත් කිරීම් Wikimedia Foundation පිළිගන්න එකක් නෑ. මොකද ඕනම කෙනෙකුට ඕන තරමක් නමි ඔය පිටුවට ඇතුලත් කරන්න පුළුවන් නේ.

ඒ නිසා ගිණුමක් හදලා ඒ ගිණුමේ නම ඇතුලත් කරන්න.

මතක ඇතුව ඒක Wikimedia Global account එකක් [ http://meta.wikimedia.org/wiki/Help:Unified_login ] බවට පත් කර ගන්න.

Janith said...

ආ, මේකනං අපූරු වැඩක්... මාත් දෙන්නම්කො නම... :)

ඒක නෙමෙයි මගේ වින්දෝසියේ යුනිකේතෙ අස්පට් ගහල... චී :(

Thameera said...

@Chavie: අනිවා නම දාන්න! :)
මොකක්ද අවුල? වින්ඩෝස් නම් ඉතින් හැමදාම ලෙඩනෙ ;)

Janith said...

පිලි එහා මෙහා යනවා... XP pack දාන්න ඉස්සෙල්ල වගේ :(

Thameera said...

@Chavie: අළුතෙන් sinhala pack එක දාල බැලුව නම් හරි

අදහස් ලියලම යන්න