Thursday, April 14, 2011

IPL, බැචා සහ ස්වයංවින්දනය

සෑහෙන කාලෙකට පස්සේ බැචාට ලිපියක් ලියන්න හිතුනෙ සෑහෙන කාලෙකට පස්සෙ පුංචි නිවාඩුවක් ලැබුන හින්දයි. Mid එක අස්සේ එහෙන් මෙහෙන් කොහොමහරි ලෝක කුසලාන තරග බැලුව බැචා, IPL බලන්න ඉදගත්තේ සෑහෙන හිත සැහැල්ලුවකින්. ඒත් බැචාට තවත් ප්‍රශ්නයක්!


ඉස්සර තිබ්බ ආකර්ෂණය, අපූර්වත්වය තව දුරටත් ඒකේ තියෙනවා බැචාට පෙනුනෙ නෑ. එක අතකින් කණ්ඩායම් ඔක්කොම කලවම් කරලා. අනෙක් අතට ලෝක කුසලාන තරග වල තිබ්බ ජීවය, තරගකාරී බව IPL එකේ බැචා නම් දැක්කේ නෑ. එක අතකට IPL කියන්නේ නිකම්ම නිකං සැණකෙළියක් විතරයි. සැණකෙළිය තියෙනකන් සතුටු වෙනවා, නටනවා , ගයනවා. හැබැයි සැණකෙළිය ඉවර උනාම එහෙම එකක් තිබ්බද කියලවත් මතක නෑ. හොදම උදාරහරණය සනත්. සනත් පලවෙනි IPL තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් සෑහෙන දස්කම් දැක්වුවා. ඒත් දැන් සනත් හිටියද කියලවත් කාටවත් මතක නෑ. දැන් සනනත්ගේ භූමිකාව ඉන්දීය ප්‍රේක්ෂකයන් පිනවන්න ඔට්ටු අල්ලලා නටන එක විතරයි.


හයේ පාරක්, හතරෙ පාරක් ගහන එක බැචාලට ආස්වාදයක්. එහෙම වෙන්න හේතුව ඒක විරල සිද්ධියක් හින්දයි. හැබැයි හැම බෝලෙටම හතරේ හයේ ඒව ගහද්දිත් ඒකේ තියෙන අපූර්වත්වයක් නෑ. හැම දාම නත්තල් නෑ කියලා කතාවක් තියෙනවනෙ. හැබැයි හැමදාම නත්තල් තිබ්බොත් නත්තලේ තියෙන විශේෂත්වය නැතිවෙකවා. ඒ ධර්මතාවය ක්‍රිකට් වලටත් පොදුයි. ඒ හින්ද වෙන්න ඇති බැචාට IPL බලන්න කම්මැලි හිතිල ඇත්තේ.


IPL හින්ද රටක් විදිහට අපි ලබපු දෙයක් නෑ කියලත් බැචාට හිතෙනවා. ඉන්දියාව IPL හින්ද කමන්ගේ අළුත් ක්‍රීඩකයන් හදුනගත්තා. අනෙක් රටවල ක්‍රීඩකයන් අධ්‍යයනය කරා. ඒත් අපි? දැනටමත් ප්‍රකෝටිපතියන් වෙච්ච අපේ ක්‍රීඩකයෝ තවත ධනවත් කරා. අපේ ක්‍රිකට් රහස් ඉන්දියාවට හෙලිදරව් කරා. හොදට සෙල්ලම් කර කර හිටපු ක්‍රීඩකයන් ආබාධයන්ට ලක් කෙරෙව්වා. එංගලන්තෙ තරග සංචාරයක් අහිමි කරගත්තා. එච්චරද???


බැචාට IPL ගැන අර්ථකථන දෙකක් තියෙනවා. ඒ අර්ථකථන දෙක දාලා ලිපිය ඉවර කරන්නයි හිතුවේ.


1. IPL යනු ස්වයංවින්දනයට සමාන ක්‍රියාවලියකි. සුරාන්තයට ලංවන තුරු යම් රසයක් තිබිය හැකි නමුදු සුරාන්තයෙන් පසු මෙලෝ වැදගම්මක් නැත. වැඩිපුර යෙදීම ශරීරයට අහිතකර විය හැක.


2. IPL යනු ක්‍රිකට් ලෝකයේ පාලනය නතු කර ගැනුමට ඉන්දියාව යෙදූ නව-යටත්විජිතවාදී උපක්‍රමයකි. මුදල් බලයෙන් රටවල්වල ජාතික සම්පත් අත්පත් කරගනිමින් පමණක් නොව "රට" වෙනුවට "මුදල" ප්‍රමුඛ කරවීමේද ඔවුහු නියතව සිටිති. යම් සාර්ථකත්වයක්ද මේවන විට ලබා ඇත. උදා පොලාඩ් (මීලග උදාහරණය මාලිංග විය හැක(?))


මොනව උනත් අපේ ක්‍රීඩකයෝ සල්ලි වලට ස්වයංවින්දනය කරන එක නවත්තලා රට ගැන හිතලා රට වෙනුවෙන් තීරණ ගත්තොත් හොදයි කියලයි බැචාට නම් හිතෙන්නේ...

10 comments:

  1. කොහෙද බං තියෙන්නෙ ස්වයංවින්දනය වැඩි වුනොත් ශරීරයට අහිතකරයි කියල? :D

    ReplyDelete
  2. සම්පූර්ණයෙන්ම එකඟයි...

    ReplyDelete
  3. අයිපීල් වලින් සිදුවෙන අයහපතක් තිබුනා උනත් විස්සයි විස්ස ලෝක කුසලානය ගාවට මගේ ප්‍රියතම තරඟාවලිය ඕක ... ඔයාගෙ බලාපොරොත්තුව ඉටුවෙයි වගෙ ඔන්න අපේ ක්‍රිඩකයින්ට එන්න කියල , දවස් ගනන් කාලෙ කන ටෙස්ට් මැච් එකක් ගහනවට වඩා අයිපීල් වල සෙල්ලම් කරල , තරඟාවලියෙ වටිනාම ක්‍රිඩකයින් වෙන්න අපේ කොල්ලන්ට ලැබෙනවා නම් තමයි මම වඩාම කැමති ,

    ඇත්තටම මටත් අහන්න තියෙන්නෙ අර ස්වය්ංවින්දනය වැඩිය කරන්න නරකයි කිඅයල කිව්වෙ කොයි එකාද ? :D

    ReplyDelete
  4. ටෙස්ට් මැච් එකකට වඩා IPL වලට කැමති අය ඉන්න පුළුවන්. හැබැයි ගහන ටෙස්ට් මැච් එකක් ගාණේ අපේ ක්‍රීඩකයෝ තව තව හැදෙනවා. IPL ගැහුවා කියලා අපේ රටට වෙන සෙතක් නෑ. ගොඩ දෙනෙක් අහන හින්දා මේ ලින්ක් එකක් දාන්නං. කොයි දේත් වැඩිපුර හොද නෑ තමයි :D

    http://www.askmen.com/dating/dzimmer_100/145b_love_answers.html

    ReplyDelete
  5. ටෙස්ට් කියන්නෙ මේ වෙනකොටත් අභාවයට යමින් තියන ක්‍රිඩා විලාශයක් . දැනටමත් ඉතාම සුලු පිරිසක් තමයි ටෙස්ට් තරඟ බලන්නෙ. අනුග්‍රාහක දායකත්වය ඉතාම අවමයි . අලු බඳුන තරඟාවලියට පවා කලින් තිබුන අවධානය අඩුයි . හොඳම උදාහරනය අපේ ක්‍රිඩකයො අයිපිල් අතැරල ආවාම අපේ රටේ අය අයිපීල් බලන එක අඩුවෙන එකෙනුත් , එංගලන්ත ටෙස්ට් තරඟ පට ගත්තාම ඒ ප්‍රෙක්ෂක ප්‍රමානයම නැවත් ඒ තරඟ බලන්න යොමු නොවෙන එකෙනුත් බලාගන්න පුලුවන් වෙයි . කව්ද කැමති තීරනයක් ශුවර් නැති තරඟයක් වෙනුවෙන් දවස් 5ක් බලා ඉන්න .. නමුත් රැ අටට පටන් ගන්න අයිපීල් තරඟයක් බලලා හිතට සතුටකුත් ඇතුව 11 ට විතර නිදා ගන්නත් පුලුවන් . සුද්දන්ට කාලෙ කන්න තරම් කාලෙ තිබුන කාලෙ හදපු මෝඩ ෆොර්මැට් එකක් තමයි ටෙස්ට් කියන්නෙ , දැනට ඉන්න ටෙස්ට් ක්‍රිඩක පරම්පරාව නිසාම තවමත් පැවතුනත් අනුග්‍රාහක හේතු නිසා ඉදිරි කාලයෙදී ඕක ක්‍රමයෙන් වල පල්ලට යන ෆෝමැට් එකක්

    ReplyDelete
  6. බුවාට ක්‍රිකට් වලට සෑහෙන උණක් තියෙනව කියන එක බැචාට තේරෙනයා. ඒත් බුවෝ, ක්‍රිකට් ක්‍රීඩකයො කියන ජාතිය අහසින් කඩන් පාත් වෙන්නෙ නෑ නෙ. ක්‍රීඩකයෙක් හරි විදිහට හැදෙන්නෙ සිව්දින-‍ටෙස්ට් තරග ක්‍රීඩා කරන හින්දා. දැන් IPL ගහන හැම කෙනාම ඒ විදිහට හැදිච්ච ක්‍රීඩකයො තමා.

    ඔබතුමාට කම්මැලි උණාට, රටක ක්‍රිකට් වර්ධනය හරියට පවත්වගන්න ටෙස්ට් තරග ඕන. අනෙත් කාරණය, ක්‍රිකට් ගැන හරියට දන්න,ක්‍රිකට් ගහපු ගොඩ දෙනෙක් ටෙස්ට් ක්‍රිකට් වල රසයක් දකිනවා. ඒ හින්දා නෙවේ නං icc එක දැනටම ටෙස්ට් තරග නවත්තලානෙ..

    ReplyDelete
  7. who said dt test matches are going 2 grave.me para ashes walata tibba prekshka unanduwa world cup ekata wada poddai adu.test match gehillen tama honda playersla hedenne.buwa sahodaraya kianawa wage IPL interesting tama bt ekat jst instant noodles wage tama rahai...bt kisi gonayak ne.ape kreedakayo Ravi boparawa aadarshayata gannawanam tama honda e manussaya IPL bid eka epa kiwwa...mkd England Test side ekata theereema tama wedagat kiala...malinga unat nxt world cup gahanne nette IPl sellam karanna oni nisane.kawuru monawa kiwwat IPL wala ODI walat Test walt tiena atal eka ne....ODI game ekaka tiena tactics pawicchi kirilla wage ewa T20 wala ne.ohe pol adi wanana eka tama tienne.nyway betchaa umbe article eka hondai....

    ReplyDelete
  8. අලු බඳුන ඇරුනාම අනෙකුත් කිසිම ටෙස්ට් තරඟාවලියක ට ප්‍රේක්ෂක අවධානය නැ(අලු බඳුනටත් ඉස්සර තිබුන ස්ථානය දැන් නැ ) ... විශේෂයෙන්ම අපේ කලාපයේ , අයිසිය ටෙස්ට් ඇදගෙන යන නිසා තමයි තව අවුරුදු ගාණක් යන කන් ඕක රැකෙන්නෙ .

    හොඳ ක්‍රිඩකයො බිහිවෙන්න එක්දින තරඟ හොඳටම ප්‍රමාණවත් , ජයසූරිය, ශෙවාග් ,ශේන් වොට්සන් , යුවරාජ්,අෆ්‍රිඩි වගෙ ක්‍රිඩකයින් ගේ අනන්‍ය තාවය ගොඩ නැගුනෙ එක්දින තරන්ග වලින් , සචින් , දෝනි , ගිල්ක්‍රිස්ට් වගේ ක්‍රිඩකයිනුත් වඩා වැඩි දක්ෂතා දක්වල තියෙන්නෙ එක්දින තරඟ වල ( ගිල්ක්‍රිස්ට් ගෙ ආරම්ඹයත් එක්දින ) මම අකමැති ටෙස්ට් වලට මිසක් එක්දින ඒවට නෙවෙයි . මොකද නියම දක්ෂයින් ජයග්‍රහනය කරන එකම තරඟ ක්‍රමය ඒක .. ටෙස්ට් වලදි පැරදීගෙන එන තරඟ ය ලැල්ල දාල ජයපරාදයෙන්තොරව බේර ගන්න පුලුවන් . විස්සයි විස්ස තරඟ වලදි ඒදා දවසෙ ගොඩ නැගෙන හොඳ සම්බන්දතාවයක් /පිතිකරනයක්/ පන්දු යැවිමක් නිසා තරඟ දිනනවා සාමුහික දක්ෂතාව නිරුපණය වෙන්නෙ නැ . රසවින්දනයට විස්සයි විස්සත් ක්‍රිඩාව වශයෙන් එක්දිනත් තිබුනාම ඇතිය කියලයි මම හිතන්නෙ , මගේ පුද්ගලික කැමැත්ත නම් විස්සයි විස්සට තමයි

    ReplyDelete
  9. මේ කතාව ඉවරයක් නැතිව ඇදිලා යන හින්දා ඔන්න මාත් මගේ අදහසත් කියලා යන්න හිතුවා...

    පුද්ගලයින්ගේ සිතුම් පැතුම් විවිධාකාර වෙද්දී කට්ටියක් ටෙස්ට් වලට තවත් පිරිසක් එක්දින සහ 20-20 තරග වලට කැමති වීම පුදුමයක් නෙවේ...
    ඒක එක එක අයගේ කැමැත්ත..

    *කරුණාකරලා මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවද..ඒක කොමෙන්ට් කරන අයට අපහසුවක්*
    හැබැයි ලෑල්ල දාලා තරගයක් පරිස්සම් කරගන්නත් පුදුමාකාර ඉවසීමක් සහ මානසික ඒකාග්‍රතාවයක් ඕන කියලයි මම දකින්නේ...
    ඇත්තටම එක්දින තරගවලට මමත් කැමතියි..ඒත් කොයි තරම් අලස විදියට ඇදිලා ගියා උනත් ටෙස්ට් තරගවලට තියෙන මගේ කැමැත්ත හැමදාම අංක 1කේ තියෙන්නේ...

    හැම දේම ක්ෂණික වෙන මේ කාලේ ටෙස්ට් වලට කැමැත්ත ඇති අයත් අඩු වෙලා යන බව ඇත්ත..ඒ මිනිස්සු හැම දේම ඉක්මනින් විසදගන්න ඔන මට්ටමටම ඉවසීම අඩු වෙලා යන පිරිසක් වෙමින් පවතින හින්දා කියලයි මට හිතෙන්නේ..එක දිගට බලන්න නොලැබුනත් දවස් 5ක් ඇතුලත ලැබෙන හැම වෙලාවෙම ටික ටික හරි ටෙස්ට් මැච් එකක් බලන්නත් සෑහෙන ඉවසීමක් මිනිහෙකුට තියෙන්න ඕන..එහෙම ඉවසීමක් නැති කෙනෙකුට නම් ටෙස්ට් කියන්නේ නිකං විකාරයක් විතරයි..ඒත් විවේකය සහ ඉවසීම තියෙන කෙනෙකුට හොඳම දේ ටෙස්ට් ක්‍රිකට් කියලයි මම හිතන්නේ

    ReplyDelete
  10. uba monada ban cricket gena dann???????mata penne uba parana JVP karayek..:P

    ReplyDelete