මත්පැන් හා සිගරට් පාවිච්චි කර අසනීප වූවන්ට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර කිරීමේදී ගාස්තුවක් අය කිරීමේ අයිතිය රජයට තිබේද?

මත්පැන් හා සිගරට් පාවිච්චි කර අසනීප වූවන්ට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර කිරීමේදී ගාස්තුවක් අය කරන බව මීට ටික දිනකට පෙර රජය විසින් ප්‍රකාශ කරන ලදී. මීය හේතුව තමන් විහින් අසනීප වන්නන් ට නොමිලේ ප්‍රතිකාර කිරීමට ආණ්ඩුවට උවමනාවක් නැති බවත් ඒ මගින් මහජන මුදල් විනාශ වන බවත්ය.

කෙසේ නමුත් රජයට අමතක වී ඇති එක් කරුණක් වන්නේ රජයේ ආදායම් වලින් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ මත්පැන් හා සිගරට් බදු වලින් බවයි. මේවා පාවිච්චියෙන් අසනීප වන්නන් ගේ හෙවත් මත්පැන් හා සිගරට් පරිභෝජනය කරන්නන්ගේ බදු මුදල් වලින් යම් කොටසක් හෝ රෝහල් පවත්වා ගෙන යාම සඳහාද වියදම් කරන බව අපගේ විශ්වාසයයි. එසේනම් ඔවුන්ටද රජයේ රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ගැනීමේ අයිතියක් ඇති බව අපි විශ්වාස කරන්නෙමු.

එසේ නොමැතිනම් රජය අවංකවම මේ ද්‍රව්‍ය වලින් බදු නොලබා සිටිය යුතුයි.

අවංකවම මේවා පාවිච්චිය අවම කර ජනතාව ඉන් මුදවා ගැනීම රජයේ අවශ්‍යතාවය නම් කෙලින්ම මත්පැන් හා සිගරට් තහනම් කළ යුතුය. නොමැතිව ඒවා අලෙවි කිරීමට බලපත්‍ර ලබා දෙන අතරම පරිභෝජනය කරන්නන්ට පහත් ආකාරයෙන් සැලකීම මහජනතාවගේ අයිතිවාසිකම් පැහැර හැරීමකි.

2 comments:

kiyanna deyak na. sahathika aththa.

සමහරවිට ඔබ දන්නේ නැතිව ඇති.
1.මත්ද්‍රව්‍යය වලින් රජයට ලැබෙන බදු ආදායම
2.මත්ද්‍රව්‍යය නිසා රෝගීවන්නන්ට ප්‍රතිකාර සදහා රෝහල් වලට වැයවන මුදල
සමහරවිට ඔබ දන්නේ නැතිව ඇති 2>1 කියල.

ඒත් ඒක තමයි ඇත්ත

Post a Comment