Tuesday, June 21, 2011

ශ්‍රී ලoකාවේ හොඳම මිතුරා කවුද ?


ශ්‍රී ලoකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතුදැයි නොයෙකුත් මතවාද මේ දිනවල අසන්නට ලැබේ. සාර්ථක විදේශ ප්‍රතිපත්තියක මූලිකම කරුණක් වන්නේ සැබෑ මිතුරන් සහ සතුරන් හඳුනා ගැනීම ය.  අනෙක් සියලු ක්‍රමෝපායන් හා උපායමාර්ග සකස්වන්නේ ඉන් අනතුරුවය.

අපගේ නියම මිතුරන් සහ සතුරන් කවුදැයි දැනගැනීම වැදගත්කමින් දෙවැනි වන්නේ අප කවුදැයි දැනගැනීමටම පමණක් යැයි සිතමි. රටකට එය වඩාත් එසේය. නිදහසෙන් පසු අපට වඩාත්ම හොඳින් (සාපේක්ෂව) මිතුරෙකු සේ සලකා ඇත්තේ කුමන රට ද ?

වැදගත්ම අවස්ථාවකදී අපට යම් තෝරාගැනීමක් කිරීමට සිදුවුවහොත් අප විසින් තෝරාගත යුත්තේ කුමන රටද? අසීරු අවස්ථාවක අපගේ පිහිටට එතැයි තරමක් හෝ විශ්වාස කල හැකි රටවල් අතර එය ක්‍රියාවෙන්ම පෙන්වා ඇති රටවල් වේද ?

ඇත්තෙන්ම මෙය එක එල්ලේ පිළිතුරු දීමට තරමක් අපහසු පැණයකි. ප්‍රශ්ණය පැති කිහිපයකින් බැලිය හැකි වීමත් අප අතරම පවතින විවිධ මතවාදීය වෙනස්කමුත් ඊට හේතුන්ය. කෙසේ නමුත් මෙය හැකිනම් පිළිතුර දැනගැනීමට වටිනා පැණයකි. එසේම, අවශ්‍යනම් එසේ දැනගැනීමට හැකි ක්‍රමයකුත් ඇත! ඉතින් ශ්‍රී ලoකාවේ හොඳම මිතුරා සොයා ගැනීමට උදවු වීමට ඔබත් කැමතිද ?

මෙන්න ක්‍රමයක් ....

දකුණු  පස ඇති මත විමසුමෙහි ඔබේ තෝරාගැනීම සටහන් කරන්න.

ජූලි 3 වනදා වනවිට "ශ්‍රි ලාoකිකයන්ගේ මතය අනුව" ශ්‍රී ලoකාවේ හොඳම විදේශ මිතුරා සොයා ගැනෙනු ඇත!

මත විමසුම සඳහා ඇති සබැඳිය (in google polls) මෙය  වේ. ඔබට බ්ලොග් අඩවියක් ඇත්නම් මෙය ශ්‍රී ලාoකිකයන් වැඩි පිරිසක් අතරට ගෙන යාමට උදව් වීමටත් හැකිය.

ඉදිරිපත් කර ඇති රටවල් අතර ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, පාකිස්තානය, එoගලන්තය, ජපානය වේ. රුසියාව ඇතුලත් කිරීමට අතපසු වීම සමීක්ෂණයේ සිදු වු අඩු පාඩුවකි. 'වෙනත්' රුසියාව සඳහා යොදා ගත හැකිය.

http://www.fundraw.com

2 comments:

  1. ස්තූතියි! මම කම්මැලිකමට ucsc singlish to unicode converter එක තමයි පාවිච්චි කරන්නේ. ඒකෙ ඕක නේද? සිම්පල් ඔ ( o ) ලේසියි. :-)

    විජේසේකර ට පුරුදු වෙන්න ඕනෑ.

    ReplyDelete

I would love to hear your views...