Wednesday, May 25, 2011

එය එසේ සිදුවිය...



මහා ලොකු ගොඩක් නැහැ ජිවිතේ දෙවැනි වරටත් මට බූට් එකක් වැදුනි..... 


ඇත්තටම ආදරය කල අවංකව ආදරය කල මගේ ආදරය හැල්ලුවකට ලක්කර(මන කල්පිත නමක් විය හැක..) G .K.සචිනි මදුශානි අපරාජිතයා හැර ගොස් හමාරය.....

මම කොච්චර මැසේජ් යැව්වත් මිස්කෝල් ගැහුවත් කිසිදු ප්‍රතිචාරයක් නැත හෙට වන විට සිම් එකද සමහර විට වෙනස් වනු ඇත......


හිත හදපල්ලා දැන් මගේ.... ප්ලීස්... 

18 comments:

  1. දුක් වෙන්න එපා කියලා මම කියන්නේ නෑ මචෝ ! .ඔය දුකම මමත් විඳලා තියනවා . මනෝ පාර ගහලා ඉන්න එපා බං ඒකෙන් කාටවත් වැඩක් වෙන්නේ නෑ .. කොළයක් අරං ඔය දුක ලියපං දවස් කිහිපයක්ම අන්තිමට ඒවා පුච්චලා දාපං කාටවත් නොපෙනෙන්නම .දවස් කීපයක් දුකට ඉඩ දීපන් .. ඊටපස්සේ අමතක කරපන් .

    අපිට හරියටම ගැලපෙන කෙනා දවසක අපිට ලැබේවි ! දෛවයේ ලියැවිලා තියන විදිහට හැමදේම සිද්ධවෙයි මචං .දැන් ඉතින් ඔය සේරම අමතක කරලා (කොහොම හරි) තව කෙල්ලකට ඇහැ දීපන් මචං උඹ කැම්පස් කොල්ලෙක් නේද ? කැම්පස් කොල්ලෙකුට කෙල්ලෝ අතර කොයිතරම් ඉල්ලුමක් තියනවාද බං .උඹට දවසක හම්බ වේවි උඹ හීනෙකින් වත් නොහිතාපු ලස්සන කෙල්ලෙක්ව .

    උඹට මේ බ්ලොග් එකයි ඒක කියවන අපියි ඉන්නවනේ ! උඹට හිතෙන හිතට එන හැම දෙයක්ම මේකේ ලියපන් අපි එන්නම් දුක බෙදාගන්න .

    මගේ කෙල්ල මට පණ දීගෙන හිටියා .. මම රස්තියාදුකාරයෙක් කියලා කෙල්ලගේ අම්මයි තාත්තයි මාව ප්‍රතික්‍ෂේප කලා .. ඉතින් කෙල්ලටත් මාව එපා උනා ! මට ඉතින් ඔටෝම ඒකිව එපා උනා !.මම දවසක් දුක් වෙන්න ඇති ..එච්චරයි ..

    මචං ඉර හඳ වගේ මට විශ්වාසයි ළඟදීම දවසක උඹ හිනා වේවි තව කෙල්ලෙක් එක්ක ..

    ReplyDelete
  2. සඳරු අයියා කියන්න තියෙන දේවල් වලින් ගොඩක් කියලා.. දුක් වෙයන්.. අදයි හෙටයි.. ඒ ඇති..

    පාරේ යන්නේ එක බස් එකක් නෙවෙයි.. ගමනාන්තයටම යන්න හරියන බස් එක ලඟදිම එයි..!

    ReplyDelete
  3. මල්ලි ඒකි උබට පොල්ල තිබ්බට උබ සැලෙන්න එපා උබ ට දවසක් හිතෙයි එහෙම උනේ උබේ හොදට කියලා

    අනික කොල්ලො ඒ කි ගෙ නම Blog 1 කේ දාන්නත් එපා මොනව උනත් උබ දවසක් හරි Love කරපු කෙල්ලනෙ බ0

    ReplyDelete
  4. හිත හදා ගන්න බලපං මචන්. එහෙම වුනේ උබේ හොදකට කියල හිතපන්

    ReplyDelete
  5. මල්ලි ඒකි උබට පොල්ල තිබ්බට උබ සැලෙන්න එපා උබ ට දවසක් හිතෙයි එහෙම උනේ උබේ හොදට කියලා

    අනික කොල්ලො ඒ කි ගෙ නම Blog 1 කේ දාන්නත් එපා මොනව උනත් උබ දවසක් හරි Love කරපු කෙල්ලනෙ බ0
    ( Sameera )

    ReplyDelete
  6. යාලූවා. උඹේ නම අපරාජිතයා. අපරාජිතයෙක් කවදාවත් පරාජය වෙන්න බෑනේ මිත්‍රයා. එහෙම දෙයක් ගැන හිතන්නවත් බෑ.
    ප්‍රශ්ණ එන්නේ ඒ ඒ අයට එක එක විදිහට. හොඳ ශක්තිමත් මිනිස්සුන්ට ටිකක් සාපේක්ෂව දරැණු ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. දුර්වල මිනිස්සුන්ට සාපේක්ෂව ලේසි ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොන දේ උනත් උඹට ප්‍රශ්ණ ගොඩක් එන්නේ උඹ සාපේක්ෂව ශක්තිමත් කොල්ලෙක් නිසා කියලා හිතාගනින්. වැඩිය ඕනෙ නෑ. ඒක උඹ දන්නවා.
    අනිත් අතට c da positive side bro.
    කෙල්ලෙක් අපි හොයන්නේ බදාගෙන නිදාගන්න විතරක් නෙවෙයිනේ. ජීවිතේ හැමදේම බෙදාගන්න. ඒ කියන්නේ ආදරේ ඕනෙ අපිට පුළුවන් වෙලාවට වඩා බැරි වෙලාවට ලඟින් ඉන්න. හිතන්න ඔය සචිනි ඔයා කසාඳ බැදලා ටික කාලෙකින් හිත වෙනස් කරගෙන ප්‍රශ්ණ වුනොත් මොකද වෙන්නේ ?. එතකොට උඹ වැටෙන අවුල කොහොමද ?. දැන් ඔය දේ වුනේ හොඳට කියලා හිතන්න මචං. I knw da feeln. It's so dificlt to run away. Bt no one can drag ya out of that pain. We as frnds can only show ya da way...

    උඹ කරපු ආදරේ ගැන සතුටු වෙයන්. මම මේ වගේ කෙල්ලෙකුට ආදරේ කලානේ කියන එක ගැන සතුටු වෙයන්. ඒත් ඒ ගියේ උඹට හිමි ආදරේ නෙවෙයි. Stick vth da blog. We'll stay vth ya..

    Don't take too much tension bro. Everythin will be allright...

    remember උඹ " අපරාජිතයා ".

    ReplyDelete
  7. යන එකාට යන්න දීපන් මල්ලි .......
    ආදරේ කියන එක බලෙන් ගන්න බැහැ ......
    දෛවය කියලා දේකුත් තියනවා .....
    ඒක අපිට වෙනස් කරන්න අමාරුයි ........

    මම හිතන්නෙ ගිය පාර ඔයා දාපු පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එකෙන් වෙන දේ කියලා ඇති .......

    "මාර සීන් එකනෙ වෙලා තියෙන්නෙ .......... තියන තත්වයේ හැටියට නම් පෙනෙන්නෙ කෙල්ලට ඔයා ගැන ඒ තරම් කැක්කුමක් නැති බවයි .......

    අවංකවම ආදරේ කරනවා නම් කෙල්ලෙක්ව එක්ටැම් ගේකවත් දාලා තියන්න බැහැ ..... ඒකයි ඇත්ත ........ අනිත් එක හරියට ආදරේ කියන එක හිතට වැදිලා නම් ඔය විදියට ඉන්න බැහැ කෙල්ලට .....

    මට හිතෙන හැටියට ලබුනා හෝ නැතා ඔයා ඒ කෙල්ලගේ ආදරේ දිහා උපේක්ෂාවෙන් බැලුවොත් තමා හොඳ ...... ඒ කියන්නෙ ඇති වුනත් නැති වුනත් එකයි කියන තැන ඉන්න එක ....."

    ReplyDelete
  8. මල්ලි ගනන් ගන්න එපා,හිතට හයිය ගන්න ,උඹ වගේම මමත් ඔය හෑගීම හොදට විදලා තියනවා මමනම් ඉතින් බෝත්ලේ පිහිටින්න් සතියක් විතර කල්ගෙවලා අමතක කරලා දෑම්මා.මොන ඩේ වුනත් අපි උඹට ඉන්නවා මල්ලි,ජිවිතේ කියන්නේ ඕක තමයි මලේ අපි හිතන දේ කිසිම වෙලාවක වෙන් අනෙ,හෑමදෙයක්ම හොදින් වෙයි,අනික දාලා ගිය අය ගෑන හිතන්න මොහොතක් වත් කල් යවන්න එපා,බලපන් ඉතින් කෙල්ලො ගන මම පෝස්ට් එකක් දාල සතියක් ගියෙ නෑ ඔකුන් ඔහොමම තමයි,.....ජරා ජාතිය..

    ReplyDelete
  9. oka wenna thibuna deyak kiyala oyata therilane tibbe...kalin post ekaka e gna kiyla thbbne..dn amaruwen unat hitha hadagnna aiye..ohoma une oyage hodata kiyala hithanna..aiyata galapenama kena kwadahari hambei..ikmanatama..mulu jiwitha kaletma oya lagin inna kenek..hitha hadaganna..

    ReplyDelete
  10. තොගෙ සක්කිලි කමට තෝ වෙන කෙල්ලෝ පස්සේ ගිහිල්ලා ඇත්තම ආදරෙත් නැති කරගත්තට අපි මොනව කරන්නද??? x(
    ඉක්මනට ඒකිට කියාපන්,, ඒකි වෙන කෙනෙක්ගෙ වෙන්න කලින්....
    මොනවද බූරුවෝ බලාගෙන ඉන්නේ පලයන්.... වැදලා සමාවගනින්....
    මට නම් එහෙම කෙල්ලෙක් නැති වුනා....
    උබ නැති කරගන්න එපා.
    එක්කෙනට එක්කෙනයි මේ ලෝකෙ මවලා තියෙන්නෙ.....
    ජය වේවා...

    ReplyDelete
  11. මට කියන්න දෙයක් කට්ටිය ඉතුරු කරලා නෑ වගේ,

    ReplyDelete
  12. උඹට කියන්න දෙයක් නෑ මචන්... මගේ බ්ලොග් එක බලපන්.. සත්‍යය වැටහෙයි

    http://lahirucc.wordpress.com/

    ReplyDelete
  13. උඹේ නම අපරාජිතයා ..එක දාගත්තේ තෙරු මක් ඇතුව නේද ? මං උඹේ බ්ලොග් එක වෙනස් විදිහකට දකින්න කැමතියි.. උඹට වැටෙන්න නැගිටින්න ගොඩක් අවස්ථා ඉස්සරහට තියෙනවා. කෙල්ලක් බුට් දෙන එක දුකයි තරහයි තමයි..ඊට වැඩිය දරුණු වැටීම් ඉස්සරහට ඒවි. ඒවාට මුණ දෙන්න හිත තද කර ගනින්.. මට නම් පෙනෙන්නේ උඹට හම්බවෙලා තියෙන දෙන්නම මහා බොළඳ උඹ වගේ එකෙකුගේ ආදරේ ලබන්න නුසුදුසු කෙල්ලෝ කියලයි.. ඔයිට වැඩිය උඹ දන ගහන්න නම් එපා.. මේ ලෝකේ නොවෙනස් ආදරේ තියෙන්නේ අම්ම තාත්තගේ විතරයි ආත්මර්තකාමයෙන් තොර ආදරේ එන්නේ එතනින් විතරයි .. එත් උඹ එයාලගේ ලෙයින් මසින් උපන් දරුවා නිසයි.. ඔලුව ඔද්දල් කර ගන්න එපා.. ඉගෙනීම හොඳට කරපන්.. මට උඹ වගේ දරුවෝ ඉන්නවා.. මම මේ උඹට කියන්නේ මගේ දරුවන්ට ඇති කරුණාවට සමාන කරුනාවකිනුයි..
    ගැනු මිනිස්සු දෙවර්ගයම ගැන හොඳට දන ගන්න නම් බැඳ ගන්න ඕන.. ඔය ආදරේ කියන්නේ බොහොම ආත්මාර්ථකාමී හැන්ගීමක්.. එහෙම නැත්නම් මොකටද අයිති කරගන්න හදන්නේ. ? ඊට පස්සේ මොකද වෙන්නේ ? sex නැතුව පවුල් ජීවිතස්යක් තියෙයිද ? අපි ඔක්කොම ආද්රය කියන්නේ ස්වභාව ධර්මයේ අවස්යතවයට අනුව ප්‍රජනනය කෙරීම සඳහා ස්වභාව ධර්මය එක එක සත්තුන්ට දීපු උපක්‍රම වලට .. එච්චරයි සත්තුන්ට එහෙම දෙයක් දීල නැත්තේ උන් බුද්ධියක් ඇති ජීවීන් නොවෙන නිසයි.. බුද්ධියක් ඇති මිනිහ රවට්ටන්න වඩා උපක්‍රමශීලී විදිහට ස්වභාව ධර්මය දේවල් හදල තියෙනවා.. ගැනුන්ගේ පියවුරු තොල් තවත් අවයව මිනිහ පිස්සු වට්ටන්න පුළුවන් විදිහට උලුප්පල දීල තියෙනවා.. ඉතින් අපි ආදරේ කියන්නේ මොකකටද ?
    ඇත්ත තිත්තයි සහෝදරයා..ඇත්ත ආදරේ පටන් ගන්නේ බැඳලා දරුවන් හරහා තමයි.. එතකොට බිරිඳ කියන්නේ තමුන්නේ දරුවන්ගේ අම්ම..බිරිඳ කියන්නේ තමුන්ගේ දරුවන් බඩින් උහගෙන නම මාසයක් විඳවල ලෝකේ දරුණුම වේදනාව විඳලා උන් මෙලොකෙට ගෙනා අම්ම.. මං ඇත්තටම ආදරය කියන එක හඳුනා ගත්තේ මගේ බිරිඳ ප්‍රසුත වේදනාවෙන් ඉන්නවෙලාවේදී ඇය විඳින දුක දැකලයි.. ඒ ආදරය එන්න මහා වගකීමකුත් එක්කයි..මං හිතන්නේ බිරිඳත් දරුවනුත් ඔක්කොම මනුස්සයාගේ දරුවන් වගේ වෙනවා ඊට පස්සේ කියල.. ඔන්න හෑලි ලියන්න ගත්ත..
    පුට්ටස්ස ලෝක ධම්මේහි ..චිත්තං යස්ස න කම්පති.. අසොකන් විරජන් කේමන්... එතන් මංගල මුත්තමන්... කියල බුදු පියාණන් වහන්සේ අපට කියල දීල තියෙන්නේ යන්න තියෙන පාර.. නිරුවානෙට විතරක් නෙවෙයි.. තමුන් යන්න හිතන ඕනෑම තැනකට. අට ලෝ දහම කියන්න ලාභ අලාභ අයස යසස නින්දා ප්‍රසංසා සැප දුක... මේවා කැරකෙ කැරකී එනකොට මුණ දීම හැර වෙන විකල්පයක් නැහැ.. භාවනා කරලා තියෙනවද ? භාවනාව කියන්නේ selective thinking කියල proto buddhism සයිට් එක කරන පුන්නජී හාමුදුරුවෝ කියන්නේ. (http://www.protobuddhism.com/) සිතිවිලි තෝරා ගනින්.. මං කරන්න වීරිය කරන්නේ(අමාරු වැඩක්) එහෙමයි.. දුක හිතට එනකොට එක විචාරයෙන් බලල ඒ කවුළුව වහල දාපන්.. එහෙම එක එක කවුළු වහල දැම්මම තමුන්ගේ හිත එක අරමුණකට ගෙනාවකි..දැන් කෙල්ල ගැන හිතෙනකොට මෙහෙමයි " එකී මට ආදරේද >? නැහැ.. එකී පස්සේ ගිහින් වැඩක් තියේද ? නැහැ.. මම දුක් වීමේ තේරුමක් තියේද ? නැහැ. එහෙනම් මොන%$^&* ට මම දුක් වෙනවද ? කියල වහපන් ඒ කවුළුව. මම ඕකට කියන්නේ windows system එක කියල. අපේ විසඳන්න බැරි ප්‍රශ්න ඔක්කොම කවුළු පියන් පත්. නින්දට යනකොට ඒවා ඇරේවි. එක එක ඇරලා ඉක්මනට බලන්න. වැඩක් නැහැ කියල තේරුම් අරගෙන වහන්න. ඔහොම කරනකොට ටික කලකින් ඔය කවුළු ඇරෙන්නේ නැතුව යාවි. අත්දැකීමෙන් කියන්නේ.
    දැන් දිගට ලිවුවා පස්සේ අපහු ලියන්නම්.. හිනාවෙයන් දැන්.. මං උඹ දැකල නැති උනත් උඹ බුම්මගෙන ඉන්න එක මට දිරවන්නේ නැහැ.. අන්තිම පේලිය පැත්තේ වරෙන්. මුට කනට පාරක් දීල මේ වලෙන් ගොඩට අදින්න යාලුවෙක් ළඟ නැද්ද ?

    ReplyDelete
  14. මං වෙන හැම පොස්ට් එකකටම පවුද්ගලිකව වෙන වෙනම ස්තුති කරනවා සහෝදරවරුනි.... ඒත් මේකට මෙහෙම ඇති එකට දහස් වාරයක් සමාවෙන්න.පෙරේදා රෑ පාන්දර වෙනකන්ම ඇඩුවා.අක්කා උදේ වෙනකන් ලග ඉදන් ඔලුව අතගගා හිටියා.දැන් හිත ගොඩාක් ෆිට්.බලමු නේද.මම වලේ වැටුණු වෙලේ ඇවිදින් නම නොදා හෝ කමෙන්ට් කල ඔක්කොටම දහස් වාරයක් පින් මචන්ලා...උඹලට වැඩියෙන් ලැබෙන්න ඕනා කල උදව්වට.....

    ReplyDelete
  15. Oyata ayemath waradinne na aiye..hitha hadagena anagatheta munadenna..tmanta aththatma adare kiyala hitna knekwa jiwitheta lan karaganna..kisima dekata ikman wenna epa..

    ReplyDelete
  16. Author: Rudyard Kipling
    If you can keep your head when all about you Are losing theirs and blaming it on you; If you can trust yourself when all men doubt you, But make allowance for their doubting too; If you can wait and not be tired by waiting, Or being lied about, don't deal in lies, Or being hated, don't give way to hating, And yet don't look too good, nor talk too wise:

    If you can dream -- and not make dreams your master; If you can think -- and not make thoughts your aim; If you can meet with Triumph and Disaster And treat those two impostors just the same; If you can bear to hear the truth you've spoken Twisted by knaves to make a trap for fools, Or watch the things you gave your life to, broken, And stoop and build them up with worn-out tools;

    If you can make one heap of all your winnings And risk it on one turn of pitch-and-toss, And lose, and start again at your beginnings And never breathe a word about your loss; If you can force your heart and nerve and sinew To serve your turn long after they are gone, And so hold on when there is nothing in you Except the Will which says to them: "Hold on!"

    If you can talk with crowds and keep your virtue, Or walk with kings -- nor lose the common touch, If neither foes nor loving friends can hurt you, If all men count with you, but none too much; If you can fill the unforgiving minute With sixty seconds worth of distance run -- Yours is the Earth and everything that's in it, And -- which is more -- you'll be a Man, my son!

    ReplyDelete
  17. මේන් මේකා දෙපාටක් බූට් කාලා හිතත් එක්කලා කඩාගෙන. යකෝ මම පිට පිට හතරපාරක් ඇනගෙන තාමත් නොහඬා ජීවත් වෙන්නේ. ඔව්වා ඔහොම තමා බං ගනන් ගන්න දෙයක් නෑ.

    උබට කියන්න. අන්තිමට තිබ්බ මගේ ලව් එක ගෙවල් වලින් හොදටම දැනගෙන හිටියා. ඒත් කෙලවෙලා ගියා නේ.

    ReplyDelete
  18. ඔය case එකෙන් ගැලවුනේ උඹේ හොඳට කියල හිතාගෙන නාඬ ඉන්න බලපන්! මමත් කෙල්ලෙක්නෙ! මමත් කොල්ලෙක්ව reject කළා. ඌ නං පව් කියලත් හිතුනා. ඒ උනාට මලාවට හරි අම්මලට මාට්ටු උනොත් මට මගේ අහිංසක බෙල්ල නැතිවෙනවනෙ. කරන හැම මලඉලවුවම කරන්න පන පිටිං ඉන්න එපායැ! උඹෙ කෙල්ල ගැන නං මන්දන්නෙ නෑ. කොහොම හරි හිත හදාගන්න බලපං!

    ReplyDelete

වචනයක් හරි ලියන්න හිතෙන්නේ ඔය ගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හරි දිරිමත් කිරීමක් හින්දයි.....
කරදරයක් නැතිනම් විතරක් සවියක් වෙලා යන්න.........