2011/01/21

ගෙදර වලියක්

මහින්ද සීයා අලුත් ඉස්කෝලයක් හැදුවාය. හදා එයාගෙ නමත් දාගත්තාය.මේක අපේ තාත්තා ටීවි එකේ බැලුවාය. "මටත් මොකක් හරි හදලා මගෙ නම දාගන්න හිතෙනවා" තාත්තා කීවාය.
"ඔව් ඉතිං ඔය වගේ උත්තමයංගෙ නං හැම ඉස්කෝලෙකටම දැම්මත් මොකෑ වෙන්නෙ" අම්මා කීවේය.
අම්මා සිරිලංකා කාරියකි. ඒකට හරියන්න තාත්තා යූඇන්පී කනුවකි.
හැමදාම දේසපාලනේට ගෙදර වලිය.
අපේ ලොකු අයියා සෙට් උනොත් වලිය නැගලම යති.
ඌ තද ජේවීපී කාරයෙකි.
"ඇයි අර සජිත් මහත්තයා පංසල් වලට දෙන සල්ලි කොහෙංද කියලා හෙල උරුමේ හාංදුරුවොත් ඇහුවෙ. දන්නවනං කියපල්ලකො අපටත් දැනගංට" අම්මා සටන පටං ගත්තේය.
"හිටපංකො මම කියංට" කියූ තාත්තා තඩි පොල්ලක් උරුක් කොරගෙන ආවාය.
එනපොට හොඳ නැති හින්දා මම කිටියාත් උස්සාගෙන පාරට දීවෙමු.

මීට
අක්කුං බබා

2 件のコメント:

  1. මෙක මට විතරක් පේන අව්ලක්ද දන්නෑ. මට ඔයාගෙ බ්ලොග් එකෙ අකුරු ජපන් වෙලා පේනවා.

    返信削除
  2. ඒක තමයි මටත් ඒක හදාගන්න බැරුව ඉන්නේ.

    返信削除