Wednesday 15 August 2018

වැදි රජ දිසාපාමොක් ට ලියු ලිපිය...

රැලෙන් වෙන් වී අවේ ඔබ වෙත ශිල්ප උගෙනුම  පතා
ඔබේ සැලකිලි වැඩියි මනමෙට රජ අනුහස් ඇති නිසා
තවත් ඉන්නට හිත් නොදෙයි මට තක්සලාවේ දුක දරා
මාව වැද්දෙක් කලේ නුබමයි දිසා පාමොක් ගුරු තුමා

දන්න දා සිට දුනු හිය සමගින්ගෙ වුණු මගේ මේ ජිවිතේ
කෙසේ නම් ධනුද්දර වුනාදෝ මනමේ අපේ මේ දිසාවේ
දහසකින් බැඳී පියලි නැතිමුත් පුදන්නට ඔබ ඉදිරියේ
තක්සලාවේ හොඳම සිසු මා නොවේද ගුරු තුමානේ

ලොවට රහසින් ගෙතූ පෙම් දම්නු බේ දුලා සමග මා
කෙසේ නම් පවසම්ද ඒ තතු නුබේ ගුරු සිත රිදවලා
සරණ බන්ධන විටදී දුලා කුමරු සමගින් සිරි මවා
සිතින් පමණක් නොවේ මා සැබවින්ම වනගත උනා

වැදී ලොවේ මා රජෙක් විය අද නුබේ ශිල්පේ අනුහසින්
හඳුන් පොත තව කී ගහයි මගේ දුලා නැති වූ සෝකයෙන්
නැති නිසා ලොව රස අඳුන් සුවදෙනා ප්‍රේමය තරම්
රැගෙන යමි මා දු කුමරිය අතර මගදී මනමේ ගෙන්

No comments:

Post a Comment