Hololens 2 ගැන Microsoft නිවේදනය කරයි

Hololens 2 ගැන Microsoft නිවේදනය කරයි

2109
0
SHARE

Virtual Reality කලාවට අලුත් අරුතක් අරන් එන්න බිහිවුණු device එකක් විදිහට Hololens හදුන්වලා දෙන්න පුළුවන්. 2016 මාර්තු මාසයේදී development edition එකක් විදිහට release වුනු Hololens වල ආරම්භයේදී මිල වුනේ $3000ක්. මේ මිලට මේ devices ලබා දෙන්න කටයුතු කලේ ඇමරිකාවේ හා කැනඩාවේ වාසය කරන software developersලට.

Device එකක් කියල මම කියුවට ඔබ දන්නවද Hololens එකක් මොන වගේද? මොනවද එකෙන් කරන්න පුළුවන්, බැරි දේවල් කියලා? Hololens එකක ප්‍රධානම දේ තමයි head mounted display එක. මේ display එක adjustable, ඒ වගේම cushioned inner headband එකකින් සමන්විතයි. මේකෙන් HoloLens ඉහල හා පහළ වගේම ඉදිරියට හා පසුපසට අරන් යන්න පුළුවන්. තවදුරටත් මේකේ තියෙන components ගැන කතා කලොත් transparent combiner lenses දෙක, 3D audio speakers, brightness control buttons, volume  control buttons වගේ ප්‍රධාන කිහිපයක් අන්තර්ගතයි. speakers ගැන කියනවනම් external sounds extract කරන්නේ නැහැ, ඒ වගේම virtual sounds වලට userට සවන්දෙන්න පුළුවන් environment එකේ කිසිම බලපෑමක් නැතුවම.

Hardware ගැන කතා කරනවානම් IMU කොටස – Inertial Measurement Unit එක මගින් තමයි පරිසරය නිවැරදිව හඳුනාගන්න sensors නිර්මාණය කරන්නේ. මේකේ අන්තර්ගත වෙනවා accelerometer එකක්, gyroscope එකක්, ඒ වගේම magnetometer එකක් තමයි මේ unit එකේ ප්‍රධාන අන්තර්ගතය. ඒ වගේම 2.4 MP photographic video camera එකක් ambient light sensor එකක්, ඒ වගේම Hololens පාවිච්චි කරනවා HPU කියලා කොටසක්. මේක Holographic Processing Unit එක, Microsoft විසින් custom නිර්මාණය කරපු එකක්. මේ HPU එකේ 1GB LPDDR3 එකක් එක්ක shared 8MB SRAM තියෙනවා. Hololens එකේ spatial mapping, gesture recognition, voice and speech recognition වගේ handling tasks පවා අන්තර්ගතයි. මේකේ බැටරිය ගැන කතා කරනවානම් පැය 2-3ක ක්‍රියාකාරීව පවත්වා ගන්නත් පුළුවන්, standby time එකේ සති දෙකක් වගේ කාලයක් උනත් තියාගන්න පුළුවන්. ඒ වගේම මේකේ WiFi Bluetooth වගේ connectivity options පවා තිබෙනවා.

අද වෙනකොට මේ Hololens එක නිර්මාණය වෙලා වසර 3ක් ගතවෙලා. ඒක නිසා වෙන්න ඕනේ Microsoft Hololens 2.0 එකක් ගැන හිතලා තියෙන්නේ. ඒ වගේම Google කට්ටියගේ A65 Handsfree එකත් මේකට හේතුවක් වෙන්නැති. ඔබ ඉහල කොටස කියෙව්වනම් ඔබ දකින්න ඇති battery life එක කොච්චර අඩුද කියන එක. මේකට විසදුමක් ගේන්න Hololens 2.0 වලට හැකි වේවි. ඒ වගේම තවත් ආපු පණිවිඩයක් තමයි, මේකේ බර ප්‍රමාණය හා මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහල යනවා කියන කරුණ. Microsoft අයට ඕනේ මේක ව්‍යාපාරිකයන් අතර හුරු කරවන්න. ඒකයි මිල ප්‍රමාණය පහල දාන්න තීරණය වෙලා තිබෙන්නේ. ඒ වගේම මෑතකදී Microsoft නිකුත් කරපු Kinetic sensor එකක් හා custom AI chip එකක් මේකට ඇතුලත් කරලා තිබෙනවා performance එක වැඩි කරන්න. 2019 වසර ආරම්භයේදී Hololens 2.0 වෙළදපොලට පැමිණේවි. අපි ඒක බලාපොරොත්තුවෙන් බලා ඉදිමු…

නැවත හමුවෙමු…

Source : https://www.engadget.com/2018/06/13/microsoft-hololens-2-surface/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY