Saturday, June 23, 2018

ආදරණිය නපුරා - විසි නම වන කොටස


සාමාන්යෙන් හරි ඉක්මනට ලෑස්ති වෙන සජිනිට අද ලැස්ති වෙන්න ටිකක් වෙලා ගියේ මූනේ තැලුම් පාරවල් නිල් වෙලා තිබ්බ නිසා.මේකප් දාන්න වැඩි කැමැත්තක් නැතත් සජිනි මේකප් දාගත්තේ ඒ තැලුම් පාරවල් වැහෙන්න ඕනේ නිසා.

සජිනි ලෑස්ති වෙලා එනකොටත් සහන් සාලේ වාඩි වෙලා බලාගෙනයි හිටියේ

"යමුද?" ලෑස්ති වෙලා ආපු සජිනි ඇහුවේ සාලේ වාඩි වෙලා හිටපු සහන්ගෙන්.සජිනිගේ කටහඩට සහන් සජිනි දිහා බලලා පුටුවෙන් නැගිට්ටා 

"යමු..." 

පහළට ඇවිත් දෙන්නා පිටත් වුනේ ගෝල් ෆේස් යන්න කියලා.

සති අන්තයේ දවසක් නිසා ගාලු මුවදොර සෙනග පිරිලා.සහන් ඉඩ තියෙන තැනක් බලලා වාහනේ නැවැත්තුවා.හවස 6ට වගේ වුනත් තාමත් ගලු මුවදොරට නම් හොදටම අව්ව.වාහනෙන් නවත්තපු සහන් සජිනිට කතා කරා 

"බීච් එකට යනවද?"

'හා හා යමු..ටිකක් ඉන්න" එහෙම කියපු සජිනි කාර් එක ඇතුලෙන් බෑග් එකක් ගත්තා.ඒ බෑග් එකෙන් බාටා දෙකක් ගත්ත සජිනි,තමන් දාගෙන හිටපු සෙරෙප්පු දෙක ගලවලා බාටා දෙක දාගත්තා.ඊට පස්සේ සජිනි තව බාටා දෙකක් එලියට ගත්තා.

"ඔය දෙක ගලවලා මේක දාගන්න" 

"පිස්සුද ඔයාට" සහන් ඇහුවේ පුදුම වෙලා වගේ 

"ඔයාට ඉතින් කාර් එකේ වැලි වැටුනට කමක් නැත්තම් මටත් කමක් නෑ" එහෙම කියපු සජිනි බාටා දෙක අතට ගත්තේ ආයෙත් දාන්න කියලා 

"දෙන්න දෙන්න" සහන් එයාගේ සපත්තු දෙකත් ගලවලා බාටා දෙක දාගත්තා.

"හරි..යමු..." එහෙම කියපු සජිනි සහන්ටත් කලින් එලියට බැහැගත්තා.

දෙන්නා එක්ක ගියේ ගාලු මුවදොර වෙරළට.වෙරළට ගියපු සජිනි සෙරෙප්පු දෙක පැත්තකින් ගලවලා අතට ගත්තා.ඊට පස්සේ සහන් දිහා හැරිලා බැලුවා.

"යමුද රැල්ල පාගන්න..."  

"ඔයා යන්න..මං ඉන්නම්" 

"අනේ... යමුකෝ..."

"ඔයා යන්නකෝ..සෙරෙප්පු දෙක මං තියාගන්නම්" එහෙම කියලා සහන් සජිනිගේ සෙරෙප්පු දෙක අතට ගත්තා 

ටිකක් වෙලා බලන් හිටපු සජිනි රැල්ල පාගන්න ගියා.මුහුද ආශ්‍රිතවම ජීවත් වුන සජිනිට මුහුද අමුතු දෙයක් නෙවෙයි.ඒත් සජිනි හැමදාමත් මුහුදට ආදරේ කරා.මුහුදේ තියෙන ශාන්තබවට වගේම සැරින් සැරේ එන චණ්ඩ රළ වලටත් සජිනි එක වගේම ආදරේ කරා..

ටිකක් වෙලා රැල්ලට කකුල අල්ලගෙන හිටපු සජිනි එතනම වටයක් කැරකුනා.තව මුහුද මැදට ගියපු සජිනි දිග සායත් තව ටිකක් උඩට උස්සගත්තා.සැරින් සැරේ එන රැලි වලින් කකුල් උඩටම තෙමිලා යද්දි සජිනි හිනා වුනේ පොඩි ලමයෙක් වගේ.

එක පාරටම සජිනි හැරිලා බැලුවේ සෙරෙප්පු දෙකත් අතේ තියන් එයා දිහා බලන් ඉන්න  සහන්ව .සහන්ට රවපු සජිනි ආයෙත් මුහුද දිහා බැලුවා  

"රැල්ල පාගන්නේ නැත්තම් මොකට මෙතනට ආවද මන්දා,මුහුද දිහා බලන් රැල්ල පාගන්නේ නැතුව  ඔහොම ඉන්නේ කොහොමද?" සජිනි කියාගත්තේ තමන්ටමයි.

ටිකකින් සජිනි හැරිලා බැලුවේ එයා ලග කවුරු හරි හිටගන්නවා වගේ දැනුන නිසා 

"ඇයි ආවේ?" සජිනි ඇහුවේ එයා ලග ඉදන් මුහුද දිහා බලන් ඉන්න සහන්ට 

"මට ඕනේ නිසා"සහන් උත්තර දුන්නේ සජිනි දිහා බලන්නෙවත් නැතුව 

'ඔව් ඔව් එයාට ඕනේ විතරයිනේ කරන්නෙ.මහ නපුරෙක්' සජිනි කල්පනා කරා.

ඒත් එක්කම සහන් සජිනිගේ අතින් අල්ලගත්තා.සජිනි ඒ අත දිහා බැලුවේ පුදුම වෙලා 

"දැන් යමු උඩට,තාම ඔයාට සනිපත් නෑ"

"ඉමුකෝ තව තව ටිකක්.."

"දැන් රෑ වෙලා සජිනි"සහන් කිව්වේ වටපිට බලලා.ඒ කිව්වත් වගේ වටේම කරුවල වෙලා.ඒ නිසා සහන්ගේ කීමට එකග වෙලා සජිනිත් මුහුදෙන් උඩට ආවා.

"වඩේ අරන් දෙන්නද?" සහන් ඇහුවේ ගාලු මුවදොර කණ්ඩියට නැග්ගට පස්සේ 

"හා.." 

"ඒකට නම් පැනපු ගමන් හා..මුහුදෙන් ගොඩට ගන්නනෙ අමාරු වුනේ" සහන් හිනා වෙනවා.

"එහෙම තමයි ඉතින්.ඉස්සො වඩේ ගමු හොදේ"

"අයියේ ඉස්සො වඩේ 3ක් දෙන්න"

"3ක්? මේ මං නම් දෙකක් කනවා ඔන්න"

"දෙකක් ඔයාට තමයි.මං වැඩිය ආස නෑ"

"ඔයා මොනවටද කැමති" සජිනි ඇහුවේ ඉස්සො වඩයක් අතට ගන්න ගමන්.

"මං කැමති උලුදු වඩේ" එහෙම කියන ගමන් සහන් සජිනි වාඩි වෙලා හිටපු බංකුවෙන්ම වාඩි වුනා 

"අහ්.." සජිනි හෙමීට වඩේ කන ගමන් හිතුවේ උලුදු වඩේ හදන විදිය හොයාගෙන ගෙදර හදලා බලන්න ඕනේ කියලා.

"සහන්..."

"ම්ම්ම්ම්..."

"අපි කොහෙන්ද රෑට කන්නේ ..."

"මං දන්න ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් තියෙනවා වැල්ලවත්තේ .ඒකෙන් කමු.රසයි ඒකේ කෑම"

"මේ සහන්.."

"ම්ම්ම්..."

"අපි ඒකෙන් කෑම අරන් ගෙදර ගිහින් කමුද?.." සජිනිගේ ඒ කතාවට සහන් සජිනි දිහා බැලුවා 

"ඇයි ඒ?"

"සෙනග ගොඩක් ඉන්න තැන් වල කන්න මං ආස නෑ"

"හ්ම්ම්..."

"නෑ නෑ එක්කො අපි එතනින්ම කමු.." සජිනි කිව්වේ සහන්ට තරහ ගිහින්ද කියලා හිතලා 

"යමුද? දැන්  7ත් පහු වෙලා" සහන් බංකුවෙන් නැගිට්ටා.

දෙන්නා ආපහු වාහනේට ගියා.ඒත් වාහනේට නගින්න කලින් බෑග් එකක් අරන් වැලි තියෙන සෙරෙප්පු දෙක ඒකට දාලා හොද සෙරෙප්පු දෙක සහන්ට දෙන්නත් සජිනි අමතක කරේ නෑ.මේ ඔක්කොම සහන් බලන් හිටියේ පුදුමෙන්.සජිනි මේ තරම්ම පොඩි දේවල් ගැනත් හිතලා හරි වගකීමෙන් වැඩ කරනවා ඇති කියලා කලින් සහන්ට තේරිලා තිබ්බේ නෑ.

පස්සේ දෙන්නා පිටත් වුනේ වැල්ලවත්තේ  රෙස්ටුරන්ට් එකට යන්න 

"කෝ අනේ එදා දාපු සින්දු නැද්ද මේකේ" සජිනි අහන්නේ සහන්ගේ කාර් එකේ රේඩියෝ එක ඔබ ඔබ 

"ඔහොම ඔබන්න එපා..ඕක කැඩේවි.ඉන්න මං දාලා දෙන්නම්" එහෙම කියපු සහන් සින්දුවක් දැම්මා 

"අනේ...මං ආසයි මේකට" එහෙම කියපු සජිනි සින්දුව කියන්න ගත්තා 

"තුම් පාස ආයේ...යූ  මුස්කරායේ...තුම් නා ජායේ කෙයා...සපනේ දිකායේ...
අබ්තෝ මෙරා දිල් ජාගේන සෝතා හේ..කෙයා කරුන් හායේ කුච් කුච් හෝතා හේ...
කෙයා කරුන් හායේ..කුච් කුච් හෝතා හේ..." 

"සහන්...." සජිනි සින්දුව ඉවර වෙලා සහන්ට කතා කරා 

"ම්ම්ම්..."

"මේ ෆිල්ම් එක බලලා තියෙනවද?"

"ඔව්"

"ලස්සනයි නේද? මං කොහොමත් මුල ඉදන්ම ටීනට කැමති නෑ.එයා මොකටද රාහුල්ගෙයි අංජලීගෙයි මැද්දට ආවේ? රාහුල්ටත් ඕනේ වුනේ කොටට අදින කෙල්ලෙක්නේ.අර ඉස්සර ඉදන්ම එයා ලග හිටපු කෙල්ල ගැන ගානක් වුනේ නෑ.හැබැයි පස්සේ නම් ටීනා ගැන මට දුක හිතුනා.එයාලගේ දුව ශෝයි..."

සජිනි එක දිගට කියවන්න ගත්තේ ඒ ෆිල්ම් එකේ කතාව ගැන.ෆිල්ම් එක බලලා තිබ්බත් මේ සජිනිගේ කියවිල්ල සහන් අහන් හිටියේ හිතින් හිනා වෙවි.

'ගමනක් ගියොත් පාලුවක් නම් නෑ..මොනවා හරි කියවනවනේ..මෙච්චර කල් කට වහන් හිටියේ කොහොමද දන්නේ නෑ'සහන් කල්පනා කරා.

සජිනිට කඩේ ඉදන් කන්න බෑ කියපු නිසා සහන් කෑම ගත්තා ගෙදර ගෙනියන්න.

ගෙදර ගිහින් කෑම කාලා සජිනි කුස්සියට ගියේ අස් කරන්න කියලා.පස්සේ සජිනි ආයෙත් එයාගේ කාමරේට යනකොට සහන් හිටියේ සාලේ.

"ඔයා අද කාමරේට එනවද?" සහන් ඇහුවේ සජිනිව මග ඇරලා

"නෑ මට අද කාමරේ ඉන්න පුලුවන්" සජිනි කිව්වේත් අහක බලාගෙන.

'බලෙන් යන්න ඕනේ නෑනේ' සජිනිට හිතුනෙ එහෙමයි 

"හරි...එහෙනම් ඕනෙ වුනොත් කතා කරන්න.මං නිදාගන්න යනවා..." එහෙම කියපු සහන් නිදාගන්න යද්දි සජිනිත් නිදාගන්න ගියා.

ඊලග සතියම කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවිලා ගියා.වෙච්ච සිදුවීම් එක්ක සහනුයි සජිනියි අතර තිබ්බ පරතරේ නැති වෙලා තිබ්බේ.වෙනදා වගේ කාමරේට වෙලා ඉන්නේ නැතුව ගෙදර ආවම සහනුත් කුස්සියට වෙලා සජිනි එක්ක කතා කර කර හිටියා.

බ්‍රහස්පතින්දා දවසක සහන් හදිස්සියේම සජිනිට කෝල් කරා 

"හෙලෝ.."

"සජිනි ඔයා ගෙදරද?"

"ඔව් සහන් ඇයි? "

"මං දැන් ගෙදර එනවා" එහෙම කියපු සහන් කෝල් එක කට් කරා.

සහන්ගේ කාර් එකේ හඩත් පසුබිමින් ඇහෙන නිසා සහන් කතා කරේ පාරේ ඉන්න ගමන් කියලා තේරුන සජිනි ඉකමනටම පළතුරු යුශ එකක් හදන්න ගත්තේ සහන් ආවම දෙන්න හිතාගෙන.ඒත් ඇයි මේ අද සහන් කලින් එන්නේ කියලත් සජිනි කල්පනා කරා.

මේ අතරේ තමයි ගෙදර දොර ඇරෙනවා ඇහුනේ.සජිනි ඉක්මනට සාලෙට ගියත් සාලේ ඉන්න කෙනා දැකලා සජිනි පුදුම වුනා 

සජිනිව දැකලා සහන් ලග හිටගෙන හිටපු නදිනි සජිනි එක්ක අමාරුවෙන් හිනා වුනා.ඒත් එක්කම සජිනිගේ ඇස් ගියේ නදිනි ලග බිම තිබුනු ලොකු ඇදුම් බෑග් දෙකට.

*********************************************************************************

ඔන්න බෝනස් එක ගෙනාවා.ඊලග කොටස අද රෑට.

ඊලගට තව දෙයක්,ඊයේ සැහෙන අය ඇහුවා මේක මගේ ජිවිත කතාවද,මේවා මගේ අත්දැකීම්ද කියලා.ඉතින්  ඒ අයට කියන්න ඕනේ මං දන්න සමහර චරිත සමහර පොඩි පොඩි දේවල් මේකේ තියෙනවා.එත් මේ කතාව සම්පුර්නයෙම මගේ හිතුවිල්ලක්.ඒ සිද්දිත් එහෙමයි.ජිවත් වෙන කාටවත් මටවත් සම්බන්දයක් නෑ..

හරි එහෙනම් රෑට හම්බෙමු 

ආදරෙන් ඉන්න 💖





4 comments:

  1. දම්මියාගේ පසු සටහන සනාථ කරමි...

    අනේ මේ නදිනි මොකද මෙහෙ??

    බෝනස් දෙකක් බැරිවේවිද?

    ReplyDelete
  2. හොදම හරිය තියලා නවත්තනව නෙ මෙ දම්මියා..
    කොපටි බෝලයක්..

    දැන් ඉතින් ඉදපන්කො මොකාද වගේ සැරින් සැරේ ලැපට මූණ ඔබාගෙන ඉතිරි කොටස වැරදිලාවාත් කලින් දාලද කිය කිය බල බල..
    හෙ හෙ

    ReplyDelete
  3. සජිනිට අයෙමත් බිංදුව වගේ. පව්. බදින්න කලින් කේන්දර බැලුවේ නැත්ද මන්දා.

    ReplyDelete
  4. ඔන්න කට්ටියගේ ප්‍රශ්න වලට උත්තර හම්බුනානේ නේද? සැලෙන්න එපා දැන්ම.හොද හොද සෙල්ලම් තව ඉස්සරහට

    ReplyDelete