Tuesday, June 12, 2018

589. පුවක් එෂැණිං 47 - අඟහරු ගඩොල් පිළිබඳව සත්‍යය හෙළිවෙයි නොහොත් Truth Revealed About Bricks From Mars

අඟහරු ග්‍රහයා මත කියුරියෝසිටි 

අඟහරු ග්‍රහයා මත දර පෝරණුවේ පිලිස්සූ අගනා ගඩොල් තියනවයි කියල කියන්නෙ....

මේ අපේ සිතුම් පැතුම් එතකොට මුලු මහත් චින්තන රටාවම නව මානයකට යොමු කරවන මහාර්ඝ සොයාගැනීම කරල තියෙන්නෙ ශ්‍රී ලාංකිකකයෙක්. අන්න ඒකයි ඒකෙ අවයවය……

(ඒ අවයව කතාවේ පේටන්ට් අයිතිය නැසීගිය මාගේ දයාබර මාමණ්ඩිය සතුයි....අන්න ඒකයි පුතා ඒකෙ අවයවය..උන්දැ ජීවත්ව ඉන්දැද්දි අපෙ උන්දලගෙ මහගෙදර සාලෙ ඔහොම මෙහෙම ඇඳි පුටු දෙකක දිගාවෙලා ගමරට තොරතුරු එතනින් ගියාම කාලගුණ තොරතුරු එහෙම පිළිබඳව බොහොම ගැඹුරින් විස්ලේසනය කරමින් ගතවුනු සැඳෑ කාලවල් මහා රාසියකදි උන්දැ මිනිත්තු තුන හතරකට සැරයක් වගෙ ඔය අවයව කතාව කියනව. අනේ උන්දැට නිවන් සැපම ලැබේවා!)

මේ අසමසම සොයා ගැනිල්ල කරල තියෙන්නෙ ලේසි පාසු පුතයෙක් එහෙම නෙවෙයි. අර දිවඉණ කියන ජාතික සාර සංග්‍රහයෙ ජෝට්ට පුවක්පක් කලාවේජියෙක් වන කීර්ති පාටකුලසූරිය මහත්තය තමයි ඒ හපනා. යුද්දෙ තිබ්බ කාලෙ ඉරිදා දිවයිනේ ආරක්සක කොලම ලිව්වෙ ඒ මහත්තය. ඒකෙ තිබ්බ තොරතුරු අපේ හමුදාවෙ උසස් නිලදාරීන්ට බොහොමත්ම උදව් වුනාලු යුද සැලසුං එහෙම සකස් කරද්දි. යුද්දෙ ඉවර උනයිම් පස්සෙ මිට්ට කීර්තිමයි එහෙම කිව්වෙ. ඒ හින්ද බොරුවක් එහෙම වෙන්ට බෑ කොහෙත්ම.

ඔය මනුස්සය පත්තරවලට ලිපි ලියන නවතම රටාවක් අඳුන්වල දුන්නු මනුස්සයෙක්.."වර්ණකුළ මෙතඩ්" කියලයි ඒකට කියන්නෙ...හෙහ්...හෙහ්..ඔහෙලට එක පාරටම "වර්ණපාල මෙතඩ්" එක මතක් උනා නේද? ඒ වර්ණපාල මෙතඩ් එකේ නිර්මාතෘ ඇවිල්ල අර කාලයක් උප ඇමතිකමක් එහෙම කරපු මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තය. වර්ණපාල මෙතඩ් එක ගැන හැමම පාහේ දන්න නිසා මම නැවත කියන්න යන්නෙ නෑ අයන්නෙ ඉඳල හොඳේ?

ඉතිං ඔය වර්ණකුල මෙතඩ් එක කියන්නෙ වාක්‍ය දෙක තුනක් සිංහලෙන් ලියල ඒකම ඉංග්‍රීසියෙන් ලියනව එතනම වරහන් දාල... ඒ කියන්නෙ විදින් බ්‍රැකට්ස් තුල. ඈස් ඇන් එග්සාම්පල් සම්තිං ලයික් දිස්…

පසුගිය බදාදා තම කඳවුරු තුලින් පිටතට පැමිණි ආරක්ෂක හමුදාවෝ කොටි ත්‍රස්තවාදීන් හට අමතක නොවන පාඩමක් ඉගැන්වූහ. (Past wednesday there camp outcome security forces tigers no forget lesson teached) මල්ටි බැරල් බර අවි යොදා ගනිමින් හමුදාව එල්ල කල මේ අඛණ්ඩ ප්‍රහාරයට මුහුණදිය නොහැකිව ත්‍රස්තවාදීහු හිස් ලූලූ අත පළා ගියහ. (Multi barrel heavy weapon used this our army long long attack no facing terrorists head lu lu hand split wented.)

කොහොමද බුවාගෙ වැඩ? අන්න පොර තමයි මේ අඟහරු ගඩොල් හොයාගත්තෙ…Fitting ..isn't it?

මෙන්න මේ මහා පුවක්පක් කලාවේදියා ලියපු ලිපිය....

අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

කීර්ති වර්ණකුලසූරිය

අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.

මේ ගඩොල් වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය කියයි.

මෙය විශ්මය ජනක සොයාගැනීමක්‌ යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.

මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.

ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

මේ තියෙන්නෙ ලිපියත් එක්ක පළවෙච්චි ෆොටෝස් එක...කොහොමද හුදී ජන පහන් සංවේගය උදෙසා මනුස්සය ගඩොල් කෑලි ටික රවුං කරල එහෙම පෙන්නල තියන අපූරුව...වෙරි ගුඩ් මෑන් නෝ?



දැන් ඔය අතිපණ්ඩිත පුවක්පක් කලාවේජියා ඔය ප්‍රවෘත්තිය ලිව්වෙ මෙන්න මේ ඔරිජිනල් ප්‍රවෘත්තිය බලාගෙන...

NASA says Mars Curiosity rover discovered organic compounds, which are the ‘building blocks of life’

NASA revealed the scientific discoveries made by the Mars Curiosity rover include organic compounds, which are the "building blocks of life."

Details of the enigmatic discovery, which appear in the journal Science, were revealed in a news conference Thursday.

"We found organic molecules in rocks from an ancient lake bed," said Jen Eigenbrode, research scientist at NASA's Goddard Space Flight Center in Maryland and lead author of one of two new papers on the discovery. "Those organic molecules could have come from life. We don't know that there was ever life on Mars."

So while there was no direct evidence of life, it's still notable the building blocks of life exist, Eigenbrode said, although they could have come from non biological sources.

අර "Building blocks of life"  නැත්නම් ජීවයේ තැනුම් ඒකක කියන වචන හතර තමයි අපේ මේ ජීනියස් තුමා ගඩොල් කියල පරිවර්තනය කලේ. මට පොඩි අවුලක් තියෙන්නෙ බිල්ඩිං බ්ලොක්ස් කිව්වම මේ යස්සය මොකද මේක බ්ලොක්ගල් කියල පරිවර්තනය නොකලෙ කියල. සමහරවිට මිනිහ හිතන්න ඇති බ්ලොක්ගල් කියනවට වඩා ගඩොල් කිව්වම පොඩි ගැම්මක් එනවයි කියල.

ඊලඟට අර කියන අඟහරු මත ජනවාස කතාව නම් තනිකරම අතින් දාපු එකක්. එහෙම එකක් ගැන අඩුතරමෙ අංශු මාත්‍රයක තරම් සඳහනක්වත් අර ඔරිජිනල් වාර්තාවෙ නැහැ.

වැඩේ කියන්නෙ මේ මනුස්සයගෙ මඤ්ඤම පැත්තක තියමුකො. යකෝ සාක්කි දිවයින කියන පත්තර කඩමාල්ලෙ "Building blocks of life"  කිව්වහම ඒ කියන්නෙ ගඩොල් ගැන නෙවෙයි කියල තේරුම්ගන්න පුලුවන් උප කර්තෘ කෙනෙක්, විශේෂාංග කර්තෘ කෙනෙක් එතකොට ප්‍රධාන කර්තෘ කෙනෙක් හිටියෙම නැද්ද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු. 

දයාසේන ගුණසිංහ මහත්තය වගෙ පඬිවරයෙක් ආරම්භක කර්තෘත්වය දරපු පත්තරේකට ගිය කල...අඟහරු ගඩොල්පල්ලා කියුරියෝසිටි එකේ ඉස්සරහ හයි කරල තියන අර ගඩොල් එකතු කරන කුල්ලපල්ලා ඇත්තටම දුකයි...


****************
ටං... ටිං.... ටුං....
****************

Meanwhile inside NASA….මේ අතර නාසා ආයතනය ඇතුලේ....

නාසා එකේ අඟහරු පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන පාලකවරයා කැන්ටිමට ඇවිල්ල කෝපි එකක් බොන්න ලෑස්තිවුනා විතරයි. ඔහුගෙ සහායකය හතිමුනිං දාගෙන දුවගෙන ආව.

"බොස් හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ…"

"මොකද මනුස්සයො හති දාගෙන? මොකෝ අපේ කියුරියෝසිටි එක අඟහරු පොලීසියෙන් හයි ස්පීඩ් අල්ලලද?" ප්‍රධාන පාලක වරයා ඇසූයේ හඬනඟා සිනා සෙමිනි.

"බොස්ට ඉතිං හැම එකක්ම විහිලුනෙ…" සහායකය කිව්වෙ නෝක්කඩු ස්වරයෙන්..

"හරි හරි ඒක ගණං ගන්න එපා..කියනවකො කියන්ට ආපු එක.."

"අපි අර කියුරියෝසිටි එකෙන් ගත්තු ෆොටෝ වගයක් ප්‍රසිද්ද කලානෙ"

"ඔව්..ඉතිං?"

"ඒ ෆොටෝ එකක තියනවලු ගඩොල් "

"ගඩොල් තියනවලු?.....කවුද දැං ඔහොම කතාවක් කියන්නෙ?"

"මේ ශ්‍රී ලංකා කියල රටක ජර්නලිස්ට් කෙනෙක්…"

"හ්ම්ම් එහෙමද? කියන්නත් බෑ තමයි…"

"ඒ කිව්වෙ බොස්?"

"නෑ මම මේ කිව්වෙ ඔය පෙරදිග රටවල්වල තියෙන්නෙ පුලුවන් අමුතු අද්භූත ශාස්ත්‍ර එහෙම. මම දැන් අවුරුද්දකට විතර ඉස්සර කියෙව්ව ඒත් ඔය පෙරදිග රටක නාත දෙයියො කියල දෙවි කෙනෙක් මොකක්ද ඒ රටේ දොස්තරලටත් හොයාගන්න බැරිවුනු ලෙඩකට හේතුව තමන්ගෙ බල මහිමයෙන් හොයල දුන්නයි කියල.."

"ආ..හරි හරි බොස්..ඒත් මේ රටම තමයි....ශ්‍රී ලංකාව..ශ්‍රී ලංකාව...මට මතකයි"

"අන්න ඒකනෙ කියන්නෙ. මේ ගඩොල් කතාව ඇත්ත වෙන්න පුලුවන්. ෆොටෝවල අපිත් නොදැක්ක ගඩොල් ඔය අද්භූත බල මහිමයට පේන්න පුලුවන්...... "

"ඉතිං අපි දැන් මොකද මේකට කරන්නෙ?"

"හරි අපි මෙහෙම කරමු. ඔය කියන ජර්නලිස්ට්ව අපි පත්කරගමු අපේ අඟහරු ගවේෂණ වැඩ පිළිවෙලේ ජේෂ්ඨ උපදේශකයෙක් විදිහට..."

"මිනිහ එයිද බොස්? මට හිතෙන විදිහට ඒ මනුස්සයට ඒ රටේ ජාතික වීරයෙක් විදිහට සලකනව වෙන්න ඕන. ඇයි දෙයියනේ...අපි මේ මෙච්චර ඩොලර් බිලියන් ගණං වියදං කරල අඟහරුට යානා යවල පොටෝ ගෙන්නගෙන අපේ ඉහලම පෙලේ විද්‍යඥයින්ටත් බැරිඋනානෙ ඔය ගඩොල් හොයාගන්ට. මේ මනුස්සය මොනතරම් දක්ෂයෙක්ද කියනවනම් ඔෆිස් එකේ මේසෙ ඉඳගෙන යන්තමට ඒ ෆොටෝ එක දැක්ක ගමං කිව්වලුනෙ මෙන්න යකෝ අඟහරු ලෝකෙ ගඩොල් කියල. කොහොම ඔලුවක් තියෙන්න ඕනද එහෙම එක පාරටම කියන්ට...අන්න ඒකයි මම කිව්වෙ මනුස්සය කැමතිවෙයිද දන්නෙ නෑ කියල මෙහෙට ඇවිදිල්ල අපිත් එක්ක වැඩ කරන්ට.."

"හ්ම්ම්ම්..ඒකත් නම් ප්‍රශ්නයක් තමයි..ආ..හරි මට ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් මතක් වුනා..අපේ අර ඩොක්ට ගුණපාල ඉන්නෙ.."

"ඔව්..ඉතිං?"

"මට මතක විදිහට ඩොක්ට ගුණපාල ලංකාවෙ කෙනෙක්. අපි කියමු ඩොක්ට ගුණපාලට අර ජර්නලිස්ට්ට පර්සනලි කතා කරල කොහොම හරි කැමති කරවගන්ටෙයි කියල අපිත් එක්ක ජොයින් වෙන්න.."

"ඒක හොඳ අදහසක් බොස්.."

"ඔව්..ඩොක්ට ගුණපාලට දැන්මම පණිවිඩයක් යවන්න පුලුවන් ඉක්මනට ඇවිල්ල මාව හම්බ වෙන්නෙයි කියල..Treat this as a priority one matter Ok? "

"OK Boss...."

"ආ..මේ පොඩ්ඩක් ඉන්නව තව එකක්.."

"ඒ පාර මොකක්ද?"

"අපි අර 2020 අවුරුද්දෙ අඟහරු ලෝකෙට යවන්න හිතාගෙන ඉන්නවනෙ මේ කියුරියෝසිටි වගේම තවත් යානයක්.."

"ඔව්..ඉතිං?"

"වහාම මේ අදම දැනුම් දෙනව ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ නවත්වන්නෙයි කියල.."

"මොකක්? වැඩ නවත්තන්ඩ? ඒ මොකටද?"

"ඒ මොකටද කියන්නෙ? 2020 වෙනකල් ඉන්ට බෑ..මට ඉවසිල්ලක් නෑ ඔය අඟහරු ගඩොලක් උඩ දාල අල්ලනකල්.."

"ඉතිං?"

"ඉතිං අපි මේ අවුරුද්ද ඉවරවෙන්ට ඉස්සෙල්ල යවමු අඟහරු ලෝකෙට ටෙන් වීල් ටිපර් එකකුයි, ලෝඩර් එකකුයි.."

"ඒ මොකටද ඒ?"

"ඒ මොකටද අහන්නෙ? ඇයි මනුස්සයෝ අර අඟහරු ලෝකෙ තියෙන ගඩොල් ගොඩ පටවගෙන අරං එන්ටනෙ.....නැතුව ආය වෙන අහවල් දේකටද?"

"හරි හරි මට තේරුනා…"

"තව වැදගත් දෙයක් තියනව. කියුරියෝසිටි එක ඔපරේට් කරන අයට කියනව බොහොම පරිස්සම් වෙන්නෙයි කියල "

"ඇයි බොස් ඒ?.."

"ගඩොල් කෑලි තිබ්බයි කියන්නෙ ඔය කිට්ටුවම හුණු වලකුත් අනිවාර්යයෙන්ම ඇති. කියුරියෝසිටි එක හුණු වලකට එහෙම වැටුනොත් මළ කෙලියක් වෙන්නෙ. ඒ හින්ද කියනව බොහොම පරිස්සම් වෙන්ට කියල…"

"බොස් ඔහොම කියනකොට මට තව දෙයක් මතක් වුනා.."

"ඒ මොකක්ද? "

"ඔතන ගඩොල් කෑලි තියනවනම් ගඩොල් කපපු කට්ටියකුත් ඉන්ට එපාය....කෝ ඒ අය? ""

"ම්ම්ම්..මම හිතන්නෙ මෙහෙමයි...ඔය අනවසරයෙන් ගඩොල් කපන තැනක් වෙන්න ඕන..එකත් එකටම අපේ කියුරියෝසිටි එක එනව දැකල එයාල හිතන්න ඇති අඟහරු පොලීසියෙන් කඩා පනිනව කියල අල්ලගෙන ගිහිල්ල කූඩුවෙ දාන්ට. ඒ හින්ද උං දුවල හැංගෙන්ට ඇති…"

"හරි එහෙම තමයි වෙන්න ඇත්තෙ...මම කියන්නං අපේ ඔපරේටර්ස්ලට කියුරියෝසිටි එක ඔපරේට් කරනකොට බොහොම පරිස්සං වෙන්නෙයි කියල. බැරිවෙලාවත් ඔය ගඩොල් කපන එකෙක් හැප්පිල ඌ මලොත් එහෙම  ආය කතා දෙකක් නෑ උං අපේ කියුරියෝසිටි එකට ගහල පෙරලල ගිනි තියල දානව…"

****************
ටං... ටිං.... ටුං....
****************

අඟහරු ග්‍රහයා මත දක්නට ලැබෙන කිසිදු ගහ කොළකින් තොර ශුෂ්ක පරිසරයට හේතුවන්නට ඇත්තේ කිසිදු පාලනයකින් තොරව හිතුමතේ ගඩොල් කැපීම විය හැකියයි ලෝක පරිසර වේදීහු අනුමාන කරති. පරිසරයට වන හානිය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ගඩොල් කැපීම දිගටම කරගෙන ගියහොත් නුදුරු අනාගතයේදී පෘථිවිය මතද අඟහරු මත දක්නට ලැබෙන පරිසරයට සමාන පරිසරයක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් ඇතැයිද ඔවුහු බිය පළකරති.

උද්ගතවිය හැකි මෙවන් දැඩි අනර්ථකාරී තත්වයක් පිළිබඳව කල්තබා අනතුරු හැඟවීම වෙනුවෙන් ලෝක පරිසර සංවිධානය විසින් ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදී පාටකුලසූරිය මහතා වෙත රන් පදක්කමක් සහ සහතික පත්‍රයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

****************
ටං... ටිං.... ටුං....
****************

ඊයෙ රෑ මම සුපුරුදු ලෙස අපේ උන්දැට කෝල් එකක් ගත්ත. ආගිය තොරතුරු එහෙම කතාකරල පස්සෙදි මම මෙහෙම කිව්ව.....

"මේ මාර වැඩක්නෙ වෙලා තියෙන්නෙ.."

"මොකෝ?"

"ඊයෙද පෙරේදද දිවයින පත්තරේ තියනවනෙ අඟහරු ලෝකෙ ගඩොල් ගොඩක් තියල හම්බ උනාය කියල"

"අඟහරු ලෝකෙ?"

"ඔව්..ඔව්..එහෙ තමයි..අර කියුරියෝසිටි කියල පොඩි වාහනයක් වගෙ එකක් දැන් අවුරුදු හයක් තිස්සෙ අඟහරු මතුපිට එහෙම මෙහෙ ගිහිල්ල පොටෝ ගහනව. පොළව හාරල පස් ගන්නව. පරීක්සන කරනව. එක ජංජාලයයිනෙ. අන්න ඒ කියුරියෝසිටි එකෙන් ගත්තු පොටෝවල තමයි ඔය ගඩොල් කෑලි තිබ්බයි කියන්නෙ.."

"ඕක බොරුවක් නේද?"

"ඔව්..ඔව්...බොරු තමයි..අඟහරු ලෝකෙ කොහෙන්ද අනේ ගඩොල්?...එහෙම වෙන්න විදිහක් නෑ. වෙලා තියෙන්නෙ නාසා එකෙන් නිකුත් කරපු ප්‍රවෘත්ති වාර්තාව වැරදියට පරිවර්තනය කරල...ඒකයි…"

"ම්ම්..එහෙම වෙන්නත් පුලුවන්...ඒත් මට හිතෙනව ඒ ගඩොල් කතාවෙ ඇත්තක් තියෙන්නත් පුලුවන්ය කියල.."

"මොකක්? පිස්සුද හැබෑටම? ඒ කොහොම ද ඒක ඇත්තක් වෙන්නෙ?" මම ටිකක් සද්දෙං ඇහුව..

"හරි හරි ඕකට කෑගහන්ට ඕන නෑනෙ..අහගන්නකො.."

"මොකක්ද අහගන්නෙ?"

"අර අපි ගේ හදපු කාලෙ මතකද?"

අපි ගේ හැදිල්ල පටන් ගත්තෙ මීට අවුරුදු අටකට වගෙ ඉස්සෙල්ල...ඔව්..2010 අවුරුද්දෙ. 

"මතකයි... ඉතිං?"

"ගේ හැදිල්ල පටන්ගෙන මාස දෙකක් වගෙ යද්දි එක දවසක් හවසක ගෙනාපු ගඩොල් ලෝඩ් එකක් නැතිවුනා මතකද?"

"ඔව්..ඔව්..මට මතකයි..අර මුරට හිටපු කොල්ල මහ විකාර කතා වගයක් කිව්වෙ ඇහුවහම.."

"අන්න හරි …"

ඒකාලෙ ගේ හදන තැන රෑට කොල්ලෙක් නතර කරල හිටිය මුරට. කොහොම හරි එක දවසක් හවස ගෙනාපු ගඩොල් ලෝඩ් එකක් උදේ වෙනකොට මිසිං. වොචර් කොල්ලගෙන් ඇහුවම ඌ මහ විකාර කතා වගයක් කිව්ව. ඔය නැතිවෙච්චි ගඩොල් ගොඩ තිබ්බෙ අපි ගෙදර හදන තැන ඉඳල ටිකක් එහාට වෙන්ට. මහ පාර අයිනට වෙන්ට. 

කොල්ල කිව්වෙ රෑ ඒ පැත්තෙං මහ බයානක අමුතු අමුතු සද්ද සහ එලි වගයක් දැක්කය, බය හිතුන හින්ද ඌ ඒ පැත්ත පලතෙවත් ගියේ නැතිය, උදේ බලනකොට ගඩොල් ලෝඩ් එක එතන තිබ්බෙ නැතිය කියල. මේක උගෙ බොරුවක් කියල ආය කියන්නත් දෙයක්ය? ඒත් කමක් නෑ එක ගඩොල් ලෝඩ් එකනෙ කියල හිතල අපි ඒක අතෑරල දැම්ම. පොලීසි එහෙම ගියේ නෑ.

"ඉතිං මොකක්ද ඔයා දැං ඔය කියාගෙන එන්නෙ?" මම ඇහුව.

"මම කියන්නෙ අර කොල්ල කියපු කතාව ඇත්ත වෙන්න බැරිද කියලයි."

"ඒ කිව්වෙ?"

"ඒ කිව්වෙ අර ඒකා එලි වගයක් දැක්ක..අමුතු සද්ද ඇහුනයි කියල කිව්වෙ.."

"ඉතිං?"

"ඒ ඔය අඟහරු ලෝකෙං අපේ ගඩොල් ලෝඩ් එක අරගෙන යන්ට ආපු පියාඹන පීරිසියක් වගෙ මොකක් හරි යානාවක් වෙන්ට බැරිද?"

"පිස්සුද අනේ? මොනවද මේ කියන්නෙ?"

"පිස්සු නෙවෙයි. ඔයාම නේද ඔය කොයිවෙලාවෙත් කියන්නෙ අර ඔයාගෙ ප්‍රියතම ආතර් සී. ක්ලාර්ක් කිව්ව කතාවක්.."

"මොකක්ද ඒ කතාව?"

"The truth is not only stranger than you think, it's even stranger than you can imagine…"

"හ්ම්ම්ම් එහෙමත් එකක් තියනවනෙ...නේ?...ඉතිං ඔයා කියන්නෙ එතකොට අපේ නැතිවෙච්චි ගඩොල් ලෝඩ් එකේ ගඩොල් තමයි ඔය අඟහරු ලෝකෙ තිබිල අර කියුරියෝසිටි එකෙන් පොටෝ ඇල්ලුවෙ කියල නේද?"

"මම එහෙමම කියන්නෙත් නෑ. මම කියන්නෙ එහෙම වෙන්නත් පුලුවන් නේද කියල.."

"හරි හරි ඒක එහෙමමය කියමුකො…..දැන් මොකද ඉතිං මම කරන්න ඕන?"

"මම කියන්නද? අපි නාසා එකට කතා කරල අපේ ගඩොල්  ආපහු ඉල්ලමු"

"මොකක්? ආපහු ඉල්ලන්ට?"

"ඔව් ඔය මිනිස්සු ඔය ගඩොල් කෑලි ටික ආපහු ගෙනෙයි එකත් එකටම. එතකොට අපි කියමු ඒ මීට අවුරුදු අටකට කලින් නැතිවෙච්චි අපේ ගඩොල්ය ඒ හින්ද එව්ව අපට ඕනය කියල"

"එයාල කැමති වෙයිද ඒකට? මම මේ කිව්වෙ ගඩොල් ආපහු අපිට දෙන්ට?"

"ආ..මේ අර ලංකාවෙ කවුද ඉන්නව නේද නාසා එකේ ලොක්කෙක්?"

"ඔව් ඩොක්ටර් ගුණපාල... ඉතිං?"

"අපි එයාට කතා කරල විස්තරේ කියමු. එයා මම හිතන්නෙ අපිට උදව් කරයි.."

"හ්ම්ම්ම් බලමුකො එහෙනම්. මම බලන්නම්කො හෙටම ඩොක්ට ගුණපාලගෙ නම්බර් එක හොයාගන්ට…"

"මේ..මේ..ඔයා ඒ හැටි හදිස්සි වෙන්ටත් එපා. මේ ටිකේම මෙහෙට පැල් බැඳගෙන වහිනව. ඔය ගඩොල් ගෙනල්ල මෙහෙ එලියෙ දාල තිබිල නිකං අපරාදෙ වැස්සට දියවෙලා යයි. එහෙම උනොත් අඟහරු ලෝකෙටත් නෑ. නාසා එකටත් නෑ..අපිටත් නෑ.... ඒ හින්ද අපි වැස්ස ටිකක් විතර පායපුවම බලමු.."

50 comments:

  1. මුගේ අම්මට....--**/.';;.

    ReplyDelete
    Replies
    1. Unknown,

      අම්මල මක් කරන්නෙයි බං මුංගෙ තියන මෝල්කං වලට...:)

      Delete
  2. අනේ රවියෝ මෙහෙමත් ආතල් දෙනවද හැබෑටම... හෙහ් හෙහ්

    අර පාටකුලසුරිය කියන්නේ පුදුම පොරක් නේ... එක අතකට මිනිහාගේ මේ වැඩේ හින්ද පත්තර වල තියෙන අනිත් බොරු ගැනත් හිතා ගන්න පුළුවන්...මොන කුණුහරුප මේ මිනිස්සු ලියනවද මන්ද...

    ReplyDelete
    Replies
    1. පැතුමා,

      පත්තරවල තියෙන්නෙ සීයට අනූවක් එක්කො පට්ටපල් බොරු, එහෙම නැත්තං මෙලෝ යකෙකුට වැඩකට නැති පල්හෑලි...

      සතාගෙ හැටි දන්න හින්ද මම හිතන්නෙ කවුරුවත් ඔය අඟහරු ගඩොල් කේස් එක කරේ තියගෙන රටවටේ යන්ට පටන් ගත්තෙ නෑ.නැත්තං මම හිටියෙම රාවණ බලකාය ඔතනට රාවණ රිංගවල මොකක් හරි නෙයියාඩගමක් නටයි කියල...හෙහ්,හෙහ්,

      Delete
  3. මනින් නට බැරි මහා ලොකුවට හදන්නට ඉමි මම ගෙයක්
    යොදන් නට හැකි හොදම දේ දා ඇති කරමි සුව පහසුවක්
    හොඳින් හෝ නරකෙන්ම හෝ මට ගන්න අඟහරු ගඩොලයක්
    ඉතින් අයියේ කියා දෙන්නකො එගැන මට පොඩි අදහසක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියා,

      මල්ලි දෙන්නද මසුරං අයිඩියා එකක්?

      උඹ දිවයින පත්තරේ බාරේ පාටකුලේට කවියෙන් ලියුමක් යවපං ඉල්ලන ගානක් දෙන්නම්ය අඟහරු ගඩොලක් ගෙනත් දෙන්නය කියල...:)

      Delete
  4. ++++++++++++++++++ X 100

    //මොකෝ අපේ කියුරියෝසිටි එක අඟහරු පොලීසියෙන් හයි ස්පීඩ් අල්ලලද?"// I almost choked.

    ReplyDelete
    Replies
    1. නැහැ , කියුරියෝසිටිය යද්දී අගහරු කාරයෝ පාරේ ගෙයක් හදල මාට්ටු කරන්න වොඩ්කයි, බයිටුයි, කඩුයි, පොලුයි දාලා!

      Delete
  5. යහපාලන සක්කිලින්ට,

    (රෝ)(වේ)ස-නෝනා බැදුම්කර වාර්තාව ප්‍රධාන චූදිතයාට හොරෙන් දීම ගැන ක්ෂණිකව පහ නොවේ,
    බනානා සුජියා මිලියන තුනක අරගෙන බැදුම්කරය ගැන පොත් ලිවිමගන, ෆෝට් නොට් දැමීමගැන ක්ෂණිකව පහ නොවේ,
    රවියා ඉදිරියේ සිංහ වෙස්ගත් දප්පුල, කෝදාගොඩ, පොනිල්, කබීර්, මලික් ඉදිරියේ පූස්-පාර්ට් දැමීම ගැන ක්ෂණිකව පහ නොවේ,
    වාහන අවබාවිතා කරමින් ම ඉනි කිහිපයක් මරා ඇති රෙන්න බණ්ඩාර පුතා ගැන ක්ෂණිකව පහ නොවේ,

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ආ..මේ ආවෙ මගෙ අතිජාත මිත්තරය නොහොත් සක්කිලි ඇනෝ..

      වෙල්කම් සක්කිලි වෙල්කම් ..වෙල්ම වෙල්කම්...:)

      Delete
  6. යහපාලන සක්කිලියෝ,

    පව් බන් උඹ. උඹලගේ මහා පොන්නයි, පොඩි පොන්නයෝ ටිකයි බැදුම්කර කෙස් එකෙන් ගූ නාගෙන ඉන්නකොට මේවගේ සිල්ලර සින් එකක් හරි ලියල ආතල් එකක ගන්නනේ බලන්නේ.

    උඹට දැන් අමතක වුනාට, උඹලගේ මහා පොන්නයා 2005දි කිව්වා කළුතර අවට පැත්තට පස්දුන් කෝරලේ කියන්නේ 'පස් දුන්න' නිසා කියලා. එන්න එහෙම එවුන්ගේ පුක ලෙවකන් එවුන් තමයි උඹලා.

    ReplyDelete
    Replies
    1. සක්කිලි ඇනෝ,

      ++++++++++++++

      Delete
  7. බිල්ඩිං බ්ලොක්ස් කියන්නෙ අර පොඩි උං සෙල්ලං කරන්න ගන්න දෙයක්නෙ බොල. මේ අඟහරු පැටවු ටිකක් සෙල්ලං කරකර ඉන්න තැනකට කියුරියා ගිහිල්ල ගහපු ෆොටෝ එකක්. ඔය අටමගලෙ එනකොට පොඩි උං ටික බයේ දුවන්නැති.
    අනික, ඒ තිබුණෙ ඇත්තටම බොලාගෙ නැතිවෙච්ච ගඩොල්නං ඒව නාසා එකට කියල ගෙන්නගෙන අඟහරු අපල තියෙන එව්වන්ට විකුණල හොඳ ගානක් හොයාගන්න පුලුවං.
    //අඟහරු මතදී 108 වරක් ජීවම් කරන ලද ගඩොල් කැබැල්ලක් ඔබේ අහවල් තැන එල්ලාගෙන අඟහරුගෙන් සිදුවන සියලු ග්‍රහ අපල ධුරිංභුත කරගන්න//

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      මරු බිස්නස් එක බං ඒක...

      ජීවම් කරන ලද අඟහරු ගඩොල්...:)

      Delete
  8. පොඩ්ඩක් දඟලන්නෙ නැතුව හිටපං. ඔය ගඩොල් තොගේ පටවගෙන එන්න ජෝන් ඩෝ ව යවන්නයි හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ජෝන් ඩෝ?

      ජෝන් ඩියර් ට්‍රැක්ටර් ගැනද හැලප කියන්නෙ?

      Delete
    2. හැලප්ස්,

      සමාවන්න සමාවන්න.....

      පොරගෙ ඔය ජෝන් ඩෝ කතාව මම දැනගෙන හිටියෙ නෑ. ඒ හින්ද මම හිතුවෙ ජෝන් ඩියර් කියල අර ට්‍රැක්ටර් ජාතියක් තියෙන්නෙ.. උඹ කියන්නෙ ඒ ගැනයි කියල.

      පල්ලෙහා හසිත කමෙන්ට් එකක් දාල තිබ්බ ඒ ජෝන් ඩෝ කතාවෙ සබැඳියත් එක්කම...

      බලාගෙන යනකොට මේ යකා හැපිචෝල් කාරයෙක් නෙව (හැපිචෝල් කාරයා = Habitual Criminal)

      Delete
  9. දිග වැඩියි බං

    ReplyDelete
    Replies
    1. ඇයි දාද්දි රිදුනද?

      Delete
    2. ඇනෝ,

      හදිස්සියක් නෑ...දෙතුන් පාරකට කියවහං...:)

      Delete
  10. /// "මේ..මේ..ඔයා ඒ හැටි හදිස්සි වෙන්ටත් එපා. මේ ටිකේම මෙහෙට පැල් බැඳගෙන වහිනව. ඔය ගඩොල් ගෙනල්ල මෙහෙ එලියෙ දාල තිබිල නිකං අපරාදෙ වැස්සට දියවෙලා යයි. එහෙම උනොත් අඟහරු ලෝකෙටත් නෑ. නාසා එකටත් නෑ..අපිටත් නෑ.... ඒ හින්ද අපි වැස්ස ටිකක් විතර පායපුවම බලමු.." ///

    වැස්ස අල්ලලා දාපං, මුළින්ම ඕක ගේනකල් හිටපන්...
    ඔය ගඩොල් ටික උඹලට අයිති බව කළින් කිව්වොත් අඟහරු ඉඳන් මෙහෙට ගේන්න හයර් එකත් උඹට ගෙවන්න වෙයි...
    ඒ නිසා එතකල් ගුණපාල ගොයියටවත් ඔය ගැන කියන්න එපා, බුවා උනත් ලංකා පුත්‍රයෙක් නේ...
    ඉරිසියා හිතිලා නාසා එකේ එවුන්ට කේළමක් කියන්න උනත් බැරි කමක් නැහැ...

    ගඩොල් ලෝඩ් එක ලෝකෙට ගෙනාවට පස්සේ අයිතිය කියල DNA ටෙස්ට් එකක් කරලා ගඩොල් වල අයිතිය තහවරු කර ගත්තු ගමන් නාසා එකෙන් උඹගෙන් හයර් එකක් ගන්නේ නැතුවම ඔය ටික ගෙදරටම ගෙනත් දෙයි...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      DNA ටෙස්ට් එකක් කරල අයිතිය තහවුරු කරන්නෙ කොහොමද බොල?

      මොකෝ උඹ හිතුවය මම අඟහරු ලෝකෙට ගෙනියන්ට කලින් ඒ ගඩොල් ගොඩට XX XXXX කියල?

      Delete
    2. රවියෝ, අඟහරුවදට මේ වගේ උත්තර ලියන්න එපෝ, බදාදා ඔෆිස් වල මහජන දිනය,

      Delete
  11. අම්මපා කලින් මේක දැක්කනං මම ගඩොල් ගැන ලියපු ඩිංග දාන්නෑ.. හෙ හෙ. එළස්

    ReplyDelete
    Replies
    1. දේශා,

      ආ...ඒකට මක් වෙනවද?

      කීර්ටි වර්ණෙ කියන්නෙ ජාතික වස්තුවක්...උඹල අපි හැමෝටම ඒ උත්තමය ගැන කතා කරන්ට ලියන්ට අනුල්ලන්ගනීය පරම හා සුද්දවූ අයිතියක් තියනව...හෙහ්,හෙහ්,

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පුරාණ වැවක තිබුන ඇඳක් උඩ ගල් අස්සෙ තිබිලා කාබනික කිවුල් මෝල්ගහකුත් හොයා ගත්තලු.

      "We found organic molecules in rocks from an ancient lake bed,"

      Delete
    2. වැව් තිබ්බනම් ජනාවාස තියෙන්නත් ඕනෙ නේද අපේ හාංදුරුවනේ...
      ඉතිම් ගඩොල් කියන්නෙ මස්ට් කේස් එකක්...

      Delete
    3. නැතුව නැතුව ලාර්ජ් සන් මහතාණනි, කාබනික තෝසෙ වලින් කිවුල් මෝල්ගස්වලට පණ එන්න පුලුවන් කියලත් තියනව. "Those organic molecules could have come from life."

      නෝන කෙනෙක්ගෙ බයොලොජි නිශ්චල නෝට් පොතේ සෝස්වලින් ගොඩනැගිලි බ්ලොක් එන
      කතාවකුත් තියනව
      "still notable the building blocks of life exist, Eigenbrode said, although they could have come from non biological sources."

      මං හිතන්නෙ මාගා වගේ කන්ස්ට්‍රක්ශන් කොම්පැනියක් තිබිල තියනව




      Delete
    4. ඔතන සංගීතමය කතාවකුත් තියෙනව නේද? අර “ඕගනික්“ කියල තියෙන්නෙ...

      Delete
    5. Pra,

      /"We found organic molecules in rocks from an ancient lake bed," /

      Organ කියල ඔතන කියන්නෙ ප්‍රා මම හිතන්නෙ අවයවය කියන එක. (අනේ අපෙ මාමණ්ඩි මතක් වෙනව ආයෙමත්..God bless him!!!)

      ඒ එක්කම මෝල ගැනත් කියන හින්ද මම හිතන්නෙ ඔය කියන්නෙ අර පුරුස අහවල් එක ගැන වෙන්න ඕන.ඊලඟට ගල් සහ ඇඳන් ගැනත් කියවෙන හින්ද මගේ මතය හරි වෙන්ට ඕන. වට් ඩූ යූ තින්ක් ප්‍රා?

      ඩොක් ගුණේ අඳුනන කවුරුවත් නැතෙයි මේක ගැන ක්ලැරිෆයි කරගන්න? නෑ මම මේ කිව්වෙ නාසා කස්ටිය මේ වගෙ වැදගත් දෙයක් ගැන නිවේදන නිකුත් කරන කොට හරියට පැහැදිලිව කියන්න එපාය නැත්තං මිසන්ඩර්ටෑන්ඩබල් වෙලා වී ඕඉල් වුඩ් බී ඉන් ඩීප් ෂිට් නෝ? වෙරි බෑඩ් කියන්නත් සෑඩ්...:(

      Delete
    6. රවි
      ඇයි බං ආයි කවුරුවත් අදුරන අය හොයන්නේ ඩොක්ටර් ගුණපාලට කතා කරන්න.කෙලින්ම ගනින් කෝල් එකක් මිනිහා අපේ ඉස්කෝලෙ මනුස්සයෙක් නේ.

      Delete
  13. ලංකාවේ සිංහල පත්තර වල පිරිහීම ගැන නම් කියලා වැඩක් නැහැ. ඉස්සර අපි පුංචි කාලේ අපිට තිබුන විශ්වාසයක් තමා පත්තර වල තියෙන්නේ "නිවැරදි දේ" කියන එක. ඔබ ඔය කියන දිව ඉණ පත්තරයේම Burj Khalifa තියෙන්නේ "සව්දි අරාබියේ" කියලා 30/10/2016 පත්තරේ තියන විශේෂාංගෙක තුන් හතර පොලකම ලියලා තියනවා කියලා වෙබ් අඩවියකින් දැක්කා. මේ පුවත් පතේම මීට වසර කිහිපයකට පෙර "කැලණි ගඟේ ජල මට්ටම ඉහල ගොස් රත්නපුර නගරයට ගංවතුර තර්ජන ඇති වෙලා" කියලා පුවතකුත් තිබුනා.හොඳ වෙලාවට උපාලි විජේවර්ධන අතුරුදහන් උනේ. එහෙම නැතුව මේවාගේ බොරු එතුමාගේ පත්තරේ තියනවා දැක්කානම් දිවි නසා ගන්නයි වෙන්නේ.
    තවත් (බෝතල් )පත්තරයක විශේෂාංග ලියන වාර්තාකරුවෙක් (මම ඉතාම ගරු කරන, ආදරය කරන පුවත්පත් කතු තුමෙකු හා නවකතාකරුවෙකුගේ පුත්‍රයා) ඔහු ලියාපු කතාවක වෝක්සෝල් වාහනයක් ගැන කියලා තිබුනා. වැඩි හොඳට ඉංගිරිසියෙන් වරහන් ඇතුලේ විතින් බ්‍රැකට් voxol කියලත් ලියලා තිබුනා. ඔහුගේ ඊ මේල් ලිපිනය එහි තිබු නිසා මම ඔහුට ඔහුගේ පියාගේ නම්බුව වත් රකින ලෙස මතක් කර ඊ මේල් එකක් යැව්වා. අඩුම තරමින් අපි මෙහෙම උපහාසයට ලක් කරන කොටවත් ඔවුන් නිවැරදිව ලියන්න පුරුදු වේවි කියා පතමු. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. sam,

      අයියෝ කියල වැඩක් නෑ...පුවත්පත්වල භාෂාව නම් අන්තිමයි. වචනවල තේරුම දන්නෙ නෑ. යෙදෙන්නෙ කොතනටද කියල දන්නෙ නෑ. අනවශ්‍ය තැන්වල මහප්‍රාණ යොදනව..වැරදි නම් කීයක්ද?

      දැනට අවුරුදු හතර පහකට ඉස්සරවෙලා ඒත් මට මතක විදිහට දිවයිනේම පලවුනා සිරස්තලයක් "දොස්තර වර්ජනය නිසා රටේම රෝහල් සම්පූර්ණයෙන්ම අඩපණයි" කියල.මොකක් හරි දෙයක් සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්නෙ කොහොමද කියල දන්නෙ ඒ සිරස්තලය ලියපු මනුස්සයම විතරයි මම හිතන්නෙ.

      අභාවප්‍රාප්ත ඩී.එෆ්. කාරියකරවන මහත්මයා කාලෙකට ඉස්සර මට මතක විදිහට ඉරිදා ලක්බිමට වෙන්න ඕන කොළමක් ලිව්ව ඔය පත්තර වල පලවෙන අවියත් බස් වහර නිවැරදි කරල. අවාසනාවකට ඒ මහත්මය මියගියාට පස්සෙ ඒ කොළම නැවතුනා.

      /අඩුම තරමින් අපි මෙහෙම උපහාසයට ලක් කරන කොටවත් ඔවුන් නිවැරදිව ලියන්න පුරුදු වේවි කියා පතමු /

      මොන පිස්සුද සෑම් මහත්මයා..එහෙම කිසිම දෙයක් වෙන්නෙ නෑ.

      අද රටේ වෙලා තියෙන්නෙ ජනාධිපතිගෙ ඉඳලම පල්ලෙහාට විලි ලැජ්ජාව කියන එක නැත්තටම නැතිවෙලා. තමන් වරදක් කලා කියල ලැජ්ජාවට පත්වෙලා නැවත ඒ වරද කරන්නෙ නෑ කියල හිතාගන්නව වෙනුවට වැරදි කරපු මිනිස්සු කරන්නෙ මම නෙවෙයි මට නෙවෙයි වගෙ ඔහේ කිසිම ගානක් නැතුව ඉන්න එක.

      කොටින්ම ඔය දිවයිනේ ඔය අඟහරු ගඩොල් ප්‍රවෘත්තිය තවමත් තියනව.අඩුගානෙ ඒක අයින් කරගන්න තරම්වත් ලැජ්ජාවක් සදාචාරයක් ඒ මිනිස්සුන්ට නෑ.එහෙම එකේ තව සමාව ඉල්ලීමක් වගෙ දෙයක් ගැන හිතන්නවත් පුලුවන්ද? :)

      Delete
  14. ඔය මිනිහා ලියන දේ ගෙඩි පිටින් පළ කරන ප්‍රධාන කතෘ කවුද?
    ඔය මිනිහා දිගටම සේවයේ ඉන්නවා ද?

    ReplyDelete
    Replies
    1. රසික,

      කර්තෘනම් කවුද කියල දන්නෙ නැහැ. දිගටම සේවයෙ ඉන්නව වගේ තමයි පේන්න තියෙන්නෙ...;)

      Delete
  15. එතුමා Joan doe වචනෙත් පටලගෙන තිබුණ නේද එකපාරක්?
    http://www.divaina.com/2016/04/13/news13.html

    ReplyDelete
    Replies
    1. Hasitha,

      අම්මට වූඩු තාත්තට ගෝයා..මේ යකා මේ වැඩේ චිරාත් කාලයක් තිස්සෙ කරගෙන එන එකක් වගේ නේද?

      ජෝන් ඩෝ කතාව මම දැනගෙන හිටියෙ නෑ..ස්තූතියි හසිත...:)

      Delete
  16. පොරත් අර ලෝකේ පැතලියි කියන සංගමේ සාමාජිකයෙක්ද දන්නේ නැහැ. මචෝ ගඩොල් ටික ලැබුණොත් සිහිවටනයක් වගේ තියා ගන්න ලන්ඩන් වලට එකක් එවපන් හොඳද

    ReplyDelete
    Replies
    1. අජිත K.K.,

      ගඩොලක් නම් එවන්ට බැරිය බං..අර අරූ ලංකාවට ආපු දොහක උගේ අතේවත්...

      මේ ඒක නෙමෙයි අර ඉනෙස් ළමයට බැරිවෙලාවත් කියන්ට එහෙම එපා මේ අඟහරු ගඩොල් සීන් එක හොඳේ?

      ඒ යෝදි ආය හෝදන්ට දෙයක් නෑ පැදුරු කොට්ටත් කරේ තියාගෙන දරුවො දෙන්නත් අරගෙන යන්නම යාවි....මේ වගෙ මැටි මෝලො ඉන්න රටක ඉපදිච්චි එකෙක්වත් මටනම් එපා එපාමයි කියල...

      "Let's go Girls... I had put up with this guy's antics for so long but this is absolutely the last straw...How can I introduce him to someone like hey he comes from that country where they discovered bricks on mars...Oh God!"

      Delete
    2. මොන පිස්සුද මේ වගේ ඒවා මතක් කරන්නේවත් නැහැ ඉස්සෙල්ලම හෙලිකොප්ටරයක් හැදුවේ රාවනා, තවම කෑලි හොයනවා.. ඒ දවස් වල ඉන්දියාවටත් ගැහුවා රජ කෙනෙක් මුහුද දෙබෑ කරන ගිහින් වගේ පිළිගන්න පුළුවන් දේ කියල තියෙන්නේ. ඒ අතරේ ක්‍රිකට් කුසලානය එංගලන්තෙට කලින් ගත්තේ අපි. (එදානම් මේ යෝදි මාත් එක්ක පබ් එකක් අර්ජුන කප් එක උස්සනවා ඇහින් දැක්ක. ) . සීගිරියේ වතුරමල් ඒ කාලෙත් ගුරුත්වා කර්ශන නියමය යොදාගෙන වැඩ කරවල තියන්නේ (නලින් මොනවා කිව්වත්), ඔය වගේ හොඳම හොඳ දේ විතරයි කියල තියෙන්නේ.

      Delete
  17. ට්‍රම්ප් සහ කිම් ගේ වර්කින් ලන්ච් එක ගැන මේ ගොයියා මොකුත් ලියලා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      මම හිතන්නෙ පොර තාම ඒ රිපෝට්ස් ඉට්ටඩි කොරනව. ඒ කරල හෙටානිද්ද ලියයි ආය කතා දෙකක් නෑ ට්‍රම්පච්චිත් කොරවෙලා යන්ට ආටිකල් එකක්..ඔන්න බලාපං බොරුද කියල...

      Working Lunch එක ගැන ඔය යකා ලියයිද දන්නෙ නෑ මෙහෙමවත්...

      අමරිකානු ජනාධිපති වරයා සහ උතුරු කොරියානු නායකයා තම දිවා ආහාරය ගත්තේ වැඩ කරන අතරතුරය. (American president and north korean leader taking their lunch while working) ඒ අනුව ට්‍රම්ප් මහතා ඔවුන් හමුවූ සුවිසල් ශාලාව සම්පූර්ණයෙන් අතුපතුගා පිරිසිදු කල අතර කිම් මහතා ට්‍රම්ප් මහතා අතුගා එකතු කරන කුණු සොපින් මල්ලකට එකතුකොට ශාලාවෙන් පිටත්වූ කුණු බක්කියකට ගෙනගොස් දැම්මේය. ( Mr. Trump meeting large hall holesale sweeping & Mr. Kim collecting sopping bag & dusbin outside) බලවත් ලෝක නායකයින් දෙදෙනෙකුගේ මේ නිහතමානී ක්‍රියාව අපගේ වැනි රටවල නායකයින්ටද මහඟු ආදර්ශයක් වනවාට නොඅනුමානය.( Very powerful two leaders this good work our leaders must be an egg sample.)

      Delete
  18. අපේ පුවත් පත් කලාවේදී පඬිතුමාට පාරිභාෂික පදමාලාව තිබෙන පොතක්, සිංහල / ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි / සිංහල ශබ්ද කෝෂ කිහිපයක් ලබාගැනීමට සැලස්සුවහොත් මේ විධියේ වැඩවලදී අමාරුවේ වැටෙන එකක් නැහැ.

    ReplyDelete
  19. එතුමාට පුදුම කීර්තියක්‌ තියෙන්නේ මේ වගේ වැඩ සම්භන්දව :)))))

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...