භික්ෂුව සහ ගිහි සමාජය : සිවුර සහ නගුල


අවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.
ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය.
බොනිපස් පෙරේරා - රවීන්ද්‍ර රන්දෙණිය වීම , වසන්තා ඩොරීන් පීටර්සන් - වසන්ති චතුරානි වීම , ඇල්බට් පෙරේරා - අමරදේව වීම හෝ ඔගස්ටා පුෂ්පරාණි - අසංකා මොණරවිල බවට පත් වීම හරහා මෙවැනි ගැටළුවක් නිරූපණය නොවන අතර ඒවා අයත් වන්නේ සිනමා හා කලානුරූපී අවශ්‍යතා කැටගරියට ය.
නමුත් ඩේසි රාසම්මා ඩැනියල්ස් - රුක්මණී දේවි ම වීම , නෙයි සීතා බංසජායා - G S B රාණි ම වීම , එම්. එම්. හනීෆා - ශෂී විජේන්ද්‍ර ම වීම , ග්‍රේස් ස්කෝමත් - අචලා අලස් ම වීම සහ රොෂාන් මාසිලාමනී - රොෂාන් රණවන ම වීම හරහා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවක් ඉටු කෙරෙන අතර එය සිනමා හා කලානුරූපී අවශ්‍යතාවයෙන් සපුරා වෙනස් වේ. නමුත් එ කිසිවක් මතුපිටට නොපෙනේ.
පසුගිය වසර කීපය තුළ ලාංකේය සමාජය තුළ ගිහි ප්‍රජාව අවුළුවන චීවරධාරීන් දෙස ඇස් කන් අවදියෙන් තබා සිටියේ නම් එදා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවය අද අයිතිවාසිකමක් ලෙස දක්නා මෙවැනි භික්ෂූන්ගේ අනතුරුදායක බව ඔබට වැටහෙනු ඇත.

භික්ෂුව සහ ගිහි සමාජය : සිවුර සහ නගුල
අපට කටපාඩම් කරන බුදු බණට අනුව "නච්ච ගීත වාදිත විසූකදස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී " යනුවෙන් ශික්ෂාපදයක් ඇති අතර නැටීම් - ගී ගැයීම් - බෙර ආදී වැයීම් ද විහිළු දසුන් දැකීමෙන්ද වැළකෙන්නට පවසන්නේ ගිහියන්ට පමණක් විය හැකිය. චීවරය ලා සිටින භික්ෂූන් වහන්සේලාට අවුරුදු කුමරාගේ පෙර සමේ සිට අවුරුදු කුමරියගේ කන්‍යා පටලය දක්වාම පරීක්ෂා කරන්නට අවසර ඇතුවා විය හැකිය. එය අපට ප්‍රශ්නයක් නොවේ.
නමුත් ඔබගේ දරුවාට දහම් පාසලේ උගන්නන්නේ මෙලෙස ගිහි - පැවිදි සීමාව සීමාව ඉක්මවන චීවරධාරියා විය හැකිය. ඔබට බෝධි පූජා පවත්වා ආශිර්වාද කරන්නේ මෙලෙස මිනිසුන් ට වෛරී අදහස් පතුරන චීවරධාරියා විය හැකිය. ඔබට පිරිත් නූල් බැඳ සෙත් වඩන්නේ ජාති - කුල - මල භේද පිළිකෙව් කළ දහමක නියෝජිතයා ලෙසින් පෙනී සිටිමින් ජාතිවාදය පතුරන මේ චීවරධාරියා විය හැකිය.
අවුරුදු කුමාරයාගේ සරම අස්සේ සිටින අන්‍ය ජන වර්ගිකයාට වඩා ජාතිවාදී භික්ෂූන්ගේ චීවරය අස්සේ සිටින සැඟවුණු අමුත්තා භයානකය.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_603.html

    ReplyDelete
  2. "නමුත් ඔබගේ දරුවාට දහම් පාසලේ උගන්නන්නේ මෙලෙස ගිහි - පැවිදි සීමාව සීමාව ඉක්මවන චීවරධාරියා විය හැකිය. ඔබට බෝධි පූජා පවත්වා ආශිර්වාද කරන්නේ මෙලෙස මිනිසුන් ට වෛරී අදහස් පතුරන චීවරධාරියා විය හැකිය. ඔබට පිරිත් නූල් බැඳ සෙත් වඩන්නේ ජාති - කුල - මල භේද පිළිකෙව් කළ දහමක නියෝජිතයා ලෙසින් පෙනී සිටිමින් ජාතිවාදය පතුරන මේ චීවරධාරියා විය හැකිය."+++++++ ඉන්නෙ මෙහෙම චීවරධාරියො තමයි වැඩිහරියක්, සමහරු විද්‍යුත් මාධ්‍ය හරහාත් වෛරී අදහස් පතුරවනව, මාධ්‍යත්
    ඒව විකාශය කරනව. මේ පහුගිය දවස් ටිකේ මම දැක්ක කීපයක්ම (රටේ නම ගිය චීවරධරියො).

    ReplyDelete
  3. අපේ භික්ෂු සමාජයට සදාතනික සතුරෙකුගේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා මට හිතෙනවා.

    ඒක ඔවුන්ගේ පැවැත්ම රඳවා ගැනීමට ඔවුන්ම කෙසේ හෝ නිර්මාණය කර ගන්නවා.

    පන්සිය පනස් ජාතක පොත ගත්තත් ලියපු හැම කතාවකටම වගේ සතුරෙක් ලෙස දේවදත්තව එකතු කරනවා.

    හරියට අර ඉන්දියානු වට්ටෝරු ෆිල්ම් ස්ටෝරි වල වගේ.

    සේරිවානිජ ජාතකය වගේ ඒවායේ ටිකක් සෙන්සිබල් විදිහට ඒ චරිතේ භාවිතා කලත් ගුත්තිල ජාතකයේ ඊහ්ම මහා ගොන් විදිහට භාවිතා කරලා තියෙන්නේ.

    වර්තමාන සමහර හාමුදුරුවරුන්ටත් දායකයෝ ඔවුන් වටා එකතු කර ගන්න අර කිව්ව ජාතියේ සතුරෙක් නිර්මාණය කරනවා කියලා හිතෙන්නේ.

    ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කලාට පස්සේ ඒ සතුරා තව දුරටත් බලවත් නෑ .

    ඉතින් පටන් ගත්තා මුස්ලිම් සතුරෙක් නිර්මාණය කරන්න.

    විවෘත මනසින් ලෝකය දකින උඹලා වගේ තරුණ අය මේවා මෙහෙම කතා කරන වටිනවා මල්ලී . !

    ReplyDelete
  4. hama samaayakama depirisak innwane neda

    ReplyDelete