24 September 2017

වණ්ණ දාසි

සාහිත්‍යය මාසය තුල මා කියැවූ කත්‍යානා අමරසිංහ විසින් රචිත තුන්වෙනි පොත වන්නේ වණ්ණ දාසියයි. වණ්ණදාසි යනුවෙන් හැඳින්වෙන්නේ රජතුමාට අයිතිව සිටින විවිඪහ රූපලාවන්‍ය කටයුතු කරන දාසිය වේ.

මේ කතාව රජ කතාවක් නොවේ !

මේ කතාව ගෙතී ඇත්තේ අමා රන්බණ්ඩාර නම් වූ යුවතියක් වටායි.

පියාගේ අභාවයෙන් පසු සිය මව විවිධ රැකියාවන්හි නිරත වූවාය ඒ එක් එක් රැකියාවෙන් ඈට අස්වීමට එක එක හේතුන් බලපෑවාය. ඒ හේතුන් නිසා ඈට අන්තිමේදි සිදුවන්නේ සිය දියණියව හා තමා පෝශණය වීම සදහා කිසිදු ගැහැණියක විසින් තෝරා නොගන්න වෘත්තියක් තෝරා ගැණීමට ය.

ඒ ගණිකා වෘත්තිය වේ !


එහෙත් කතුවරිය මේ වෘත්තිය, ගණිකා වෘත්තිය ලෙස හැන්දින්වීමට කැමැත්තක් නොදක්වයි. ඈ එම වෘත්තිය හැඳින්වූයේ ලිංගික ශ්‍රමිකයෙක් ලෙසයි.

මේ වෘත්තියෙහි යෙදෙන අමා රන්බණ්ඩාරගේ මවගේ ජීවිතය හා ඇඟේ ජීවිතයේ දී මුහුණපාන්නට සිදුවන අනේක විධ දුක් ගැහැට ඔස්සේ මේ කතාව ගලාගෙන යයි.

ඒ එක් එක් අවස්ථාවන් වලදි ඔවුන් ගන්නා ලද තීරණ කෙසේ නම් තම ජීවිතයේ දිරි පැවැත්මට බලපායි ද යන්න කතුවරිය මනාව විවරණය කරයි.

අමාගේ ජීවිතයේදි ඈට හමුවන සහයකයෙක් නිසා ජීවිතයේ සාර්ථකත්වයක් ඈ උදා කර ගනී. ඒ ඔස්සේ විවිධ වූ අය ඔවුන්ට හමුවේ.

ඔවුන්ගේ ජීවිත වලට එබී බලන්නට නම් වණ්ණදාසි කියවිය යුතුම ය.

වණ්ණ දාසි කෘතිය 2017 වසරේ ප්‍රසස්ථ නව කතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් කෘතීන් පහට තේරී පත් වූ කෘතියකි.

මෙය සූරිය ප්‍රකාශනයකි. මිලෙන් රුපියල් 500ක් පමණ වේ. 

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.