කොළඹ හොකී තරගාවලිය සාර්ථකව අවසන්

308
Colombo Hockey League 2017

කොළඹ හොකී සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ හොකී ලීග් තරගාවලිය 19 හා 20 (ඊයේ) කොළඹ Astro turf පිටියේ දී පැවැත්විය.

කොළඹ දිස්ත්‍රික්කය තුල හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම හා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව වර්ෂ 1970 දී වෝල්ටර් ජයසූරිය මහතා හා මහමුද් මහතා විසින් ආරම්භ කළ කොළඹ හොකී සංගමය මෙම හොකී තරගාවලිය ආරම්භ කරන ලදි.

අන්තර් විශ්ව විද්‍යාල දැල්පන්දු ශූරතාව ජ’පුරට

සබරගමුව විශ්ව විද්‍යාලයේ දී පැවති 2017 අන්තර් විශ්ව විද්‍යාල දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී…

මෙවර පැවැත්වූ ශූරතා තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 17ක් සුදුසුකම් ලබාගෙන තිබූ අතර, A කාණ්ඩය යටතේ පිරිමි කණ්ඩායම් 5ක් Andriesz පලිහ සඳහා තරග වැදුණු අතර, B කාණ්ඩය යටතේ කණ්ඩායම් 12ක්  Pioneer පලිහ සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණි. මෙවර  තරගාවලියේ කාන්තා අංශයේ තරග නියෝජනය කිරීමට කාන්තා කණ්ඩායම් 4ක් තේරීපත්ව ඇත.

පළමු දිනය (අගෝස්තු 19)

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වූ පළමු තරගය කාන්තා අංශය සඳහා වෙන් වී තිබූ අතර එහි දී මොරටුව විශ්ව විද්‍යාල කාන්තා කණ්ඩායම හා මැලේ හොකී කණ්ඩායම එකිනෙකා මුණ ගැසෙන ලදි . තරගයේ මුල් මිනිත්තු කිහිපය තුළ දෙපිලම හොඳින් ක්‍රීඩා කළ අතර තරගයේ අවසන් භාගයේ දී  මැලේ හොකී කණ්ඩායම වෙනස් තරග විලාසයක් අනුගමනය කරමින් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 9 – 0ක් ලෙස පරාජයට පත් කරන ලදි.

කොළඹ විශ්ව විද්‍යාලය හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර පැවති තරගයේ දී  කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර ඔවුන් එම තරගයේ  ඉතාමත් මිත්‍රශීලීව ක්‍රීඩා කරන ලදි. අවසානයේ කොළඹ විශ්ව විද්‍යාලය මෙම තරගය ලකුණු 2 -1ක් ලෙස ජයග්‍රහණය කරන ලදි. මෙම තරගයේ පිරිමි අංශයේ පළමු තරගය ලෙස අවසන් විය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා ආදි ජනාධිපති හොකී සමාජය අතර පැවති තරගය පිරිමි අංශයේ තරගයක් ලෙස පැවැත්විය. තියුණු තරගයකට පසුව අවසන් වූ මෙම තරගය ලකුණු 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට  කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලය සමත්විය.

හොකී තරග වාර්තා පොත් අලුත් කළ තරගයක් වූ මෙහි දී ආදී රාජකීය හොකී සමාජය ලකුණු 9 -0ක් ලෙස  මොරටුව විශ්ව විද්‍යාල හොකී කණ්ඩායම  පරාජයට පත් කළේය.

ආදී සාන්ත තෝමස් හොකී ක්‍රීඩා සමාජය හා ආදී ආනන්ද හොකී ක්‍රීඩා සමාජය අතර පැවැත්වූ තරගය ලකුණු 3 – 2ක් ලෙස ජයග්‍රහණය කළ ආදී ආනන්ද හොකී සමාජය, BRC හොකී සමාජය සමඟින් පැවැත්වූ තරගයේ දී ලකුණු 3-2ක් ලෙස පරාජයට පත්විය.

දිනයේ අවසන් තරගය ලෙස පැවැත්වූ මෙම තරගයේ දිනය තුල පැවැත්වූ උණුසුම්ම තරගය ලෙස හැදින්වීමට හැකි අතර, මෙම තරගය ලකුණු 4-3ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැලේ හොකී සමාජය සමත්වූයේ OLD BENS කණ්ඩායම පරාජයට පත්කරමිනි.

දෙවන දිනය (අගෝස්තු 20)

ඊයේ දිනය පුරාවටම පිරිමි අංශයේ තරග පැවැත්වූ අතර, දිනයේ ආරම්භක තරගය ලෙස පැවැත්වූ තරගය ලකුණු 6-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැලේ හොකී සමාජය සමත්වූයේ මොරටුව විශ්ව විද්‍යාලයට තවත් පරාජයක් උරුමකර දෙමිනි.

ලකුණු 4-2ක් ලෙස තියුණු මුහුණුවරකින් අනතුරුව අවසන් වූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා ආදී ආනන්ද හොකී සමාජය අතර තරගය ජයග්‍රහණය කිරීමට කොතලාවල විශ්ව විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම 19 වැනිදා පැවැත්වූ තරගය හා ඊයේ පැවැත්වූ තරගය ද පරාජයට පත්විය. අද පැවැත්වූ තරගයේ දී CH & FC ‘B’ කණ්ඩායම හමුවේ ලකුණු 1-5ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදු විය.

අද දිනය තුල පැවැත්වූ OLD BENS  සමාජය හා ආදි රාජකීය හොකී සමාජය අතර පැවැත්වූ තරගය දිනයේ තරගකාරීම හා කාගේත් අවධානය දිනාගත් තරගය බවට පරිවර්තනය වූයේ දෙපිලම කරට කර සටනක අවසන් මොහොත දක්වා තරග වැදීම නිසාවෙනි. කෙසේ නමුත් මෙම තරගය ජයග්‍රහණය කිරීමට OLD BENS කණ්ඩායම සමත් විය.

අවසන් ලෙස පැවැත්වූ තරග දෙකේ දී පිළිවෙළින් ආදි නාලන්දා හොකී සමාජය හා ආදී සහිරා හොකී සමාජය ජයග්‍රහණ ලබා ගන්නා ලදි. එහි දී ආදී නාලන්ද සමාජය විසින් ආදි ආනන්ද සමාජය ලකුණු 3-1ක් ලෙස පරාජය කළ අතර, ආදි සහිරා සමාජය හමුවේ ආදී සාන්ත තෝමස් සමාජය ලකුණු 4-1ක් ලෙස පරාජය විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<