පාසල් 8ක් අපරාජිතව පළමු දිනය අවසන් කරයි

1225

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 16න් පහළ රග්බි තරගාවලිය ඊයේ (19) මහනුවර ස්ථාන දෙකක දී ආරම්භ විය.

මෙම තරගාවලිය සඳහා පාසල් 33ක් කාණ්ඩ 8ක් යටතේ තරග වදිනු ලබන අතර, A, B, C හා D යන කාණ්ඩවල තරග මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී හා E ,F, G හා H යන කාණ්ඩවල තරග පල්ලෙකැලේ රග්බි පිටියේ දී පැවැත්විය. මෙම තරග සියල්ලම මිනිත්තු 20ක කාලයක් ක්‍රීඩා කරනු ලබන තරග ලෙස පැවැත්විය.

ශූරතාවය රැක ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වෙයි ද?

මෙම සති අන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමක ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත පළමු කාණ්ඩයේ අන්තර් පාසල්…

සාන්ත පීතර විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විද්‍යා විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය ඊයේ දිනය තුල ඔවුන් ක්‍රීඩා කළ තරග සියල්ලෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගනිමිනි. එහි පළමු තරගය අද (20) උදෑසන සාන්ත පීතර විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වේ.

දිනයේ වඩාත් උණුසුම් තරගය වූයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වූ තරගය වන අතර, එම තරගය අවසන් වූයේ ලකුණු 22-19ක් ලෙස විද්‍යාර්ථ විද්‍යාලයට තරගයේ ජයග්‍රහණය හිමි කර දෙමිනි.

ඊට අමතරව මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 24-05ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කිංස්වුඩ් විද්‍යාලයට හැකි විය.

මෙම තරගාවලියේ ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ඊයේ දිනය තුල තරග 4ක් ක්‍රීඩා කළ අතර, එම තරග සියල්ලම A කාණ්ඩයේ තරග ලෙස පැවැත්විය. එම තරගය සියල්ලම ජයග්‍රහණය කළ ඔවුන් පහසුවෙන්ම මීළඟ වටයේ සිය ස්ථානය හිමි කරගන්නට සමත් විය.

මෙම තරගාවලියේ B කාණ්ඩය තුල කිංස්වුඩ් විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය, සාන්ත ආනා විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය ක්‍රීඩා කරන අතර, තරගාවලියේ C කාණ්ඩය යටතේ පැවැත්වූ විද්‍යාර්ථ හා සාන්ත ජෝසප් විද්‍යාල අතර තරගය ජයග්‍රහණය කළ විද්‍යාර්ථ විද්‍යාලය එම කාණ්ඩයේ පෙරමුණ දිනා ගැනීමට සමත් විය. තරගාවලියේ පළමු දිනය ආරම්භයේ දී ම මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 70 – 00ක් ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජයට පත්කළේය. එම කාණ්ඩයේ පෙරමුණ මහනුවර ධර්මරාජ විද්‍යාලය හිමි කර ගන්නා විට, ලුම්බිණි විද්‍යාලය එහි දෙවැන්නා ලෙස පළමු දිනයේ නිමාව සනිටුහන් කළේය. ලුම්බිණි විද්‍යාලය ලකුණු 63-00ක් හා ලකුණු 36-00ක් ලෙස ඔවුන් සහභාගි වූ තරග ද්විත්වයම ජයග්‍රහණය කරන ලදි.

D කාණ්ඩයේ හා H කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පිළිවෙළින් කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. වෙස්ලි විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පිළිවෙළින් F හා G කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර, එහි දෙවැනි ස්ථාන හිමි කර ගන්නට මරදාන සහිරා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත්ව තිබේ.

මෙම තරගාවලියේ දෙවන හා අවසන් දිනයේ තරග අද (20) මහනුවර දී පැවැත්වේ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට