Saturday, July 22, 2017

නිතිය සැමට (Law for All) ;- මහා අදිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල. (Trial At Bar)




යාපනයේ විද්‍යා සිසුවිය රංචු ගැසී ස්ත්‍රී දුෂණයෙන් පසුව ගාතනය කෙරිණි. සිද්දිය වන විට ඇගේ වයස අවුරුදු 18 කි. මේ පිලිබදව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව යාපනයේ කයිට්ස් මහා අදිකරණයේ විබාග වේ. සිද්දිය සිදු වූ අවස්ථාවේ මෙය උතුරේ පමණක් නොව දකුණේද දැවැන්ත විරෝදතා වලට හේතු විය. සිද්දිය වුයේ 2015 මැයි 12 වැනිදාය. ප්‍රදාන සැකකරු සුවිස් කුමාර් නැමැත්තාය. ඔහු මේ රංචු ගැසී ස්ත්‍රී දුෂණය සහ ගාතනය සැලසුම් කලේ එය වීඩියෝ කර සුවිස්ටර්ලන්තයේ ආයතනයකට විකිනිමටය. ඔහු මිට පෙර ද මෙවැනි අපරාද කල බව වාර්තා වේ. මෙය දැනට විබාග වන TRIAL AT BAR නඩුවකි.


මෙම TRIAL AT BAR නඩුවකදී නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග වේ. ඒ මහා අදිකරනයේය.

මෙවැනි නඩු විබාගයක් පැවැත්වීම තීරණය කරන්නේ කවුද? වරදේ සුවබාවය සහ වරද සිදු කිරීමේ අවස්තනුගත කරුණු අනුව යුක්තිය ඉෂ්ට කිරීම සදහා විශේෂ අදිකරණයක් මගින් නඩු විබාගයක් පැවැත්විය යුතු බවට අගවිනිසුරුවරයාගේ මතය වන විට ඔහුගේ අත්සන සහිත ආඥාවකින් ඒ සදහා නියෝග කල හැකිය. 

මෙය ඉතා ඉක්මනින් යුක්තිය ඉටු කිරීමට හැකි මගකි. නමුත් අයහපත් ලක්ෂනයක් වන්නේ එක් අබියාචන අවස්ථාවක් පමණක් තිබීමය. එනම් අබියාචන කරන්නේ ශේෂ්ට්‍රදිකරනයට පමණි. 

මෙසේ විබාග කර නිමා කල මුල් අවස්ථාවේ නඩු ලෙස සදීප ලක්ශාන් නඩුව හා රීටා ජෝන් නඩුව දැක්විය හැක. මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණය චෝදනා වූ මෙම නඩු දෙකේදීම තීන්දුව වුයේ මරණිය දන්ඩනයයි.




No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...