යුධ හමුදා බොක්සිං ක්‍රීඩකයන් ඉදිරියෙන්

265
Novices boxing

2017 ආධුනික බොක්සිං තරගාවලිය, ඊයේ (28) ඇරඹුණේ මාස් රාජකීය බොක්සිං කවයේදීයි. එහි දී බරපන්ති කිහිපයකම පිරිමි මූලික තරග පැවැත්වුණු අතර ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් පූර්ව තරග කිහිපයක් ද මීට සමගාමීව පැවැත්විණි. යොවුන් තරග සවස් යම තුළ දී  අවසන් වූ අතර ආධුනික තරග අවසානයේ දී වඩා ඉදිරියෙන් සිටිනු දැකිය හැකි වූයේ යුධ හමුදා ක්‍රීඩකයන් ය.

ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරග

කි.ග්‍රෑ. 46-49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ එම්. නවිත් සහ පස්වරක් ජාතික ශූරතාවය දිනා ඇති පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයේ එස්. බණ්ඩාර අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගය පැවති අතර වත්මන් ජාතික ශූර බණ්ඩාර එහි දී මනා දස්කම් ප්‍රදර්ශනය කළේය. ජූරියේ බහුතර ඡන්ද 4-1ක් ලෙස බණ්ඩාරට ජය හිමිවුවත් නවිත් එහි දී පෙන්වූ නිර්භීතකම ද අගය කළ යුතුය.

දෙවන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ නාලන්ද විද්‍යාලයේ එස්. අමරසූරිය සහ රාජකීය විද්‍යාලයේ එම්. අල්තාෆ් අතරයි. එහි දී අල්තාෆ් ජය ගත්තේ විනිසුරු තීරණ 5-0ක් ලෙසය.    

තෙවන අර්ධ අවසන් පූර්ව තරගයට එක්වුණේ රාජකීය විද්‍යාලයේ එම්. අහමඩ් සහ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාපීඨයේ ජේ. කුමාර අතරයි. එහි දී අහමඩ් පරදවා 5-0ක් ලෙස ජය ලබන්නට කුමාර සමත් විය.

සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එල්. රත්නප්‍රිය සහ ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ආර්. ප්‍රසන්න අතර පැවැත්වුණු අතර වේගවත් පහරවල් සමඟින් ප්‍රසන්න ජය ගත්තේය.     

කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ එල්. එරංග සහ රත්නපුර සීවලී විද්‍යාලයේ ඩී. චතුරංග අතර මෙහි පළමු අවසන් පූර්ව තරගය පැවැත්විණි. එහි දී එරංග විසින් වේගවත් පහරවල් එල්ල කළ නිසා විනිසුරු තරගය නැවැත්විය. ජය හිමි වූයේ එරංගට යි.

මෙම බරපන්තියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එස්. මධුශංක සහ රත්නපුර සීවලී විද්‍යාලයේ එල්. වනිගසූරිය අතරයි. එහි දී ජූරියේ 3-2ක බහුතර බලයෙන් මධුශංක ජය ලැබුවේය.

කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

රාජකීය විද්‍යාලයේ කේ. පියසිංහ සහ ධීරානන්ද විද්‍යාලයේ සී. ඒකනායක අතර පැවති තරගයෙන් ඒකනායක ජය ගත්තේ 4-1ක් ලෙස යි.

මීළඟ අවසන් පූර්ව තරගය සඳහා මහානාම විද්‍යාලයේ පී. සිල්වාට එරෙහිව හොරණ විද්‍යාරතන විද්‍යාපීඨයේ ඩී. මධුශංක තරගවැදුණු අතර විනිසුරු තීරණ 3-2ක් වශයෙන් මධුශංක ජය ගත්තේය.

කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

විද්‍යාරතන විද්‍යාපීඨයේ ඩී. ජයලත් සහ ත්‍රිත්ව විද්‍යාලයේ යූ. අන්ජන් අතර පැවති මෙම පළමු අවසන් පූර්ව තරගය, දස්කම් සහ රංගනයන් සමඟින් ජය ගත්තේ ජයලත් ය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඩී. රත්නායක සහ රාජකීය විද්‍යාලයේ එම්. අසීම් අතර පැවති මීළඟ තරගය තුළ දී අසීම් තරගය අත්හළ අතර ජය හිමිවුණේ රත්නායකට යි.

කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

මෙහි දී පැවති තරගය මුලතිව් හාට්වේ විද්‍යාලය නියෝජනය කළ පී. විෂ්ණු විසින් ජය ලැබුවේ නාලන්ද විද්‍යාලයේ එස්. සචින්තට එරෙහිව යි.

ආධුනික බොක්සිං තරගාවලිය

මේ තරග රාජකීය මාස් බොක්සිං කව දෙකම යොදා ගනිමින් පැවැත්විණි.

කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

පළමු තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එස්. පුෂ්පකුමාර පරාජය කරමින් 5-0ක් ලෙස යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ සී. ප්‍රේමතිලක ජය ගත්තේය.

දෙවන තරගය, ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එම්. කරුණාසිංහ විසින් ජය ගත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ එස්. බණ්ඩාරව 5-0ක් ලෙස පරාජය කරමිනි.

තෙවන තරගය, යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ එම්. උදයකුමාර අතරත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ එස්. හේමන්ත අතරත් පැවැත්විණි. ඉන් 5-0ක් ලෙස ජය ගත්තේ උදයකුමාර යි.

සිව්වන තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කෆීර්කණ්ඩායම නියෝජනය කළ ඩී. මධුභාෂණ සහ පී. කසුන් කුමාර අතර පැවැත්විණි. එහි ජය 4-1ක් ලෙස ලබා ගත්තේ කුමාර යි.

පස්වැනි තරගය, ශ්‍රී ලංකා යුධ හමුදාවේ අයි. චාමර සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ පී. ඩිල්ශාන් අතර පැවැත්විණි. 5-0ක් ලෙස එය ජය ගන්නට ඩිල්ශාන්ට හැකි විය.

කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

කළුතර බොක්සිං සමාජයේ පී. දසනායක සහ ශාන්ත ජෝන් විද්‍යාලයේ බී. රත්නායක අතර මෙහි පළමු තරගය පැවතියේ ය. රත්නායක එහි දී දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් විනිසුරු තරගය නවත්වා ජය ඔහුට පුදකළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. ප්‍රේමකුමාර සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ සී. ප්‍රේමවංශ අතර පැවැත්වුණු මීළඟ තරගයේ ජය නොක් අවුට්ආකාරයෙන් ජය ගන්නට ප්‍රේමවංශ සමත් විය.

මෙම බරපන්තියේ අවසන් මූලික තරගය, එම්. ඩී. එස්. කණ්ඩායමේ එච්. ප්‍රනාන්දු සහ හෙළ ක්ලෝදින් ක්‍රීඩක කේ. මධුරංග අතර පැවැත්විණි. එහි ජය 5-0ක් වශයෙන් මධුරංගට හිමි විය.

කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ සී. නිලංග, ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ එම්. රත්නායක පරදවා ජය ලැබුවේය.

කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

තරුණ ක්‍රිස්තියානි සංගමයේ ඩී. පීරිස් මෙහි පළමු තරගය ජය ගත්තේ එම්. ඩී. එස්. ක්‍රීඩා සමාජයේ ඒ. අශාන්ව පරාජය කරමිනි.

දෙවන තරගයට එක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී. ද සිල්වා සහ යුධ හමුදා රෙඩ්කණ්ඩායමේ පී. කුමාරසිංහ අතුරින් සිල්වා ජය ගත්තේය.

තෙවන තරගය පැවැත්වුණේ විද්‍යාරතන විද්‍යාපීඨයේ ජී. සුධම්ම සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඩී. ප්‍රේමකුමාර අතරයි. ප්‍රේමකුමාර, 5-0ක් ලෙස තරගය ජය ගත්තේය.

සිව්වන තරගයේ දී ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ එස්. තෙන්නකෝන් ව නොක් අවුට් ක්‍රමයෙන් පරාජය කරන්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඒ. දිසානායක සමත් විය.

පස්වැනි තරගය, ගුවන් ක්‍රීඩකයන් දෙපලක් වන ඩී. රන්තිලක සහ එම්. සිල්වා අතර පැවතියේය. එය 5-0ක් ලෙස ජය ගත්තේ රන්තිලක යි.

සයවැනි තරගයට එක්වූ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ එස්. සමීර සහ විදියා විද්‍යාලයේ එස්. කේසවන් අතරින් සමීර ජය ගත්තේය.

දිනයේ අවසන් තරගය පැවැත්වුණේ ගුවන් හමුදා කෆීර්කණ්ඩායමේ කේ. මුණසිංහ සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. වීරසිංහ අතරයි. එහි දී 5-0ක් ලෙස ජය ගන්නට වීරසිංහ සමත් විය.

දිනය නිමාවන විට යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටින බව දිස්වුවත් අද (29) දිනය තුළදීත් තරග රැසක් පැවැත්වීමට නියමිත බැවින් තරගාවලිය තවමත් විවර ය. තරග ආවරණය සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට