ජර්මානු තානාපති කාර්යාලය හා තාබිත් අහමඩ් පාපන්දු සමාජය එක්ව සංවිධානය කරන ලද “පුංචි ලෝක කුසලානය”, පසුගිය 20 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී නිමා වූයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හා ඇමරිකානු පිරිමි කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමිනි.

අවුරුදු 16න් පහළ AFC තරගාවලියට ක්‍රීඩකයින් තේරීම

2018 වසරේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු තරගාවලියට සහභාගී වන අවුරුදු 16න් පහළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මෙම මස 27 සහ 28 දෙදින…

යාපනය, ගම්පහ, මීගමුව හා කොළඹ යන ප්‍රදේශ නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා පාපන්දු කණ්ඩායම් 8 බැගින් මෙම තරගාවලිය සඳහා සහභාගී විය. සෑම ප්‍රදේශයකින්ම පිරිමි කණ්ඩායම් දෙකකුත් කාන්තා කණ්ඩායම් දෙකකුත් බැගින් සහභාගී විය. ඔවුන්ට සහය දක්වන්නට ස්විට්සර්ලන්ත, නොර්වේ, නෙදර්ලන්ත, බ්‍රසීල, ප්‍රංශ, ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාල ඉදිරිපත්ව සිටි අතර, ඒ සහය ලබන එක් එක් කණ්ඩායම විසින් තමන් උදෙසා සහය ලබා දෙන තානාපති කාර්යාලය අයත් රට නියෝජනය කරන ලදි. මෙය වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ තරගාවලියක් ලෙසින් පැවැත්විය.

පිරිමි අංශය යටතේ, ඇමරිකාව, ප්‍රංශය, ජර්මනිය හා නෙදර්ලන්තය යන රටවල් නියෝජනය කිරීමට පිළිවෙළින් යාපනය, මීගමුව, කොළඹ හා ගම්පහ කණ්ඩායම වලට හැකි විය. කාන්තා අංශය යටතේ, ස්විට්සර්ලන්තය, ශ්‍රී ලංකාව, බ්‍රසීලය හා නෝර්වේ යන රටවල් පිළිවෙළින් කොළඹ, යාපනය, මීගමුව හා ගම්පහ යන නියෝජනය කරන ලදි.

කාන්තා අවසන් මහා තරගයේ දී නෝර්වේ කණ්ඩායම ගෝල 5-1ක් ලෙස පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන යාපනය කණ්ඩායමට හැකිවිණි. මෙම තරගාවලියේ තමන් ක්‍රීඩා කළ තරග හතර තුල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායම විසින් ගෝල 18ක් ලබා ගත් අතර, ඔවුන් ඉදිරියේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ගෝල 03ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි පස්කාරම් සානූ හොඳම ක්‍රීඩිකාව වශයෙන් සම්මාන දිනා ගන්නා විට, හොඳම දැල් රකින්නිය ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ යාපනය කණ්ඩායමේ ජෙකේතිසුරන් ලෙතුනිශ්කා සම්මානය දිනා ගත්තේය.

අවසන් මහා තරගය තුල ගෝල 1-0ක් ලෙස ජර්මනිය කණ්ඩායම පරාජයට පත්කළ ඇමරිකානු කණ්ඩායම නියෝජනය කළ යාපනය පිරිමි කණ්ඩායම තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

ඇමරිකානු තානාපති කාර්යාලය විසින් සහයෝගය ලබා දෙන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ යාපනය ක්‍රීඩක ශ්‍රී කාන්ත් තරිශ්කන් හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ජයග්‍රහණය කරන විට, තරගාවලියේ පිරිමි අංශයේ හොඳම දැල් රකින්නා ලෙස එම කණ්ඩායමේ ම මොහොමඩ් නුශ්කාන් සම්මානය ජයග්‍රහණය කරන ලදි.

තරග ප්‍රතිඵල,

පිරිමි අංශය,

  • ඇමරිකාව 0-0 ප්‍රංශය
  • ජර්මනිය 1-0 නෙදර්ලන්තය
  • ඇමරිකාව 5-0 නෙදර්ලන්තය
  • ජර්මනිය 0-0 ප්‍රංශය
  • ඇමරිකාව 0-0 ජර්මනිය
  • ප්‍රංශය 4-0 නෙදර්ලන්තය
  • ජර්මනිය 0-1 ඇමරිකාව (අවසන් මහා තරගය)

කාන්තා අංශය,

  • ස්විට්සර්ලන්තය 1-6 ශ්‍රී ලංකාව
  • බ්‍රසීලය 3-1 නෝර්වේ
  • ස්විට්සර්ලන්තය 0-3 නෝර්වේ
  • බ්‍රසීලය 1-3 ශ්‍රී ලංකාව
  • ස්විට්සර්ලන්තය 0-2 බ්‍රසීලය
  • ශ්‍රී ලංකාව 4-0 නෝර්වේ
  • නෝර්වේ 1-5 ශ්‍රී ලංකාව (අවසන් මහා තරගය)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට