Blogger Tricks Blogger Tricks

Tuesday, May 23, 2017

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිව
ගුරුපාර තියනවා
වතුසුද්ද මල් යාය
තවම මල් මවනවා
නුඹ මගේ නොවන බව
හැම විටම දැනෙනවා
නෙතට කඳුලක් ගෙනෙන
රිදුම යලි උනනවා
මම තනිව ගුරුපාරෙ
කොනක තනි රකිනවා
වෙන හිතක් නොලබන්න
නුඹෙ පැතුම දැනෙනවා
පැතූ නුඹ දුර ගිහින්
මම තවම තැවෙනවා


8 comments:

  1. එදා වාගේ අදත්
    පොද වැස්ස වැටෙනවා
    මල් පිපුනු ගහ ගාව
    තවම ඉඩ තියනවා
    නුඹ මගේ ලඟින් නැති
    අඩුව මට දැනෙනවා
    මම තවම මට අහිමි
    මගෙ කවිය ලියනවා


    සොම තිලක ජයමහ ශූරීන්ගෙ මේ ගීතය මතක් වුනා ඔබේ කවිය දුටුවහම

    අපූරුයි
    ජයවේවා!!!

    ReplyDelete
  2. කොල හැලී ගිය ගහේ දළු යළිත් හැදෙනවා
    මල දුකින් පරවුණත් තවත් මල් පිපෙනවා
    වැල පෙනා නියං බිම සනසන්න වහිනවා
    බල බලා ඉඳින් මග තව රුවක් ඇදෙනවා....

    අපූරුයි ධනූ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක මරු දුමී ...
      ස්තුතියි ... ජයවේවා !!

      Delete
  3. කොටින්ම කියනවනම් එළ කිරි සහ නළ ජලය වගේ

    ජය වේවා ..!!!!

    ReplyDelete
  4. දුහුවිල්ල කල හදිය
    ගුරු පාර දවනවා...
    ඔබ නොදන්නවා වුව
    වතුසුද්ද දන්නවා...
    පරණ වතුසුද්ද පෙති
    බිමට පස් වෙලා..
    අලුත් වතුසුද්ද පිපි
    නව වසත් කල මවනවා...
    ඔබ ඔහොම තැවි තැවි
    නොම ඉන්න කියනවා...
    වතුසුද්ද වගේ නව
    පැතුම් හුඟ තියනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරු ... ලස්සනයි

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....