Wednesday, April 26, 2017

ව්‍යාග්‍රා

1992 වසරේදී ෆයිසර් (Pfizer) සමාගම වෙනුවෙන් පර්යේෂණයක නියැලී සිටි විද්‍යාඥයන් පිරිසක් හදවතේ ඇන්ජයිනා (Angina) තත්වය සමනය සඳහා ඔසුවක් අත්හදා බලමින් සිටියහ. ඇන්ජයිනා යනු හෘද පේශියට ඔක්සිජන් සහිත රුධිර සැපයුම අඩු වීමෙන් හටගන්නා වේදනාවය. මෙය රෝගයක් නොව අපහසුතාවයකි. පර්යේෂකයින් විසින් අත් හදා බලමින් තිබූ ඔසුව UK-92480 වශයෙන් නම් කොට තිබිණ. 

මේ ඔසුව භාවිතා කළ පිරිමින් සිය ඇන්ජයිනා තත්වය නිසා ඇතිවූ වේදනාව සමය වීමට වඩා කථා කලේ තමන්ගේ ලිංගික ශක්තිය වැඩි දියුණු වීම ගැනය. සමාගමට නොදැනුවත්වම ධන උල්පතක් පෑදී තිබිණ. කරගෙන යමින් තිබු පර්යේෂණ  නව මගකට හැරවිණ. අවසානයේදී 1998 වසරේදී අළුත් ඔසුවක් ව්‍යාග්‍රා නමින් එළිදක්වින. 

1998 මාර්තු 27 වන දින ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ (FDA) අනුමැතිය ලැබීමත් සමග  ව්‍යාග්‍රා සියළු ආදායම් වාර්ථා බිඳ හෙලමින් වේගයෙන් විකිණෙන්නට පටන් ගත්තේය.

පැහැති ව්‍යාග්‍රා පෙත්තට මග හෙළිකළ මුලධර්මය, වෙන් වෙන් වශයෙන් වූ පර්යේෂණ තුලින් සොයාගත් Robert Furchgott,  Ferid Murad සහ Louis Ignarro නම් වන ඖෂධ වේදීන් තිදෙනාට 1998 ඔක්තොම්බරයේදී වෛද්‍ය විද්‍යාව උදෙසා වන ස්විස් ක්‍රෝන මිලියන 7.6 ක් (එවකට පවුම් 570,000) වටිනා නොබෙල් ත්‍යාගය ලැබිණ.  

මේ පර්යේෂකයින් පෙන්වා දී ඇත්තේ රථ වාහන වලින් බැහැර වන පරිසර දුෂක කාරකයක් වන නයිට්‍රික් ඔක්සයිඩ මගින් රුධීර නාල විශාලණය වන බවය. එය සිදුවනුයේ චක්‍රීය ජීඑම්පී  (Circular GMP) ලෙස හඳුන්වන මාංශ පේශී ලිහිල් කරනා සාධකය හරහාය. 

ව්‍යාග්‍රා වෙනුවෙන් වෙහෙස වූ පර්යේෂකයින් වෙහෙසුනේ චක්‍රීය GMP විනාශ කරනා පොස්පොඩයිඑස්ටරේස් නම් එන්සයිමයේ ක්‍රියාවලිය බාදා කිරීමය. ඒ සඳහා සිල්ඩෙනෆිල් නම් සංයෝගයක් සොයා ගැනිණ. මේ ආකාරයට පුරුෂ ලිංගයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ නැංවා ප්‍රාණවත්  කිරීමට හැකියාව ලැබිණ. ස්වභාවික ලිංගික ප්‍රාණවත්වීමකදී සිදුවන්නේ  මීට සමාන සිද්ධියකි. එනම් පුරුෂ ලිංගයේ රුධිර නාල තුළ රුධීරය දැඩිව තෙරපීමය.

8 comments:

  1. හදවතට සැත්කම් කර ඇති නිසා මට නම් අනාගතයේ අවශ්‍ය වූ දිනයක මේ බෙහෙත පාවිච්චි කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. හොඳට පොස්ට් එක කියවලා බලන්න "පුරුෂ ලිංගයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ නැංවා ප්‍රාණවත් කිරීමට හැකියාව ලැබිණ." ඒ කියන්නේ ජම්බු ගහෙන් වැටුන අයටත් ලොවි ගහෙන් වැටුන සමනළයන්ටත් මේ පෙත්ත වැඩක් නැහැ.

      Delete
  2. බුක් මාක් කරලා තියාගන්න ඕනි පෝස්ට් එකක්.. :))))

    ReplyDelete
  3. මේ ඔයා විමල් වීරවංශ හරි ජෝන් අමරතුංග හරි එක්ක බිස්නස් එකක් පටං ගත්තද

    ReplyDelete
  4. මාතෘකාව දැක්කම හිතුනා අපේ විමල්.. නෑ එක්කො ඔනෙ නෑ

    ReplyDelete