Tuesday, April 25, 2017

මීතොටමුල්ලේ ජේතවනය


ජේතවනය කියන්නෙ නිකම්ම විහාරයක් නෙමෙයි. ඒක හැදෙන්නෙ තේරවාදී භික්ෂූන්ගේ ලොකුම තැන වුණ මහා විහාරය විනාශ කරලා. එක විදිහකට ඒක අපේ සංග සාසනේ කියන එකේ සදාතනික බල අරගලය ගැන හොඳ ආර්ට් පීස් එකක්.

අනිත් පැත්තට කටවහරෙ අපි ජේතවනය කියන්නෙ විශාල වණයකට, තුවාලෙකට. මාර ජේතවනයක්නෙ කියල යෙදෙන්නෙ මාර වාතයක් කියන අදහසින්. දැන් හෙළ උරුමයෙ හාදයො ටික ජේතවනය වෙනුවෙන් පෙනී ඉන්න කියල පොලිස්පතිට ලියුම් ලිවීමේ ජෝක් එක හරහා මේ විහාරෙ හරි ආර්ට් පීස් එක හරි අර තුවාලය කියන තේරුමට තල්ලූ කරගෙන යනවා.

මුවිඳු බිනෝයි මේ ඩිජිටල් කොලාජ් කියන ආර්ට් ප‍්‍රවේශය ලංකාවට අඳුන්නලා දෙන්න වැඩකරපු කීපදෙනාගෙන් කෙනෙක්. මුවිඳුගෙ වැඩවල තිබුන විශේෂත්වය වෙන්නෙ ඒවා අපේ සමාජ සංස්කෘතික දේශපාලනික සංසිද්ධි ගැන කිසිම විචාරයකට හෝ විනිශ්චයකට නොගිහින් හුදු ප‍්‍රකෘති නිරීක්ෂණයක් විදිහට ඉදිරිපත් වෙන එක. කොලාජ් කියන්නෙම තැනින් තැනින් එකතු කරගත්ත කෑලි වලින් අමුනල හදන ආර්ට් එකක් කියන අදහස. එතකොට ඒ එකතු කිරීම් නිකම්ම කොල කෑලි හෝ රෙදි කෑලි වෙනවට වඩා මුවිඳු එයාගෙ ආර්ට් එක ඇතුලෙන් කොලාජ්වලට වෙන ගැඹුරු අදහසක් ඇඞ් කරනවා. ඒවා ඇත්තටම කල්චර් කොලාජ්. එයා අමුණන්නෙ සංස්කෘතියෙ එක එක කෑලි. එකම මොහොතක එක එක තැන විසිරිලා තියෙන ඒ සංස්කෘතික කෑලි එක චිත‍්‍රයක් උඩට දැම්මම ඒකට වෙනම තේරුමක් හැදෙනවා. අපි පිනා යන්නත් හෙළ උරුමයට මළ පනින්නත් හේතු වෙන්නෙ මේ තුන්වෙනි තේරුම. නැත්තං මීතොටමුල්ල මෙහේ තිබුන, ජේතවනය අනුරාදපුරේ තිබුන. ඒත් මුවිඳු ජේතවනය උඩට මීතොටමුල්ලෙ කුණුගොඩ සමපාත කිරීම හරහා මේ සංස්කෘතික කලාප  දෙක කොලාජ් කළා. ඇත්තටම කිව්වොත් කුණු ප‍්‍රශ්නය ආගමික ප‍්‍රශ්නයක්,  ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්, ජාතික ප‍්‍රශ්නයක් කියන තැනට සංවාදය ලොකු කළා.

මේ කොලාජ් එක ගැන කරන හැම දේශපාලන පැත්තට බර සංවාදයකින්ම වෙන්නෙ ඒකෙ තියෙන ආර්ට් එක හෑල්ලූ වෙන එකයි. ඒක ඒ චිත‍්‍රය දුටු සැනින් හිතේ ඇතිවෙන ක්ෂනික අවබෝදය හෝ රසය කියන තැනින් ගලවලා බුද්දාගම හෝ ඊට ප‍්‍රතිවිරුද්දව ආගමික විරෝදය කියන තැනට ගෙනියන එකෙන් ආර්ට් එක මැරෙනවා. එතනින් එහාට ඒ ආර්ට් එක වැඩ කරන්නෙ මේ ප‍්‍රතිවිරුද්ද අන්තයන් දෙකේ තේරුම් අතරෙ විතරයි. ඒකට අදාල බහුවිද අර්ත රස නිරූපන හැකියාව ඒකෙන් අවලංගු වෙනවා. බෝලෙ වැටෙන්නෙ වෙන පිට්ටනියකට. මොනවා කරන්නද?

අපි හැම තැනම දාගැබ් හදහද ගිය රටක්. දැන් හන්දියක් හන්දියක් ගානෙ බුදු පිළිම හිටවනවා වගේම ඒ කාලෙ රජෙක් රජෙක් ගානෙ දාගැබ් හැදුවා. ඒක අපේ උරුමය. ඒ දාගැබ් වගේම අපි දැන් තැනින් තැන කුණු කඳු ගොඩගහනවා. ඒ කුණු කඳු නිසා සියගනං ජනතාව එකවර නිවන් යනවා. ඒක බලන් ඉඳලා තවත් ජනතාව නිවන් අවබෝද කරගන්නවා. මේ වෙද්දි වල්වැදී තියෙන ජේතවනයට වඩා මීතොටමුල්ල කුණු දාගැබ සමාජය ගඳෙන් අවදිකරනවා.

එකක් පරයා එකක් නැගෙන උස දාගැබ් වගේම එකකට පස්සෙ එකක් නැගෙන කුණු කඳු කියන්නෙ අපේ ගිල්ටිය නෙමෙයිද. අපි පව් වලින් අත්මිදෙන්න දාගැබ් හදනවා වගේම කුණු වලින් අත්මිදෙන්න කුණුකඳු හදනවා.

මං තේරුම් ගත්ත බුද්දාගම පැත්තෙන් ගත්තත් කුණු කියන්නෙ දහමට නිගාවක් නෙමෙයි. ඒ වෙනුවට කුණු තමයි දහම. ක්ලේශය. තෘෂ්ණාව. ඒක ගැන තමයි බුදුන් බණ කියන්නෙ. බුද්ද ශරීරය වුනත් කුණු ගොඩක් කියලයි බුදුන් උපමා කරන්නෙ. එතකොට මීතොටමුල්ල කුණු කන්ද ජේතවන විහාරය උඩින් තැබීමම බුදු දහම නැවත අවධාරණය කිරීමක් වෙනවා. කිසි පණක් නැතුව ඔහේ අවතැන් වෙලා හිටපු ජේතවනයට මේ චිත‍්‍රය හරහා ප‍්‍රබල ආධ්‍යාත්මික පණිවුඩයක් ඇතුල් වෙනවා. මේ තෘෂ්නා කන්ද, මේ කෙලෙස් කන්ද පිරියම් කරලා වහගෙන ඉන්නෙ නැතුව සත්‍යය අවබෝද කරගන්න කොලාජ් එක බණක් කියනවා.

මේ චිත‍්‍රය බුදුන්ගේ දහමට නිගාවක් වෙන්නෙ කොහොමද කියල හෙළ උරුමය පැහැදිලි කරන්න  ඕන. බුදුන් වදාල ධර්මය, සිංහල බුද්දාගම කියල ලේබල් කරගෙන ඒ දහමෙ සතු සියලූ ආධ්‍යාත්මික ගුණයන් එහෙම්පිටින්ම වල දාපු, පන්සලේ හිටපු භික්ෂුන් පාර්ලිමේන්තුවට යවපු, අන්තිමට මිනීමරන එක පවා බුදුන්ගේ නමින් ලෙජිට් කරපු, හෙළ උරුමය, බොදු බල සේනා, රාවනා බලය වගේ සංවිදානවලට තව රකින්න ඉතුරු වෙලා තියෙන බුදුදහමෙ ගරුත්වය මොකක්ද?

ඇත්තටම නං මේ වැඩෙන් වෙන්නෙ මේ ආර්ට් පීස් එකට වැඩි පබ්ලිසිටියක් හම්බුවෙන එක. ඒක වැඩි පිරිසක් විසින් නරඹන එක. විඳන එක සහ ඒ මත පහරන එක. ඒක හොඳ දෙයක්. මුවිඳුගෙ ආර්ට් එකට කෙළවුනාට කරන්න දෙයක් නෑ. මේ තමයි අපි ආර්ට් විඳින විදිහ.

ප.ලි. ජේතවනය කුණු වලින් පුරවමු කියල මේ ආර්ට් එකේ අදහස මැටිම ලිටරල් තැනකින් ගත්තත් ඒකෙන් කියන කතාව ලොකුයි. ජේතවනය වගේ විහාර ඉස්සරහ යන තැනක අරන් යන්න කුසල් කඳු ගහන අයගෙම කසල තමයි මීතොටමුල්ලෙ නාය යන්නෙත්. ඒ කුසල් කන්ද ඉස්සරහ තමන් පුරවන කුණු කන්ද තියලා පෙන්නන එකම ලංකාවෙ බොරු උපාසකකමට හොඳ කම්මුල් පාරක්, ඇහැරෙන්න. සිහියට එළඹෙන්න.

මේ චිත‍්‍රයෙ අර්තයන් අනන්තයි. ඒ හින්දම ලියල ඉවර කරන්න අමාරුයි. ඒත් ජේතවනය වගේ මහා දාගැබ් කියන්නෙ අපේ උරුමයක අබිමානය වගේ දෙයක් නම් මීතොටමුල්ල කුණුකන්ද කියන්නෙත් ඒ තරමටම උස අපේ අවමානයේ සළකුණක් නෙමෙයිද. මේ චිත‍්‍රයට විරුද්ද පැමිනිල්ල කියන්නෙත් අපි ආගමික අතින් ඉතියෝපියාවත් එක්ක කොච්චර ළ`ගට ඇවිත්ද කියන එක යලි මතක් කිරීමක් නෙමෙයිද.

-චින්තන ධර්මදාස

18 comments:

  1. මේ කියන මහත්තය තමන්ගේ ගෙදර කුණු වීසිකරන කෙනෙක් නෙමෙයි .. කුණු කන මහත්තයෙක් ... පව් නොකරපු කෙනෙක් මුලින්ම ගලක් ගහන්න කිව්වලු ... ඔන්න ගල ගහල තියෙන්නේ .. පව් කරපු එවුන්ට රිදෙයි

    ReplyDelete
  2. බොරු තර්ක ඉදරිපත් කරලා මේ පරයා කරපු අමන වැඩේ සාධාරණය කරන්න යන්න එපා. කලාකරුවෙකුගේ නමට මුවා වෙලා ඕනෑ අමන වැඩක් කරන්න පුළුවන් කියලද ඔබ කියන්නෙ. අනෙක අපේ රටේ බුධාගමේ ජේතවනාරාමය මුල් කරගත් මහායාන බලපෑම් විතරක් නෙමෙයි තන්ත්‍රයාන බලපෑම් පවා තවම තියෙනවා. ථෙරවාදීන් විසින් ජේතවනාරාමය විනාශ කිරීම ලොකුවට කියාපාන ඔබ ශාන්තිකර්ම බලල නැද්ද , ඒවායේ තවම පවතින බෞද්ධ මන්ත්‍ර ආවේ තන්ත්‍රයානයෙන් බව ඔබ දන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සමරේ,

      බුදුන් වහන්සේ මේ ධර්මයෙන් කිව්වේ ගස් ගල් වලට වඳින එක කරන්න එපා කියලයි.
      පිරිනිවීමෙන් පස්සේ ඔන්න ආයෙමත් ගස් ගල් පිළිම චයිත්‍ය ඔක්කොම හදාගෙන ඒකට බුද්ධාගම කියල දැන් කියනවා,
      මම හිතුවේ සමරෙත් ටිකක් මොලේ ඇති කෙනෙක් කියලයි. බලන් යනකොට නිකම්ම නිකම් ගතානුගතික පුස්සෙක්.
      මොකක්ද මේ පින්තුරයකින් බුද්ධාගමට වෙන නරක. පුළුවන් නං විස්තර කරලා කියන්නකෝ.

      Delete
  3. මා නම් මේ නිර්මාණය දකින්නේ කෙලෙස් (කුණු) කන්ද තරණය කිරීම සහ ආගම් අතර ඇති සම්බන්ධය නිරුපනය කරන්නක් ලෙසයි!

    ReplyDelete
    Replies
    1. ආගම්?.....එසේ නම් හින්දු කෝවිල් මුස්ලිම් සහ කතෝලික පල්ලි වල පින්තූර සමඟ කුණු කඳු ගලපන්න තිබුනා නේද?

      Delete
    2. /**
      රසිකොලොජිස්ට් - RasikologistApril 26, 2017 at 7:32 AM
      මා නම් මේ නිර්මාණය දකින්නේ කෙලෙස් (කුණු) කන්ද තරණය කිරීම සහ ආගම් අතර ඇති සම්බන්ධය නිරුපනය කරන්නක් ලෙසයි!
      */

      මචං උඹ බූරුවෙක් කියන එක හැමෝම දන්න දෙයක්. උඹ ඒක ඔප්පු කරන්න දවස ගානෙ මහන්සි වෙන්න ඕනෙ නෑ. උඹ විතරක් නෙමෙයි, බ්ලොග් ලියන එවුන් / ෆේස්බුක් එකේ ලියන එවුන් ගොඩක් දෙනෙක් කරන්නෙ පිට කසා ගන්න එකය කියන දේ රහසක් නෙමෙයි. මේක මූලික මිනිස් ස්වභාවයට අයත් දෙයක් නිසා අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. තමන් ට කරදරයක් වුනාම තමන් ට උදව් කරන්න අනිත් අය එන්නෙ, අනිත් අය ට කරදරයක් වුනාම, තමනුත් උදව් කරලා තිබුනොත් තමයි.

      ඕනෑම ප්‍රකාශනයක ට වගේ ම, මුවිඳු බිනෝයි ගේ චිත්‍රය ට ත් අර්ථ රාශියක් තිබිය හැකි වුනත්, කුණු කන්ද කඩා වැටීම ත් එක්ක මතු වුනු සාකච්ඡාව හරහා නිර්ණය වන සන්ධර්භය තුල, මුවිඳු බිනෝයි තම චිත්‍රය හරහා කර තිබෙන්නේ, මීතොටමුල්ලේ කුණු ටික දමන්නේ කොහාට ද යන ප්‍රශ්නය ට පිළිතුරක් යෝජනා කිරීම බවත්, මුවිඳු බිනෝයි ගේ යෝජනාව වන්නේ, මීතොටමුල්ලේ කුණු ජේතවන දාගැබ (සහ වෙනත් දාගැබ්) හාරා ඒ තුල ට (ඒවා තුල ට ) පිරවිය යුතුය යන්න බවත්, පාසැල් දරුවෙකුට වුනත් වැටහෙනවා.

      මෙතන "ආගම් අතර සම්බන්ධය" කියන එකම ගොන් කතාවක්. ලෝකයේ ආගම් වලින් කීයෙන් කීයක ද කෙලෙස් ගැන, කෙලෙස් නැසීම ගැන කතා වෙන්නේ? දාගැබක් තුල ට කුණු පුරවලා කොහොම ද, කෙලෙස් නැසීමක් ගැන අදහසක් දෙන්න පුළුවන් වෙන්නෙ? කුණු වලින් නිරූපණය වන්නේ කෙලෙස් නම්, දාගැබ තුල ට කුණු පුරවලා පෙන්නුම් කරන්න පුළුවන් වෙන්නේ, දාගැබ කෙලෙස් වලින් පිරිලා කියන එක නෙමෙයි ද?

      මචං උඹ ට උවමනාව තියෙන්නෙ, සිංහල බෞද්ධ සංස්කෘතිය එක්ක තියෙන පරන ඇරියර්ස් පිරිමහගන්න කියන එක, හැමෝම දන්න දෙයක්. ඒක උඹ නිතරම මතක් කරන්න උවමනා නෑ. උඹට පුංචි කාලෙ දි ගවුම් ඇඳන් ඉස්කෝලෙ යන්න වුන නිසා, උඹේ කුඩා විය ගැන, අදටත්, උඹට විශාල චිත්ත පීඩාවක් තියෙන බව අපි දන්නවා. ඒත්, උඹට පුංචි කාලෙ ගවුම් අඳින්න සිද්ධ වුනේ, සිංහල බෞද්ධ සංස්කෘතියේ වරදක් නිසා නෙමෙයි. බටහිර ආක්‍රමණය විසින් සිංහල බෞද්ධ සංස්කෘතිය යටපත් කෙරුන නිසා.

      Delete
    3. ඔලුවේ කෙස් ගහක් නැති, සුද්දන්ට පුක දුන්න රසික පොන්නයට බුද්ධාගමට පහර ගහනවා නම් ඊට වඩා දෙයක් නැ. මුවිදු එක්කම මේ මල් පොන්නයාටත් කටට දෙන්න ඕනේ

      Delete
    4. කසල යනු ක්ලේශයන් ය. කසල කන්ද සමතික්‍රමණය කරන අපට කුසල් කන්දක් රැස් කර ගත හැක.

      ඔබට මේ තරම් මතවාදීව ද, පුද්ගලිකව ද මට පහර දෙන්නට මා දැක්වූ ඒ අදහසේ ඇති වරද කුමක් ද?

      Delete
    5. නමක් ගමක් නැති මුග්ධයින් හා තර්ක කිරීමෙන් පලක් නැත

      Delete
  4. මුවිඳු බිනෝයි දවටගහ මුස්ලිම් පල්ලිය එක්ක මේ වගේ කොලාජ් සෙල්ලමක් කරන්න හීනෙන් වත් හිතන්නේ නැතිවෙයි. නේද? ජේතවන යට වඩා ඒක කොළඹ සංකේතවත් කරන ගොඩනැගිල්ලක් ..බෞද්ධ සංස්කෘතියේ ඇති නිදහස් ස්වරූපය නිසා මෙවැනි පාදඩ වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා...කිසි හරයක් නැති මේ අලුගුත්තේරු වැඩ වලට චින්තන බොරු අර්ථ දැක්වීම් පලකිරීම තවත් විකාරයක්....මෙවැනි ක්‍රියාවන් නිසා බෞද්ධ නමින් පෙනී සිටින වියරු මුග්ද අන්තවාදීන්ට හොඳ තල්ලුවක් ලැබෙනවා...

    ReplyDelete
  5. කොතැනින් හරි බුද්ධාගමට පහරක් ගහන්න පුළුවන් නම් අන්න එතැනින් තමයි මේ වගේ සක්කිලියන්ට ගතමන්ට් එකක් ලැබෙන්නේ. මේ වගේ කාලකන්නි කවදාවත් මේ වගේ එකක් මුස්ලිම් පල්ලියක්, කතෝලික පල්ලියක්, කෝවිලක් අල්ලගෙන කරන්නේ නැත්තේ ඒකයි. මේ චින්තනයක් නැති බූරුවාගේ සහ උගේ සහචරයන්ගේ පෝස්ට්වලින් පහුතරයක් තියෙන්නේ ජාතියට ආගමට අපහාස වෙන ඒවා. ජාතකේ වැරැද්ද. වෙන මොකක්වත් නෙවෙයි.

    ReplyDelete
  6. මේ මෝඩයා දැකලා තියෙන්නෙ හැම හන්දියක් ගානෙම දාගැබ් බුදු පිලිම හදපු එක විතරයි. හන්දියක තුන ගානේ මුලු රටේම වැව් අමුනු දොලොස් දාහකුත් ඒ එක්කම හදපු එක දැකලා නැ වගේ.

    ReplyDelete
    Replies
    1. වැව් අමුනු වලත් කුණු පුරෝනවා. වන්දනාවෙ යන එවුන් දාන කුණු සුද්ද නොකලනම් ජේතවනාරාමෙත් අද ඇත්තටම කුණු කන්දක්.

      Delete
  7. මුවිදු බිනෝයි....නිදහස් වෙලාවක ඇවිත් මගේ පක කටට ගනින් පොන්නයා . මේක ලිව්වා පොන්සියත් ඒ එක්කම වරෙන්.

    ReplyDelete
  8. අඩෝ චින්තක ධර්මදාස කියන්නේ පොන්නයෙක්නේ බං. ඕකා ඉස්සර රුපියල් 100 ට කටට ගන්න රස්සාව කලේ. බොරු නම් අහලා බලහන් .

    ReplyDelete
  9. ජේතවනාරාම දාගැබ වඩවඩා ප්‍රසිද්ධියට පත්වෙමින් වෙනදාට වඩා බැබලෙනවා.

    ReplyDelete
  10. The so called work of art is a sheer insult to a religion. What to do to those who cannot accept it will be decided by the of the public at large. You may insult to a religion or justify the insult to a religion, the outcome will be the same.

    ReplyDelete
  11. ආගම් වල තියෙනවනේ සිම්බල් ටිකක් ආගම ප්‍රකාශනය වෙන්නේ ඔය ටිකෙන්නේ ..හින්දු උන් බිෆ් කන්නේ නෑ ..මුස්ලිම් උන්ට ඌරා ඇලජික් ..බෞද්ධ මිනිස්සුන්ට බෝගස් පිළිම දාගැබ් ..ඕවා තුලින් ප්‍රකාශ වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ආත්මය ..
    දැන් ගමේ ඉන්න රුවන් වැලි සෑය දිශාවට වැඳලා නින්දට යන උපාසක අම්මා කෙනෙක්ට ..දර්ශනය,හරි මනෝ විශ්ලේෂණය හරි උගන්නන බෑනේ ..එහෙම උන්දැ කෙනෙක්ට තක්කඩි මුනුපුරෙක් මුන පොතේ තිබිලා මේ පින්තුරේ පෙන්නුවොත් හාට් ඇටැක් හැදෙයි ..උපාසක අම්මලා ඕනි නෑ සෝෂල් මිඩියා වල හිටියට සිංහල බෞද්ධ බහුතරයකට ඔය මානසිකත්වේ තියෙන්නේ ..

    ආර්ට් කියන්නේ මිනිස්සු රිද්දන දෙයක් වෙන්න බෑනේ ...සීමාවන් ප්‍රශ්න කරන්න ඕනි නම් .ඒක සියුම් විදිහකට නෙමෙයිද කරන්න ඕනි ..අමුවෙන් කරනකොට කොහෙද එතන ආර්ට් එකක් ..හැම දේකම නිදහසක් වගේම සිමාවකුත් තියෙනවා ..සෙක්ස් වල පුර්ණ නිදහස තියෙනවා අපිට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා අම්මත් එක්ක හැමිනේන්නේ නෑ වගේ ..සමාජයේ උපරිව්‍යුහය වෙනස් කරන්න ,ප්‍රශ්න කරන්න හෝ කතිකාවක් ඕනි නම් ඒක කරන්න පුළුවන් ඒක සේකර වගේ අයත් කරා
    මේක සරල කථාව මේකයි ..නමක් හදාගන්න ප්‍රසිද්ධ වෙන්න මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඕනි,ඉතින් මේ වගේ ගොන් පාට් දානවා

    ReplyDelete