Tuesday, April 25, 2017

නිතිය සැමට ;- මානව හිමිකම් රාජ්‍ය ආයතන වලට පමණයි.



ඊයේ මැදිවියේ කාන්තාවන් දේපලක් ජනසන්සදයට පැමිණියහ. ඔවුන් කිවේ තමන්ට නිවසට යාමට ඇති පාර අහිමි වූ බවයි. එනම් උසාවියේ නඩුව පැරදුනු බවයි. ඔවුන් සහනයක් ඉල්ලා සිටියහ. මෙය පුද්ගලික ප්‍රශ්නයකි. අපේ උපදෙස වුයේ දක්ෂ සිවිල්නී තිඥයකු ලවා ඉහල අදිකරණයට අබියාචනයක් දමන ලෙසයි.

ඊලග සේවාදායකයා වුයේ මැදිවියේ මහතෙකි. ඔහු කිවේ තමාව සතොස ආයතනයෙන් අස්  කල බවයි. සතොස රාජ්ජ නොවේ. අපි උපදෙස් දුන්නේ මාස තුනක් ඇතුලත කම්කරු උසාවි යන ලෙසයි  මෙය මානව හිමිකම් වලට අයිති නැත. ඔහු පෙරලා ඇසුවේ කම්කරු දෙපාර්තමේන්තුවට යා හැකිද කියාය. මෙහිදී විමර්ශන පමාවකින් තොරව සිදු වන්නේ කම්කරු උසවියේය. නැතිනම් දෙකටම යා හැක. 

මෙම සිද්දීන් දෙකම මානව හිමිකම් වලට අදාල නැත. මානව හිමිකම් අදාල වන්නේ රාජ්‍ය ආයතන වලින් සිදු කරන මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්දයෙන් පමණි. එම මුලික අයිතිවාසිකම් කවරේද යන්න 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 3 වන පරිච්චේදයේ පැහැදිලිව දක්වා තිබේ.

0773201270
0382231419

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...