සාර්ථක තරග දෙකකින් පසුව ගාල්ලට හා දඹුල්ලට ජය

5562

එළඹෙන ශූරයින්ගේ කුසලානය සඳහා සුපිරි සංචිතයක් නම් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැත්වූ තරග දෙකෙන් ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශූරයින්ගේ කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා ජාතික සංචිතය නිළ වශයෙන් ඊයේ (24) ප්‍රකාශයට පත් කළේය.

ශූරයන්ගේ කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය; මැතිව්ස් යළි පැමිණේ

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කරනු ලැබීය…

ගාල්ල හා මහනුවර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී දිවා රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසියේය. මෙම තරගයෙන් ලකුණු 70ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය.

ගාලු කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු ලෙස නායක උපුල් තරංග හා සධීර සමරවික්‍රම ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිස ලකුණු 45ක සැලකිය යුතු මට්ටමේ සබඳතාවයක් ගොඩනැංවූ අතර, එම සබඳතාවයට තිත තබමින් ලකුණු 26ක් ලබාගෙන සිටි උපුල් තරංග දැවී යන ලදි. ඔහුගේ ඉනිමට 4 පහර 4ක් අන්තර්ගත විය. ඉනිමේ ඉහළම සබඳතාවය වූ ලකුණු 63ක සබඳතාවය දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවීමට දිමුත් කරුණාරත්න හා සමරවික්‍රම සමත් වූ අතර, එම ඉනිම තුල ඔවුන් දෙදෙනා විසින් සැලකිය යුතු දල ලකුණු ලබා ගැනීමේ වේගයක් ද රඳවා ගෙන පන්දුවට පහර දෙන ලදි. දිමුත් කරුණාරත්න 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 89ක් රැස්කරගෙන කඩුල්ල රැකගෙන ක්‍රීඩා කරන ලදි.

සමරවික්‍රම පන්දු 54ක් තුල 4 පහර 8ක් හා එක් 6 පහරක් ලකුණු පුවරුවට එක් කරමින් ලකුණු 61ක් රැස්කර ගන්නා ලදි. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලෙස දිස්විය. ගාලු කණ්ඩායම වෙත ලකුණු 300 අභිබවා යාමට මග පෑදූ දසුන් ශානක පන්දු 36ක් තුල ලකුණු 49ක් ලබා ගත් අතර, එම ප්‍රවේගකාරී ඉනිමට එක් 4 පහරක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. කෙසේ නමුත් ඔහු ලකුණු 49ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. අවසානයේ ගාලු ඉනිම ලකුණු 313කට සීමා කිරීමට මහනුවර පන්දු යවන්නන් සමත් විය.

පන්දු යැවීමේ දී ශූරයින්ගේ කුසලානය සඳහා තේරී පත්වූ සංචිතයේ ක්‍රීඩක නුවන් ප්‍රදීප්  දක්ෂ ලෙස පන්දු යවමින් ලකුණු 58ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ මහනුවර කණ්ඩායම වෙනුවෙන් සඳුන් වීරක්කොඩි හා දිල්හාන් කුරේ ලකුණු 57ක සබඳතාවයක් ගොඩ නැංවීමට සමත් විය. මැදපෙළ පිතිකරණය සවිමත් කරමින් ලකුණු 54ක් ලබා ගත් මහේල උඩවත්තගේ ඉනිමට 4 පහර 4ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. මහනුවර කණ්ඩායම ලකුණු 96ක් තුල කඩුලු 5ක් බිඳ වැටුණු මොහොතේ පිටියට පැමිණි සචිත් පතිරණ හුදෙකලා සටනක නිරත වෙමින් නොදැවී ලකුණු 73* රැස්කර ගත්තේ දර්ශනීය 4 පහර 10ක් හා එක් 6 පහරක් සමඟිනි, නමුත් අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 243කට නවතා ගැනීමට සිදුවිය.

පන්දු යැවීමේ දී මලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් දවාලූ අතර, සුරංග ලක්මාල් හා සම්මු අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

Galle - BattingToss: Galle
Sadeera Samarawickramast Weerakkody b Pathirana61 (54)
Upul Tharangac Peiris b Asalanka26 (23)
Dimuth Karunarathnec Asalanka b Pradeep89 (106)
Sammu Ashan c & b Sampath22 (29)
Chathuranga De Silvac Weerakkody b Sampath31 (33)
Dasun ShanakaNot Out49 (36)
Seekkuge Prasannac Weerakkody b Pradeep5 (7)
Suranga Lakmalc Y Lanka b Gamage2 (3)
Akila Dhananjayac Pathirana b Pradeep14 (10)
Malinda PushpakumaraRun Out0 (0)
Wikum Sanjaya
TotalExtras (14)313/9 (50 overs)

 

Kandy - BowlingOMRW
Lahiru Gamage90731
Chathura Peiris40240
Charith Asalanka70351
Nuwan Pradeep101583
Sachith Pathirana70481
Ramith Rambukwella70380
TN Sampath60312
Kandy - Batting Toss: Galle
Sandun Weerakkodyb Pushpakumara38 (41)
Dilhan Coorayst Samarawickrama b Pushpakumara13 (38)
Mahela Udawattec Karunarathne b Dhananjaya54 (69)
TN Sampathst Samarawickrama b Pushpakumara9 (18)
Charith Asalankac Sub b Ashan15 (10)
Yashoda Lankac Pushpakumara b Ashan0 (2)
Sachith PathiranaNot Out73 (63)
Ramith Rambukwella c Samarawickrama b Shanaka3 (13)
Chathura Peiris b Lakmal 6 (14)
Lahiru Gamagec Tharanga b Lakmal 8 (8)
Nuwan PradeepRun Out0 (3)
TotalExtras (24)243/10 (46.1 overs)

 

Galle - BowlingOMRW
Suranga Lakmal90412
Wikum Sanjaya60530
Akila Dhananjaya 101331
Malinda Pushpakumara61223
Sammu Ashan 100532
Dasun Shanaka5.10301

කොළඹ හා දඹුල්ල තරගය

රංගිරි දඹුලු පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුලු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙම තරගයෙන් ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුලු කණ්ඩායම සමත් විය.

දඹුලු කණ්ඩායමේ ආරම්භ පිතිකරු වූ කුසල් මෙන්ඩිස් සිය පළමු පන්දුවෙන්ම දැවී යන ලදි.  කුසල් ජනිත් 4 පහර 5ක් සමඟින් ලකුණු 32ක් රැස්කර ගත්තේය. කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලෙස දඹුල්ල ලකුණු පුවරුව සටහන් වෙද්දී පිටියේ  රැඳෙමින් සවිමත් අඩිතාලමක් ගොඩනගන්නට භානුක රාජපක්ෂ හා අශාන් ප්‍රියන්ජන සමත් විය. එම සබඳතාවය ලකුණු 155ක් දක්වා දුර ගෙන යන්නට ඔවුන් දෙදෙනා සමත් විය. ප්‍රියන්ජන 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 70ක් තම ගිණුමට බැර කර ගන්නට සමත් වූයේ අගනා ඉනිමක් දියත් කරමිනි. අනතුරුව පන්දුව අතට ගත් ශෙහාන් ජයසූරිය කඩුලු 3ක් දවාලමින් ප්‍රබල මට්ටමක තිබූ දඹුලු ලකුණු පුවරුව ලකුණු 210කට කඩුලු 5ක් ලෙස එක්වරම අවහිර ලදි. අගනා ඉනිමක් දියත් කළ භානුක රාජපක්ෂ 4 පහර 10ක් හා 6 පහර 3ක් සමඟින් ලකුණු 117ක් ලබාගෙන තම ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය.

එසේ බිඳ වැටීමට ලක්වූ දඹුලු ඉනිම යළිත් පණ ගන්වා ගත් මිලින්ද සිරිවර්ධන පන්දු 41ක් තුල 4 පහර 10ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 68ක් වාර්තා කරන ලදි. එහි ප්‍රතිඵලය ලෙස නියමිත පන්දු වාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 316ක සාර්ථක ඉලක්කයක් වෙත යාමට ඔවුන්ට අවස්ථාව උදා විය.

පන්දු යැවීමේ දී ශෙහාන් ජයසූරිය ලකුණු 29ක් තුල කඩුලු 4ක් තමන් සතු කර ගත්තේය.

නිපුන් කරුණානායක හා එක්වූ ප්‍රවේගකාරී පිතිකරු ඩිල්ශාන් මුණවීර කොළඹ කණ්ඩායමට පළමු කඩුල්ල සඳහා ලකුණු 112ක සාර්ථක හා දැවැන්ත සබඳතාවයක් ගොඩනංවන ලදි. මුණවීර විනාඩි කිහිපයක් තුල රංගිරි දඹුලු පිටිය තමන්ගේ යටතට ගෙන දැකුම්කළු 4 පහර 14ක් හා දැවැන්ත 6 පහරක් තමන්ගේ ලකුණු ගොන්නට එක්කර ගනිමින් ලකුණු 85ක සුපිරි පිතිකරණයක් දියත් කරන ලදි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 70ක් ලබාගෙන නැවතත් ලකුණු අතරට පැමිණි අතර, එම ඉනිමට 4 පහර 3ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. ලකුණු 165ක් වන විට කඩුලු 3ක් පමණක් දැවී ඉතා හොඳ මට්ටමක සිටි කොළඹ කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් ඉක්මනින්ම දවාලීමට අසිත ප්‍රනාන්දු හා අශාන් ප්‍රියන්ජන සමත් විය. අවසානයේ ප්‍රබල කොළඹ ඉනිම ලකුණු 272කට සීමා විය.

අසිත හා ප්‍රියන්ජන අතරේ කඩුලු 4 බැගින් බෙදී යන ලදි.

මෙම තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ලබන 26 වැනිදා හා 27 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී දිවා රාත්‍රි තරග ලෙසින් පැවැත්වේ.

  • 26 වැනිදා – කොළඹ හා මහනුවර අතර තරගය
  • 27 වැනිදා – දඹුල්ල හා ගාල්ල අතර තරගය

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට 

Dambulla - BattingToss: Dambulla
Kusal Janith Pererab Jayasuriya32 (50)
Kusal Mendisct T Perera b Senanayake0 (1)
Bhanuka Rajapakshab Senanayake117 (111)
Ashan Priyanjanc Jayasinghe b Jayasuriya70 (65)
Lahiru Milanthact Senanayake b Jayasuriya2 (12)
Harsha Coorayct Senanayake b Jayasuriya0 (1)
Milinda Siriwardenac & b T Perera68 (41)
Dilruwan Pererab Perera17 (18)
Binura FernandoNot Out1 (1)
Lakshan Sandakan
Asitha Fernando
TotalExtras (9)316/8 (50 overs)

 

Colombo - Bowling OMRW
Vishwa Fernando100730
Sachithra Senanayake100532
Shehan Jayasuriya100294
Kasun Madushanka30280
Dilshan Munaweera90600
Wanindu Hasaranga30280
Thisara Perera 40312
Nipun Karunanayake10120
Colombo - BattingToss: Dambulla
Dilshan Munaweerac Fernando b Sandakan85 (57)
Nipun Karunanayakest Milantha b Priyanjan31 (55)
Dinesh Chandimal c Cooray b Fernando70 (84)
Angelo Jayasinghec Perera b Priyanjan17 (20)
Kithruwan Vithanagec Siriwardena b Sandakan5 (11)
Shehan Jayasuriyac Sub b Priyanjan2 (5)
Wanindu HasarangaLBW b Priyanjan6 (9)
Thisara Pererac Sub b Fernando11 (15)
Sachithra Senanayakec Milantha b Fernando5 (7)
Vishwa Fernandob Fernando11 (14)
Kasun MadushankaNot Out14 (13)
TotalExtras (15)272/10 (47.5 overs)

 

Dambulla - BowlingOMRW
Binura Fernando51290
Bhanuka Rajapaksha20150
Asitha Fernando7.50444
Milinda Siriwardena50360
Dilruwan Perera80400
Lakshan Sandakan100652
Ashan Priyanjan100414