වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින තරගාවලිය ඇරඹේ

1328
U19 Super Provincial

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තිය සහ අධීක්ෂණය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින තරගාවලියේ තරග කිහිපයක්  අද (24) කොළඹ සහ ඒ ආශ්‍රිත ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

ශූරයන්ගේ කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය; මැතිව්ස් යළි පැමිණේ

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කරනු ලැබීය. වසර දෙකක නිහැඬියාවකින් පසු ලසිත් මාලිංග එක්දින සංචිතයට පැමිණ තිබීම ද විශේෂත්වකි.

මෙහි දී කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ සටනට අවතීර්ණ වන අතර එහි දී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයේ දී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි. එහි දී ජයග්‍රහණ හිමි කර ගන්නා කණ්ඩායම් දෙක මැයි 6 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඉඩ හසර විවර කර ගනු ඇත.

2017/18 වයස අවුරුදු 19න් පහළ තරග වාරය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ඇති ක්‍රීඩකයින්ට මෙම තරගාවලියේ දී තම තමන්ගේ පළාත් කණ්ඩායම් නියෝජනය කිරීමට අවස්ථාව උදා වනු ඇත. කෙසේ වෙතත් උතුරු පළාත, නැගෙනහිර පළාත, ඌව පළාත සහ උතුරු මැද පළාත යන කණ්ඩායම් සඳහා කොළඹ පාසල් වල ක්‍රීඩකයින් එක්වීමට නියමිතයි.

ගෙවුණු වසරේ දී දමිත සිල්වාගේ නායකත්වය යටතේ තරග වැදුණු වයඹ පළාතට තරගාවලියේ ජයග්‍රහණය හිමි විය.

උතුරු මැද පළාත සහ දකුණු පළාත අතර තරගය

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඇරයුම් ලද උතුරු මැද පළාත ලකුණු 116කට සීමා කරන්නට ප්‍රතිවාදී දකුණු පළාත් පන්දු යවන්නෝ සමත් වූහ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දුවාර 34ක් පමණි. රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයින් දෙපළක් වන සඳුන් මෙන්ඩිස් සහ අවිඳු තීක්ෂණ එහි දී වැඩි වශයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර ඉනිම අවසන් වන විට ඔවුන් දෙදෙනාම කඩුලු 3 බැගින් බිඳ හෙලන්නට සමත් වී තිබුණි.

උතුරු මැද පළාත වෙනුවෙන් රාජකීය විද්‍යාලයේ වමත් පිතිකරු කවිඳු මදරසිංහ අර්ධ ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායම දිනවීම සඳහා දැඩි වෙහෙසක් ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු පළාත් ක්‍රීඩකයින් ලකුණු 117ක ඉලක්කය පන්දුවාර 20ක් තුල දී සපුරා ගනිමින් මෙම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගත්හ. රිච්මන්ඩ් විද්‍යාලයීය වමත් පිතිකරු ධනංජය ලක්ෂාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස නොදැවී ලකුණු 66ක් රැස්කර ගනිමින් දකුණු පළාත් කණ්ඩායම සුරැකිව ජය කණුව කරා මෙහෙයවීය.

උතුරු මැද පළාත – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 33.5): කවිඳු මදරසිංහ 50, අසංක කුලරත්න 20, සඳුන් මෙන්ඩිස් 3/32, අවිඳු තීක්ෂණ 3/19.

දකුණු පළාත – කඩුලු 3ක් දැවී ලකුණු 117 (පන්දුවාර 20): ධනංජය ලක්ෂාන් 66*.


වයඹ පළාත සහ මධ්‍යම පළාත අතර තරගය

කාසියේ වාසිය දිනා ගෙන මුලින් පන්දුව පහර දුන් උතුරු මැද කණ්ඩායම ලකුණු 285ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. ඒ පිතිකරුවන්ට යම් පමණක් සහයෝගයක් දක්වන කොළඹ මුවර්ස් පිටියේ දී පැවති තරගයට සහභාගි වෙමිනි. නවෝද්‍ය ඉමේශ් සහ නිපුන් ධනංජය අර්ධ ශතක රැස් කරමින් ඊට සහාය විය.

පිළිතුරු ඉනිමේ දී මධ්‍යම පළාත් පිතිකරුවන් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට යම් පමණක උත්සාහයක් දැරූ නමුත් ඔවුන්ට පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ ලකුණු 257කට සීමා වන්නට සිදුවිය. මධ්‍යම පළාත වෙනුවෙන් රවිශ්ක උපේන්ද්‍ර වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 61ක් රැස්කළ අතර නිපුන් ධනංජය සහ පුබුදු ගනේගම කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

වයඹ පළාත – කඩුලු 9ක් දැවී ලකුණු 285 (පන්දුවාර 50): නවෝද්‍ය ඉමේෂ් 68*, නිපුන් ධනංජය 64, කවීන් බණ්ඩාර 49, කවිඳු ඉරේෂ් 34, නිම්සර අතරගල්ල 3/31.

මධ්‍යම පළාත – සියල්ලන්ම දැවී ලකුණු 257 (පන්දුවාර 47.5): රවිශ්ක උපේන්ද්‍ර 61, නිම්සර අතරගල්ල 57*, නිපුන් ධනංජය 2/25, පුබුදු ගනේගම 2/36.


උතුරු පළාත සහ බස්නාහිර පළාත (දකුණ) අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් බස්නාහිර පළාත් නායකයාගේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් උතුරු පළාත් පිතිකරුවන්ට අද රැස් කිරීමට හැකි වූයේ ලකුණු 127ක් පමණි. බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි දක්ෂතා දැක්වූ ඉන්සක සිරිවර්ධන අද ලකුණු 16ට කඩුලු 4ක් දවා ගත් අතර තශික් පෙරේරාට කඩුලු 2ක් හිමිවිය.

ලකුණු 128ක ඉලක්කය පන්දුවාර 28යි පන්දු 2ක් තුල දී හඹාගිය බස්නාහිර ක්‍රීඩකයින් මෙම තරගයෙන් කඩුලු 7ක සුපිරි ජයක් හිමි කර ගත්හ. තරගය කොළඹ NCC පිටියේ දී ක්‍රියාත්මක විය.

උතුරු පළාත – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 36.3): සලිත් ප්‍රනාන්දු 26, ඉන්සක සිරිවර්ධන 4/16, තශික් පෙරේරා 2/28.

බස්නාහිර පළාත (දකුණ) – කඩුලු 3ක් දැවී ලකුණු 128 (පන්දුවාර 28.2): සනෝජ් දර්ශික 30, නිශාන් මධුශංක 25.


බස්නාහිර පළාත (උතුර) සහ නැගෙනහිර පළාත අතර තරගය

කාසියේ වාසිය අහිමි වීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදු වූ බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 286ක් රැස්කර ගැනීමට සමත් වූහ. පෘථිවි රූසර සහ සජිත් සමීර අර්ධ ශතක රැස් කරමින් බස්නාහිර ලකුණු පුවරුව ගොඩ නැංවීම සඳහා වැඩි වශයෙන් ආධාර විය. පන්දු යැවීමේ දී තෙවා දිලක්ෂන් කඩුලු 4ක් දවා ගත්තේය.

ලකුණු 287ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය නැගෙනහිර පළාත් පිතිකරුවන්ට අද සියලු දෙනාම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 79ක් පමණි. ඔවුන්ව දැවැන්ත පීඩනයකට හසු කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු පිට දඟ පන්දු යවන ක්‍රීඩක සජිත් සමීර කඩුලු 3ක් දවා ගනිද්දී චාමික ගුණසේකර සහ අසේල සිගේරා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. තරගය පැවැත්වුනේ කොළඹ BRC පිටියේදීයි.

බස්නාහිර පළාත (උතුර) – කඩුලු 8ක් දැවී ලකුණු 286 (පන්දුවාර 50): පෘථිවි රූසර 66, සජිත් සමීර 51, අශාන් ප්‍රනාන්දු 41, කමේශ් නිර්මාල් 34, අවිශ්ක තරිඳු 22, ලහිරු අත්තනායක 20*, තෙවා දිලක්ෂන් 4/42, ශෙහාන් නදීජ 2/49.

නැගෙනහිර පළාත – සියල්ලන්ම දැවී ලකුණු 79 (පන්දුවාර 31): සජිත් සමීර 3/15, චාමික ගුණසේකර 2/12, අසේල සිගේරා 2/14.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට