MILITARY AIRCRAFT : හඳුනාගන්න, චීනාගේ මුවහත් කඩුව

Sharp Sword UCAV is one of China's most high-tech drones

චීනයේ අලුත්ම ඩ්‍රෝන නිර්මාණය වන Sharp Sword UCAV (unmanned combat aerial vehicle) අධිතාක්ෂණික ස්ටෙල්ත් ප්‍රහාරක ඩ්‍රෝනයක්. ටොන් දෙකක බෝම්බ රැගෙන තනිවම පියාසර කොට ප්‍රහාරයක් එල්ලකොට ආපසු තනිවම පැමිණ ගොඩබැසීමේ හැකියාව මෙම චීන ඩ්‍රෝනයට තිබෙනවා.

ඇමරිකාවේ Q 170 සෙන්ටිනල් ඩ්‍රෝන යානය හා බ්‍රිතාන්‍යයේ BAE ටැරැනිස් යානය මෙන්ම චීන ෂාප් ස්වෝඩ් යානය ස්ටෙල්ත් හැකියාව ඇති, ප්‍රහාරක මෙහෙයුම් සිදුකල හැකි (combat) ස්වයංපාලන ඩ්‍රෝන යානයක් වනවා. මේ අනුව ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට පසුව ස්ටෙල්ත් හැකියාව ඇති ප්‍රහාරක ඩ්‍රෝන යානා ඇති තුන්වන රට ලෙස චීනය පත්වී තිබෙනවා. මීට අමතරව ප්‍රංශයේ ඩැසෝ එවියේෂන් සමාගම Dassault nEUROn ලෙස නම්කොට ඇති පර්යේෂණ මට්ටමේ ස්ටෙල්ත් ඩ්‍රෝන යානයක් නිර්මාණය කොට තිබෙනවා.


Hongdu Aviation Industry Group නිර්මාණය කොට Aviation Industry Corporation of China නිෂ්පාදනය කරන ෂාප් ස්වෝඩ් යානය අඩි 33ක් පමණ දිග, අඩි 46ක් පලල "blended wing" මාදිලියේ යානයක්.

චීනයේ යුධ සැළසුම්කරුවන් ෂාප් ස්වෝඩ් යානය 2019 වනවිට ප්‍රහාරක මෙහෙයුම් වලට යොදාගැනීමට බලාපොරොත්තු වන අතර මෙම යානයට පැවරෙන රාජකාරි වන්නේ දැඩි ලෙස ආරක්ෂිත ගුවන් කලාප (highly defended airspace) ඉහලින් පියාසර කරමින් බුද්ධි තොරතුරු එක් රැස් කිරීමත් දැඩිලෙස ආරක්ෂිත ඉලක්කවලට (highly defended, high-value targets) පලමුවෙන්ම පහරදීමට ඉදිරියට යවන first wave attacker යානා ලෙස ක්‍රියා කිරීමත්ය.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments