Monday, April 24, 2017

එබෝලා රෝගියා | පළමු කොටස - ලේගෝස්, නයිජීරියාව

2016 මැදින් මස 24 වන දා (2017 බක් මස 24 වන දින නැවත පළකරන ලදී)

හිරු අවරට යමින් පැවති ඒ සන්ධ්‍යාවේ රිද්මයානූකූලව ඉහළ පහළ යන දිය තලය දෙබෑ කරගෙන "චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්" නම් වූ බහලු නෞකාව නයිජීරියාවේ ලේගෝස් වරායේ දිය කඩනයෙන් ඇතුළු වූවාය. නියමුවන් ගොඩවන ස්ථානයෙන් (Pilot boarding ground) නැවට ගොඩ වූ ලේගෝස් වරායේ නියමුවාගේ විධානයන්ට අනුකූලව, නැවෙහි කපිතාන් වූ ජෝන් ක්ලේටන් නැව ගාල්පළ (Berth / Pier / Jetty ) වෙත මෙහෙයවමින් සිටියේය. සියලු කාර්‍ය මණ්ඩලය නැව ගාල් කිරීම උදෙසා අවැසි කටයුතුවල යුහුසුළු වූහ. නැව ගාල්පළ වෙත ආසන්න වෙත්ම ඇණියෙහි සිටි අයෙකු විසින් සිහින් කඹයක් ගැට ගැසූ බෝලයක් වැන්නක් කිහිප වරක් කරකවා ගාල්පළෙහි සිට ගෙන සිටි වරාය සේවකයන් වෙත විසි කෙළේය. එම ‍රැහැන අල්ලා ගත් ඔවුන් විසින් සෙමින් සෙමින් එය ගොඩබිම දෙසට අදින්නට වූහ. ඒ සමඟම අති විශාල නැව් කඹයක් නැවෙහි ඉදිරි පස වූ සිදුරකින් පහතට වැ‍ටුණු අතර පෙර කී සිහින් යොතෙහි අනෙක් කෙළවර එම කඹයෙහි ගැට ගැසී තිබුණි. ගොඩබිම සිටි වරාය සේවකයන් විසින් සිහින් යොත ඔස්සේ එම විශාල නැව් කඹය ගොඩ බිම වෙත ඔසවා ගත්හ. එය අති විශාල බරකින් යුක්ත වූ බැවින් සේවකයන් සිව් දෙනෙකු පමණ එය ඇද ගැනීමට වුවමනා වූ අතර අවසානයේදි නැව් කඹයේ කෙළවරෙහි වූ අති විශාල තොණ්ඩුව ගාල්පළෙහි එක් කෙළවරකින් අඩි තුනක් පමණ උඩට මතුවී කොක්කක් සේ නැමී තිබූ විශාල යකඩ කුළුණෙහි (Mooring Mast) රඳවනු ලැබූහ. ඉන් අනතුරුව දෙවන බෝලයක්ද ගොඩ බිම වෙත සේන්දු වූ අතර එමගින් දෙවන නැව් කඹයද, තෙවැනි සිව්වැනි ආදි වශයෙන් කඹ හතරක් පමණ ගාල්පළෙහි වූ ගාල්කුළුණු වල දැවටී ගියහ. මෙයට සමගාමිව නැවෙහි අවර ප්‍රදේශයේ ද එම ක්‍රියාවලියම සිදු වූ අතර සියලු කඹ නිසි පරිදි ‍රැඳවූ පසු එම කඹ වල අනෙක් කෙළවර ඔතා තිබූ විශාල යකඩ රෝද ආපසු කරකැවෙමින් ඒවා නිසි පරිදි තද කරණ ලදී. ඒ ආකාරයෙන් "චැලෙන්ජ් ඔෆ් ද ඕෂන්" නෞකාව ලේගෝස් වරායෙහි ආරක්ෂිතව ගාල් කරණ ලදී.

+++++

හද ගැස්මෙහි රිද්මය යථා තත්වයට පැමිණ, ශරීරයන් තෙත් කළ දහ දිය වියලී ගතට සිසිලසක් දැනෙනා විට, තව තවත් ඔහුගේ උණුහුමට ගුලි වූ කෙමී "කවදද ආයෙ එන්නේ" යි විමසනා විට, ඔවුහූ බොහෝ සේ සන්සුන්ව සිටියහ.

"ටිකක් කල් යයි. ලබන මාසේ මම අලුත් නැවකට නගිනවා. ඒක ඈත රූට් එහෙක දුවන්නේ. මෙහෙ එන්නේ මාස තුනකට විතර සැරයක් තමා."

"අයියෝ..එච්චර කල්...මට පිස්සු හැදෙයි. අපි ඉක්මනට බඳිමුකො ඩාලින්. "

"ඕක ඉක්මනට ගෙවිලා යයි පැටියෝ."ඇයගේ නළලත සිප ගනිමින් ඔහු පැවසුවේය.

උඩුබැලිව සයනයේ වැතිර සිටිනා ඉම්රාන් ගේ වම්පස උරහිසෙහි ඇය හිස හොවාගෙන සිටියාය. ඔහුගේ වමතේ ඇඟිලි, ඇයගේ කෙහෙ ‍රැළි සමඟින් ක්‍රීඩාවක නිරතව සිටියහ. අඩ හෝරාවක් පමණ මෙසේ වැතිර ඔවුහූ බොහෝ දේ කතාබහ කළහ. ඇය අහස උසට වූ බලාපොරොත්තු ඇතිව බොහෝ සිහින මැව්වාය. අවස්ථාවාදී ඔහු, එම පුලින ප්‍රාසාදයන් සිතින් කඩාබිඳ දමා, පිටතට නොපෙන්වා කුරිරු ලෙස සිනාසුණේය. සිය ශාරිරික අවශ්‍යතාවය සපුරා ගනු විනා, එයින් ඔබ්බට ගිය අවැසිතාවයක් ඉම්රාන් වෙත තිබුනේයැයි පැවසුවහොත් එය අසත්‍යකි.

"ඊළඟ පාර ආපුවම අපි බඳිමු" නිරතුරුව ඇයගෙන් එල්ල වූ පැනය මග හැරීම උදෙසාම මිස, ඉ‍ටු කිරීමේ අරමුණින් දුන් පොරොන්දුවක් නොවේය එය.

එය, ඇයට ආදරය සහ ‍රැකවරණය මුසු හැඟීමක් ඇති කළෙන්, දෑස් විශාල කොට ඔහු දෙස බලා, තව තවත් ඔහු වෙතට තුරුළු වූවාය. කතාබහ සිහින් කෙඳුරුමකට පෙරළෙද්දී, ඇයගේ වත මත පතිත වූ සිහින් හාදු වර්ෂාව , මොහොතකට පෙර නිවී ගිය ගින්න නැවතත් ජාලා මවමින් ඉහළට නැංවීමට සමත් වූවේය. ළමැදෙන් ඇරඹී සිය නග්න සිරුර හරහා ඇදී යන ඔහුගේ රළු හස්තයේ පහසට, සිරුර පුරා ඇදී යන සියුම් චුම්බනයේ ආස්වාදයට ඇය කවදත් ආශා කළාය. දින, සති බලමින් ඔහුගේ පැමිණීම තෙක් ඇඟිලි ගණිනා එක් හේතුවකි එය. ඔහු නැවතත් නික්මයාමට පෙර ඒ පහසේ ගිලී කිමිදි, එහි රසාස්වාදයෙන් මත් වීමට ඇයට වුවමනාය. දෑස් වසා ඇය නැගූ සිහින් කෙදිරිය ඔහුගේ හැඟීම් කූප්පවනු ලැබූයෙන් රිද්මයානූකූලව ඔවුන්ගේ ආලිංගනයෙහි තීව්‍රතාව වැඩි විය.

උඩුබැලිව සයනයෙහි වැතිර අතීත ආවර්ජනයෙක යෙදුණු කෙමී, වමතින් සිය මෝරා එන කුස පිරිමදිමින් එදා විඳි ඒ මිහිර සිහිකරමින් ආස්වාදයක් ලැබුවාය. අද නැවතත් ඔහු තමා වෙත එන සැටිත්, ඔහුගේ උණුසුම් පහසින් ලබන එම මිහිර නැවත තමා විඳ ගන්නා සැටිත්, ඒ උත්තරීතර රහස ඔහුට පවසා ඔහු පුදුමයට පත් කරනා සැටිත් ඇය සිහින දකිමින් සිටියාය. විසි එක්වෙනි වරටත් ඔහුගේ දුරකථන අංකය ඇමතූ ඇයට අසන්නට ලැබුණේ සුපුරුදු නිවේදනයමයි. "චුක්" යනුවෙන් හඬක් නැගූ ඇය, මවාගත් තරහකින් යුතුව ජංගම දුරකථනය සයනයෙහි පසකට විසි කෙළේය.

"සමහර විට තාම බර්ත් කරලා නැතුව ඇති. නැත්නම් ෆෝන් එක ඕන් නොකර ඉන්නේ නැහැ" ඇය සිය සිත හදා ගත්තාය.

+++++

ඉම්රාන් සිය සගයන් සමඟින් නැව ගාල් කිරීමේ කාර්‍යයෙහි යුහුසුළුව යෙදී සිටියද සිත තිබුණේ එයින් එපිටය. කෙමි තමාගේ පැමිණීම උදක්ම බලාපොරොත්තු වන බව ඔහුට සහතිකය. ඇයට ඔහු දැකීමට ඇති ආශාව අධ්‍යාත්මික, මානසික, ශාරීරික අවශ්‍යතාවයන්ගේ මනා සංකලනයෙකි. ඇය විසින්, ඔහු සමඟ ගෙවනා සුන්දර යුග දිවියක් පිළිබඳ සිහින මාළිගා තනමින් සිටියාය. එහෙත් ඔහුට එය හුදෙක්ම ශාරීරික අවශ්‍යතාවයක් පමණී. තමා මේ කරන්නේ අවදානම් ක්‍රීඩාවක් බව ඔහු නොදන්නවා නොවේ. ජීවිතයක බලාපොරොත්තු හා කරණ සෙල්ලම කොහෙන් කෙසේ අවසන් වේදැයි කාටනම් කිව හැකිද ? එහෙත් ඔහුට මෙය එකක් පමණී. සියල්ලන්ම නොවුනද ඇතැම් නාවිකයන් මෙලෙසය. අනෙක් වරායන් හීදී ගණිකා ඇසුරකට පමණක් සීමා වන ඉම්රාන් ගේ චර්යාව ලේගෝස් හිදී මදක් වෙනස් වන්නේ කෙමී ඔහුට උමතුවෙන් මෙන් ආලය කළ නිසාය. ඇය සමඟ වුව වැඩි ඇයි හොඳයියක් අවැසි නොවන බව අනේක වාරයක් ඔහු සිතුවද, ඇයගේ ආදරයට සහ පහසට ඔහු ඇදුණේ ගිනි දැල්ල වෙත ඇදෙනා පළගැටියෙකු සේය. ඔහු එයට ලොභ බැන්දේය. එහෙත් අයිති කරගැනීමේ උවමනාවක් ඔහු වෙත නොවුණි. ස්ත්‍රී ඇසුරක, පහසක් නොලබමින් ඉමක් කොනක් නැති මහා ජල තලයකට මැදිව ගෙවී යන කාලය සති ගණනින් වන බැවින් ලැබෙන කිනම් හෝ අවස්ථාවක් මග හැරීමට සුදානම් ඔහු නොවේය. එහෙත් ! මෙවර මාරාන්තික බාධකයෙකි !!

නෞකාව ගාල් කිරීම අවසන් වූ වහාම ඉම්රාන් සිය කුටියට වැදුණේය. එතැන් සිට පැයකින් නැවතත් සිය රාජකාරි මුරය ඇරඹීමට නියමිතය. හෝරා හතරක් වන එම කාලය පුරාවට ඔහු නැව් තට්‍ටුව මත සිට භාණ්ඩ මෙහෙයුම අධීක්ෂණය කළ යුතුය. ලේගෝස් වැනි වරායක භාණ්ඩ මෙහෙයුම ඉතා සෙමෙන් සිදුවන කල් ගතවන ක්‍රියාවලියෙකි. බහලුම් මෙහෙයවන විශාල ගැන්ට්‍රි දොඹකර මෙහි නොමැති හෙයින්, සාමාන්‍ය දොඹකර හෝ නැවෙහි දොඹකර යොදා භාණ්ඩ ගොඩ බෑම හා පැටවීම සිදු කළ යුතුය. එය සාපේක්ෂව වේලාව අධිකව වැය වන කාර්‍යයකි. නමුත් නාවිකයන් ගේ පාර්ශවයෙන් සලකා බැලීමේදි ඔවුන් මෙවැනි වරායන් හට වැඩි මනාපයක් දැක්වූහ. ඒ වැඩි කාලයක් ඔවුනට තොටෙහි ‍රැදී සිටීමට හැකිවීම සහ ගොඩබිම සංචාරයන්හි යෙදීමට ඕනෑ තරම් කාල වේලා ලැබෙන බැවිනි. ඉම්රාන්කෙමී හමු වන්නේ මෙලෙස ගොඩ බිමට ගිය සංචාරයකදීය.

දැරිය හැකි ප්‍රමාණයට වඩා ජනගහනයක් දරා සිටින ලේගෝස් පුරවරය නයිජීරියාවේ මෙන්ම අප්‍රිකාවේද විශාලම නගරය ලෙසින් සැලකේ. මිලියනපතියන් මෙන්ම අති බහුතරයක් වන මුඩුක්කු වාසීන්ද ඒ අතර සිටිනා මධ්‍යම පාන්තිකයන්ද උරෙනුර ගැටෙමින් එකට වසනා නගරයෙකි එය. කෙමි-ඉම්රාන් හමුව සිදුවන්නේ මේ අපූරු නගරයෙහි එක් කොනක පිහිටි රූපලාවණ්‍යාගාරයකදීය. සිය කොණ්ඩය කපා ගැනීමට එහි ගොඩ වැදුණු ඉම්රාන් ව නැවත නැවත එහි අද්දවා ගැනීමට කෙමී ගේ ඇලුම් බැලුම් ප්‍රමාණවත් විය. එයින් පසු, ලේගෝස් වරායට පැමිණි සෑම විටෙකම කොණ්ඩය කපා ගැනීම පුරුද්දක් කරගත් ඉම්රාන් ට පසුවද්දි තමා එහි පැමිණෙන්නේ කොණ්ඩය කපා ගැනීමට ය යන්නත් අමතක වන තරමටම තත්ත්වය මෝරා ඔඩු ගියේය. එවක ඔහු සේවය කළ නෞකාව බටහිර අප්‍රිකාවේ මෙම වරායන් අතර යාත්‍රා කෙරෙන පෝෂක නෞකාවක්(Feeder Vessel) වූයෙන් ඔවුන්ගේ මෙම හමු වීම් නිතර නිතර සිදු වීමට මැනවින් උපකාර වීය.

දුර්ගන්ධයෙන්, දුහුවිල්ලෙන් පිරි මාවත කලබලකාරිය. දෙපස ඇති කඩවලින්ද, තාවකාලික වෙළද ලෑලි වෙතින්ද, නොකඩවා නළා ශබ්ද කරමින් කිසිඳු විනයකින් තොරව පාර පුරා ගමන් ගන්නා වාහන වලින්ද, නැගෙන විශාල ශබ්ද ගොඩ මාවත ඝෝෂාකාරීද කර තිබේ. කෝපාග්නියෙන් නැගෙමින් හිරු විසින් පතිත කරනා ‍රැස් දහරා මගින්, මාවතෙහි සිටි, ගමන් කළ සියලු දෙනාවම දහදියෙන් නහවනු ලැබුවේය. මේ සියල්ල අතරින් ඉම්රාන් යුහුසුළුව සිය අරමුණ වෙත පා මෙහෙයවමින් සිටියේය. පාර දෙපස රංචු ගැසී සිටිනා නයිජීරීයානු තරුණයන් දෙස ඔහු හෙළුවේ සැක මුසු විමසුම් බැල්මකි. නිතර, පි‍ටුපස කලිසම් සාක්කුව ස්පර්ශ කෙළෙන්, ප්‍රදේශය හා එහි ජනතාව පිළිබඳව, ඔහු දන්නා කෙනෙකුගෙන් මනාව උපදෙස් ලබා ඇති බවක් දිස් වීය. මාවත දිගේ මද දුරක් ගමන් කළ ඔහු, දකුණට හැරී ප‍ටු අබලන් පාලමක් හරහා ගමන් කෙළේය. පාලම මතදී මදක් නැවති පාලම දමා තිබූ ඇළ දෙස විපරම් බැල්මක් හෙළීය. කැනොලා ඔරු සිය ගණනක්, එහි මගීන් ඔබ මොබ ප්‍රවාහනය කරමින් සිටිනු ඉම්රාන් ගේ දර්ශනයට හසු වීය. එයින් බොහෝමයක් හබල් වලින් මෙහෙයවනු ලැබූ අතර ඉතා සීමිතව මෝටර් මගින් මෙහෙයවූ යාත්‍රාද තිබිණි. ඇල මාර්ගයේ දෙපසම දියෙන් උඩට මතුවූ කණු මත ගොඩ නංවා තිබූ මුඩුක්කු පැල්පත්ය. මේවායෙහි ලක්ෂ ගණනින් වූ මිනිසුන් ජීවත්ව සිටිනු ඇතැයි ඉම්රාන් සිතින් ගැන බැලීය. ඔහු, ලේගෝස් නගරයේ මෙම පෙදෙසට පැමිණි මුල්ම අවස්ථාව වූයෙන් ආගන්තුක නොදන්නා පරිසරයකදී ඇති වන නුහුරු අනියත සැක මුසු බියෙන් සිත වෙලී තිබුණද, නාවිකයන් වශයෙන් තමන් දිනපතාම අලුත් ආගන්තුක පරිසරයන්ට මුහුණ දීමට සූදානම්ව සිටිය යුතුයැයි සිතමින් ඔහු නොපසුබා ඉදිරියටම ගමන් කෙළේය. ඒ නැතත්, ගමනාන්ත වෙත එයට වඩ ප්‍රබල ආකර්ෂණයක් වූයෙන් අනෙක් සියල්ල හේ සුළුකොට තැකීය.

පාලම පසු කොට සැලකිය යුතු දුරක් ඉදිරියටම ගමන් කළ ඉම්රාන්, සාපේක්ෂව කලබල අඩු මාවතකට ප්‍රවේශ වීය. එහි අතරින් පතර ගහ කොළද වූයෙන් පෙර කී මාවතට වඩා මදක් සිසිල් වීය. මාවත කොනෙහි වූ සිව්මහල් ගොඩ නැගිල්ලක් ඉම්රාන් ගේ ගමනාන්තය වීය. කලෙකින් පින්සලක පහස නොලද, නිසි නඩත්තුවකින් යුක්ත නොවූ ගොඩනැගිල්ල, අඳුරු දුක්මුසු පෙනුමක් ප්‍රදර්ශනය කෙළේය. එහි පියගැට පෙළට වන් ඔහු ඒ ඔස්සේ දෙවන මහල බලා පිය නැගුයේ අවට සිටි මිනිසුන්ගේ සිත් සතන් තුළ "කොහේද යන හදිස්සි කාරයෙක්" යන හැඟීම ඇති කරවමිනි. දෙවන මහලේ කාමරයක් ඉදිරියෙහි නතර වූ ඔහු, එහි දොරට දකුණතෙන් තට්‍ටුවක් දැමූ සැණින් එය විවර වූයේය. පුළුල් සිනාවකින් ඔහු පිළිගනිමින් එහි සිටගෙන සිටියේ කෙමී ය. 

ඔහු වෙත පිනූ කෙමී දෑතින්ම ඉම්රාන් ගේ ගෙල බදාගත්තාය. එය ට ප්‍රතිචාර වශයෙන් ඔහුගෙන් ඇයගේ නළලට හාදු දෙක තුනකි. තත්පර කිහිපයකට පසු ඔහුගේ දෙවුර දෑතින් අල්ලා සිය ගෙල මදක් පි‍ටුපසට කළ කෙමී ඔහු වසග කළ ඒ උමතු ආකර්ෂණීය සරාගී බැල්මෙන් ඔහු දෙස බලා, අනතුරු ව ඔහුගේ දකුණතින් අල්ලාගෙන කාමරය තුළට ‍රැගෙන ගොස් සයනය මත වාඩි කරවූවාය.

"මට හරි සතු‍ටුයි ඔයා ආපු එක ගැන. මම හිතුවේ නෑවිත් ඉඳීවිද කියලා." යි ඇය පැවසුවේ ඔහු අසලින්ම සයනයේ අසුන් ගනිමිනි. එයට සිනාවකින් පමණක් ප්‍රතිචාර දැක්වූ ඉම්රාන්, මුල් වරට කාමරය හොඳින් නිරීක්ෂණය ඇරඹුවේය. ඇඳක්, අල්මාරියක් හා මේසයක් පමණක් ගෘහ භාණ්ඩ වශයෙන් පැවති එය, එහි වාසි තරුණියගේ ආර්ථික තත්ත්වය මොනවට කියා පෑවේය. ලේගොස් වෙත ‍රැකියවක් සඳහ පැමිණි කෙමී ගේ නවාතැන් පළ වූයේ මෙම කුඩා කුටියයි.

"කවද්ද මෙහෙට ආවේ"

"දැන් ටික දවසක් වෙනවා"

"තනියමද ඉන්නේ ?"

"හ්ම්ම්ම්"

"කම්මැලි නැද්ද ?" යි ඇසුවේ සිය දකුණු කකුල ඔසවා පාවහන ගලවමිනි.

"ගාණක් නෑ.. මම දැන් පුරුදු වෙලා. කොයි වෙලේද ආවේ ?"

"අද උදේ..තව පැය හතරකින් මම ආයෙත් නැවේ ඉන්න ඕනා. අද වැඩි වෙලා තියන එකක් නෑ." වම් පාදයත් නිදහස් විය. සිය නොසතුට පළකරමින් "චුක්" යයි හඬ නැගූ කෙමී වෙනත් යමක් නොපවසා ඉවත බලා ගත්තාය.

මහන්සිය නිවා ගැනීමට සයනයේ හරහට ඇල වූ ඉම්රාන් දෑත් පිටිපසට කර එකිනෙක බැඳ, ඒ මත සිය හිස තබාගෙන කාමරයෙ සිවිලිම දෙසට නෙත් යොමු කෙළේය. ඔහු අසලින් වැතිර ඔහුගේ පුළුල් උර තලයෙහි හිස හොවා ගත්තී, වමතින් ඔහුගේ ළය පිරිමදින්නට වූවාය. පිබිදුණු හැඟීම් වලින් ආවේශ වූ ඉම්රාන් ගේ දැඩි ග්‍රහණයේ ඇය වෙලී යාමට ගත වූයේ ඊළඟ නිමේෂය පමණකි.

හද ගැස්මෙහි රිද්මය යථා තත්වයට පැමිණ, ශරීරයන් තෙත් කළ දහ දිය වියලී ගතට සිසිලසක් දැනෙනා විට, තව තවත් ඔහුගේ උණුහුමට ගුලි වූ කෙමී "කවදද ආයෙ එන්නේ" යි විමසනා විට, ඔවුහූ බොහෝ සේ සන්සුන්ව සිටියහ.

"ටිකක් කල් යයි. ලබන මාසේ මම අලුත් නැවකට නගිනවා. ඒක ඈත රූට් එහෙක දුවන්නේ. මෙහෙ එන්නේ මාස තුනකට විතර සැරයක් තමා."

"අයියෝ..එච්චර කල්...මට පිස්සු හැදෙයි. අපි ඉක්මනට බඳිමුකො ඩාලින්. "

"ඕක ඉක්මනට ගෙවිලා යයි පැටියෝ."ඇයගේ නළලත සිප ගනිමින් ඔහු පැවසුවේය.

උඩුබැලිව සයනයේ වැතිර සිටිනා ඉම්රාන් ගේ වම්පස උරහිසෙහි ඇය හිස හොවාගෙන සිටියාය. ඔහුගේ වමතේ ඇඟිලි, ඇයගේ කෙහෙ ‍රැළි සමඟින් ක්‍රීඩාවක නිරතව සිටියහ. අඩ හෝරාවක් පමණ මෙසේ වැතිර ඔවුහූ බොහෝ දේ කතාබහ කළහ. ඇය අහස උසට වූ බලාපොරොත්තු ඇතිව බොහෝ සිහින මැව්වාය. අවස්ථාවාදී ඔහු, එම පුලින ප්‍රාසාදයන් සිතින් කඩාබිඳ දමා, පිටතට නොපෙන්වා කුරිරු ලෙස සිනාසුණේය. සිය ශාරිරික අවශ්‍යතාවය සපුරා ගනු විනා, එයින් ඔබ්බට ගිය අවැසිතාවයක් ඉම්රාන් වෙත තිබුනේයැයි පැවසුවහොත් එය අසත්‍යකි.

"ඊළඟ පාර ආපුවම අපි බඳිමු" නිරතුරුව ඇයගෙන් එල්ල වූ පැනය මග හැරීම උදෙසාම මිස, ඉ‍ටු කිරීමේ අරමුණින් දුන් පොරොන්දුවක් නොවේය එය.

එය, ඇයට ආදරය සහ ‍රැකවරණය මුසු හැඟීමක් ඇති කළෙන්, දෑස් විශාල කොට ඔහු දෙස බලා, තව තවත් ඔහු වෙතට තුරුළු වූවාය. කතාබහ සිහින් කෙඳුරුමකට පෙරළෙද්දී, ඇයගේ වත මත පතිත වූ සිහින් හාදු වර්ෂාව , මොහොතකට පෙර නිවී ගිය ගින්න නැවතත් ජාලා මවමින් ඉහළට නැංවීමට සමත් වූවේය. ළමැදෙන් ඇරඹී සිය නග්න සිරුර හරහා ඇදී යන ඔහුගේ රළු හස්තයේ පහසට, සිරුර පුරා ඇදී යන සියුම් චුම්බනයේ ආස්වාදයට ඇය කවදත් ආශා කළාය. දින, සති බලමින් ඔහුගේ පැමිණීම තෙක් ඇඟිලි ගණිනා එක් හේතුවකි එය. ඔහු නැවතත් නික්මයාමට පෙර ඒ පහසේ ගිලී කිමිදි, එහි රසාස්වාදයෙන් මත් වීමට ඇයට වුවමනාය. දෑස් වසා ඇය නැගූ සිහින් කෙදිරිය ඔහුගේ හැඟීම් කූප්පවනු ලැබූයෙන් රිද්මයානූකූලව ඔවුන්ගේ ආලිංගනයෙහි තීව්‍රතාව වැඩි විය.
+++++

කල්පනා ලෝකයෙන් පියවි ලෝකයට පැමිණි ඉම්රාන් හට, නැවත සේවයට වාර්තා කිරීමට ප්‍රථම ඔහු විසින් ලබා ගත යුතු දුරකථන ඇමතුම් කිහිපයෙකි. දුරකථනයෙහි සිම් පත මාරු කර පණ ගැන්වූ සැණින් එය නාද වන්නට විය.

" Kevin -Lagos " යනුවෙන් දුරකථන තිරයෙහි දිස් විය. අවසානයේදි ඇයගේ විසි දෙවන උත්සහාය සඵල වී තිබුණි.

"හෙලෝ"

"හෙලෝ කොහොමද ඩාලින්"

"මම හොඳින් ඉන්නවා, ඔයාට කොහොමද? නැව බර්ත් කළාද ? කීයටද ඔයා එන්නේ ? මම බලාගෙන ඉන්නෙ..." ඇයගෙන් ප්‍රශ්න වැළකි.

"නැව නම් බර්ත් කළා, ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා පැටියෝ"

"ඇයි ඇයි මොකක්ද ප්‍රශ්නය?" ඇයගේ හෘද ස්පන්දනය වැඩි වන්නට විය.

"අපිට ෂෝර් ලීව් දෙන්නෑලු මෙදා පාර."

"අයියෝ, ඒ ඇයි ? ඉතින් කියන්නකෝ යන්නම ඕනා කියලා."

"බැහැ ඩාලින්, මටත් එන්නම ඕනා ඔයාව බලන්න මම නොයිවසිල්ලෙන් ඉන්නේ. ඒත් තත්ත්වේ ටිකක් බර පතලයි."

"මොකක්ද ඔය තත්ත්වේ.. කියන්නකෝ මාව පිස්සු වට්ටන්නැතුව."

"වෙන මුකුත් නෙමේ ඩාලින්, මේ එබෝලා කේස් එක."

"අයියෝ ඒක මෙහෙ නෑනෙ දැන්. ඔයා කියන්නකෝ."

"වැඩක් නැහැ අනේ, මම දන්න ඔක්කොම කිව්වා ඒත් බුරුලක් ඇත්තෙම නෑ. කම්පැනියෙන්මලු ඕඩර් එක ඇවිල්ලා තියෙන්නෙ. වෙස්ට් ඇෆ්‍රිකා වල තාම ලෙඩේ බෝවෙන නිසා කාටවත් එළියට යන්න දෙන්න එපා කියලලු තියෙන්නෙ. නැත්නම් ඔයා දන්නවනේ මම මෙදා පාර මෙහෙන් බහින්නනේ හිටියේ."

"උන් දන්න කෙහෙම්මල... එහෙනම් මේ අපි ඉන්නේ.. අපිටත් හැදෙන්න එපෑයෑ..එබෝලා මෙහෙ ඉවර වෙලා දැන් ගොඩක් කල්." කඩ වූ බලාපොරොත්තු ඇයගේ ස්වරයට කෝපය මුසු කර තිබුණි. දිගු නිහඬතාවයකි. දෙපැත්තෙන්ම නිහඬතාවය බිඳීමට දිරියක් නොමැතිවා මෙනි. අවසන අනෙක් පසින් ඇසෙනා ඉකිබිඳුම ඔහුගේ හඬ විවර කෙළේය.

"අඩන්න එපා ඩාලින්, මොකද අපි කරන්නේ. මම ඊළඟ පර ආපුවම නොවරදවාම එනවා. මාව විශ්වාසකරන්න. එතකොට මේක සෙට්ල් වෙලා තියේවි." 

ඉකිබිඳුමක් මිස පිළිතුරක් නොමැත.

දිගින් දිගටම කරුණු කියා පෑමෙන් අනතුරුව ඇයගේ මුව නැවතත් විවර කරවා ගැනීමට ඉම්රාන් සමත් වීය. එහෙත් ඒ ඉම්රාන්ට සුවදායක ආරංචියක් ඇසීමට නොවේය.

"ඉමී, මට තියනවා ඔයාට රහසක් කියන්න."

"ඒ මොකක්ද අප්පේ ඒ? බොහොම රස රහසක් වගේ, කියන විදිහෙන්ම තේරෙනවා ඒක."

"හ්ම්ම්ම්.. දන්නවද ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. "හෙණයක් පතිත වන්නාක් මෙන් ක්ෂණිකව සවනත පතිත වූ එය, ඉම්රාන්ව පාෂාණිභූත කරවීය. මුළු ශරීරයම මොහොතකට අඩපණව ගැහෙන්නට විය. තමා මේ ගැන නොසිතීමට තරම් අමනෝඥ වුයේ කෙසේ දැයි යන්න ඔහුගේ ඊළඟ මුල්ම සිතුවිල්ලයි.

"ඇයි ඩාලින් ඔයා කතා කරන්නැත්තේ..ඔයාට සතු‍ටු නැද්ද ? " කුමක් කිවයුතුද කියා ඉම්රාන්ට නිනව්වක් නොවුණි. ඔහු ගොත ගසමින් මොනමොනවාද පැවසුවා ඔහුට මතකය.

"අපි කවද්ද බඳින්නේ ඩාලින්, ඔයා ගිය පාර පොරොන්දු වුණා මෙදා සැරේ ආපුවාම බඳිනවා කියලා."

"හරි හරි ඩාලින්.. මම ඊළඟ පොර්ට් එකෙන් සයින් ඕෆ් වෙලා එන්නම්. එතකොට අපි බඳිමු." යි යනුවෙන් ගොතගසා ගැනීමට ඉම්රාන් සමත් වූවේය. එයට ප්‍රතිචාර වශයෙන් අනෙක් පසින් ඇය මොනමොනවාදෝ පැවසුවද ඒවාට සවන් දීමට උවමනාවක් හෝ චිත්ත ඒකාග්‍රතාවයක් ඔහුට නොවුණි. ඔහුට වුවමනා හැකි ඉක්මනින් පලායාමටය.

"ඩාලින් දැන් මගේ රොස්ටර් එක පටන් ගන්නවා, මම ඩියුටි යන්න ඕනා. මම ඔයාට ආයෙ ගන්නම් හොඳේ. ලව් යු." යි පවසා ඔහු විසින් දුරකථනය විසන්ධි කර සිම් පත ගලවා දැමීය. සිවිලිම දෙස බලා විශාල සුසුමක් පිට කළ ඉම්රාන්, තමා එබෝලා රෝගයට කෙතරම් ණය ගැතිදැයි මදකට මෙනෙහි කෙරුවේ මුව දෙපසින් මතුවෙන සමච්චල් සහගත සිනහවද සමඟිනි. දුෂ්ට, අසාධාරණ පලායාමක සැලසුම් ඒ නිමේෂයේදිත් ඔහුගේ සිත තුළ ඇ‍ඳෙමින් තිබිණි.


ලියුවේ :
සෙන්නා / 24.03.2016 


46 comments:

  1. මම එක. මුහුදු කතාවක් නිසා මෙහෙම බෑ බොක්කෙන් කියවන්න ඕනි. 27 වෙනිදට කොමෙන්ට් එක දාන්නම්. :) අපි වැඩ මෙහෙ තාම .

    ReplyDelete
    Replies
    1. අනුන් වෙනුවෙන් නිදි මරාගෙන වැඩ නේද ?

      ජය වේවා !!

      Delete
    2. //කඹයක් ගැට ගැසූ බෝලයක් වැන්නක්// Heaving Line.. හීවින් ලයින් එක.. ඕක ගැන මාරු මඩ කතා එහෙමත් තියෙනවා.. :)

      මේක පට්ට.. every sailor has a woman in each port කියන්නේ නිකම්ම නෙවෙයිනේ. ඒත් මේක නම් හිතට හරි නෑ.. :( ඉතුරු ටිකත් කියෝලා බලමු.

      Delete
    3. ස්තූතියි කමියා.... මම වැරදි මුකුත් ලියලා තිබුනොත් හදහන් හරිද...

      ඒ කතා ගැන පෝස්ට් එකක් දාමුකො !

      ඔතන Every කිව්ව්ට Every ම නෙමේ නේද ?

      Delete
  2. ජෝන් ක්ලේටන් කිවුවහම මට වෙන කතාවක් මතක් වුනා..

    සමහර තැන්වල පරිසර වර්ණනාව පොඩ්ඩක් විතර ඕවර් ගිහින් වගේ..

    ලාගෝස් නොකියා ලේගෝස් කීම ගැන ප්‍රනාමය..

    ReplyDelete
    Replies
    1. ජෝන් ක්ලේටන් කිවුවහම මට වෙන කතාවක් මතක් වුනා..
      මටත් හිතුනේ බූරා කියන්නේ ග්‍රෙස්ටෝක් සාමිවරයා ගැන වෙන්න ඇති කියලා. හැබැයි මම දන්න ඇත්තම කැප්ටන් කෙනෙක් ඉන්නවා ජෝන් ක්ලේටන් කියලා. මිනිහව මතක් වෙලා තමා ඔය නම ඔතෙන්ට දැම්මේ...

      සමහර තැන්වල පරිසර වර්ණනාව පොඩ්ඩක් විතර ඕවර් ගිහින් වගේ..
      එහෙමද ? කොයි හරියෙ වගේද කියුවනම් අදහසක් ගන්න පුළුවන්. ස්තූතියි බූරා කෙලින් කතාවට.

      ලාගෝස් නොකියා ලේගෝස් කීම ගැන ප්‍රනාමය..
      මමත් මුලින් කිය කිය හිටියේ ලාගෝස් කියලා. මේක ලියන්නම පොඩ්ඩක් ස්ටඩි කරද්දි තේරුනා ලාගෝස් නෙමේ ලේගෝස් වැඩිය හරි ඇති කියලා...

      Delete
    2. ජෝන් ක්ලේටන් කියපු ගමන් ග්‍රේස්ටෝර්ක් සාමිවරයා තමා මතක් වෙන්නෙ මට නම්..

      ඉම්රාන් කෙමීව මුනගැහෙන්ට යන ගමන විස්තර වෙන ඡේදය ටිකාක් විතර දිග වැඩියි වගේ කියලයි මට හිතෙන්නෙ.. හැබැයි ඉතින් ඒ මට හිතෙන හැටි ඈ..

      Delete
    3. උඹ ඉතින් පොත්පත් එක්ක පයුරුපාසානේ තියන එකා වෙච්චි...හිතෙන දේවල් නිකන්ම අහක දාන්න බෑ....

      Delete
  3. හරිම අගෙයි සෙන්න. එක කොටසක් දෙතැනක එකම විදිහට කියවෙන්නේ දෙන්නගේම පැත්තෙන් කතාව කියවෙන නිසාද.

    ReplyDelete
    Replies
    1. මේ අපි දන්න නෙළුම් විලේ බින්දිද ? එහෙම නැත්නම් වෙන බින්දි කෙනෙක්ද ? ප්‍රොෆයිල් එකනම් බ්‍රෑන්ඩ් නිව් එකක්...

      කවුරු වුනත් ස්තූතියි "හරිම අගෙයි" කිව්වට.. ඔව් ඒ වගේ අදහසක් දෙන්න තමා මට ඕනා වුනේ... මම ඔය ක්‍රමය කොපි කර ගත්තේ අපේ ඩූඩ් තුමාගෙන්.. එයා එක දවසක් ඔහොම කතාවක් ලියුවා මට මතකයි....

      Delete
    2. හප්පේ මදැයි දැකපු කල්.. නෙළුම් විල පල් වෙන්නම අරින්නද හදන්නේ ? :D

      Delete
  4. ෂිපින් මැනේජර්ස්ලටත් ඔයවගේ ෆන් ලයිෆ් ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,
      හෙහ් හෙහ්.. තියෙන්න පුළුවන්...තියෙන්න පුළුවන්...

      ඉතුරු ටිකත් කියවන්නකෝ.....

      Delete
    2. ෆන් ලයිෆ් ??
      අනෙක් අයට දුක් ලයිෆ් ?

      Delete
    3. ෂිපිංනම් ඉතින් දුක් ලයිෆ් තමා.... :(

      Delete
  5. සෙන්නයියා ගේ කතාවල ප්‍රවාහන මොකක් හරි තියෙනවාම තමයි.

    දැන් ඔය සුනාමියෙන් ගොඩ ගිය උන් ඉන්නවා වගේ "ඉබෝලා"වගේ වසංගත වලින් ගොඩ ගිය උනුත් නැති වෙන්න බැරි නැහැ තමයි.

    ReplyDelete
    Replies

    1. හෙහ් හෙහ්...

      ඔය හැම මගුලකින්ම අවස්ථාවාදියෝ ගොඩයනවා බන්...

      Delete
  6. සෑහෙන්න දවසකින් බ්ලොග් බලන්න ආවේ.. සෙන්නගේ කතාවකින්ම ආයේ කියවන්න පටන් ගත්තා..මට නම් කතාව අල්ලලා ගියා..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ආපු එකම මදැයි... අල්ලලා ගියානම් ඉතින් සතු‍ටුයි...

      Delete
  7. කාලෙකට පසුව දිග බ්ලොග් පොස්ට් එකක් කියෙව්වේ. කවදත් වගේ සෙන්නා අකුරුවලින් අඳින පරිසර රූපය අගේය. නියමයි.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා,

      පරණ බ්ලොග්කරුවන් ආයෙ දකින්න ලැබෙන එක බ්ලොග් සම්බන්ධයෙන් සුබ පෙර නිමිත්තක් වෙයිද ? බින්දිවයි, ඩීන් අයියවයි බොහොම කාලෙකින් තමා දැක්කේ.....

      ස්තූතියි, අගය කිරීමට ඩීන් අයියා....

      Delete
    2. සෙන්නා, ඇත්තම කියනවා නම් බ්ලොග් එක පාලුවට යෑම ගැන දුකයි. කොටින්ම කියනවා නම් ෆවුන්ටන් පෑනෙන් හැඩවෙන අකුරුත් නිබ් එක වගේ වෙද්දි දමලා ගහලා ඉන්නවා.

      Delete
  8. සෙන්නෝ. මම මේ කතාව කියෙව්වේ ඊයේ රෑ. මේක නම් මහ අමුතුම පාරක යන කතාවක් වගේ. මම හිතෙන්නේ නැවියෙකුගේ ජීවිතය නිසා වෙන්න ඇති. මේක පරිවර්තනයක් කියලා කොතනකවත් කියලා නම නෑ. නමුත් සැකිල්ල ඒවගේ. එතකොට කතා නායකයා ඉම්රාන් වුනේ කොහොමද කියලත් මට කුකුසක් ආවා.

    මගෙ මස්සිනත් සීමන් කෙනෙක් ඉස්සර. ඌ තමයි අර දකුණු කකුලෙ ගෙඩිය නැව් බාසාවෙන් කියන කතාවෙ ඉන්නේ. මගෙ තව යාලුවෙක් හිටියා. ඌත් මාර කටක් තියෙන පොරක්. ඌ කියනවා "උඹලා දන්නවද ඕස්ට්‍රේලියාවේ ඇපල් මේං මෙච්චර ඇති. කොටිංම දුසිමකට අල්ලන්නේ ගෙඩි හයයි."

    ReplyDelete
    Replies
    1. // මේක පරිවර්තනයක් කියලා කොතනකවත් කියලා නම නෑ. //

      උඹේ මේ වචන ටිකේ තියන අහඹු සමානත්වයෙන් උඹ නොදැනුවත්ව උනත් ගානට ඉව කරලා තියනවා කතාව කොයි පාරටද හැරෙන්නේ කියලා..

      උඹ කියන ඔය මස්සිනාගේ කතාව මම කියවලා නෑ වගේ....හොයලා කියවන්නම වෙනවා...

      උඹේ යාලුවා හරි, සමහර ඇපල් එහෙම තමා..උඹ ඩ්‍රැකියගෙන් ඇහුවොත් කියයි දුසිමට එකක් විතරක් අල්ලන විශාල ඇපල් ගැන.. හෙහ් හෙහ්...

      Delete
  9. අපූරු කතාවක් වගේ සෙන්නා..ඊළඟ කොටසත් ඉක්මනින්ම දාන්න හොඳේ..
    ඉම්රාන් ගැන නම් කියන්න තියෙන්නේ..පිරිමි ඔක්කොම...!! එක්කො ඕන නෑ...
    :D

    ReplyDelete
    Replies
    1. මට ගොඩාක් සතු‍ටු මේ පෝස්ට් එකේදි පරණ බ්ලොග්කාරයෝ / කාරියෝ ගොඩාක් ආයෙ දකින්න ලැබීම්.. රූ එයින් එක්කෙනෙක්.... දිගටම ඉමු හොඳේ....

      // පිරිමි ඔක්කොම...!! එක්කො ඕන නෑ... //

      පිරිමි ඔක්කොම හොඳත් නෑ, ඔක්කොම නරකත් නෑ..
      ගෑනු ඔක්කොම හොඳත් නෑ, ඔක්කොම නරකත් නෑ..
      අද හොඳ කෙනා හෙට නරක් වෙන්න පුළුවන්
      අද නරක කෙනා හෙට හොඳ වෙන්න පුලුවන්...

      මේක මහා අවුල් ජාලයක් රූ... හොඳම වැඩේ අපි ගැන මිසක් අනුන් ගැන නොසොයා ඉන්න එක...

      Delete
  10. දැන් මං මොකක්ද කියන්නේ? හොඳයි දැන් මං මොකක්ද කියන්නේ. අම්මප තමුසෙට මඩුවල්ගෙන් තලලා, බ්‍රසියරයකින් දමලා ගහන්න ඕනේ.

    මගේ ලොකු අක්කාගේ මහත්තයා (මගේ ලොකු මස්සිනා) දෙවන වරටත් වැළඳුන හෘදයාබාධයක් හේතුවෙන්,24 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී 24 වැනිදා මියගියා. ඒ අවමන්ගල්යයේ කටයුතු බොහොමයකට කරගහන්න මට සිදුවුණා. ඒ නිසයි මේ ලිපිය අදවනතුරු නොදැක්කේ.

    ඉස්සර වගේ ආයෙත් ලියන්න සෙන්නා. හරිම ආසාවකින් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. ඹුලින්ම ඔබගේ මස්සිනාගේ වියෝව පිළිබඳ සාතිශය සංවේගය ප්‍රකාශ කරමි. ඔහුට නිවන් සුව වේවා !!

      කැමති දෙයක් කියලා මඩු වලිගෙනුත් දෙක තුනක් තලන්න පුළුවන්..හෙහ් හෙහ්

      බලමු බලමු ඉතින් වෙලාවක් කලාවක් ලැබෙන විධිහට...

      Delete
  11. අප්පද බොලේ...කුරුන්දේ පෝස්ට් එකක් දාලා කියලා බ්ලොග් රෝලේ වැටිලා තියනවා දැකලා මගේ ඇස් දෙකත් පැන්නා. තාම කියෙව්වේ නෑ. කියවලම ආපහු කමෙන්ට් කරන්නෝන

    ReplyDelete
    Replies
    1. අප්පද බොලේ සයුරිව දැකලා මගේ ඇස් දෙකත් බිම.....ඉක්මන් කරන්න වෙයි, දෙවෙනි කොටස අද පිට වෙනවා.....හෙහ් හෙහ්

      Delete
    2. මේ එනවා...මේ එනවා...මෙව්වා එහෙම දඩිබිඩියේ කියවලා බැහැ නෙව

      Delete
    3. ඔන්න කියවලා ඉවරි...හරිම අගනේය කියල තමා කියන්න තියෙන්නේ. මට එක තැනකදී පොඩ්ඩක් කරකොල අත ඇරියා වගේ උනා...කියවගෙන යනකොට "දුර්ගන්ධයෙන්, දුහුවිල්ලෙන් පිරි මාවත කලබලකාරිය...." කියලා පටන් ගන්න ඡේදේ මුලින්ම හිතෙන්නේ ඒ ඉම්රන්ගේ වර්තමාන කාලේ කියලා...පස්සේ තමා මීටර් උනේ ඒක කලින් විසිට් එකක් කියලා...

      දෙවැනි කොටසත් බලමුකෝ...

      Delete
    4. රා......යිට්, ඔහොම්ම අදින්න මැඩම්... දෙවෙනි කොටසත් උණු උණුවෙම........

      ස්තූතියි පල් හෑලි කියවනවට...... :D

      Delete
  12. අද තමයි කියවන්න ලැබුනෙ. ඉතාම අපූරුයි සෙන්නා..ගොඩාක් රස වින්දා මුල සිට අගටම..ඔබේ ක්ෂේත්‍ර‍යත් මෙයට අදාළයි නේද...මේ පසුතල විස්තර කරලා තියෙන විදියෙන් මට මතක් උනා ඒ ගැනත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා...ඔබ නිවැරදියි..

      Delete
  13. සෙන්නා ලියන කතා මසුරං. එක හුස්මට කියෙව්වා වුණත්, එකම කොටස දෙපාරක් බලත්දී මට හිතුණා මම ආපස්සට ගිහිං වත්ද කියලා. ජවසම්පන්න කළු අප්‍රිකානු තරුණයෙක් සිහියෙන් මවාගෙන කියෙව්වා. මට විවේක ලැබෙන විදිය බලන්න සෙන්නා. මේක දාලා දවස් කීයක් ගිහින්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක. එකම කොටස දෙපාරක් දැම්මේ, සිද්දිය දෙන්නගෙම පැත්තෙන් අවධාරණය කෙරෙන්න වගේ එකකට. සුදීක ගේ කමෙන්ට් එක දැක්කම මට මම කරපු වරදක් දැක්කා.. ඒ පාඨකයාට වැරදි චිත්‍රයක් මවා ගන්න ඉඩ දීපු එක. නිවාඩු තියන විධිහකට කියවන්න සුදීක, හදිස්සියක් නෑනේ...

      Delete
  14. මං හිතන්නෙ අවුරුදුදක් පහු වෙලත් මං මේ කතාව කියෙව්නේ නැහැ.. මොකද උඹ පොරොන්දු විදියට ඉතිරි කොටස් නොදාපු නිසා.. ඉතිං ඒක පාඩුවක් නෙමෙයි වාසියක් කියල කියන්න පුලුවන්.මොකද ප්‍රෙෂ් පිට එක දිගට කියවන්න පුලුවන් නිසා.. (පොරොන්දු රැහකං)

    කොච්චර වෙලා ගියත් තලු මර මර උඹගේ, බීටලේගේ (කාර් පිස්සුවා නොවේ.. හැක්) කතාවක් කියවන එක ප්‍රා ජේ ටකීලා එකක් සිප් කර කර රෑ තිස්සේ පොත් කියවනව තරම්ම සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් ගියත් අපි පොරොන්දුවක් දුන්නොත් ඉතින් දුන්නා තමා, මළේ නැත්නම්. උඹ කපටියා.. දැන් ගෙඩිය පිටින් එක පාර කාගෙන කාගෙන ගියෑකි බොට.

      කාර් පිස්සුවා කියන්නේ අති දක්ෂ ලිවිලි කාරයෙක් බන්.. මම වගේ හෝ හපු‍ටුවෙක් නෙමෙයි...

      ප්‍රා ජේ ගේ ටකිලා කේස් එකනම් මම දන්නෙ නෑ.. හැබැයි පොර අම්බානකට පොත් කියවනවා කියලනම් මම දන්නවා...

      ස්තූතියි අගය කිරීම ගැන..

      Delete
    2. //හැබැයි පොර අම්බානකට පොත් කියවනවා කියලනම් මම දන්නවා...//

      අපිටත් වයසට ගියාම ඔයි සෙතේ තමා බං..

      Delete
  15. කොන්ටෙයාන්ස් හෙටද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔච්චර ගැම්ම. දෙයක් හැව්වම?? හැක්

      Delete
    2. ආ...ඕක වෙන්ඩ ඕනා ඉස්සර ඉස්කෝලෙදි ගුරුවරු මොනා හරි ඇහුවම ඔව් නොකියා එහෙමයි කියන්ඩ කියන්නේ...

      Delete

මොනවා හරි කියලා ගියොත් හරි වටිනව..

ස්තූතියි...!!!

රැක් එක අවුල්....

  2023.07.15 දුර ගමනක් යෑමට පෙර වාහනයේ අඩුපාඩු සාදාගෙන යාම නුවනැති ක්‍රියාවකි. සමහරුන් එසේ නොකරති. ආරක්ෂාව ගැන නොසිතති. වාහනයේ අඩු පාඩු සාදා...

Search This Blog