ගෙවුනු දවස අප්‍රේල් 23 – එක්දින තරගාවලිය නිමා වෙයි!

502

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

දෙවන කාණ්ඩයේ ජය සාන්ත ජෝන් විදුහලට

Pic1

සිංගර් ආයතනය මගින් පුරා මාස කිහිපයක් සාර්ථකව පැවැත්වූ “අන්තර් පාසල් සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ” දෙවන කාණ්ඩයේ අවසන් ශූරතාවය ජයග්‍රහණය කිරීමට පානදුර සාන්ත ජෝන් විද්‍යාලය ඊයේ (23) සමත් වූ අතර, එම අවසන් මහා තරගය මග්ගොන සරේ ගම්මාන පිටියේ දී නිමාවට පත්වූයේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට අනුශූරතාවය හිමිකර දෙමිනි.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 207 (පන්දුවාර 80.4): කවිදු හශාන් 59, සිතුම් තෙල්ගේ 49, රැක්ෂාන් දිසානායක 42, ප්‍රවීන් මදුෂාන් 4/64, හෂිම් දිල්මින් 3/63

මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 193 (පන්දුවාර 89): තරුශ කාවින්ද 33, ඉශාන් ජයවර්ධන 31, අශාන් දිල්හාර 3/48

සම්පූර්ණ වාර්තාව: දෙවන කාණ්ඩයේ ශූරතාවය සාන්ත ජෝන් විද්‍යාලයට


පස්වැනි තරගයක් ඕස්ට්‍රේලියාවට

Pic2

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඊයේ (23) පැවති පස්වැනි එක්දින තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට එහි දී ලකුණු 23ක පරාජයක් උරුම විය. කෙසේ වෙතත් මෙම තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට වැඩි ඉඩක් පැවති අතර පිතිකරණයේ දී සිදුවූ අතපසුවීම් කිහිපයක් නිසා ඕස්ට්‍රේලියානුවන් තරගයේ ග්‍රහණය සියතට ගත්හ. ඒ සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණය තරග 4-1ක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ට හිමි විය.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 4ක් දැවී ලකුණු 244 (පන්දුවාර 50): මැක්ස් බ්‍රයන්ට් 67, මැතිව් ස්පෝර්ස් 65*, ජේසන් සංගා 59, පාරම් උප්පල් 22*, විල් සදර්ලන්ඩ් 20, රයන් හැක්නි 5, ප්‍රවීන් ජයවික්‍රම 2/47, කමිඳු මෙන්ඩිස් 1/27, හරීන් බුද්ධිල 1/27.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 48.5): ජෙහාන් ඩැනියෙල් 75, ක්‍රිෂාන් ආරච්චිගේ 36, විශ්ව චතුරංග 31, කමිඳු මෙන්ඩිස් 25, නිපුන සුමනසිංහ 21, හරීන් බුද්ධිල 10*, විල් සදර්ලන්ඩ් 3/24, ලොයිඩ් පෝප් 3/40, මැතිව් ස්පෝර්ස් 2/24.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව අත තිබූ ජය උදුරා ගත් ඕස්ට්‍රේලියානුවන් තරගාවලි ජය සමරයි

දිනයක අවසානය