දෙවන කාණ්ඩයේ ශූරතාවය සාන්ත ජෝන් විද්‍යාලයට

819

සිංගර් ආයතනය මගින් පුරා මාස කිහිපයක් සාර්ථකව පැවැත්වූ “අන්තර් පාසල් සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ” දෙවන කාණ්ඩයේ අවසන් ශූරතාවය ජයග්‍රහණය කිරීමට පානදුර සාන්ත ජෝන් විද්‍යාලය අද (23) සමත් වූ අතර, එම අවසන් මහා තරගය මග්ගොන සරේ ගම්මාන පිටියේ දී නිමාවට පත්වූයේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට අනුශූරතාවය හිමිකර දෙමිනි.

කවිදු සාන්ත ජෝන් ඉනිම ස්ථාවර කරයි

සිංගර් කුසලාන දෙදින අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන..

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු පන්දුවට පහර දීමට සාන්ත ජෝන් විද්‍යාලයට ඇරයුම් කරන ලදි. එම ආරාධනය පරිදි පළමුව පිටියට පැමිණි ඔවුන්ට තම පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 207ක් රැස්කර ගැනීමට හැකි වූයේ, කවිඳු හශාන් විසින් ලකුණු 59ක සවිමත් අඩිතාලමක් තම විද්‍යාලයේ ලකුණු පුවරුව සඳහා යෙදූ නිසාවෙනි. එම ඉනිම සුනුවිසුනු කළ සාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රවීන් මදුෂාන් ලකුණු 64ක් තුල කඩුලු 4ක් දවාලීමට සමත් විය.

අද (23) දෙවන දිනයට තරගය ආරම්භ කරන විට පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි මාතර සාන්ත තෝමස් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 33ක් ලබාගෙන සිටින ලදි.

එතැන් පටන් ක්‍රියාත්මක වූ පානදුර සාන්ත ජෝන් පන්දු යවන්නන් සාන්ත තෝමස් විද්‍යාලයේ පිතිකරුවන් තුල ඇති දුර්වලතා මනාව හඳුනා ගෙන දක්ෂ ලෙස පන්දු යවන ලදි. සාන්ත ජෝන් මැදපෙළ පිතිකරණය සවිමත් කරමින් යම් තීරණාත්මක තැනකට තරගය ගෙන ආ තරුශ කාවින්ද 4 පහර කිහිපයක්ම තම ගිණුමට අන්තර්ගත කර ගෙන ලකුණු 33ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි. ඔහුට සහය වෙමින් ඉනිම ගොඩනැංවූ ඉශාන් ජයවර්ධන ලකුණු 31කට දවාලීමට සාන්ත ජෝන් පන්දු යවන්නන්ට හැකි විය.

සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා හට ලකුණු 33ක් පමණක් ලබා ගැනීමට හැකියාව ලැබීම තුලින් පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ පන්දු යවන්නන්ගේ දස්කම් මනාව විදහා දක්වන ලදි. අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලය සාන්ත ජෝන් විද්‍යාලයේ පළමු ඉනිමට ලකුණු 14ක් මෙපිටින් නවතාලීමට හෂිම් දිල්මින් ඇතුළු සාන්ත ජෝන් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණි. ඒ නිසාවෙන් තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කළ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය 2016/17 පාසල් ක්‍රිකට් සමයේ දෙවන කාණ්ඩයේ ශූරයින් බවට පත්විය.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 207 (පන්දුවාර 80.4): කවිදු හශාන් 59, සිතුම් තෙල්ගේ 49, රැක්ෂාන් දිසානායක 42, ප්‍රවීන් මදුෂාන් 4/64, හෂිම් දිල්මින් 3/63

මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 193 (පන්දුවාර 89): තරුශ කාවින්ද 33, ඉශාන් ජයවර්ධන 31, අශාන් දිල්හාර 3/48

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට