දෑතින්ම වෙඩිතැබිය හැකි රුසියාවේ ටර්මිනේටර් රොබෝවා

MOSCOW, April 14. TASS

F.E.D.O.R ලෙසින් නම් තබා ඇති රුසියානු අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන් නිර්මාණය වන රොබෝවාට දෑතින්ම වෙඩි තැබිය හැකි බව රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය වාර්තාකරනවා.

F.E.D.O.R නිර්මාපකයින් මෙලෙස රොබෝවාට ඉලක්කයට වෙඩි තැබීමට පුහුණු කරන්නේ ඒ අනුව ඔහුගේ රොබෝ දෑත්වල සියුම් ක්‍රියාකාරකම් සිදුකිරීමේ හැකියාව වර්ධනය කිරීමට හා එම දෑත් පාලනය කරන ඇල්ගොරිතම් නම් පරිගණක වැඩසටහන් වල සීරුමාරු කිරීම් සිදුකිරීම සඳහා බව පැවසෙනවා.

"He can shoot from both hands" විද්‍යා/තාක්ෂණ හා කර්මාන්ත භාර රුසියානු උප අගමැති දිමිත්‍රි රොගොසින් ටිවිටර් පණිවුඩයක් මගින් දන්වා සිටියේ මේ නොබෝදා. එම පණිවුඩයට අනුව වෙඩි තැබීම් පුහුණුව මගින් දෑස් හා දෑත් වල සම්බන්ධීකරණය (hand-eye coordination) හා අනපේක්ෂිත අවස්ථාවලදී ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව වැඩිදියුණු කෙරෙනවා.


මීට පෙර පැවැත්වූ පරීක්ෂණ වලදී විදුලි බල්බයක් කෙවෙණියට සවිකිරීමේ හැකියාව, යතුරු කටකට යතුරක් ඇතුලුකිරීමේ හැකියාව හා කාරයක් පැදවීමේ හැකියාව ඇති බව මෙම රොබෝවා තහවුරුකොට තිබෙනවා.

මෙම රොබෝවා නිර්මාණය කෙරෙමින් පවතින්නේ 2021දී රුසියාව අභ්‍යවකාෂගත කිරීමට බලාපොරොත්තුවන Federatsiya  ලෙස නම්කල අලුත්ම රුසියනු අභ්‍යවකාශ යානයේ පලමු මගියා ලෙසයි.









__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments